Friday, November 19, 2010

මව් රට එක් කල උතුමාණනි.

ගමේ උපන්
ගමට හිතැති
රට නංවන උතුමාණනි //

තේජස ඔබේ බලා ඉන්න
මහජන හද එකතුවෙනවා ඔබ ලඟ අද
මිතුරු, සොඳරු, මහගුණ රට පතුරුවන්න
පිං කල අප පෙරට අවේ .....
මව් රට අද පෙරට අරන්

දෙකඩ කැඩූ මව් රට මගේ
එකඩ කලේ ඔබ අභිමන
පමා නොවී දියුණු කරා රැගෙන යන්න
අපිත් එනවා ඔබ දෑතට දිරිය දෙන්න
කුහක කමින් රට දෙස මගේ නොබල ඉන්න
පුරුදු කරමු ජනමනසට උතුමාණනි .........

ගමේ උපන්
ගමට හිතැති
රට නංවන උතුමාණනි //

No comments:

Post a Comment