Thursday, December 31, 2009

2010 යේ අපේ හුරැ පුරැදු

මෙක මෙ පුද්ගලික අත් දැකිමක්. උනේ නම් දැනට මාස තුන හතරකට කලින්. මෙකතාවේ වැදගත් කම තමයි 2010 අත ලඟ තියගෙන ලියන එක.[ කෝ අත ලඟ නැහැ නේ] මොකද මෙ දෙවල් අපි ඊලඟ අවුරැද්දට අරගෙන නොයයා යුතු නිසා.

මෙකට සම්බන්ද කෙල්ලෙක් [ඇත්තටම කෙල්ලෙක්ද කියලා මම දන්නේ නැහැ]. වැඩ කරන්නේ ගුවන් විදුලි නාලිකාවක නිවෙදිකාවක් විදහට [කවුරැත් දන්න‍වනේ ‍මෙවගේ අයගේ කතා විලාසයයි පඩ ෂෝ පාරයි]. මගේ යලුවෙක් තමයි ඉතින්.
දවසක් මත් එකක් එකසිට් එකේ වඩිවෙලා යනකොට කොටුව හරියෙදි මෙන්න පට පට ගාල එයාගේ මල්ල අදිනවා මම බැලුව මොකද මේ කියලා. මෙන්න මෙයා [පඩ ෂො කෙල්ල] මල්ලේන එලියට අදිනවා ටොෆි කොල/බස් ටිකට්, දැන් අතේ කුනු ගොඩයි. මට ඉතින් අනාගතය බලන්න පුලවන් හින්ද මම දැනගත්ත ඉතින් මෙටික ඔක්කොම කොටුවේ මහ පාරේ දානව කියාලා. මාගේ අනාගත වක්‍යයය සපත කරමින් ඔක්කොම ටික බස් එකේ විදුරැවේන එලියට දැම්මා. මත් ඉතින් අමුතු බුව හින්ද කේලිනම් ඇහුව්වා. මොකක්ද එ කෙලේ කියලා? මෙන්න අර රෙඩියෝවෙ කිචි බිචිය මුකුත් නැතුව කතා කරලා කියනවා "එක තමයි මත් දන්නවා වැරැද්දක් ‍කලේ කියලා"

එක ඉතින් එතනින් ඉවරයි. හැබැයි අනිව මට ෂවුර් කෙල්ලට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති. මොකද කතා ‍කලොත් පණ දේන්න වැඩ බලු වටින්නේ නැහැ.

දැන් ඉතින් මගේ පුරැදුත් කියන්නම්කෝ. පොඩි ‍කාලේ මටත් ඔය වගේ පුරැද්දක් තිබුනේ නැහැ[පාරෙ කුනු නොදමන]. එත් මම දවසක් කොහොද් හරි ඇහුව්වා [1997 දි විතර] ජපානේද කොහොද මිනිස්සු පරේ කුනු දන්නනෙ නැහැ කියලා. එදා ඉඳන් මම ඒ නරක පුරැද්ද අතහැරියා. මම ටොෆි නම් කන්නේ නැහැ දැන්. එත් බස් ටිකට්/ ඒට්එම්[ATM] එකේන් ලැබෙන ගණුම් ප්‍රකාශ තව ඔය මගදි බෙදන කොල කැලි [leaflet]මම ඔය කිසිම දෙයක් දැන් බිම දාන්නේ නැහැ ඔක්කොම මගේ ඩෙනිම් සාක්කුවෙ. [හැබැයි ඉතින් ඔකොම මගේ කාමරේ මෙසේ උඩ තමයි].

මගේ මෙසේ එච්චර කැතනම් පාරවල් කොච්චර කැත ඇතිද? [අපිට ඉතින් පාරවල් පෙන්නෙ නැහැනේ]. තවදෙයක් දැන් දැන් මම පොලිතීන් බාවිතයත් ටිකේ ‍ටික අඩුකරගෙන යනවා. තව මෙ වගේ නරක පුරැදු තියනවනම් කියන්න


2009 ඉවරවෙලා සුබ අලුත් අවුරැද්දක් වෙවා කියාගනේ 2010 ට ඔබත් මෙ නරක පුරැදු අරගෙන යනවනම් ඉතින් අපේ රටට 2010 යත් තවත් එක අවුරැද්දක්ම පමණක් වෙයි. එහින්දා මෙ ගැනත් හිතලා අපි ඊලඟ අවුරැද්දට පිරිසිදු සිතින් ගමන් කරමු.


