Saturday, August 7, 2010

සක්විති අන්දරය

කාලය ගෙවී යයි
සීගල් නැතුව යයි
සක්විති පටන් ගනියි
මිනිසුන් රොක්ව යයි

පෙන්නන්ට ලෝකයාට
අනිකා අභිමවන්නට
සල්ලි සක්විත්තාට
හැමදා වැ‍ලපෙන්ට

එදා හසුවුනු උන්
මෙදා වැලපුන උන්
හෙට එන හොරුන්ටත්
නොරැවටී සිටීද? මුන්

Sunday, July 11, 2010

විමල් හා ලෙමන් පෆ්

රනීගේ සැට් එක එකතු උනී
ෆොනීගේ සැට් එක සප් දුනී
බ්ලොගියන්ට කිචි කැවිනී
වීර විමලයාට ලිපි ලියවිනී

හෙව්වේ ලෙමන් පෆ් කෑ බවයි විමලයා
ලිව්වේ කල දේ විහිලුවක් බවයි විමලයා
කොහොමින් හරි වැඩක් කල විමලයා
වීරයෙකි මට නම් නොකා හිටි විමලයා

රටට කෙලවන විට සතුටු
NGO දෝහින් හැම පවිටු
කීරිමට අවජාතක මුන් මට්ටු
ඔබමු කැනහිල් කට තුල පිට්ටු

මැරෙණ තුරු බලා හිඳි ද්‍රෝහියෝ
අත් හැරි පසු හිනාවෙන ද්‍රෝහියෝ
ලෙමන් පෆ් දෙස බලන බූරුවෝ
කල දේ නොදැක් අඳ බාලයෝ
නොකා හිටි හැකිද බොට අවලමෝ

මොන අදහස් දැරුවත් මේ විමලයා
රට වෙනුවෙන් දෙයක් කලා විමලයා
අපේ එකෙකි මු කවදත් සිංහලයා
මල් තියලා වැඳපන් මගේ මලයා

රටට කෙලින, මාන බලන කැනහිලුවෝ
රට කෙලෙසන, වනචර මුන් වල් නරියෝ
දුක් නොවන්න රට හිතැති සිංහලයෝ
මුන් කවද්ද, රට වැට්ටුවේ අපි හෙලයෝ

ඉන්නේත් මව් රටේ මේ හැතිකරේ
කන්නෙත් අපේ දේ මේ හැතිකරේ
ලෙව කකා පිටරට සුදු හැතිකරේ
pක දෙයි ලොවටම NGO හැතිකරේ

Saturday, July 10, 2010

විමල් මැරෙන තුරු බලා සිටින කාලකණ්නි හැත්ත

මීට කලින් ලිපි දෙකෙන් පෙන්වා දුන්නා විමල් වීරවංශ ඇයි උපවාස කරන්නේ හා එහි වටපිටාව. අද බලමු මොන යම් විදිහකින් හරි විමල් මරණයට පත් වුවහොත් අපේ කාලකණ්නි දෝහියෝ ටික සතුට විඳින අයුරු.

මානවහිමිකම් ගැන කට මැද දොඩමින් පාරවල් ගානේ NGO සල්ලි රිසිසේ වියදම් කරමින් බෝඩ් ලැලී උස්සන් යන ඕපපාතික හැත්තට රජ මඟු‍ලක් ලඟදීම එනු ඇත. එනම් බැන් කීන් මුණා පත් කල කමිටුව අහෝසි නොකොට විමල් ගේ මරණය දැකීමයි. මානුෂිකත්වය ගැන කටේ කෙල හා Pකේ ගූද හිදෙන ලෙස කෑ ගහන මුන්ට විමලයා යනු මරණයට ලක් විය යුතුම පුද්ගලයෙකි. මන්ද යත් මුන්ගේ යටි කුට්ටු වැඩ කරගත නොහැක්කේ මේ විමලයාගේ කට නිසා බව මේ අසමජ්ජාති හැති ‍කරය හොඳා කාරවම දන්නා නිසාමය.

ලොකු ලොකු හෝටල් වල බීර බොමින් රටටත් ජාතියටත් කෙල කීරිම බලා සිටින මුන්ගේ දොල දුක පිරෙන්නේ රටට ආදරය ඇතිව කතා කරන එකෙකු මළ දිනටය. එවැනි දිනක් අද ඒ දෝ හෙට ඒ දෝ මග බලා සිටින මුන්ට විමල් වීරවංශගේ උපවාසය හොඳ තෝතැන්නක් විය. මොහුගේ මරණයේ සතුට භුක්ති විඳිමට බලා සිටින මේ කැනහිලුන් ටික කවදා නම් මේ රටෙන් තුරන් වී යයිද?

