Wednesday, May 26, 2010

හි හි උබලෑ නිදසට තව දින තුනයි

මේ වසර 2010 යි. මැයි නොහොත් වෙසක් මස අවසන් සතිය ගෙවෙමින් පවතියි. මේ වන විට තවමත් සොයා නොගත් ඇත්ත‍ බෞද්ධයොත්, සාම්ප්‍රදායක බෞද්ධයොත්, නව රැඩිකල් මතවාදි බෞද්ධයෝත් හා ඔල්කට් බෞද්ධයොත් පිළිවෙතින් එලඹෙන වෙසක් දිනට සැරසෙමින් සිටිති. සිංහල බ්ලොග් අවකාශයේ මේවන විටත්, ලිපි වලින් තම බෞද්ධ කම හා මුස්ලිම් කම පෙන්වමින් ආගම් අතර සංහිඳියාවට බාදා ඇතිකරන හෝ විවාදයෙන් නව මතවාදයන් හෝ වැලලී තිබු සත්‍යයන් එලියට එමින් පවතින යුගයක් බවට පරිවර්තනය කර ඇත. තවත් කොටසක් විජ්ජාවක් කරමත තියන් යන අතර තුර, එය බිම දැමිමට මං පහරන්නන් රොක් වී අපායට යන මර්ගය දිගේ ඉදිරියට ඇදෙමින් යති. නොදන්නා දේ නම් දෙගෙල්ලෝම ඇත්තේ අපායට යන මාවතේ බවයි. නුවර පාරට එය එතරම් ගැටලුවක් වී නැත මන්ද නුවර පාර තවමත් මැදමුලනට යන පාර සොයමින් සිටියි.

මතෘකාවට අදලා පසුබිම වු කලි කියු ලෙස උබලෑ නිදහස් දිනයට තව දින තුනක් යන්නයි. එනම් ඉහතින් වර්ග කල කොයිනම් බෞද්ධයෙක් හෝ මේ මතෘකාවට අදාල වන හෙවත් උබලෑ ජාතිය නිදහස් කීරිමට සම්මාදම් වී ඇත. හරක් නිදහස් කිරීම තව විදිහකට කියන්නේ නම් ගවයන්ට අභය දානය දීම. මේ කාරනාවට මුලීකවම කටයුතු කරනුයේ පන්සල් හා පුණ්‍ය ආයතනයි. මෙහි කිසිඳු වැරැද්දක් නැත. සතෙකු මරණයෙන් නිදහස් කීරිම පව පින කෙසේ වෙතත් උතුම් ගුණාංගයකි.

මේ කාරණවේදි සලකා බැලිය යුතු අංශයන් තුනක් පවතීයි

1.මේ සඳහා සම්මාදම් වනුයේ කවුරුන්ද
‍සාමාන්‍යයෙන් ගම නගරය බේදයකින් තොරව පන්සල මුලීක කරගත් කණ්ඩායමක් විසින් ප්‍රධාන කොට මේ කර්තවයට එක්වෙයි. මෙහිදි ආධාර පත්‍රයට මුදල්, අදලා දායකයන් හෝ පුණ්‍ය අයතනයේ සාමාජියන් මගින් ගම වටා හෝ අදාල ප්‍රදේශය ගෙවල් වලින් සොයාගන්නා අතරම
  • පොහොසත් ව්‍යාපාරිකයන්
  • බුකී කාරයාගෙන්
  • මස් කඩ කාරයාගෙන්
  • බාර් කාරයාගෙන්
යන්න වුන්ගෙන්ද සම්මාදම සරු කරගනියි. මෙහෙදි සැමගෙන්ම් ආධාර එකතු කිරිමේ කිසිඳු ගැටලුවක් නැත. කල පව් කම් ගෙවන්නට මෙවන් පින් අතේ හෝ උතුම් කාරනා සඳහා ඔවුන් එක් කරගැනීම මා දාන්නා බුදු දහමට විරුද්ධ නොවෙයි. එහෙත් මෙතන සදාචාරමය ප්‍රශ්ණයක් ඇත. එය වු කලී තම නැණ පමණින් දැන ගැනීම සැහේයයි සිතමු.

