Sunday, April 11, 2010

පැවති මැතිවරණ ප්‍රතිඵලයට අර්ත කතනයක්

2010 මහ මැතිවරණයෙදි චනද් දායකයා හැසිරි ඇත්තේ අන්කවදාටවත් වඩා වෙනස්ම අයුරකිනි. මෙම හැසිරිම පහත පරිද වර්ග කල විදහා දැක්විමට පුලුවන. මෙම විමර්ෂණ පක්ෂ දෙකටම අදාල වන අතර, දෙපැත්තේම පාක්ෂිකයන් හැසිරි ඇත්තේ එකම රටාවකට බව පැහැදිලිය.

1. පවුල් පාලනයට දිරි දීම
කොතරම් පවුල් පාලනයට විරැද්ධ වුවත්, රටේ පැහැදිලි කැමැත්තක් විශේෂයෙන්ම රාජපක්ෂ පවුල් පාලනයට ලබා දි ඇත. එනම්, නාමල්/බැසිල් හා චමල් ඉහලින්ම ඔසාවා තබා ඇත. මීට අමතරව රිචඩ් පරතිනගේ පුත් / විජමු ගේ පුත් / අගමැතිගේ පුත් / රුවන් / යන පවුල් බලයටද ඉඩක් දී ඇත

2. තරු වලට ඉඩක්
කිසිදු දේශපාලන දැනුමක් නැති ‍එහෙත් වාහිණියෙන් ප්‍රචලිතවු පබා ඉදිරිය පැමණ ඇත. ඔය අතර සනක් / රන්ජන් ද ඇත


3.ලොක්කන් සොක්කන් කිරිම
පක්ෂ නායකත්වය දිමට සුදුසු යයි සම්මත කරු පවා මනාපයෙන් පහලට ඇද දමා තිබිම. බොගොල්ලාගම එලියට විසිවි යාම

4.ප්‍රසිද්ධ මැරයන්ට ඉඩක්
මැරයා / කුඩු කරයා / මධ්‍ය මර්දකයා / මොඩයා හා අචාර්යය යන විවධ නාමයන්ගේන් හදුන්වන මර්වින් ගම්පහින් 3 වන ස්තානයේ වැජබී සිටියි.

5.පොස්ටර් ගානට මනාප ලැබීම
කොළඹ දිස්ත්‍රක්කයේ අර් දුමන්ද සිල්වා තනිකරම පොස්ටර් වලින් ගොඩ ආ අයෙකි.

6. කටට තැනක්
වීරවංශ හා චම්පිකට චන්දය දුනනේ කට නිසාමය

එජාපයට චන්ද අඩුවීමට හේතුව ලෙස පැහැදිලිවම කිව හැක්කේ එජාප පාක්ෂීකයන් චන්දය නොදිමයි.

4 comments:

  1. හප්පා ගොඩකාලෙකට පස්සෙ නුවර පාර ඇරල තියන්නෙ

    ReplyDelete
  2. @ඇනියා
    ඔව් ඔව් ... දැන් ඉතින් ලියන්න දෙයක් නැහැ ඔක්කොම වෙන්නේ පෙර සිරිතටනේ

    ReplyDelete
  3. අමූලික ඇත්ත......... :) :) :)

    ReplyDelete
  4. චමිපිකගේ මිනිස්සු චන්දෙ දුන්නෙ කතාවට වඩා වැඩ වලට මම හිතන්නෙ. මිනිහ ගොඩක් වැඩ කලා. පරිසර අමාත්‍යංශෙ නියමෙට හදල ගත්තනේ. දැව සංස්ථාව එහෙම දියුණු කරල ගත්තා. අනික පෝස්ටර් ගැහුවෙත් නෑ ඒව හොඳ දේවල්.

    ReplyDelete