අද පෝය හින්දා උදේම මෙක මතක් උනා, මෙකත් එක්තාරා දානයක් හින්දා

Wednesday, December 30, 2009

අවාසනාවට ඇත්ත කතාවක් - බස් වල සින්දු

මෙ කියන කතාව බොහොමයක් අදාල වන්නේ බස් වල ගමන් බිමන් යන අපිට තමයි. වාහනයක යන අයටත් මෙ කරදරය සමහර විට ඇති. සමන්‍යයෙන් අපේ රටේ මාර්ග තදබදය වැඩි ප්‍රදාන වෙලාවන් තුනක් තියනවා

උදේ 7 - 9
දවල් 1.30 - 3‍.30
හවස 4.30- 7.30

දවල් වෙලාව ගොඩක් බලපාන්නේ ගුරැවර ගුරැවරියන්ට හා පාසල් යන ළමුන්ට. මං දැන් එ වයස පහු කරලා හින්ඳ දවල් වෙලාව ගැන එච්වර කියන්න දැනුමක් නැහැ. හරි දැන් අපි ප්‍රදාහන මතෘකාවට බහිමු. මෙක තමයි බස්වල යන සින්දු එහෙමත් නැත්නම් අපිට වද දෙන බස් එකේ රේඩියොව හෝ කැසට් එක. උදේට වඩා මෙ ප්‍රශ්නය ගොඩාක් බලපාන්නේ හවසට. බස් කාරයෝ ගොඩක් දාගෙන යන්නේ රන්/රිදම්/ශ්‍රී. මට තේරෙන්නේ නැහැ ඇයි මෙවා දන්නේ කියලා. හවසට බස් වල යන කාටත් මෙක කරදරයක් වෙන්න පුලුවන්. මට එපා කරපු එකක් තමයි ශ්‍රී එකේ 7 ට යන අවාසනාවට ඇත්ත කතාවක්. සමහර වෙලාවට ඇඟේ ලේ වතුර වෙලා යනවා එන කේනතියට. මොනවකරන්නද සල්ලිත් දීලා හිතයටින් බැන බැන එ බස් එකේම යනවා. තව එකක් අමතක උනා හවස සිරසේ යන දාසන්ද/ ටාසන්ද කියලා සින්දු කන වැඩසටහන. ම‍ට හිතෙන්නේ මෙ මොන විකාරද කියලා. සමහර විට සමහරක් අයට මෙවා ලස්සනට ඇහෙනවාද කියලාත් මට හිතෙනවා.

සාමන්‍යයේන මං අහන්නේ නේත එක. එත් උදේට විතරයි මොකද මට ප්‍රවෘති අහන්න ඔනා හන්දා. හවස ගෙදර ආපුවම පරිගනකයේ ඉන්න ගමන් අහන්නේ රන්ගිරි මොකද එකේ ලස්සන පරණ වැඩි සද්ද බද්ද නැති සින්දු යනවා. හැබැයි එකේ රැ 10.30 පස්සේ යන්නේ පිරිත්. ඔක ඉතින්[පිරිත්] සමහර දාට තමයි අහන්නේ.


තව මොඩ වැඩක් තමයි, මෙවා ඇහෙන්නේ බස් එකේ යද්දි, රන් එකේද කොහොද හවස 6.30 විතරය යනවා පාලි හාථා වගයක් මෙක කලවමෙ සිංහල හා පාලියෙන් මාරැවෙන් මාරැවට යනවා. ‍කොහොමද බස් එකක ටැෆික් එකක ඉන්න වෙලාවට මෙවා ඇහුනාම. බුද්ධාගමත් එපා වෙනවා ඇයි මොවට මෙහෙම අගෞරව කරන්නෙ කියලා. එක්කො රෙඩියෝ වල අය දැනගන්න ඔනා නැතිනම් බස් රියදුරැ දැනගන්න ඔනා මෙවා ගැලපෙන්නේ නැහැ කියලා.