වරෙක ඔහුගේ උපවාසය විහිලුවකට ලක් කරයි, තව වරෙක සමච්චලයට භාජනය කරයි. මුන්ට නොහිතෙනා දේ නම් විමලයා යනු මේ රටේ එකෙකු බවයි. විරවංශගේ දේශපාලනය කුමක් උවත් දැන් මේ කරන උපවාසය රට වෙනුවෙන් කරන්නකි. අඩුම ගානේ පැයක් සුද්දාගේ පුක ලෙව නොකා සිටිය නොහැකි මේ බඩගෝස්තර වාදීන් විමල්‍ කන මැලිබනය හොයන්නට පටන් ගෙන ඇත. හිත ඇතුලේ තියන දුෂ්ට කමට රටට කෙලවන මුන් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කලු සුද්දන්ය. මිනිහෙකුගේ මරණයක් බලාපොරොත්තුවෙන් ගොන් ආතල් ගන්න කාළකන්නි රැලට දැන් මානව හිමිකම් මතක් වන්නේ නැත. ප්‍රභාකරන්ගේ මරණය හොයන මේ හැතිකරය එකාගේ රූප වලට වන්දනා මාන කරයි.

මොළ හොදාගත් අපේ උන්ද ඒ පදයට නටමින් වින්දනය ලබයි

Thursday, July 8, 2010

වීරවංශට පිස්සුද? අපිට වැරදිලාද?

වසර 30 ක යුද්දය අවසානයේ මහත් වු මෙහෙයෙන් දොවා ගත් සාමය නම් වූ කිරි කලයට ගොම දාන්නට බලා සිටින හැතිකරය, ඉමහත් සතුට වන පත්කරන ලද කමිටුව හකුලා ගන්න යැයි බලපෑම් කරමින් ආරම්භ කර ඇති උපවාසය එම කමිටුව හකුලා ගන්නා තුරු අත් නොහරින බව පවසයි. රටවැසියන් ඇතුලුව සැමගේ සහායෙන් පැරදවු ත්‍රස්තවාදය මැඩලීමේ පෙර ගමන් කරු වූ ත්‍රිවිධ හමුදාවේ සොල්දා දාදුවන් පොරකය වෙත ගෙන යාමේ කූට උපාය සාර්තක කරගැනීමට ඉඩ හසර සලසමින් යෝජනා කල කමිටුව වැරදි කරු කරන්නට ය‍න්නේ අපේ විරෝධරා හමුදාවයි.

එදා ජය ඝොෂා නගමින් රණවිරුවන් කරපිට මත ඔසවා තබාගත් ඔබ අද ඔවුන්ව තනි කර වෙනතක් බලා ගන්නේද?
  1. හැම තැනම චෙක් පොයින්ට්,
  2. විඩෙන් විඩ වාහන නවතා කරන පරික්ෂන,
  3. වසා දැමුණු ප්‍රධාන පාරවල් ,
  4. විනි‍විද පෙනෙන පාසල් බැග්
  5. පාසල අවසන් වන තුරු දෙමාපියන් මුරට
  6. දුම්රිය පලේ බෝම්බ
  7. බස් රථයේ බෝම්බ
මෙතන සඳහන් නොකල හා වෙනත් සියලු කරදර අද දින ඔබට පවතීද? නිදහසේ විනෝද චරිකා යමින් මරණ බියකින් තොරව අද දිවි ගෙවන්නේ ඔවුන් නිසා නොවේද? හිතන්න ඔබ අද මේ විඳීන නිදහස මෙයට වසරකට පෙර තිබුණාද? මේ සතුට සැනසුම බුක්ති විඳින්නේ ඔවුන් නිසා නොවේද? කෝටි දෙකක ජනතාවක් මරන බයින් මුදවා ගත් ඔවුනට අපට කල හැක්කේ කුමක්ද? පෝරකය වෙත ඔසවාගෙන යන තුරු බලා සිටිමුද? ඔවුන් එදා තම ජීවිතය සමඟ ඇස් ඉස් මස් ලේ වැගුරුවේ මේ ටික කරගන්නද?

අපේ නිදහස වෙනුවෙන් ඔවුන් කැප කල ජීවිතයට අගයක් එක් කරන්නෙමුද?

