Saturday, March 27, 2010

මේ ලංකාවට අලුත් දෙයක්ද?

නුවර පාර කියවපු පාඨකයෝ දන්නවා මිට පෙර නුවර පාර තුලින් අප සමාජයේ එක් පැතිකඩක් ගෙන හැර දැක්වුවා. එපිළිබඳ වැඩි විස්තර සඳහා මැදුර අසල සුපිරි නිවාස ලිපිය කියවන්න. එවන් තවත් එක් පැතිකඩක් මෙ‍සේ ගෙනැ හැර දක්වනුයේ මෙයත් අප සමා‍ජය තුල දක්නට ඇති ලක්ෂනයක් නිසාමය. මේ කියන්නට යන කාරණාවද කලින් මෙන් සමාජයේ එම ස්තරයන් හා සාකජ්චාවක ප්‍රතිපලයකි.

මෙය කියවන ඔබට මුලින්ම කීමට වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙළගස්වන්නේමු
1. කුඩා පිරිමි ළමුන් සම වයස් කාණ්ඩයට පරිබාහිර වැඩි හිටි අයියලා සමග කරන අනවශ්‍ය ගනු දෙනු ගැන දැඩි නිරික්ෂනයෙන් සිටින්න
2. දෙමාපියන් ගෙදර නොමැති නම්, දරුවා පාසල් ගොස් පැමිණි පසු කරන දේවල් ගැන සැලකිලිමත් වන්න
3. ජංගම දුරකතන හා පරිඝනයකයේ ඇති දත්ත පිළිබඳ දැඩි විමසිල්ල දක්වන්න


දැනටමත් අද කතා කරන මාතෘකාව ඔබ දන්නවා ඇත. බටහිරයන් කරන ලද සමීක්ෂණයකට අනුව ඔනෑම සමාජයක 6% ප්‍රතිශතයක් මෙම ගොඩට කෙලිනම අයත් වෙයි. තවත් කොටසක් සමාජයේ බලපෑම් නිසා මෙම තත්වයට වැටේ. ඉන් මෙහාට හුදු විනොදාස්වාදය සඳහා මෙම තත්වයට පත්වෙයි. මෙයින් විනොදාස්වාදය හා කෙලින්ම සම්බන්ද කොටස ගැන අපි කතා‍ නොකරන්නෙමු. මන්ද එය ඔවුන්ගේ අයිතියකි. එයට බලපෑම් කිරිමට අපිට අයිතක් නැත. එලෙසම එය ‍තම තමුන්ගේ කැමත්තය. නමුත් මෙහි බරපතල කාරනවා නම් ‍යම් පෙළඹවිමක් නිසා මෙවන් තත්තවයට යම් කිසි දරු‍වෙක් ඇද වැට්මයි.

වයසක හෝ තරමක් මැදි වියේ පිරිස් විසින් පාසල් ළමුන් මෙම තත්වයට ඇද දමා ඇති තත්වයන් පහුගිය දිනවල ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුලත දිගහරිණි. නුවර පාර තුලින් මේ පිළිබදව ඉතා කුඩාවට සමික්ෂනයක් සිදු කරන ලදි. එහි දි මෙම තත්වයේ සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සාකජ්ජා කොට යම් කිසි තොරතුරු ප්‍රමණයක් රැස් කරගන්න ලදි. කෙසේ නමුත් එය අසාර්තක සමීක්ෂණයක් බවට පත්විය. මන්ද සමහර‍ තොර තුරු ඔවුන් සඟවා ප්‍රකාශ කිරිම හා දැන දැනත් බොරු පිළිතුරු සැපයීමයි.

කෙසේ වෙතත් ඉදිරි දිනයකදි එම පරික්ෂණයේ කෙටි වාර්තවක් ඉදිරිපත් කරන්නට කටයුතු යොදන්නෙමු. සමීක්ෂණයට භාජනය කරනු ලැබුවේ, විවිධ වු සමාජ ස්තරයන්ය. මෙහිදි අන්තර්ජාලය බාවිත කරන්නන් / ඉතා උසස් රැකියා කරන පුද්ගලයන්, සමන්‍ය සමාජය හා ඉතා පහල ස්තරය බැගින් සමාජයේ විවිධ කුලකයන් සලකා බැලිණි. මේ සඳහා සහාය වු කිහිප දෙනාටද මෙන්ම මෙය සාර්තක කරගැනීමට අවැසි පුද්ගලයින් මුණගස්වා දුන් හා තොරතුරු සැපයු මිත්‍රයන්ටද නුවරපාරේ කෘතවේදිත්වය පළකරන්නෙමු.

ඔබගේ යෝජනා චෝදනා එවන්න kandyrd@gmail.com

Sunday, March 7, 2010

මෙන්න මේ කට්ටියටත් කළගුණ සලක්න

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි සහාය දැක්විය යුතු පිරිසක් හඳුනා ගත්තෙමු.

එයින් පළමු වැන්නා විමල් වීරවංශයි. මේ කට නිසා දේශියත්ව ඉස්මතු කර ජනතාව තුල රට ගැන හැඟමක් ඇති කරන ලදි.

දෙවැන්න ලෙස චම්පික රණවක හදුනා ගත්තෙමු. මොවුන්ද එදා සිට ඒකීය රටකට උරුමකම් කිය යතු බව රටට සපත කරමින් සිටියේය.

තුන්වැන්නා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිනවිය යුතුමය. මොහු තුන් වැන්නට දැමිමට සිදුවුයේ. ඔහුගේ වැඩක් ගන්නට හැකි උයේ මහින්දට පමණක් නිසාමය.

අන්තිමයා රනිල් වික්‍රමසිංහය, රටටේ ජනතාව රට ගැන ඇති ආදරය වැඩි කරගැනීමට මොහුගේ කතා හා වැඩ උපකාරි වෙයි.

ඔබ කොයි පාලාතකට අයත්ව සිටියත් මොවුන්ට උපරිම සහාය දක්වන්න