Saturday, November 28, 2009

චන්දය දිය යුත්තේ කාටද?

චන්දය දිය යුත්තේ කාටද?

මහින්ද
මහ පොළව මත ‍දෙපය තබාගෙන, ර‍ටේ සුවහස්ක ජනතාව සිතින් ප්රානර්තනා කල, පිළිලයක් වූ ත්ර ස්තවාදය රටින් තුරන් කල, විදෙස් බලයන්ට හිස නොනැමූ, මේ මහා ප්රිතාපවත් මිනිසා අපට මහඟු සම්පතකි. රජ්යසයය නායකයන් කිහිපදෙයකටම කිරිමටය නොහැකි වු [කොන්දක් නොතිබූ නිසා] අවු 3 නක් වැනි කෙටි කලකින් අවසන් කිරිමට අවැසි වටපිටාව සකසා දිමෙන් හා අවැසි අය නිසි තැනට පත් කිරීමෙන් තම නායකත්වයේ විශාරද භාවය ලොවටම කියා පෑ, උඩු රැවුලක් යතු හා ගාම්භීරවු බාහිර පෙනුමක් ඇති ගමෙ මිනිසා මගේ මව් බිමට කල මෙහෙය තවත් වසරගනනවක ඉදිරි අනාගතය තුල රැව් පිලි රැව් දිම අනිවර්යය කරැනකි.

සරත්
අතීත විරැවන්ගේ ආභාශ ඇඟට උරා ඇති මෙ අසිරිමත් මිනිසා, තම නයකත්ය තමට පැවරෑ රජකාරිය අකුරටම ඉටු කල, වචනයෙන් වුව සංවර වූ [ රජකාරි කාලය තුල දේශපාලන අදහස් මධ්යටයට ඉදිරිපත් නොකිරීම] විනයක් ඇති මෙ සෙන්පතියා, රැදුරැ ත්රපස්තවාදය තුරන් කිරිමට තම සේනාංක මෙහෙයවු දක්ෂ හා උපායශීලි නියම විරැවෙකි. මොහු වු කලි ද අපට අමත කල නොහැකි මහා පෞර්ෂයකන් හෙබි පුද්ගලයෙකි.

ප්රුශ්නය
රටට වැඩක් කල මෙ නයකයන් දෙදෙනාම අපට අවැසිය. නමුත් අපේම අවාසනාවට දෙදෙනා දැන් දෙපැත්තට කර චන්ද පොරයකට දමා ඇත. එහෙයින් රටට ආදරය ඇති සැවම මෙ අවස්තාවේ නැවැරදි තීරනය ගත යුතුව ඇත. එනම් දෙදෙනාම දැන් අප හොඳට කිරා බලා හිතට රටට වඩාත් ‍ගැලපෙන කෙනා තොරාගතයුතුව ඇත.
මම චන්දය දෙන්නේ

මහින්ද
මොහු කල යුතු එකම දෙය දුෂනය හා නාස්තිය පිටු දැකීමය

සරත්
මොහු කල යුතු එකම දෙය රටපාවා දුන් රනිල් ට රජ වීමට පාරනොකැපීමය


තම මැතිවරණ ප්ර්කාශ තුල ඉහත කරැනුවලට ඇති ඉඩ සලකා බලා මම වඩාත් ගැලපෙන කෙනාට මගේ කැමැත්ත ප්ර්කාශ කරමි. දෙදෙනාම හට පිළිගත හැකි ප්ර කාශ නොකලොත් මම වික්ර්මබාහුට මම මාගේ කැමැත්ත දෙමි- මොකද මොහු කවදාවත් ජනපති නොවන නිසා

