Saturday, October 31, 2009

දේශපාලනය

ඒ දවස් වල "අවතැන් කඳවුරැ" මෙ දවස් ව‍ල "සරත් ෆොන්සෙකා" මහත්තයා

Wednesday, October 28, 2009

වාහන තදබදය - traffic

තමුනගේ වාහනයක ගියත්, ජනතා සන්තකයක ගියත්, අප යන්න ඔනා මහපාරේ, එත් ටැ‍ෆික් එක අපි ඔකොටම පොදුයි. කොළඹ හා තදා සන්න නගර වලි මින්ස්සුන්ට මෙක අරැමයක් නෙමෙයි. නුවරපාරේ එන කෙනෙක්ට මුලින්ම පෑලියගොඩ ඊටපස්සේ ඉගුරැ ‍කඩෙ හන්දිය,අමර් වීදිය,පංචිකාවත්ත,ටෙක්නිකල් අන්තිමට කොටුවෙ. නුවරපාරෙන් බම්බලපිටිය යනවනම් එත් පෑලියගොඩ දෙමටගොඩ බොරැල්ල ඔය දිගටම ටැෆික් තමයි. අනිත් පැත්තට හයිලෙවල් එන කොට මහරගම පිළියන්දල පිත්තල හංදිය ඔය දිගටත් ඒ වගේ, මෙකට විසදුමක් තියනවාද? වග කියන්න ඔනා අන්ඩුවද ? මහිනදද? ඩලස්ද ? නැත්නම් පොලීසියද? හපොයි අමතක උනා රියැදුරෝ පයින් යන අය? එහෙමත් නැත්නම් අපේ කරැමෙද?

හිතෙන විදිහ මොකක්ද? අපි මෙක ගැන හොඳ සං‍වාදයක් අතිකරමු. ලියන්න කෙටියෙන් ‍ඔබේ අදහස්

Sunday, October 25, 2009

කොටස් වෙළඳපල ‍ දෙවන කොටස

මුල් ලිපියට පාර
http://kandyroad.blogspot.com/2009/10/blog-post_22.html


වාසි අවාසි බලන්න කලින් බලුමු. ලියපදිංචිය සඳහ අවැසි මොනවාද කියලා
1. අනාවර්යයෙන්ම ජාතික හැඳුනුම් පත අවැසියි
2. ගෙදර පදිංචිය ස්තීර කරන ලියවිල්ලක් - උදා - වතුර බිල/විදුලි බිල/ණයපත් ප්‍රකාශයක්
මෙය තමුනගේ නමටම විය යුතුයි. දෙමාපිය නමට ඇත්නම්, ඔවුන් ගෙන් ලබා ගත් ලියමනක්

උදා-
(your full name), of (residential address), hereby state that (full name of other person) is my(tenant/son/father/nephew etc) and resides with me at the above mentioned address.

ඉහත ලියකිවිලි හොඳටම ප්‍රමණවත් ලියපදිංචිය සඳහා


තව එකක් අමතක උනා, සක්ෂි කාරයෝ දෙන්නෙක් ඔනා[ඔක මොකක්ද ]

අපි කොහොම හරි අපේ කොටස් වෙළඳපළ හොඩනගමු


H. Madhawa Ranga සටහන දැක්කට පස්සේ දැක්කෙ එක හොඳ හෑල්ලක කොටස් වෙළඳපළ ගැන ඒහන්ද මෙකටත් ගිහින් බලන්න
http://mysinhalablog.blogspot.com/2009/09/investing-in-colombo-stock-exchange.html

විරැවෙකුගේ ප්‍රකාශය

"සිංහලේ ස්වාධීනත්වය යළිත් ළඟාකර දීමට සිංහලේ අනික් නායකයන් සමඟ එක්වී සටන් බිමට බැස්සෙමි. මවුබිම මුදාලීමත් එමගින් ජාතියේ නිදහස ලබාගැනීමත් සඳහා අපි පොරෙන්දු ගිවිස ගත්තෙමු. පොරොන්දු පරිදි මා හට පැවරණූ ඒ භාරදූර කාර්යය නියම වශයෙන් ඉටු කිරීමට මම අපොහොසත් විමි. ඒ නිසා මම තව ටික වෙලාවකින් මැරැම් කන්නේ පොරොන්දු කඩකළ කෙනෙකු වශයෙනි. පොරොන්දු කඩකළ කෙනෙකුට එමෙන්ම ජාතිය වෙනුවෙන් කළ යුතුව තිබුණු කාර්ය භාරය ඉටු කිරීමට නොහැකිවූ කෙනකුට මනීවළක් හිමිකර ගැනීමේ ගෞරවය අත් නොවිය යුතුය. ඒ නිසා මා මිය ගිය පසුව මාගේ මළකුණ කැබැලිවලට කපා බලුකපුටන්ගේ ආහාරය පිණිස මාර්ගය අසලට දමනු මැනවි. මාගේ අවසන් ඉල්ලීම එයයි"

