Sunday, March 7, 2010

මෙන්න මේ කට්ටියටත් කළගුණ සලක්න

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි සහාය දැක්විය යුතු පිරිසක් හඳුනා ගත්තෙමු.

එයින් පළමු වැන්නා විමල් වීරවංශයි. මේ කට නිසා දේශියත්ව ඉස්මතු කර ජනතාව තුල රට ගැන හැඟමක් ඇති කරන ලදි.

දෙවැන්න ලෙස චම්පික රණවක හදුනා ගත්තෙමු. මොවුන්ද එදා සිට ඒකීය රටකට උරුමකම් කිය යතු බව රටට සපත කරමින් සිටියේය.

තුන්වැන්නා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිනවිය යුතුමය. මොහු තුන් වැන්නට දැමිමට සිදුවුයේ. ඔහුගේ වැඩක් ගන්නට හැකි උයේ මහින්දට පමණක් නිසාමය.

අන්තිමයා රනිල් වික්‍රමසිංහය, රටටේ ජනතාව රට ගැන ඇති ආදරය වැඩි කරගැනීමට මොහුගේ කතා හා වැඩ උපකාරි වෙයි.

ඔබ කොයි පාලාතකට අයත්ව සිටියත් මොවුන්ට උපරිම සහාය දක්වන්න

24 comments:

  1. පචායුදයට චන්දෙ දෙන්න?

    ReplyDelete
  2. පලයං යන්න පිස්සු මෝඩයා

    ReplyDelete
  3. ලංකාවේ හිටපු ලොකුම දේශද්‍රෝහියා වූ රනිල් වික්‍රමසිංහත් දැනට සිටින ලොකුම දේශද්‍රෝහියා වන ජෙනරාල් සරත් ෆොන්සේකාත් මේ පින්බිමේ පහල වූ ලොකුම දේශප්‍රේමියා හෙවත් මවුබිමේ පංචායුදය වන වන විමල් වීරවංශත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දේ ඉල්ලනවා මිනිස්සු වැඩියෙන්ම කැමති කාටද කියලා බලමු.

    ReplyDelete
  4. හරියටම කියලා තියනවා...

    ReplyDelete
  5. බලලා මල්ලෙන් එලියට පනී...!

    ReplyDelete
  6. කළගුණ සැළකීමේ අයිතියක් වගකීක් යුත්කමක් තිබුණේ අපේ මහින්දයට විතරයි. ඒක අපි ඔය කාට කාටත් වඩා හොදට කලා. දැන් නිකන් හිටපු එවුනුත් කියනවා කළගුණ සලකන්නලු.

    ම්ම්ම්ම්ම්.... මෙහෙම ගියොත් හෙට අනිද්දට පාදේශීය සභාවේ එවුනුත් කියයි උන්ටත් කළගුණ සලකන්න කියලා.....

    අනේ මේ මට නම් බෑ... ඕං කිව්වා!.

    ReplyDelete
  7. කළගුණ සලකපු අපට කළගුණ සලකන්නේ කවදාද?
    - රාඡ අනුහසට යටත් යටහත් පහත් රට වැසියෙක්.

    ReplyDelete
  8. Your comment will be visible after approval
    ඇයි ඒ?
    - යටහත් පහත් රට වැසියා.

    ReplyDelete
  9. කස්ටියක් අසැබි වචන ලියන නිසා

    ReplyDelete
  10. ඔයා කිව්වත් නැතත් රනිල් ට චන්ද ලක්ශ 4 විතර කොහොමත් ලැබෙනව ඒත් පචායුද ට මොනවා වෙයිද කියල නම් දන්නෙ නෑ

    ReplyDelete
  11. ඈ කොල්ලො එතෙොට ප්‍රභා නැඩයට කලගුන සලකන්නෙ නැතෙයි?
    ඌ නොහිටින්න විමල්ල,චම්පිකල,ෙෙහෙලියල කොයින්ද බං?

    ReplyDelete
  12. @ලොකු අප්පුහාමි
    ඒ කස්ටිය හොයාගේන වරෙන්කො අප්පහමි අයියේ ... හොද හැටි සලකන්නට

    ReplyDelete
  13. thawa kawruth nadhdha kalaguna salakanna

    ReplyDelete
  14. මොකද දැන් නුවර පාර වහලද? පෝස්ට් නැත්තෙ මහින්ද ඔයාට උපදේශක කමක් වත් දුන්නද?

    ReplyDelete
  15. මම හිතනවා මහින්ද සමරසිංහ අතිශයින් වැදගත් භූමිකාවක් ඉෂ්ට කළා කියලා මානව හිමිකම් කටයුතු ඇමතිවරයා විදිහට ලංකාවට විරුද්ධ යෝජනාව පරාජයට පත් කිරීමට. ඔහු විදේශ ඇමතිවරයාගේ කාර්යයන් පවා ත‍මාගේ කොට සලකා අත්‍යවශ්‍ය අවස්ථාවේදී මැදිහත් වූවා.

    ඒ වගේම පොදුවේ ගත්කළ තමන්ගේ අනාගතය බිල්ලට දී නායකත්වයට පුද්ගලික ස්ථාවරයටත් වඩා අත්‍යවශ්‍ය මොහොතකදී රජය වෙනුවෙන් පෙනී සිටීමට පැමිණි එ.ජා.ප. ජ.වි.පෙ. සියලු මන්ත්‍රීවරුන් වෙත කෘතගුණ සැලකීමේ යුතුකමක් සන්ධාන පාක්ෂිකයන් වෙත තිබෙනවා.

    ඒ මන්ද යත් එ.ජා.ප.ය හා ජ.වි.පෙ. ඔවුන් පරාජය වීමේ කුහක වින්දනයක් ලැබීමේ අපේක්ෂාවෙන් පසු වීම නිසයි.

    ඒ අතරිනුත් වැඩ කළ හැකි දක්ෂතාවයෙන් හා උගත් කමින් හෙබි පුද්ගලයන් තෝරා ගැනීම වඩා යහපත්. ඒ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට ඇත්තේ සන්ධාන පාක්ෂිකයන් පමණක් ම බැවිණි.

    ඒ බව "සදාහරිත ට පිළිතුරක්" යනුවෙන් මගේ බ්ලොග් අඩවියෙත් සඳහන් කළා.

    Thejan
    http://lankanthoughts.wordpress.com

    ReplyDelete
  16. ඇනියා said...

    ඔයා කිව්වත් නැතත් රනිල් ට චන්ද ලක්ශ 4 විතර කොහොමත් ලැබෙනව ඒත් පචායුද ට මොනවා වෙයිද කියල නම් දන්නෙ නෑ

    දැන් මොකෑ කියන්නෙ?

    ReplyDelete
  17. @ Anonymous
    @ Mal Maama

    Oya dan mokada une? Wimal > Ranil > SF

    Kujithayi.

    ReplyDelete
  18. defeat accepted !! lets see what will happen

    ReplyDelete