දාන කමෙන්ට් සභ්‍ය භාෂාවෙන් දමන්න

Tuesday, July 6, 2010

මානව හිමිකම් පරීක්ෂණය පැවැත්විය යුතුයි

ත්‍රස්තවාදය අවසන් වී වසරක් ගෙවෙන මේ මොහොතේ තවමත් අන්තර් ජාතික කැනහිලුන් මව් රට ගිල ගැනීමට නැවත නැවතත් මාන බලමින් සිටියි. මෙහි ආසන්නතම ක්‍රියාකාරම වු කලී , පැවති යුධ සමයේ කඩවුයේ යයි කියන මානව හිමිකම් සොයා බැලීමට කමිටුවක් පත් කිරිමයි. එ.ජ සංවිධානයේ මහලේකම්ට තනතුරට හිමි බල තල ඉක්මවා ගොසින් පත් කල මෙ‍ම කොමිසම ඔහුගේ ද්ව්ත්ව චරිතය නැවත වරක් ලොව හමුවේ ප්‍රදර්ශනය කල අවස්ථාවකි.

වරක් කෙල කීරිමට ගොස් ලෝකයේ අනික් රටවල් හමුවේ පරාජයට පත් විය. ඊට පසු නැවත වරක් ගෙන ආ මේ නාඩගම නැටීමට අප ඉඩ දිය යුතුද? නැතිනම් ලාංකා රාජ්‍ය විසින් කොමිසමක් පත්කොට ලංකාවාසී සියලු ජනයාගේ මානව හිමිකම් 2009 මැයි මස සිට සුරැකි බව ලොවට ඔප්පු කර පෙන්වන්නෙමුද? වසර 30 ලේ විලක් කරමින් නැටු නාඩගම අවසන් කල පසුත්, උන් මෙහෙයවු බටහිර ඇන්ජිඕ කාරයින් මේ කරන්නට යන්නේ බටහිර බලගතු රටවල පස්සා පැත්ත ලෙවකමින් මගේ මව් රට ‍ පාගා දමන්නද?


අරාබි කරගේ හෙවත් ඇෆ්ගනිස්තානය වැනි උන් පරාජය වුනු තැන්වලට කොමිසම් පත් නොකර කෝටි දෙකක ජනතාවක් මරණ බයින් මුදවාගත් රජයට විරුද්ධව බොරු චෝදනා සපත කරනුයේ රෙද්ද පල්ලෙන් බේරෙන ලැජ්ජාව වසා ගැනීමටද? මෙවන් හැඳි දෙකකින් බෙදමින් මහලේකම් තනතුරේ හිරිකිතයකින් තොරව තව දුරුටත් රැඳිසිටින බෑංකී මුන් නම් මේ චරිතය තව දුරටත් පරමාදර්ශි වන්නේද?


ලෙසටම ගැලපෙන, අම්මෙක් අප්පෙක් නැති, ඕපපාතික, මෙරට යයි කියමින් ඇන්ජිඕ කරයන්ගේ‍ ඩොලර් වලට පස්ස ලෙව කන මොළ හොදාගත් අවජාතක පෙලක් පෙරටු කොට, පුන පුනා යුද සමයේ දෙමළ ජනයාගේ පමණක් මානව හිමිකම් සොයමින් ඔවුනට කරදයක් වු බව ලොවට අඩගාමින් කියන්නේ, ඉතුරු කෝට් දෙකක ජනතාවගේ දුක්ගැනවිල්ල මගින් සල්ලියක් හෝ ලෙව කන්නට පස්සක් හම්බ නොවන නිසාමයි. ඉන්ගිරිසි පොඩ්ඩක් තොලකට ගාමින් සංස්කෘතියට හෝ ආගම දාමට උපහාස අපහාස කීරිම අලුත් ‍ෆැෂන් එක කරගත් මේ නරුම රැළ එල්ලෙන්ට වැලක් නැති මොහොතේ බෑන්කීන්ගේ කොමිසම් හෙලුවේ එල්ලෙමින් වින්දනය ලබයි.

වසර 30 ක් මානව හිමිකමක් නොසයා බැලු මුන් මේ අලුතින් හොයන්නට හදන්නේ අහවල් එකක්ද? සියලු සම්පතෙන් ආඩ්‍යවු මව් රට නැති කර දෑමිමේ සීරුමාරු ක්‍රමයන්ගේ තවත් එක් අවස්තාවක් ලෙස මෙය හුවා දැක්විය හැක.