ඇල්ලේපොළ මහ නිල‍මේ 1818 ඔක්තොම්බර් 27 උදේ 8.00 එල්ලා මැරීමට පෙර කියු දෙයකි

උපුටා ගැනීම දිවයින ඉරිදා 2009/10/25 සියපත අතිරේකය
වෛද්‍ය ඒ.යු එම්.බී. අධිකාරී

Thursday, October 22, 2009

දවසේ වැකිය 2009/10/22

දියුණුව කියන්නේ ටැෆික්
ටැෆික් කියන්නේ කාලය
කාලය කියන්නේ සල්ලි
සල්ලි කිය‍න්නේ දියුණුව

අන්තිමට මුකුත් නැහැ!

කොටස් වෙළඳපල

හිතන්න එපා කොටස් වෙළඳපොල කියන්නේ අපට ගනුදෙන් කරන්න බැරිතැනක් කිය. ඔබට තියෙන උපරිම මුදල රෑ 1000 ද එකෙන් පුලුවන් කොටස්වෙළඳපලට ඇතුල්වෙන්න. අනික මෙව තියන්නේ ලොකු සල්ලිකරයන්ට විතරක් නෙමෙයි අපටත් පුලුවන් මෙවා තුල ගනුදෙනු කරන්න. හරිම ලේසියි. කියල දෙන්නව කරන විදිහ ඉතාම ලේසියෙන්. මොනව හරි අවුලක් ද ,ටක් ගාලා සටහනක් දමන්න

මෙ තියෙන්නෙ කොටස්වෙළඳපල අන්තර්ඡාල අඩවියයි
http://www.cse.lk

ලංකාවටම කොටස් වෙළඳපල තැරව් කරැවන් ඉන්නේ 21 යි. තෙරමක් නැහැ කියලා හිතනවා නියෝඡිත නාම ලේකනය මොකද ඉහත බැඳයේ "MEMBER FIRM" කියන අයිතමයට ගිහාම කට්ටිය බලා ගන්න පුලුවන්.

කරන විදිහ
මුලින්ම කරන්න තියෙන්නෙ කැමති තැරව් කරැවෙක් හොයාගන්න එක. ඊට පස්සෙ එම ආයතනයට ගිහින් එකේ ඉන්න කොටස් වෙළඳපල තැරව්කරැවෙක් හම්බවෙන්න ඔන කියන්න, එ‍තකෙට ඒ කට්ය නිමිත තැනට‍ යොමුකරයි. [ මතකනේ ලොකු බිල්ඩින් ලස්සන කෙල්ලො ඉන්වා කියල පස්ස එහෙම ගහන්න බල්නන එපා ]. කොහෙම හරි කොටස් වෙළඳපල ආක්‍රමනය කරන්න බලන්න


ඊලඟ ලිපියේන වාසි අවාසි ගැන කතා කරමු.

Wednesday, October 21, 2009

විශ්ව විද්‍යලය

පොඩි කලේ මහත් අශා කල
ගිය අලුත පට්ට අතල් ගන්න
මුල් සෙමෙසටරයෙන්ම ඇන ගන්න
අලුත් නැවට චාටර් වෙන
අවසනේදි අවේ මොකටද කියලා හිතෙන
එලියට ගිහාම දුක හිතෙන
ගිහින්ම බලන්න ඕන තැනක්

දන්න‍ කෙනෙක් කියන්න මේක ඇත්තද කියලා

Thursday, October 15, 2009

ඒකී

ඒකී වල්
නැ ඒකීගේ හැටි
පිසසු වල් කම ඒකී ගේ හැටි
අන්මන්දා මට තේරෙන්නේ නැහැ ?????????????????

Wednesday, October 7, 2009

මළොත්

මෙහාටම අවොත්
{
පාසලක්
5 ශිෂ්‍යත්වය
සා- පෙළ - ආ__
උ- පෙළ - ආද__
උසස් අධ්‍යාපනය - ආදරය
රැකියව - _දරය
එපාවීම - __රය
මරණය
}

දුක සැප

දුක - විඳලා අති වෙලා
සැප - විඳලා ඇති වෙන්නේ නැහැ

මොකක්ද ඔබ ඉන්නේ?

