Saturday, October 30, 2010

ලාංකා දියුණුව කරා රැ‍ගෙන යාමට රාජපක්ෂවරුන්ට හැකිද?

මේ ලිපිය පාට කණ්නාඩි හා රාජපක්ෂවරුන් කෙරෙහි ඇති දැඩි වෛර සහගත සිතුවිල්ල ඉවත් කර බලන්නේ නම් ඉතා වටිනු යයි සිතමු.

ත්‍රස්තවාදය අවසන් කරදිම මේ යුගයේ සිදුවු ඓතිහාසාක හා වැදගත්ම කාර්යය භාර්යය වෙයි. වසර හතරක් ඇතුල එය මුලින් උපුටා විශාල ධනස්කන්දයක් අප රටට ඉතිරි කර දුනි. සමහර විට ඔබට මතක ඇති ඒ දවස, බොහෝ ජනාකීර්ණ මං සන්දි වල විශාල නිවේදන පුවරු වල සඳහන් වී තිබුණ, යුද්ධය සඳහා වැයවූ ගනන් හිලව්. දැන් හිරබත් කන සමහර කූට, දේශමාන්‍ය කොටි ඒජන්තයෝ කිසිම පැකිලිමකින් තොරව ලාංකීය ජනයාගේ මනස විකෘර්ති කිරිමේ අරමුණින් මෙම ප්‍රචාරක කටයුතු කරන ලදි. ඔබ එදිනෙදා කොළම ප්‍රදේශ හා සැරිසරන්නෙකු නම් ඔබට දැන් දැක ගත හැකි වෙනස් කම් බොහොමයක් කොළඔ නගරය තුල සිදුවෙමින් පවතියි. එවා හා වෙනත් සංවර්ධනයන් පහතින් විස්තර කර ඇත.

මාර්ග බාදක ඉවත් වී යම. බොහේ සාමන්‍ය ජනයා සතුටු කරන කරුණක් විය. එයිනුත් දෙමළ ජනතාව මහත් අස්වැසල්ලක් ලැබූ බව ඔවුන් හා කතා බස් කිරිමේදි හොඳන් තේරුම් ගත හැක.බොහොමයක් මාර්ග බාදක මේ වන විට ඉවත් ව ඇත. එමෙන්ම වසර ගනනාවක් වසා තැබුණු පාරවල් දැන් විවෘතව පවතියි. උදහරණයක් විදිහට කොළඔ SLT හී ඉදිරි පසින් හා පිටුපසින් යන පාරවල් දෙක. ගාලුමුව දොරට පිවිසෙන මාර්ග, ගංගාරාමය හා ඒ අවට ඇති මර්ග සියල්ල දැන් මහජනතාව සඳහා විවෘත්ව ඇත. කොළඔට පි‍විසෙන සෑම ප්‍රධාන මාර්ගයක්ම මේ වන විට අලංකාර කරමින් සිටියි. මාර්ගයේ යන හා එන පැති දෙක වෙන් කරමින් මැදින් වෙන්වෙන තීරුව මල් වලින් මේවන විටත් අලංකෘත කර ඇත.

පදිකයන්ට මහ වදයක් වූ, පදික වේදිකා මත ඉදි වූ අනවසර පෙට්ටි කඩ දැන් කොළඔ නගර තුල දක්නට නැත. එවා කඩා දැමිම පමණක් සිදු නොකර ඔවුනට වෙනදාට වඩා ආදයම් සරු කර ගත හැකි වෙනම ස්ථානයක් නවීන ආකාරය නිමවා දී ඇත. එහි විදුලි බලය රූපවාහිණි යන්ත්‍ර පමණක් නොව, වැඩි ජන සංඛ්‍යවක් ද ගැවසෙන නිසා, වැඩි ආදයමක් ඔවුන් ලබන බව නම් කාටත් හැඟි යයි.

ඊට අමතරව හම්බන්තොට වරයාට පළමු නැව මේ මස පැමිණිමට නියමිතය. එවන විශාල ව්‍යපෘති හැරුණු කොට, කුඩා කුඩා සංවර්ධන කටයුතු බොහොමයි ලංකාව තුල දැන් සිදුවෙයි. ඔබට ඇති ගැටලුව රාජපක්ෂ වරුන් මුදල් ගසා කෑමයි. එය සත්‍යක් බව පෙන්වීමට සාක්ෂි සටහන්ද ඔබට ඉදිරිපත් කල හැක. වෙනත් ආණ්ඩු කල සිදු නොවූ සංවර්ධනයක් සුදුවන බව ඔබ නොදකිනවා නොවේ යයි සිතමි.