ඉස්සර නම් කමක් නැහැ. මොකද එ කෙලේ රේඩියෝ අඩුයි. එහින්දා ඔ‍ක‍්කොටම අහගන්න කියලා දැම්මට. එත් දන් තාක්ශනය දියුණුයි ඔන අයට තමන්ට ඔන දේ පුද්ගලිකව අහගන්න පුලුවන්. එහන්ද මම හිතන්නේ කොපමණ වැදගත් උනත් නොගැලපෙන වෙලාවක දම්මොත් එක නිකාන් වැඩකට නැති දෙයක් වෙලා යනවා.

මම දන්නේ නැහැ ශබ්ද දුෂන පනතේ මෙ කරදරකාරි බස් සින්දු ගැන මොනවහරි ලියවිලා තියනවද කියලා. එහෙම නැතිනම් එවා ඇතිකල යුතුයි. නැත්නම් අපිට මුලු දවසම අවාසනාවට ඇත්ත කතවාක් තමයි.

අද බස් එකේ එද්දි ඇතිවුනු එපාවිමක්

Sunday, December 27, 2009

ක්‍රි.ව.2125 දී ශ්‍රී ලංකාව - වෙසක් මාසය

අද ක්‍ර.ව.2125 ක් වූ වෙසක් මස පුන් පොහෝ දිනයයි. මෙවන විට අප රට පාලනය කරනුලබන්නේ නිලදාරි මණඩලයක් විසිනි. 2124 තිබු විධයක අගමැති හා පාර්ලිමෙන්තු නියෝජිතයන් තොරාපත් කරගනුලබන චන්දය සඳහා අවැසි චන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොවිම නිසා අණුඩුක්‍රම ව්‍යවස්තානුකුලව රටේ පාලනය ඒ ඒ ආමත්‍යයංශ වල ලෙක්ම්වරැන්[මොවුන් පත් වනුයේ අධ්‍යපන සුදුසුම් මත පමණි] යටතට පත්වි ඇත. චන්ද එපා වු ලාංකික ජනතාව එම[ චන්ද නොදමයි ] තිරණය කවදා හෝ ගනු ඇතැයි යන උපකල්පනයෙන්, 2118 සැදු නව ව්‍යවස්තාව තුල "යම් දිනක ලියපදිංවි චන්ද සංඛ්‍යව 10% අඩු වි හා ප්‍රකාශිත චන්ද සංඛ්‍යව 10% ට අඩු වු විට, අ‍ධ්‍යපන සුදුසුකම් සපුරා ඇති ඒ ඒ විශයයට අදාලව සිටින ඉහලම පුද්ගලායට එම අමාත්‍යාංශයේ සියලුම බල තල හිමිවෙයි. තවද රට තුල පවතින එවැනි ධුර සංඛ්‍යව උපරිම 10 ක්ද හා එක් අයකුට එම තනතුරේ වැඩ බැලිය හැක්කේ අවු 2 කට පමණක්ම ‍වෙයි"

නුවර දළදා මාලිගාව විසින් වාර්ශිකව පවත් වනු ලබන ධර්ම දේශනාව මෙවර පවත්වනු ලබන්නේ ඇමරිකනු ජාතික, මල්වතු පාර්ශවයේ මහානායක, බුද්ධරතන හිමිපාණන් විසිනි. ලංකාවාසි හා සියලු ලොවැසි සියලු ජනතාව ධර්මශ්‍රවණය සඳහා තම නිවෙස් වල සිටම පරිගණකය හරහා එකතුවි ඇත. මීට අමතරව 250 ක්වු රෑපවාහණි නාලිකා ද 750 ක් වු ගුවන් විදුලි නාලිකාද මෙම විකාශය සමගාමීව විකාශනය කරයි. නුමත් විශාල පිරිසක් එකතුවි සිටි‍නුයේ අන්තර්ජාලය හරහාය, හේතුව වුකලී සැම බණපදයක් අවසානයේම රැපවහණි හා ගුවන් විදුලියකම අනුග්‍රාක දැන්වමක් පල කිරිමය.