2. ගවයන්ට අභය දානය දිය යුතුද?
විහිලු කතාව ඇරඹුම මෙතන වෙයි.
1. අභය දානය දෙන්නේ කාටද? හරක් නොහොත් ගවයන්ට
2. අභය දානය පිරිනමන්නේ කවුද? මිනිසුන් නොහොත් කිනම් වර්ගයක හෝ බෞද්ධයෝය
3. ජීවත් වීමේ අයිතිය නැති කලේ කවුද? මිනිසුන්මය
4. එලෙස ජීවත් විමේ අයිතිය නැති කිරිමට හේතුව? ඉල්ලුමට සැපයුම හෙවත් හරක් මස් වෙළඳාමයි
5. නැතිකරන උන්ම අභය දානය පිරිනැමීම හරිද? එසේය. එහි කිසිඳු ගැටලුවක් නැත
6. මෙය සදාචාරාත්මකද? නිවැරදි බෞද්ධයන් සොයාගත නොහැකි රටක සදාචාරය මස් කරලා කන්න පුලුවන්ද?


මේම අංශය සඳහා ඉහත ප්‍රශ්ණ හා පිළිතුර පමණක් සැහේ.

3. නිදහස් කරන ගවයාට කුමක් වෙයිද?
ඉහතින් කෙටියෙන් විස්තර කල කරණු දෙක කෙසේ වුවත් මේම පියවරට එනවිට ගවයන්[ඔබ] නිදහස් වී හමාරය. ඉදින් දැන් සොයා බැලිය යුත්තේ ඔබට යන කල දවසයි. බොහෝ විට සිදුවන්නේ ගමේ හෝ අවට සිටින දුප්පත් අය අතර මේ සතුන් බෙදා දීමයි. දැන් මේ සතුන් බෙදා දෙන්නේ දුප්පතුන් අතරය. ඉතින් ආර්ථික අපහසු තාවයක් දැනුනු විට සිටන එකම ආර්ථික භාණ්ඩය නිදහස් කරගත් ගවයාය. ඉල්ලුම සැපයුම න්‍යයට ඉඩ හසර සලසමින් නැවතත් ඊලඟ වෙසක් ලන් වත්ම බේරාගත් ගවයා නැවත් බේරාගත යුතු තත්වයට පත් වී ඇත. මෙය බොහෝ විට සිදු නොවන දෙයක් වෙන්නට පුලුවන. එහෙත් මෙය සිදු වෙයි.

එය ‍එසේ සිදු නොවුනොත් වනුයේ, ඉබා ගාතයේ යන මේ ඔබ, හොර හරක් කාරයන්ට නතු වී මස් කඩයකට දක්වා ගෙන යාමයි.

එය එසේත් සිදු නොවන්නේ නම් වනුයේ ගොනා නාගරික විමයි. එනම් තැන තැන ‍ගොඩ ගැසුණු කණු කා බොහෝ දුක සේ දිවි ගෙට ගසා ගැනීමයි.


කොතරම් මානුෂිකත්වයන් ගැන කතා කලත් ලෙඩ හැදුනු හරකාගේ කකුල කපන් යන රටක අප ජීවත් වන බව අමතක නොකළ යුතුය. ඉදින් තව දින තුනකින් නිදහස් වන ඔබගේ අනාගතය කෙබඳු වනු ඇත්ද? දැන්ම තීරණය කරන්න එදිනට නිදහස් වනවාද? කොක්කේ එල්ලෙනවාද?

