Tuesday, July 6, 2010

මානව හිමිකම් පරීක්ෂණය පැවැත්විය යුතුයි

ත්‍රස්තවාදය අවසන් වී වසරක් ගෙවෙන මේ මොහොතේ තවමත් අන්තර් ජාතික කැනහිලුන් මව් රට ගිල ගැනීමට නැවත නැවතත් මාන බලමින් සිටියි. මෙහි ආසන්නතම ක්‍රියාකාරම වු කලී , පැවති යුධ සමයේ කඩවුයේ යයි කියන මානව හිමිකම් සොයා බැලීමට කමිටුවක් පත් කිරිමයි. එ.ජ සංවිධානයේ මහලේකම්ට තනතුරට හිමි බල තල ඉක්මවා ගොසින් පත් කල මෙ‍ම කොමිසම ඔහුගේ ද්ව්ත්ව චරිතය නැවත වරක් ලොව හමුවේ ප්‍රදර්ශනය කල අවස්ථාවකි.

වරක් කෙල කීරිමට ගොස් ලෝකයේ අනික් රටවල් හමුවේ පරාජයට පත් විය. ඊට පසු නැවත වරක් ගෙන ආ මේ නාඩගම නැටීමට අප ඉඩ දිය යුතුද? නැතිනම් ලාංකා රාජ්‍ය විසින් කොමිසමක් පත්කොට ලංකාවාසී සියලු ජනයාගේ මානව හිමිකම් 2009 මැයි මස සිට සුරැකි බව ලොවට ඔප්පු කර පෙන්වන්නෙමුද? වසර 30 ලේ විලක් කරමින් නැටු නාඩගම අවසන් කල පසුත්, උන් මෙහෙයවු බටහිර ඇන්ජිඕ කාරයින් මේ කරන්නට යන්නේ බටහිර බලගතු රටවල පස්සා පැත්ත ලෙවකමින් මගේ මව් රට ‍ පාගා දමන්නද?


අරාබි කරගේ හෙවත් ඇෆ්ගනිස්තානය වැනි උන් පරාජය වුනු තැන්වලට කොමිසම් පත් නොකර කෝටි දෙකක ජනතාවක් මරණ බයින් මුදවාගත් රජයට විරුද්ධව බොරු චෝදනා සපත කරනුයේ රෙද්ද පල්ලෙන් බේරෙන ලැජ්ජාව වසා ගැනීමටද? මෙවන් හැඳි දෙකකින් බෙදමින් මහලේකම් තනතුරේ හිරිකිතයකින් තොරව තව දුරුටත් රැඳිසිටින බෑංකී මුන් නම් මේ චරිතය තව දුරටත් පරමාදර්ශි වන්නේද?


ලෙසටම ගැලපෙන, අම්මෙක් අප්පෙක් නැති, ඕපපාතික, මෙරට යයි කියමින් ඇන්ජිඕ කරයන්ගේ‍ ඩොලර් වලට පස්ස ලෙව කන මොළ හොදාගත් අවජාතක පෙලක් පෙරටු කොට, පුන පුනා යුද සමයේ දෙමළ ජනයාගේ පමණක් මානව හිමිකම් සොයමින් ඔවුනට කරදයක් වු බව ලොවට අඩගාමින් කියන්නේ, ඉතුරු කෝට් දෙකක ජනතාවගේ දුක්ගැනවිල්ල මගින් සල්ලියක් හෝ ලෙව කන්නට පස්සක් හම්බ නොවන නිසාමයි. ඉන්ගිරිසි පොඩ්ඩක් තොලකට ගාමින් සංස්කෘතියට හෝ ආගම දාමට උපහාස අපහාස කීරිම අලුත් ‍ෆැෂන් එක කරගත් මේ නරුම රැළ එල්ලෙන්ට වැලක් නැති මොහොතේ බෑන්කීන්ගේ කොමිසම් හෙලුවේ එල්ලෙමින් වින්දනය ලබයි.

වසර 30 ක් මානව හිමිකමක් නොසයා බැලු මුන් මේ අලුතින් හොයන්නට හදන්නේ අහවල් එකක්ද? සියලු සම්පතෙන් ආඩ්‍යවු මව් රට නැති කර දෑමිමේ සීරුමාරු ක්‍රමයන්ගේ තවත් එක් අවස්තාවක් ලෙස මෙය හුවා දැක්විය හැක.

10 comments:

  1. "සියලු සම්පතෙන් ආඩ්‍යවු මව් රට "
    - මේ කිව්වේ කොයි රට ගැනද ?

