Wednesday, February 23, 2011

රට යන මග හා සිංහල බ්ලොග්

වසර 2005 දී අප මාතෘ භූමිය තිබූ තැනත්, අද වර්ෂ 2011 පෙබරවාරි වන විට අප ඉන්නා තැනත් අතර සෑහෙන වෙනසක් ඇත. ත්‍රස්ථවාදය අවසන් කර දැන් වසර කිහිපයක්ද ගතව ඇත. ආණ්ඩු පක්ෂය පවසන්නේ රට යම් කිසි දියුණුවක් ලබා ඇති බවයි. එසේම සුපුරුදු පරිදි විපක්ෂය පවසන්නේ රට අගාදයට ගොස් ඇති බවකි. මෙහි හරි වැරද්ද ඔබම තීරණය කරන්න. මන්ද තව දින කිහිපයකින් ඔබගේ අයිතියක් හා යුතුකමක් ඔබ අසලට පැමිණෙනු ඇත.

නුවර පාර ආම්භයේදි සිංහල බ්ලොග් අවකාශය ඉතාමත් ළදරු අවදියේදි තිබුණී. එනම් මීට වසරකට පමණ පෙර බ්ලොග් කියවන තුනක් හා බ්ලොග් අඩවි තුන්සියක් පමණ තිබුණි. නමුත් දැන් බ්ලොග් කියවන පහක් හෝ හයක්ද, බ්ලොග් අඩවි ගනන දාහද ඉක්මවමින් විකාශනය වී ඇත. නිදහස් මාධ්‍ය වෙනුවෙන් ලිප්ටන් වටරවුමේ කැරකෙනවාට වඩා තම මතය ප්‍රකාශ කිරිමට හොඳම තැන බ්ලොග් අඩවිය බවට නුදුරේදිම තහවුරු වනු ඇත. එයට උදාහරණ ලෙස වත්මනෙහි ඇති, සමහර අඩවි පෙන්වා දිය හැක. ජාති ‍ද්‍රෝහි, ජාති හිතේෂි, ආගමික ගැටුම් ඇති කරන හෝ වෙනත් ඕනැම දෙයක් නිදසහස්ව ප්‍රකාශ කිරිමේ අයිතිය තව තවත් බ්ලොග් අවකාශය තුල තිර වී ඇත.

කල්ලි කණ්ඩායම් වශයෙන් බ්ලොග් ලිවීම, සැඟවි ලිවිමද දැන් අමුතු දෙයක් නොවෙයි.සින්ඩි කිහිපයක් තිබෙන නිසා ප්‍රචාරය පිළිබඳවද කිසි ගැටලුවක් නැත.එහෙත් වර්ථමානයේ දේශපාලන ලිපි ලියවෙන බ්ලොග් අඩවි නැති තරම් නිසා බ්ලොග් අවකාශය ඉතාමත් නිහඬ ගමනක් යයි. නමුත් ඉඳ හිට විවාදාත්මක ලිපියක් නොලියවෙනවාම නොවෙයි. තාක්ෂනික කරුණු ,කවි සින්දු,  හා ඉතා සරළ ගනයේ අඩවි බොහෝ ඇතැයි කීම වරදක් නැතැයි සිතමු. තවත් බොහොමයක් උස්සාහ කරන්නේ අපිට සල්ලි හොයා දිමටය.

රට යන මග කෙසේ වෙතත් සිංහල බ්ලොග් අවකාශය දිනෙන් දින වර්ධනය වෙමින් ඉතා හොඳ අතට විකාශනය වන බව කිව යුතුමය. එක් අඩුවකට ඇත්තේ, සමහරක් බ්ලොක් කරුවන් සීමිත පිරිසකගේ වින්දන පමණක් සිතමින්, කණ්ඩායමකට පමණක් තේරුම් ගත හැකි ලිපි ලිවීමයි.

6 comments:

  1. මචන් උ‍‍ෙඕ අදහස් ටික නම් මසුරන් වටිනවා

    ReplyDelete
  2. ඉස්සර මෙයා දගලපු දැගලිල්ලක් අම්මපා.
    දැන්නම් ඉන්නවද කියල නැ
    මොකද එපාවෙලාද?

    ReplyDelete
  3. එපා වෙලා කියන්නේ ...වැඩක් නැහැ කතා කරලා ...

    මාතෘකාවක් නැහැනේ කතා කරන්න ....

    ReplyDelete
  4. අම්මෝ නුවර පාර දැක්ක කල් මෙච්චර කල් කොහෙද හිටියෙ? ආන්ඩුවෙන් තනතුරක්වත් ලැබුනද?

    ReplyDelete
  5. වැඩ රාජකාරි ටිකක් වැඩි උනා....
    දැන් අයිත් පටන් ගන්නවා

    ReplyDelete
  6. Meya hamadama wage chanda kaleta awilla, podu peramunata chande denna kiyala, yanawa, oya chande langa hinda aith contract eka karanna awilla

    ReplyDelete