Friday, February 25, 2011

ගෝත්‍රවාදය

දැන් ඔය මහා උගත්තු, පණ්ඩිතයෝ ඔක්කොම කියනවා ලහිරුගේ සින්දුව අන්‍ය ජාතින්ට අපහාස කරනවා කියලා. නුවර පාරේ මාත් ඒකම කියනවා. එතකොට මාත් බුද්ධිමතෙක් වෙයිනේ. ඔය ඔක්කොමට වඩා වැදගත් දේ තමයි මොකක්ද මේ ගෝත්‍රවාදය කියන්නේ කියන එක. ජාතියක් ජන්මයක් අම්මෙක් අප්පෙක් නැති එකෙක්ට නම් ගෝත්‍රවාදය නැහැ. හැබැයි අනික් උන් ඔක්කොටම තියනවා. ඇන්ජ්ඕ කාරයන්ට නම් ඔය ගෝත්‍රවාදය කියන එක නැතුව ඇති කියලා හිතුවට. උන්ට තමයි හැමෝටම වඩා තියෙන්නේ. හැබැයි උන්ගේ ගෝත්‍රය හරියට කක්කුස්සි වලක් වගේ. හැම ජාතියෙන්ම ඉන්න හපුටු ගෝත්‍රයක් ඒක.

ගෝත්‍රයක් ඉන්නවා නම් උන්ට වාදයක් තියවා තමයි. එහෙම නොවුනොත් ඒක ගෝත්‍රයක් වෙන්නේ නැහැ. හැබැයි මේ කැනහිල් කණ්ඩායම හදන්නේ සිංහලයා, බෞද්ධයා කියන්නේ ලංකාව තුල ජීවත් වෙන ගෝත්‍රයක් කියල ලඝු කරලා දාන්න. ඒ එක්කම මුන් කියන තව කතාවක් තමයි සිංහලයෝ ලිඳේ ඉන්න ගෙම්බෝලු. ලිඳේ ඉන්න ගෙම්බන්ට ඒ විදිහට ඉන්න දිලා මේ බහූභුතයෝ ටික පැත්කට උනා නම් හොඳ නැද්ද.

අනික් දේ තමයි ගෝත්‍රය කියන එක විවධ තේරුම් දෙන්න පුලුවන්. ඇන්ජිඕ කාරයෝ ගෝත්‍රිකයෝ කියලා සිංහලයට හිනා වෙන්නේ අපහාසයට. කට ඇරියොත් කියන්නේ සිංහලයට අනාගතයක් නැහැ ඉදිරියක් නැහැ මුකුත් බැහැ වැඩක් නැහැ කියලා. මුන් එහෙම කරන්නේ මුගේ කටවල් හදලා තියෙන්නේ සිංහලයට බනින්න. ඩොලර් වලට කටවල් ඇරෙන්නේ නැති සියලු දෙනා ගෝත්‍රික හැබැයි මේ අන්තර්ජාතික දැනුම තියන ඇන්ජිඕ ඩොලර් කාක්කෝ නම් වැදගත් මහත්වරු. ලංකාව තුල අනාදීමත් කාලයක් ජිවත් උනු සිංහල ජාතියට හිමි තැන අහිමි කරලා අපහාස කරලා නැත්තට නැති කරන්න තමයි පරදේසක්කාර කලු සුද්දන්ට ඕන වෙලා තියෙන්නේ. මේවට පෙරමුණ ගන්නෙත් සිංහලයෝම තමයි. හැබැයි මුන්ගේ මොළවල් කුරුවල්. උන් හදන්නේ පිටරටවල දේවල් ගෙඩි පිටින් ගෙනල්ලා මෙහෙ ඕබවන්න.

ඒක කරන්න මාන බලන හැතිකරයට ඒක තාමත් කරගන්න බැරි උනා.

2 comments:

  1. http://beyondframe.wordpress.com/2011/02/27/11feb27/#comment-10854

    කැතයි හොදේ.....

    ReplyDelete
  2. Moko ban Presidentta baninne??

    ReplyDelete