බණදේශනය පවත්වනු ලබන්නේ සිංහලෙන් වුවත් නොතේරෙන තැන් බොහොමයක් ඉංග්‍රීසියෙන් පහදාදෙයි. ප්‍රධාන පරිපාලන නගරය වු සේරැනුවර වීදි සියල්ල හුදී ජන පහන් සංවෙගය උපදින ලෙසට අලංකාරවත් කරඇත්තේ ඉන්දියවෙන් ආනායනයකල උණලියෙන් තැනූ අටපට්ටම වලිනි. මෙවන විට මුලු කොළඔ නගරයම මිනිස් වාසයෙන් තොරය. හේතුව වුකලි ජිවත් විමට ‍නුසුදුසු පාරිසරික තත්වයන් ඇතිවිමයි.

අප්‍රිකාවේ සංචාරයකට එකතු වි සිටි, රඡ්‍යය ආරක්ෂක/විදේස සේවා/ හා අභ්‍යවකාශ ලේකම් "කුදුරැ අප්පුහමිගේ අන්ඩිස් රටපටස්" මහතා මිහින් ඒයාර් ගුවන් යානයකින් පුදුමාතලන් ගුවන් තොටට ගොඩ බැස කි.මි 250 ක් දුරවු නුවර මාලිගවට විනාඩි 45 කින් පැමිණයේ, අප්‍රිකානු ජනපිති පුඡාකිරිමට ලබා දුන් අටපිරිකරද සමගිනි.

මෙදිනට ගෙදර සිට සිල් සමාදන් වන සියලු ජනතාවට දන් පැන් පිලි ගන්වනුයේ රජ්‍යයය අනුග්‍රයෙනි. මෙ සඳහා මෙවර තොරගෙන ඇත්තේ "ටෙම්පල් ට්‍රී කේටරින් සේවාවයි" ලංකවේ ප්‍රධාන ව්‍යපාරිකයන්ද මෙම ධරමදේශනයට සවන් දෙනුයේ ඇමරිකාවට ගොස් සිටින අතරතුර අන්තර්ජලායේ සිටමය. මොවුන් ඇමරිකාවට යාමට ප්‍රධානහේතුව දුප්පතුන්ට දන් තැගිබෝග පිරිනැමීම සඳහාමය.

ටැන්සානි‍යාව විසින් මෙදින ඉපිදි දරැවන් හට තැගී කට්ටල 1000 ක් එවා තබුණත්, සාමාන්‍ය දවසකට දරැඋපත් සංඛ්‍යව 50 ක් වන බැවැන් ඉතිරි වු තැගී එවෙලේම ඔස්ටේලියව බලා පිටත් කරහැරියේය. මෙදින විශෙෂ සිදුවිම වනුයේ ජත්‍යන්තරව පවත්වනු ලැබු සිංහල රවනා තරඟවලියේ ප්‍රතමයාට සහතික පත පිරිනැමීමයි. මෙසඳහා නිර්දේශත නාමයන් අතුරින් තොරගනු ලැබුයේ එංගලන්තයේ 23 හැවිරිදි "ජොන් අහමඩ් හේරත්ය" මෙය වෙසක් උත්සවයේ අවස්න කටයුත්ත ‍ලෙසද සැලකේ.

මතු සබැදිය ............

Wednesday, December 23, 2009

දිරවා ගත නොහැකි මාධ්‍යය කලාව

පහුගික මැයි මස අවසන්වු යුද්ධයට රටෙසියලු දෙනාගෙ සහය ලැබණුබව කවුරැත් දන්නා සත්‍යයකි. විද්‍යුත හා මුදිත මාධ්‍යයය මෙයිනුත් පෙරගමන් කරැවිය. රජ්‍යය මධ්‍යය සිටියේ සටන්බිම තුලමය. පවුලේ නාලිකාව නොහොත් අයි.ටි.එන් හමුදාවට වඩා ඉදිරියට ගොස් පළමු ආරක්ෂක වලල්ලටත් මදක් ඔබිබෙන් සිටගෙන යුද්දය වාර්තාකලේය.