රාජපක්ෂ පාලනයේ ගාස කැම් වලට විරුද්ධ වීමට, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. එහෙත් විපක්ෂයට ඔබ විසින් පත් කල අයත් සාටකය දමා ගන්නේ නම් අපි කුමක් කරමුද. රාජපක්ෂ පාලනය නැති කරිමට නම්, ඊට පෙර ඔබ ඒජාපයට නිවැරදි නායකත්වයත් තෝරා ගැනිමට බල කරන්න. රාජපක්ෂ සූරාකෑම් නැති කීරිමට ඇත්තේ එම මාර්ගය පමණී. ඉතින් දැන්වත් රනිල් පන්නා දමන්න. නැතිනම් ඔබ කරන්නේද රාජපක්ෂ පාලනයට අනියමින් උදව්වක් හා සහායක් දීම බව වටහා ගන්න

5 comments:

  1. \\මේ ලිපිය පාට කණ්නාඩි හා රාජපක්ෂවරුන් කෙරෙහි ඇති දැඩි වෛර සහගත සිතුවිල්ල ඉවත් කර බලන්නේ නම් ඉතා වටිනු යයි සිතමු.\\
    ඔබ ලියමන පටන් ගන්නේ එසේය.
    \\රාජපක්ෂ සූරාකෑම් නැති කීරිමට ඇත්තේ එම මාර්ගය පමණී. ඉතින් දැන්වත් රනිල් පන්නා දමන්න. නැතිනම් ඔබ කරන්නේද රාජපක්ෂ පාලනයට අනියමින් උදව්වක් හා සහායක් දීම බව වටහා ගන්න\\
    අවසන් කරන්නේ මෙතැනය.
    ඔබ වරද්දා ගන්නේ මෙතැනය. ඔබ නොදන්නේද මෙයය. පාට කන්නාඩි දමාගෙන ඇත්තේ ලියන ඔබද නැත්නම් මමද යන්න මොහොතකට සියල්ල අමතක කර වටහා ගන්නට උත්සාහ කරන්න.
    අද රාජපක්ෂවරු සිටිනා තැන වෙනෙකෙකුද සිටියද සිදුවන්නේ මෙම ක්‍රියාවලියමය. අප විරුද්ධ විය යුත්තේ මේ දිගින් දිගටම සිදුවන රැවටීමේ කිරියාවලියටය. වැරැද්ද රාජපක්ෂ කලද ප්‍රේමදාස කලද වැරදිමය. හරිදේ හරි ලෙස පිළිගැනීමටත් වැරැද්ද වැරද්දක් හැටියට දැකීමත් සිදුවනු තුරු ඔබත් මමත් මවන ඒ සිහිනය සැබෑ නොවනු ඇත.

    ReplyDelete
  2. බෑන්කීන්මූන් විසින් ලියන ලද කෙමෙන්ට් දෙකම අයින් කරනු ලැබුවේ අසැබි වදන් නිසාවෙනි. ඔබට කොන්දක් හා නපුංසකයෙක් නොවෙයි නම්, අසැබි වචන වලින් තොරව, විරුද්ධ මතවාද ඉදිර්පත් කරන්න.

    ReplyDelete
  3. බෑන් කී මූන්October 31, 2010 at 8:57 AM

    මචන්, මගෙ පළවන කොමෙන්ටුවේ කිසිම අසභ්‍ය වචනයක් තිබ්බේ නෑ. ඒත් උඹ ඒක පබ්ලිෂ් කළේ නෑ. කොන්දක් තියේනම් අඩු තරමින්, මේ නිවේදනය එතකොට දාන්න තිබුණා. මවිසින් දෙවන වරටත් මතක් කරන තුරුම, අනිකුත් කොමෙන්ටු පබ්ලිෂ් උනාට මගේ එක ගැන කිසි සඳහනක් දැම්මේ නැත්තේ මොකද ? උඹලා වගේ තක්කඩි මෙතන බොරු ලියලා අහිංසක මෝඩ මිනිසුන්ව රවට්ටනවා. අසැබිකම සාපේක්ෂ වන නිසා, මගෙ 1 වන කොමෙන්ටුවේ අසැබියැයි ඔබ හිතන වචන කපා හැර, පළ කරන මෙන් ඉල්ලා සිටිනවා. අඩු තරමින්, මේ කොමෙන්ටුවවත් පළ කොට, කශේරුව පණ ඇති බව පෙන්වා, වාදයට පැමිනෙන ලෙස ආරාධනා කර සිටිනවා. උත්තර දෙන්න බැරි උනාම, අසභ්‍ය වචන තිබ්බා යැයි බොරු දොඩවන්නේ නැතිව.

    ReplyDelete
  4. මෙනන් පල කලා ....... ඔබ හා සංවාදයට මට අනවශ්‍යයි. ඔබට සංවාදයක් ඔනෑ නම් වෙන බ්ලොග් අඩවියක් පටන් ගන්න. කැමති නුවණැති අය පැමිණ සංවාද කරයි ඔබ සමග

    ReplyDelete