Sunday, June 6, 2010

සිංහලට එක්වු ‍දෙමළ / පෘතුගීසි වචන

භාෂාවක් පෝෂණය වන්නේ එයට අලුත් අලුත් වචන එකතු වීමෙන් හා සම්මිශ්‍රණයෙනි. එහිදි සිංහල භාෂාව විවිධ යුග වලදී විවිධ බලපෑම් මත. අලුත් වචන වලින් සරු විය. එයට උදාහරණ පහත පරදි දැක්විය හැක. මුලින්ම බලමු

මොනාවද සිංහල සමා‍ජයේ වැඩි පුර භාවිත වන දෙමළ වචන කියලා


දෙමළ -> සිංහල
අම්පලම් ->අම්බලම
ඉලවු-> ඉලව්
උ‍රුමෛ-> උරුම
කප්පන්->කප්පම්
කරවාඩු-> කරවල
කත්ති-> කැති
කුඩෛ->කුඩ
කල්ලු->ගල්
නංකෛ-> නං, නගා
පුදුමෛ-> පුදුම
පොලිවු->පොලී
සාවල්->සැවුල්
සී චින්-> සීනි
සෙවෙල්ලම්->සෙල්ලම්
වයල්->වෙල්

පෘතුගීසි භාෂාවෙන් අවුත් ව්‍යවහාරයේ යෙදෙන ශබ්ද ...

අච්චාරු, ච්නෙල, අන්නාසි, ජනේල, අල්පෙනේති

‍ජනේරූ, අල්මාරි, තාච්චි, අලවංගු, තාප්ප

ආමා, තාර, ආයා, තැබැරුම, ඇබැර්තු

තීන්ත, ඇසකීසි, තිරිඟු, ඉස්තාල, තීරුව

ඉස්පාසු, තුවාය, එම්ප්‍රද්‍රෝරු‍, තෙම්පරාදු, කජු

තෙස්තමේන්තු, කඩදාසි, තොප්පි, කප්පිත්ත, දියමන්ති

කබා, දෝස, කබුක්, නත්තල්, කමිස

නෝනා, කරත්ත, පගෝදී, කල්දේර්ම්, පරස්කු

කලිසම්, පෙත්සම, කස්තාන, පෙද‍රේරු, කසාද

පෙනේර ,කානු, පෙරනම්, කාමර , පේර

කුමෙර, පෝරක, කුස්තුර, පෝරණු, කුස්සි

බංකු, කූඥ්ඥ, බන්දේසි ,ගාස්තු, බයිනේත්තු

බාල්දි, රෝස, බීක්කු, ලෑස්ති , බීරලු

ලිංගුස්, බුජම්, ලීස්තර, බූරු, ලේංසු, බේබේ

විනාකිරි, බොත්තම්, විස්කෝතු,,බෝංචි,වීදුරු

බෝක්කු, සපත්තු, බෝල, සබන්, මසන්

සරම්ප, රීප්ප, සලාදු, රෙකුලාසී, සාක්කු

රේගු, සාය, රේන්ද, සිදාදි, රෝද

සුමාන,

ලන්දේසී වචන සමුහක් සමග නැවත හමු වෙමු .....

Wednesday, May 26, 2010

දන් සැල් සහ වෙසක්

දන්නා තරමට ලොව බලෙන් කෑම බීම කවන එකම රට ලාංකාවයි. දන්නා තරමට කිසිඳු මානයකින් තොරව පාරේ සිට කෑම බීම ගන්න එකම රටත් ලාංකාවයි. දන්නා තරමට කෑම බීම වැඩිපුරම නාස්ති වෙන එකම රටත් ලාංකාවයි.
ඉහත කරුණු ටිකකට ඌණ පුර්ණ ඇවසි නොවේයයි සිතමි. වෙසක් හා පොසොන් යන පුර පොහොය දෙකටම ලාංකීක ජනාය බොහෝ දාන ශීලී වෙයි. රට පුරා දන්සැල් පවත්වයි. රට පුරා ශ්‍රමදාන පවත්වයි. රට පුරා විවධ සැරසිලි වලින් පහන් සංවේගයක් උපදවයි.