Thursday, November 26, 2009

අවු 22 කට පස්සේ, එකට හිටපු යලුවෙක් අහමබෙන් හමබ උනොත්

අද මගේ ජිවිතේ අහබු සිදුවිමක් සිදු උනා, ඒ තමයි “අවු 22 කට පස්සේ, 5 වසර වෙනකල් එකට හිටපු යලුවෙක් අහමබෙන් හමබ උනා“ කියන්න බැරි පුදුමාකාර සතුටක් ඇති උනා. පොඩියක් හිතන්න අන්තිමට දැක්කේ ගමෙ ඉස්කොලේ 5 වසර පන්තියෙදි. මට ඉහලින්ම ශිෂ්යඇත්වය පාස් වෙන්න බැරි උනත් දෙවෙනි වටෙට තෙරිලා, අර්ධ නාගරික පාසලකට යන්න අවස්ථාව ලැබණා. ඒ යනවත් එක්කම එකට හිටපු කස්ටිය එහෙමත් නැතිනම පන්තියේ එකම පොලිමෙ හිටපු අයගේ මුනු ටික තමයි මතකයේ තියාගෙන හිටියේ. හිතුවෙ නැහැ කවදාවත් එ අතර හිටපු හොඳම යලුවෙක් අයිති ජිවිතේට හමු වෙයි කියලා [අල්ලක් විතර මෙ ‍රටෙ අයිත් කොහොදි හරි හමුවෙනවා අනිවා]
හිතන්න අවු 22 කට පස්සේ අපේ මුහුණුවර හැඩරැව කොපමණවෙනස් වෙනවද කියලා? එත් මට උව දැක්ක ගමන මගේ හිත එක පාරට පහේ පන්තියට ගියා, ගිහින් google කරලා බැලුවා . හපොයි මෙ මගේ එහා පැත්තේ හිටපු එකා නේද මෙන්න බොලේ නමත් මතක් උනා, මම නම කියලා කතා කරනකොටම උත් මගේ නම කියලා කතා කලා, මගේ සතුට දෙගුණ උනා. අපි 5 වසරෙන් පසු වෙනත් පාසල් වලට ගියත්, හිත කොනක ඒ මතකයන් තිබිලා තියනවා. එහින්දා තමයි එපමණ කලක් ගිහිනුත් නම හැඩරැව හොඳට මතක තිබිලා තියෙන්නේ.

සමහර විට ඔබටත් මෙහෙම හමු විමක් සිදු උනොත්?

Sunday, November 22, 2009

වානිජ / කලා / ගණිත - කරයෝ කරන දෙය

පහතින් දිග හැරෙන තිත්ත වූ ඇත්ත අදාල වනුයේ, හුදෙක් රජයේ පාසල් වලින් තම අධ්යාවපනය පටන් ගෙන උසස් යයි කියන්නා වු සරසවි වරම ලද භග්යනවන්තයන්ටමය. සමහර විට ඔබ ඇති හැකි අ‍යෙක් හෝ මධ්යවම පාන්තික හෝ නැති බැරි අයෙක් විය හැක. එලෙසම රාජකීයට, ජනපති හෝ ‍ග‍මේ පාසලකට ගියත් දැන් ඔබ රට තුල පවතින අතලොස්සක් වූ විශ්ව විද්යා්ලයකට ඇතුල්ත වී ඇත.
[අතුරැ කතා - දැන් දැන් ඉංග්රී‍සීයෙන් උගන්වන පාසල් රජයේ තිබණත් උසස් පෙළ හමාර කල සිසුන්ට සමාජය තුල මුන ගැසෙන්නේ එහෙමත් නැතිනම් රැකියාවක් සොයාගැනීමෙදී තරඟ කිරිමට සිදුවනුයේ ඉංග්රී සී මා‍ධ්යේයෙන් අධ්යැපනය ලැබු අය සමඟය. දැන් පවතින තත්වය තුල ඉංග්රී සී මා‍ධ්යලයෙන් අධ්යෙපනය තුලින් මතුවූ සිසුවා, රජයේ සරසවියකින් ලබා ගත් උපාදී ලාභියට වඩා ඉදිරියෙන් සිටී. ]
ලංකාව තුල තිබෙන සරසවි වලට මේ දේ සිදුවූයේ ඇයි? සිසුන්ගේ වැරදි
1. විවිද සමාජ පසුබිම් වලින් පැමිණෙන සිසුන්, සමතත්වයට පත්කල යුතු යයි කිය, නවක ශිෂ්ය්ය නම්යුයකරනය නැතිනම් රැග්
2. තමා දරන දේශපාලන මතය අන් අයට කියදීම
3. පිලිගත් ‍ පෞද්ගලික පාඨමාලා
4. අනුකරණය