4 comments:

  1. දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් මස් කඩ කාරයො පෝසත් කරන වැඩක්. මස් කඩ කාරයො බොහෝ විට මුස්ලිම්, ඒ නිසා මේකෙන් වෙන්නෙ දුප්පත්, බොහෝ විට හරක් මස් නො කන, බෞද්ධයන්ගෙ සල්ලි, මුස්ලිම් මස් කඩ කාරයට යවන ක්‍රමයක් ඇති වෙනව කියල කියුවොත් ජාතිවාදය ඇවිස්සීමක්ද?

    ඒක පැත්තක තියල ලිපියේ තිබෙන වැදගත් ඉල්ලුම-සැපයුම කතාව බලමු.

    වෙනදට මස් කඩ කාරයට ගෙවන්නෙ මස් කන අය විතරයි. නිදහස් කරන දාට කන-නොකන හැමෝම ගෙවනව. එදාට තමන්ගෙ පාරිභොගිකයො නොවන අයගෙනුත් මස් කඩ කාරයට ගාන එනව.

    දවසකට හරක් දහ දෙනෙකුට ඉල්ලුම තියෙන මස් කඩේක, පෝයට හරක් දහයක් නිදහස් කරනව කියල දැන ගත්තම, හරක් විස්සක් ලෑස්ති කරනව නේද? දහයක් මසට, දහයක් "පිනට", ආදායම ඩබල්!

    ඇත්තටම, එක දවසක් හරි, සතෙක් "නිදහස්" කරන්න ඕනෙ නම්, මස් නොකා ඉන්න. කලින් උදාහරණෙ කඩේ ඉල්ලුම හරක් පහට අඩු වුනොත් මොකද වෙන්නෙ?

    ReplyDelete
  2. @Dark Lord
    ජාති වාදය අවුස්සනවා කියන කතාව දැන් මොස්තරයක් කරගෙන...... ඒ මේකට අදලා නැහැ .... ඇත්ත දෙයක් නම් ඇවිස්සුනත් නැතත් කියන්න ඔනේ

    ඉල්ලුම-සැපයුම
    ඔව් ඔබ කියන දේ හරි ............ නොකා ඉන්නවා නම් මේ මුකුත් නැහැ ...... ඉල්ලුමත් නැහැ සැපයුමත් නැහැ ........ මතකද සුනාමී කාලේ මාලුන්ට වෙච්ච දේ

    ReplyDelete
  3. ඉඳහිට පොඩ්ඩක් පාරෙන් පිට පැනල තිබුණත් හොඳ ලිපියක්.

    ඔය ඉස්ලාම් ආගමේ මූලධර්ම වලට එරෙහිව පැල් බැඳගෙන ලියන සිංහල බෞද්ධයින්ට බැරිද ඊට වඩා ප්‍රායෝගිකව වැදගත් මේ කාරණාව ගැන ලියන්න? 'තම්බින්ට' කෙළින්න පුළුවන් හොඳම විදිය බෞද්ධයින් සැබෑ බෞද්ධයින් හැටියට ගව මස් නොකා හැරීම නේද?

    මේවත් බලන්න (කමෙන්ටුත් එක්ක), මේ රටේ බෞද්ධ ඉස්ලාම් ජන කොටස් දෙකේම ඉන්නෙ කොයිතරම් හොරුද කියල වටහා ගන්න.

    http://taboosubjects.wordpress.com/2009/02/28/45
    http://taboosubjects.wordpress.com/2010/04/02/129

    - Taboo Subjects

    ReplyDelete
  4. @ටැබූ
    මැදමුලනට යන පාරයි ... මට ලැබෙන සංතොෂමුයි දැක්කාම පාරෙන් පිට පනින්න හිතෙනවා ....


    @තම්බි
    පැල් බැඳගෙන තම්බින්ට කෙලින එකයි .... පැත්තක ඉඳින් බෞද්ධයන්ට කෙලින එකයි ඇතර වෙනසක් නැහැ ....


    කිව්වා වගේ ඔය දෙකේම හොරු ඉන්නවා ..... උන්ව ෆොම් කරන එවුනුත් ඉන්නවා ....

    ReplyDelete