    ReplyDelete
  2. මානව හිමිකම් ඔය කියනා ආකාරයට සුරැකුණේනම් අදාල පරීක්ෂණයට හැකි සෑම සහයෝගයක්ම ලබාදී එසේ සුරැකුණු බවට ලෝකය හමුවේම ඔප්පු කර පෙන්විය යුතු නොවේ ද? එසේ නැතුව එය ඉවත් කර ගන්නා තෙක් නිලධාරීන් ජීවග්‍රහණයෙන් සිරකරගෙන තැබීම තව තවත් තත්වය තීර්‍ව කරන්නේ නැද්ද?

    දෙමල ඩයස්පෝරාව මතවාදීමය ලෙස ජාත්‍යන්තරව දිනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයටද ඒත්තු යන පරිදි කරුණු කාරණා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වඩා වැඩි බර පැටවෙන්නේ බැන් කී මූණ් ට වඩා එවැනි මතවාදීමය පරාජයකට හිමිකම් කී අප රජය නොවේද?


    වැරදිමකින් පිටස්තරයා දැමු කමෙන්ටුව මැකී ගිය බැවින් නැවත දමන ලදී

    ReplyDelete
  3. If we have not done anything wrong why do we worry about this panel?

    ReplyDelete
  4. "මානව හිමිකම් ඔය කියනා ආකාරයට සුරැකුණේනම් අදාල පරීක්ෂණයට හැකි සෑම සහයෝගයක්ම ලබාදී එසේ සුරැකුණු බවට ලෝකය හමුවේම ඔප්පු කර පෙන්විය යුතු නොවේ ද?"

    පිටස්තරයා මේ පෙන්වන්නේ රටක ස්වෛරීභාවය යනු කුමක්ද යන්න ගැන ඔහුගේ ඇති නොදැනුමයි. ස්වෛරී රාජ්යයක් තම රට තුළ මානව අයිතිවාසිකම් කඩ වීමක් සිදු නොවූ බව (හෝ එසේ යම් කඩ වීමක් වී ඇත්නම් ඒ ගැන සොයා නිසි පියවර ගැනීමට තමුන්ට හැකි බව) පවසන්නේ නම් එය පිළි ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි සාමාජික රාජ්ය බැඳී සිටී. එවැන්නක් අභියෝගයට ලක් කළ හැක්කේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී හෝ එහි ආරක්ශක මණ්ඩලයේදී හෝ එහි මානව හිමිකම් කවුන්සිලයේදී හෝ අනුමත වුණු යෝජනාවක් අනුව පමණි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි යෝජනාවක් අනුමත වී නැතුවා පමණක් නොව එවැන්නක් සඳහා යුරෝපීය රටවලින් ඉදිරිපත් වුණු යෝජනාවක් අති බහුතර ඡන්දයෙන් (29-12) පරාජයටද පත් විය. එපමණකුදු නොව ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කළ අකාරය සහ අවතැන්වුණු ජනතාව නැවත පදිංචි කිරීමට එය ගන්නා ක්‍රියා මාර්ග පැසසුමට ලක් කරමින් දෙවන යෝජනාවක්ද එහිදී සම්මත වුණු අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපීයයන් යෝජනා කළ ආකාරයේ කමි‍ටුවක් කොහෙත්ම අවශ්ය නොවන බවද තීරණය විය. හැරත් අනුමත වීම කෙසේ වතුදු ලංකාව සම්බන්ධයෙන් එවැනි පරීක්ශණයක් කළ යුතුයැයි කිසිදු රටක් නිළ වශයෙන් කල යෝජනාවක්ද මේ වන තුරු නැවත ඉදිරිපත්ව නැත.

    එවන් වූ පසුබිමක බන් කී-මූන් විසින් මෙසේ කමි‍ටුවක් පත් කිරීම ඔහුගේ තනි මතයට කළ දෙයක් මිසක අන් යමක් නොවේ. සිංහළෙන් බ්ලොග් ලියන කොන්ද පණ ඇති බ්ලොග් කරුවන් කළ යුත්තේ බන් කී-මූන්ගේ මේ අත්තනෝමතික වැඩ පිළිවල හෙළි කිරීම මිසක ඊට විරෝධය පෑ විමල් වීරවංශව බයිට් කිරීම නොවේ (නුවර පාර මේ ගැන ගත් අස්ථානය සම්බන්ධව පුක්කුසාතීගෙ අචාරය). ශ්‍රී ලංකාව ස්වෛරී රටක් ලෙස තම නිවැරදිබාවය ඔප්පු කළ යුත්තේ එවන් අත්තනෝමතිකව පත් කළ කිසිදු ජාත්යන්තර සහයෝගයක් නැති කමි‍ටුවකට නොවන බව පිටස්තරයාට නොතෙරීම ඔහුගේ අවාසනාවයි.