මෙහි වැදගත්ම වු දෙය “පිලිගත් ‍ පෞද්ගලික පාඨමාලා” ය. වාණජ හා කලා අංශයෙන් උ‍සස් පෙල හැදැරෑ අතලොස්සක් දෙනා පුරෑදු පුහුණු වි ස‍ටිනුයේ කට පාඩම් කලාවටය. අඩුම ගනනේ තමා ඉගෙන ගන්නා සාහිත්යකවත් රසවිදීමට ඔවුන්ට පුලුවන් කමක් නැත. සරසවිය තුල “සමතත්වයට පත්කල” මොවුන් දෙවන වසර වන විට නැවතත් පෞද්ගලිකත්වය හිස තුල ලියලන්නට ඉඩ දෙයි. Charted/SIMM/CIMA යන දේට ඇති හැකි සිසුන් එකතුවේ. විශ්ව විද්යා ලායට මොන්ටිසොරි තත්වයට පත්ව‍න්නේ මෙතැන් සිටය. එම “පෞද්ගලික පාඨමාලා” වල විභාග පවතින සමයට රජයේ සරසවි සියල්ල කෙසේ හො මාස ගනනකට වසා දමා ගනී. මෙය සමස්ත සරසවි පද්ධතියටම බලපා ගැටලුවකි. වැදගත්ම කරෑන නම් “පෞද්ගලික” සරසවි අරබන ක්රිපයා දාමයට විරැද්ධව මුල් පෙල සිටින්නේ මොවුන්ය. පෞද්ගලික සරසවි අප රටට අනවශ්යටයයි කියන කරනාව පිලිබඳ කිසිම ගැටලුවක් නැතැත්. “වාණජ හා කලා අංශයෙන්” සරසවි ගිය මොවුන් රටට කරන්නේ මහත් වූ විපතකි.
ගණිත අංශය ගැනත් කරෑනක් කිමට ඇත්තේය. කට පාඩමින් උසස් පෙළ උසස් ලෙස සමත්වුවෝ [අතලොස්සකි], විශ්ව විද්යා.ලය තුල පොරවීමට යයි. අන්තිමට මුලු කණ්ඩායමම [batch] එකම වලපල්ලට ඇද දමා අවසන් වසර වනවිට තමාවටා සිටි කිසිවෙකුත් නැතිව තනියම විභාග ගොඩදමා ගැනීම යන කරනාව තුලට පමණක්ම ලඝුවී යයි.

අවසානයට සරසවියේන් යන උපාධි ලාබියා දන්නේ නොදන්නා කම පමණී.

කිසිම ගැලපීමක් නැති මෙය හුදෙක් මාගේ හිතට ආ දෙයක් පමණි

Sunday, November 1, 2009

අපිට කල හැක්කේ කුමක්ද?

මෙ ලිපිය ලීවීමට මුලීක පදනම 2009/11/1 වෙනි දින ලංකාදීප පුවත් පතේ පලවු "රට දැය වෙනුවෙන් ලේ මස් දන්දි රණවරැ සෙවණේ තනිවණු විරැවෝ" යන සටහනයි.

අසුව දශකයේ ඉපිදි අයකු නම් ජීවිතයම ගෙවුනේ රටම වෙලා ගත් ත්‍රස්තවාදයත් සමගයි.දැන් ඔහු තරැණයකි. සමහර විට සිංහල හෑලි ලියන හා කිවවන බෝහෝ දෙනෙකු අසුවදශකයේ වුවන් විය හැක. කිනම් දශකයක වුවත්, අනේක් වැදගත් කරැන නම් අපි සියල්ලෝම අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන්ගේ එක් බණ පදයක්වත් ඇසූවුවෝ වෙමු. උන්වහන්සේගේ දේශනා ඇසුවනට රට ගැන සුලු ඇල්මක් හෝ තිබෙනු නියතය.

දන්නා තරමට හා පෙනෙන තරමට සිංහල හෑලි 500 කටත් වඩා අදික ප්‍රමාණයක් ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනකු පාසල් සිසු සිසුවියන් වියහැක. නමුත් ඒ අතර රැකියවල නියතු වුවන්ද සිටිය හැක. එහෙයින් අපට යම් කිසි උදව්වක් හෝ අඩුම තරමින් ‍රට දැය බෙරාගැනීමට ගිය දේශයේ අභිමනයවු ඒ රණවිරැවන් බැලීමට යා හැක.

එම ලිපියේ සඳහන් අන්දමට ඔවුන් බැලීමට යාමත්, ඔවුගේ දිවියට ලබා දෙන මහඟ ශක්තියක් වෙයි.

රටකරවුවන් නිවැරදි වෙලාවට නැවැරදි තීරණ නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ ජන්දයට, නැතිනම් බල ‍ලෝබයට, පිට රටවලට ගැතිකම් කල බැවින් වසර 30 ක් ඇදී ආ ත්‍රස්තවාදය දැන් නිමා වී ඇත. දැන් ඒ සියල්ල අතීතයට එක් වුවත් ඒ ත්‍රස්තවාදය මතින් ආබදියන් බවට පත් වු ඔවුහු සදාකාලීක අපගේ මතකයේ රැදීය යුතුමය.

අපට ක‍ල හැක්කේ කුමක්ද? එය අපි නොපමාව ඉටුකල යුතුව ඇත්තෙමු.