එදා

ඔනාවට වඩා පුමිබන ලද යුද්දය සමන්‍යය කරනයවි, මිනිසුන් යුදපුවත් වලට ඇබිබැහි වි සිටියේය. සමහර ගුවන් විදුලි නාලිකා වල පළමු ගිතය වෙන් කරන ලද්දේද හමුදාවෙනුවෙන්මයි. ITN මධ්‍යය වෙදින් සතියට දෙතුන් වරක් රැ නිදවරමින් යුදපුවත් තලු මැරැවෙ රටෙ මිනිසුවත් අමන්දානන්දයට පත් කරමිනි. යුද්දය මධ්‍යකරනය වු පමණ කොතෙකුත් ඇද්දැයි කවතොත් දැන් දැන් ITN එකට එවා දිරවා ගත නොහැකිව තවත් මෙහෙයුමක් පටන් ගෙන ඇත.

අද
කරන්න දෙයක් නැත. ම්‍ධ්‍යයෙන් ඉසමතු කර දුන් සරත් දැන් ජනපත් අපේකෂකයෙකි. නමුත් මහින්දට කඩෙ නොගිහිනුත් බැරිය. හරියට උනු හින්දා බොන්නත් බැහැ කිරි හින්දා අහක දාන්ත් බැරි තත්වයකි. දැන් අලුත්ම සෙල්ලම සරත්ට මඩ ගැසිමයි. සරත් ජනපති නොවිය යුත්ත වෙනම කාරනයක් උනත්, ඔහුට අපහාස කිරීම මටද ඉවසුමි නොදෙන කරනයකි. ‍මන්ද යත් මට ගැටලුව වි අත්තේ සරත් මෙක [ජනපති කම] අරගේන රනිල් දිම පිළබදව මිසක් සරත් ජනපති විම ගැන නොව.

කෙසේ නමුත් සරත්ට අපහාස උපහාස කිරිම අප කාටවත් පිලිගත නොහැක, මන්ද ඔහු මැත කාලින ඉතිහාසයේ පහල වු ශේෂ්ට විරවෙකි. ITN තුල උදේ සිට රැවෙන තුරැම සරත්ගේ දරදඩු ගති ඉස්මතුකර මෙරට ඔහුට හිමි ජනතා කැමැත්ත නැති කරිමට හදයි[ ජනතා කැමැත්ත යනු ජනපති කිරිම නොව].

විරැවන් මනාලෙස වර්ණනා කල එම කටවල් වලින්ම දැන් ඔහුට දොස් නගයි. මෙ අතර මුලිකයා සුදරමන්ය. තුලාව මෙහෙයවන මෙ යොදයා ඉස්සර ‍කලේ හමුදාපතිව ගෙන්වා, ඔහුට ගැටලුවත් පිළතුරත් දෙකම එකවිට සපයාදිමයි. එවිට හමුදාපතිට තිබුනේ ඉතා පහසුවෙන් කියන එකට හුමිටි තැබීම පමණි. පසුව මම තුලාව බැලුවේ සුදරිමන් ආරධිතයා විදිහටත් හමුදාපති මධ්‍යකරැ විදිහටත්ය. දැන් කරන්නේත් එකමයි. දැන් සංජීව/සුදර්මන්/ සරත්ට බොහෝ දොස් නගා එක‍ එහෙම නේදැයි ආරදිතයාගෙන් අසයි, කොහොමත් සරත්ට බනින්න එන පුද්ගලයට දැන් කියන දෙයක් නැත එමනිසා ඔවි කිය, මධ්‍ය කරැගේ අනික් පැදිලි කරිමට මරැ වෙයි.


මොන දේකලත් සරත් බනින්න දොස් නගන්න අපහාසකරන්න ඉඩ දියනොහැක.අනික මෙයින සිදුවන්නේද මහින්දගේ ජන්ද අඩුවීයමයි. වැදගත්මදේ රටට හතුරැකමි කිරිමට කැස කවනන බටහිර ගැත්තො ඉත්තො මෙවා සියල්ල එකතුකර අපට විරැද්දව යොදා ගැනිම කාටවත් වැලැක්විය නොහැක.

මෙම ලිපිය ලිවිමට මග පැදුවෙද 2009/12/23 රැ ITN තුල, හිටපු හමුදා විරැවෙකු මගින්, ඔහු අයින් කිරැම/ ඔහුට කල කි දැ/ සහ මෙවා සියල්ල සරත් කල වගට එත්තුයන ආකාරයට පුකාශලබාගනෙ විකාශනය කිරිමයි.