කොළඹ

පාර වහලා [ලොක්කෝ යනකෙට]
මාර ගඳයි
මාර අව්ව
ශිරා තදබදය
කරාලා හොඩයි
නියම සුවඳ [කෙල්ලෙක් ගියොත්, ‍උදේක හම්බුනොත් තමයි]

යලුවා

වෙලාවකට - මහාවදයක්
තවවෙලාවකට - මරෑ බුවා මට මයි හරියන්නේ

දවස

උදේ 6 යි - ගෙදර නැගටපු ගමන්
උදේ 7 යි - කඩුල්ල ලඟ
උදේ 7.20 යි - ජනතා සන්තකයට හොඩ උනා
උදේ 7.40 යි - 4 කනුව මද තාදබදය
උදේ 7.42 යි - පෑලියගොඩ
උදේ 8.10 යි - තාමත් පෑලියගොඩ
උදේ 8.15 යි - යන්තමට කොටුවේ
උදේ 8.30 යි - පරිගනකය හා යතුරැපුවරැව
උදේ 11.00 යි - විවෙකය
දවල් 1.30 යි - දිවා අහර ‍ය
සවස 4.00 යි - සවස ‍තේ පානය
සවස 5.30 යි - වැඩ ඉවරයි දවස නිමයි රෝසා
සවස 5.45 යි - අයිත් ජනතා සන්තකය‍ට හොඩ උනා
රෑ 8.00 යි - ගෙදර
රෑ 8.30 යි - රෑ කෑම
රෑ 9.00 යි - පරිගනකය හා යතුරැපුවරැව
රෑ 11.00 යි - නින්ද දිගු රැයක්ට ආරාදනා කරමින්
උදේ 6.00 යි - ගෙදර නැගටපු ගමන්

මෙවන් විපතක් වනේ වන සතුරෙකුටවත් නොවේවා !!!!!

ආදරය

තුන්පාරයි
එකක් මං හින්දා
අනික එයා හින්දා
තෙවැන්න දෙන්නම හින්දා
තව එකක් එයි නේද?

Tuesday, October 6, 2009

අගනුවර කිරිබත්ගොඩ ද?

කවුරැත් බලයි, මෙ මොකක්ද කියලා. දන්න අය දන්නවා කැලණිය රාජධානය තුල පවතින අගනුවර කිරබත්ගොඩ කියලා. එතකොට කැලණි වැසියන්ට රජ කෙනෙක් ඉන්නවද? කෙටි පිළිතුර ඔව් යන්නයි. එතකොට රාජ පරම්පරාව හා එකත් රජ කාලෙ ඉඳන් එන එකක්. මුල තමයි දුටුගැමුණු පරපුර. ගිය වෙසක් එකට එබව විදහා දැක්වෙන තොරණ කිරිබත්ගොඩ නගරය තුල එළිදැක්වුවා. තොරණ චිත්‍ර වලින් දැක්වා තිබණේ දුටුගැමුණු චරිතය නමුත් පසුපසින් ගිය විස්තරය තිබණෙ අපේ රජතුමා ගැන.

කවුරැහරි හිතයි මූත් මඩගහනව කියලා. නැහැ නැහැ ඇත්තටම වුනදේ තමයි හෑල්ලට ලියලා දැම්මෙ. හොඳට හොඳ නරකට නරක මනුස්සයෙක් තමයි ඔහු. වැදගත් දෙවල් කිහිපයකුත් කලා, හරක් මස් කඩ වහලා දැම්මා, කිරබත්ගොඩ නගරය හදලා ගත්තා, කිරබත්ගොඩට බුදූපිළිමයක් හැදුවා [දන්නවද පිළමෙ නිරාවරණය කරපුදවසේ සර්වරත්‍රි පිරිත් දෙසුමක් තිබ්බ වස්දොස් යන්නද දන්නේ නැහැ හවස සංගීතයක්]

Sunday, October 4, 2009

කවුද යුව රජ

නියම සින්දුව! කටත් දිරවයිද දන්නේ නැහැ?


ඇත්තටම සහෝදර සමාගම නැත්තුව මෙ වැඩෙ කරන්න බැහැ. දකුනේන් ආපු මෙ මනුස්සයා තමයි අපට රට බේරලා දුන්නේ, නැත්නම් තාමත් අපි අර කොටියට බයේ තමයි. මෙවගේ ලස්සන නිර්මාණ මීට කලින් තිබුණනම් මෙ වැඩෙ මීට කලින් ඉවරයි. කොහොම ඉවර කරන්නද ඒ කාලේ සෑම කෙනෙක් ලඟම තිබිබෙ සාමය සාමය!!!!. දනුත් නැතුව නෙමෙයි [කලු සුද්දෝ] උන් තාමත් හාදන්නේ රට කොහොම හරි පාවලා දෙන්න.