    දෙමළ ඩයස්පෝරාව ජාත්යන්තරව සහ මානව හිමිකම් කවුන්සිලයේදී තම මතවාදය ඒත්තු ගන්වා ඇතැයි යනුවෙන්ද පිටස්තරයා නන් දොඩවයි. ඇතැම් විට පිටස්තරයා සිතා සිටිනුයේ ජාත්යන්තරය යනු යුරෝපා ප්‍රජාව සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගොන්න කියා විය යුතුය. ඔහු නන් දොඩවන ලෙස එවැනි යමක් දෙමළ ඩයස්පෝරාව ජාත්යන්තරව ඒත්තු ගන්වා නොමැත. එසේ වූයේ නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව සම්මත විය යුතුව තිබිණ. දෙමළ ඩයස්පෝරාව ඔවුන්ගේ මතය ඒත්තු ගන්වා ඇත්තේ ජාත්යන්තරයට නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළධාරීන් අතළොස්සකටයි. ලංකාව තම 'ක්න්යාභාවය' ඔප්පු කළ යුතුයැයි පිටස්තරයා යෝජනා කරන්නේ එම නිළධාරීනටය.

    - පුක්කුසාතී.

    ReplyDelete
  5. Dear Anonymous,

    Let's assume that someone argues that your wife is still a virgin because you are a homosexual (assuming you are a male and your wife does not have any kids). And you know for sure that it is not the case. Will you allow that person to inspect your wife and to understand himself that he is wrong and what you said is correct?

    Anonymous 2.

    ReplyDelete
  6. පිටස්තරයගේ යාළුවාJuly 8, 2010 at 3:29 PM

    Will you allow that person to inspect your wife and to understand himself that he is wrong and what you said is correct?

    ඔව් ඔව්, පිටස්තරයා එහෙම තමයි.

    ReplyDelete
  7. පිටස්තරයාගේ යාළුවාගේ බිරින්ඳෑ පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කල බව මෙයින් සනාථ කරමි.

    @පුක්කුසාති, ඔබට පිලිතුරක් පසුව ලබා දෙන්නම්. දැනට ඔබ කියන ඔය ස්වෛරීත්වය ඉන්දියාට පිනට පාවා දුන්නේ ඇවැස්ස නෑදෑ කමකටද යන ගැටළුවේ පැටලුම් ලිහා බලන්න.

    ReplyDelete
  8. පිටස්තරයා,

    පුක්කුසාතී ඉහත පිළිතුරු දුන්නේ ඔබේ පහත සඳහන් තකතීරු අඳබාල ප්‍රකාෂයටයි.

    "මානව හිමිකම් ඔය කියනා ආකාරයට සුරැකුණේනම් අදාල පරීක්ෂණයට හැකි සෑම සහයෝගයක්ම ලබාදී එසේ සුරැකුණු බවට ලෝකය හමුවේම ඔප්පු කර පෙන්විය යුතු නොවේ ද?"

    පුක්කුසාතීගේ අදාළ පිළිතුර වෙනත් කරුණු සමග පටලවා ගැනීමට හේතුවක් නැත. ඉන්දියාවට ලංකාවේ ස්වෛරීත්වය පාවාදීම සම්බන්ධයෙන් පුක්කුසාතීගේ අස්ථානය දැන ගැනීමට ඔබට උවමනා නම් එය අවස්ථාවක් ලැබෙන හැටියට වෙනම කතා කළ හැක.

    -පුක්කුසාතී.

    ReplyDelete
  9. පිටස්තරයා,

    පුක්කුසාතී ඉහත පිළිතුරු දුන්නේ ඔබේ පහත සඳහන් තකතීරු අඳබාල මන්දබුද්ධික ප්‍රකාෂයටයි.

    "මානව හිමිකම් ඔය කියනා ආකාරයට සුරැකුණේනම් අදාල පරීක්ෂණයට හැකි සෑම සහයෝගයක්ම ලබාදී එසේ සුරැකුණු බවට ලෝකය හමුවේම ඔප්පු කර පෙන්විය යුතු නොවේ ද?"

    පුක්කුසාතීගේ අදාළ පිළිතුර වෙනත් කරුණු සමග පටලවා ගැනීමට හේතුවක් නැත. ඉන්දියාවට ලංකාවේ ස්වෛරීත්වය පාවාදීම සම්බන්ධයෙන් පුක්කුසාතීගේ අස්ථානය දැන ගැනීමට ඔබට උවමනා නම් එය අවස්ථාවක් ලැබෙන හැටියට වෙනම කතා කළ හැක.

    -පුක්කුසාතී.

    ReplyDelete
  10. "පිටස්තරයා මේ පෙන්වන්නේ රටක ස්වෛරීභාවය යනු කුමක්ද යන්න ගැන ඔහුගේ ඇති නොදැනුමයි."

    එහෙනම් මේ අහවල් මගුලක්ද?

    පුක්සාති ගේ අස්ථානය දැන ගැනීමට කැමතියි.

    ReplyDelete