යනවයි කියලා ඔහොම කඩෙ ගියොත් තමුමිම නැතිවි යයි

හි හි හි ඉයේ රැ නිකමට වගේ ටි.වි එක දාපුවම සරත් ට බනින එක අහං ඉන්න බැරි හන්දම.... ලිවිවා ....

Tuesday, December 22, 2009

58 ට කෙළිය රනිල්

ලංකාව තුල පැවති කැරැල්ල මඩලාගත් ජය,පරගැති කලු සුද්දාටත් බටහිර ලොවටත් තවමත් දිරවන්නේ නැත. නොනවතින යුද්දයක පැටලී ඇති ඇමරිකාවට මෙය කෙසේවත් ඉවසුම් නැත. තවමත් උන් කැස කවන්නේ අප ගත් ජය බාල්දු කිරීමටය. අපේ නායකයන්ට අවමන් කිරිමට අවස්තවක් නැති තැන ‍ටිකකලක් යට ගැසීතිබු එ දුෂ්ඨ කුමන්ත්‍රය යලිත් හිසඔසවා ඇත (මෙහි පළමු වැරැද්ද මහින්ද කලේ ජනපති චන්දයක් ඇරබීමෙනි).

දෙවෙනි වැරැද්ද සරත් ලවා රනිල් කලේය. කවුරැත් දන්න, "58 වෙනි සේනංකය ත්‍රස්තයන් මැරැබව". අ‍පගේ කරැමයට
දැන් පරණිවැරදි සෑදිමට කාලයක් නැත. දැන් වැඩ වැරදී ඇත. මෙ සියල්ල

බටහිරට ගැති
ලංක මාතාවට දුෂඨ කම් කරන
පුරැද්දක් විදිහට රට පාවාදෙන
ජනතාවලේ හද ගැස්ම නො‍තේරෙන
ඉංගිසියෙන් හිතා වැඩකරන
රනිල් ගේම වැඩ මිසක් අන් කගේවත් නොව

දැන් රට හමුවේ ඇති අභියෝගය ආරක්ෂක‍ලේකම් / 58 සේනධිපති ශවෙන්ද්‍ර සිල්වා බටහිර බල්ලන්ගෙන් බෙරා ගැනීමයි. සිතට සහනය දෙන කාරනව නම් විදේශ ගැත්තන් අතරේ අපේකම තියෙන JVP එක සිටිමයි. නමුත් බටහිරට ගැති ජඩ බල්ලන්ගේ කෙරැම් නතරකර දැමිමට තරම් ඔවුන ශක්තිමත් දැයි විටෙක හැඟේ.

රනිල්/රවි/ජයලත්/ජෝන් යන මෙරටට ආදරයක් නැති බටහිර බලු කටු ලෙවන මෙරටට නොගැලපෙන ‍කලු සුද්දො රැල පන්නා දැමිමට වර්තමාන UNP කරයන්ට හා එහි ඉහල තනතුරැ හොබවන කාටවත් බැරිවිය. මොවුන් සියලුලටම දැන් වයස 60ට වැඩි නිසා තවත් අවු 10 හෝ 15 කින් මැරිලා යයි. එවිට එහි නායකත්වයට පත්වනුයේ දේශයට ආදරය කරන තරැණ නායකයෙක් බව නොවනුමානයි. එමනිසා තව අවු 10 UNP ය විපක්ශයේම තැබිය යුතුය.

බැරිවෙලාවත් සරත් දින්නොත්. ඒ මහාතා විධායක ජනපති කම අතහැර, එවෙනුවට දොන් ජුවන්ව විදායක අගමැති කරයි. එවිට සිදුවන්නේ අපේ විරැවන් ලෝකය හමුවේ පහත් තත්වයකට වැටියමයි. මෙය වලාකාලීමට ඇති එකම විදිය මොවුන්ට ස්වාභාවික මරණයක් අතුවන තුරැ විපකෂයේ තැබීමයි.