අනික දැන් තියන සින්දු අහන්න බැහැ, ඒව ඔක්කොම බොරැවට කෑගහනව. ඔන්න
ම් වැඩිම අනොත් සතියක් අහයි ඊට පස්සේ කාටවත් ඒක මතක නැහැ *ගායකයට මතකත් නැහැ*

Saturday, October 3, 2009

උතුරැ මිතුරැ

කලෙකට පස්සේ ලස්සන දැන්වීමක් දැක්ක





දන්නවද සමහරැන්ට මෙම දැනවීම අරහං. දුටු තැන බනිනවා. අඩුපාඩු දැක්ට ඒ ගැන කියන එක වැරදි නැහැ නමුතු, අපහාස කරල අනවශ්‍ය ලෙස ගැරහීම අනුමතකරන්න බැහැ. වැඩිපුර අපි දක්නනේ පිටරට දැන්වීම් එවත් ‍එක්ක බලපුවා මෙය හොඳ උත්සහයක් එක අගයන්න ඔන. නමුත් සමහරක් ඉන්වා සිංහල කම තිබ්ට සැරින්සැරේ බලු ගති මතුවෙනවා.

යම් විචාරයක් කරල, එහෙම නැත්නම් අඩුපාඩු කියල ඊලඟ දන්වීම අර්තවත් කරගන්නව වෙනුවට හදපු අයට පහර ගැසීම සුදුසු නැහ.

ඇයි නුවර පාර

ම් මුලින්ම කියන්නම්, සිංහල හෑල්කට [Blog] කට මොකද මේ ඉංග්‍රීසි නමක්! කටත් ගැටලුවක් වෙන්න ඇති. අයි nuwarapara.blogspot.com දැම්මනම් හරි කියලා. හා හා එහෙම හිතෙන කෙනේක් ඉන්නවනම් එයට පුලුවන් එහෙම එකක් පටන් ගන්න. [ පන්දරම මොඩ ජෝක් එකක් ] දවල් වෙලාවක බලන මැටි මෝලෙක් හිතයි, දැන් පාන්දරද මෙක ලියන එකාට පිස්සු කියලා. "පාන්දර" කි‍ව්වෙ "පටන් ගත්ත ගමන්" කියන එකට.

දැන් ටික කාලයක ඉඳල, ගොඩක් හෑලි කියෙව්වා! එක එක ජතියේ හෑලි තියනවා. පරිගණක,ප්‍රවෘර්ති,විහිලු,මඩ ගැහිලි අනික්වා.... ඔය අතරෙ අදහසක් අ‍වා
[කෙල්ලෙක් ගැන]අලුත් වැඩක් කරන්න ඔන කියලා. හිතුව හිතුව අම්බානේට. වැඩිපුර ඉන්නේ පාරේ මොකද ගමන බිමන මගේම වාහනයක [අවුලකට තියෙන්නේ අතදාන ඔන කෙනෙකුට නතර කරනවා]වෙන මොනවා කරන්නද යන එන ගමන් දෙපැත්ත බල බල යනවා. [බසය තුල ඉන්නෙ ඔක‍්කොම කොල්ලො, කරැමෙක මහත හිටියත් කතක් ඇයත් අන්සතුය නැතිනම් වයසකය]


දන්නවද ලංකාවෙ හොඳම ප්‍රචාරණ මර්ග තියෙන්නේ පාරේ කියල.වෙන මුකුත් නෙමෙයි බිත්ති,තාප්පල,ලයට් කණු, අමතරව බස් එකත් එවගේ තමයි. අද තියන් දැනවීම හෙට නැහැ. එක උඩ වෙන එකක් අලවලා.ඉස්සර මෙවා සුද්දකලේ එලුවො දැන් එලුවෝ නැතුව නෙමෙ, මෙවා අලවන්නේ පාප්ප වලින් නෙමයි, ග
ම් වලින් එතකොට එලුවෝ කන්නේ නැහැ [එලු පාඩම ඉවරයි].

මොකක්ද දන්නවාද මෙ හැල්ලෙ තේරැම, මෙකත් හරියට තාප්පයක්,බිත්තයක් ‍‍වගේ වෙන්න යන්නේ!!!!!!!!!

පුලුවන් තරම් උස්සහා කරනවා! හැමදම අලුත් දන්වීම් එකතුකරන්න. දැක්කොත් අලුත් එකක් එවන්න අපිට kandyrd@gmail.com