බෞද්ධ කම හෝ බෞද්ධ දර්ශනය පවත්වාගෙන යාමට හුදු ප්‍රතිපත්තී පුජාවම යොග්‍ය නොවෙයි. මේ සඳහා ආමිස පුජාවය සම සහායක් ලබා දෙයි. එහිදි ජනතාවෙගේ පහන් සංවේගය හෝ උනන්දුව ඇති කීරිමට යම් යම් ක්‍රමෝපායන් අවැසි වෙයි. ඉල්ලුම සැපයුම නිය්‍යට හුදු ආර්ථිකවිද්‍යවාට පමණක් අර්ත ගැන්වා කොටු කර තැබිය නොහැක මෙය බුදු දහමටත් අදාලවෙයි. නමුත් යොදා ගත යුතු ක්‍රමය වඩා යහපත් විය යුතුය. වෙසක් කාලයට දන් සැල්වට, වයස් හෝ අර්ථීක තත්වයන් නොසලකා සියලු ජනයා ඇදී එයි. එහිදි බොහෝ දුරට සැහෙන දිගු පෝලිම් වල සිට බත් සමග පරිප්පු කයි. නුවර පාර රචකයා නිතරම යන එන අරලියගහ මන්දි‍රයේ නම් මෙදිනට දන්සැල පවත්වන්නේ රාජකීය ලිලාවෙනි.

කිරි ‍කොපි එකක් එහෙමත් නැත්නම් සව් ටිකක්, තව තැනකින් සරුවත් කොප්පයක් මේ හැමදේම බඩට දාගෙන තවත් බත් දන්සලකටත් පියමන් කරන්න තරම් මෙදින කවුරුත් තම උදරය සකසා ගනියි. තවද දන්සැල් වන්දනාවේදි කොතෙක් කෑවත් බඩද නොපිරෙයි. එලෙසම කන ප්‍රමාණයට සමාන ප්‍රමනයක් ඒ අසල කුණු බක්කි වල දක්නට ඇත. ඔය අතර පොලිමේ නොසිට, ගැබ්බර බිරිඳ, අක්කා හෝ නංගි ගේ නම විකුණා දන්සැල් බත් පාර්සල් හොරකම් කරන සෑබැ බෞද්ධයොත් සිටියි.

බත් දන්සැලැ කෙසේ වෙතත්, බිම හෝ අයිස් ක්‍රීම දන්සැල් නම් පැය දෙකකට වඩා නොපවත්වයි. සවස 5 ට විතර පටන් ගන්න මේවා 7 වන විට අවසන් වෙයි. ටිකක් විතර සෙවිල්ලෙන් ඒ අසලින් ගියෝත් අපිට ඇසෙනුයේ, දන් සැල සඳහා අයිස් ක්‍රීම් හෝ බිම බෙදු අයගේම ගනන් හිලව් ටිකකි

මං දහයක් කෑවා
මං නම් 20 ක් බ්ව්වා ... බලා‍‍ගෙන යන විට ................ ඉතුරු ටික ලියන්න ලංකාව තුල මධ්‍ය නිදහස නැත නමුත් දන්සැල් දුන් අය මෙය හොඳින් දනිති

සවස 7 න් පසු බුදු දහමට කිසිත් අදාලත්වයක් නැති හින්දි ඉන්ග්‍රීසි හෝ අපේ චින්චිගේ සින්දුවක් දමා ගනිමින් හොදින් සුර් වි නටති. ඉදින් මේ දන්සැලෙන් ඇති වැඩය කුමක්ද?

බලෙන් කිරි කොපි හෝ සව් පෙවිම මෙහි ඇති නරකම පුරුද්දයි. බෞද්ධ කොඩියක් අතින් ගත් කොලු පැටව් කොඩිය වනමින් නුවර පාරේ යන්නවුන්ට බාදා කරමින් බලෙන් කවා පොවයි. මෙවැනි අත්දැකීම් අප සැමට ඇතැයි සිතමු.

නුවර පාර රචකයා‍ වුවත් මේ කොයි තරම් බණ දෙසුවත්
මෙවන් දන් සැල් වල කොඩි වනන චරිතය හොදින් නිරුපණය කර ඇත. එහි තිබෙන ආතල් එක දන්නේ කල උන් මිසක් අන් කෙවෙත?

කෙසේ වෙතත් දන්සැල් දීම හා එවා බුක්ති විදීම අපි මහත් සතුටෙන් කරමු. ඉතින් අවුරුද්දේ එක දිනකට පමණක් තරහා අවසර ගෙන මෙවන් බදා හෝ කරදකීරිම් ගනන් නොගෙන එවායේ රසය බුක්ති විඳිමින් වෙසක් මිහිර විඳගන්නේ නම් මැනවි.

දන් සැල් දීම් කරදයක් නම් හෝ එවා පාපයක් හෝ වැඩකට නැති දෙයක් නම් හෙට ගෙදරට වී ඉන්න. ඒවාට කැමති කට්ටිය ඒවායේ රසය විඳගනු ඇත.

කිසි ගැලපීමක් නැති මේ ලිපිය නුවර පාර රචකයාට නම් මහත් වු සතුටක් ගෙන දෙයි