රටට හතුරැකම් කරන මෙ මුගධ මිනිසා අපේම අවාසනාවකට ප්‍රදාන පක්ෂයක නායකයෙක් විය. මොහු බටහිර විජතිකයන් හා එක්ව ගසන ගැට අපට තේරැම් ගැනීමට ටිකක් කල් ගත‍‍වෙයි. නමුත් මෙවර අපට එසේ හිත හිතා ඉදීමට කාලයක් නැත. රටට තියන හතුරැ කම කොපමනද යයි කවහොත් පිරිබාහරන් මිට වැඩිය හොඳය. අඩුමගනේ එම ත්‍රස්තයා මුල්කල හෝදෙමළජනයාටවත් ආද‍රෙන් හටියේය. නමුත් මෙ මිනිසා ආවඩන්නේ පිටරට පරසුද්දාටමය.

මහින්දගේ දුෂනය කොපමණ ඉහල ගියත් රනිල් රජකරවන්න මම සහයෝගය නොදෙමි


හිතට එනදේ කවුරැත් කේන්ති ගන්න එපා

Sunday, December 20, 2009

මම මහින්දට

මම මගේ කැමැත්ත මහින්දට දීමට තිරනය ක‍ළෙමි. මෙය මට පුද්ගලික කරනාවක් වවුත් එසේම මම දේශපාලනයට අකමැත් පුද්ගලයෙක් වුවත් මෙය මාගේ වගකීමක් ලෙස සලකා ලියමි.

අ‍වු 30ක කැරැල්ල සියලු දෙනාගේ කැපවිම මත අ‍වු 3 ක් ඇතුලත රටට දිනා දුන් මහින්ද (දූෂණය/ඥාති සංග්‍රහය මම ‍නොදැන ‍නොව) මට වීරයෙකි. එලෙසම මෙම යුද ජය මහින්දගේ ගිනුමට පමණක් ලඝුකිරිමට ද මම හුදු උත්සායක් නොදරමි
.වසර ගනනාවක් යුද්දය සඳහා වැයවු මුදල යුද්දය ඉවරවු නිසා ඥාති සංග්‍රහයට යොදා ගැනීමද මම ගැටලුවක් කර ‍නොගනිමි. හැබැයි මෙසියල්ල තවත් වසර 6 ක් සඳහා පමණි.

අපි රජයට බදු ගෙවමු. මහින්ද වියදමට ගන්‍ ‍‍නෙ එම මුදල්ය. දේශපාලකයන්ට මෙය කදිම සටන් පාටයකි. එහෙත් මෙරට තුල වැඩි ජනගහනයක් ගැමි ජනතාවයි. ඔවුන් මෙසියල්ල දැනගත්තත් ඔවුන්ට මෙවා වැඩක් නැත. උදා මටත් මෙවා වැඩක් නැත. මොකද කොයි පාලකාය අ‍වත් මම වැයකරන මුදල මා වසින්ම සපයා ගත යුතුය(හැබැයි රට කරවන්නන් අපෙන් යැපේ). විදායක ජනාධීපතිකම, මොකක්ද මෙ (යුද්දයට මෙය මහඟු ආයුදයක් විය) ගැමි අපිට මෙය වැඩක් නැත. ඔක තිබුනත් නැතත් සාමන්‍ය මිනසාට එය අදාල ‍නොවේ. (සරත් එක නැති කරනවා කියනවා, දුෂනයත් නැතිකරනවා කෝකද ඉස්සෙල්ල කරන්නේ?)

අපිට වැදගත් බඩුමිල (ඩික්මන් රෝඩි එකේ ඉන්න ඒවා ......‍නෙමෙ). ගමනාගමන පහසුව / සහ අනෙකුත් සාමන්‍ය දේවල්... මධ්‍යය නිදහස (උදා ජාතික රැපවාහණිය )



*නෑයට සලකන එකා, පිට එවුන්ටත සලකයි (උදා- චන්දිකා අනුර )
*77 ඉඳන් දේශපාලනය කරන්නේ අතලෙවකන්න නෙමෙයි - එක දේශපලුවන්ගේ රැකියාව
*සියලුලටම වඩා යුද්දයට නායකත්වය දීම, අනික් සියලුම වැරදි මෙම හොඳ දෙය මත ගැනිය නොහැකි තරමට ඉතා සුලුය


ගනන් ගන්න එපා මට හිතෙන දේ