Friday, November 19, 2010

මව් රට එක් කල උතුමාණනි.

ගමේ උපන්
ගමට හිතැති
රට නංවන උතුමාණනි //

තේජස ඔබේ බලා ඉන්න
මහජන හද එකතුවෙනවා ඔබ ලඟ අද
මිතුරු, සොඳරු, මහගුණ රට පතුරුවන්න
පිං කල අප පෙරට අවේ .....
මව් රට අද පෙරට අරන්

දෙකඩ කැඩූ මව් රට මගේ
එකඩ කලේ ඔබ අභිමන
පමා නොවී දියුණු කරා රැගෙන යන්න
අපිත් එනවා ඔබ දෑතට දිරිය දෙන්න
කුහක කමින් රට දෙස මගේ නොබල ඉන්න
පුරුදු කරමු ජනමනසට උතුමාණනි .........

ගමේ උපන්
ගමට හිතැති
රට නංවන උතුමාණනි //

Tuesday, November 2, 2010

සරසවි අර්බුදයේ වාසිය

දේශපාලනික ලෙස අන්ඤ්ඥකොරොස් වී සිටින ජවිපෙ සඳහා ප්‍රසිද්ධියට මාවතක් අවශ්‍ය මොහොත දැන් දැන් උදාවී ඇත. ඒ සඳහා කෙට්ම මාවත සරසවි හරහා වැටී ඇත. අමුතු මානසිකත්වයකින් ආඩම්බර හැඟිමෙන් සරසවියට අතුලු වන කෝඩු කාරයා බිලි බාගෙන ඔවුන් ලවා සියල්ල සිදුකර ගැනීම ජවිපේ එදා සිට යොදා ගන්නා අසාර්තකම ක්‍රමයයි. මෙවරත් එවැන්කට අර අඳිමින් සිටියි. නමුත් වාසනාවකට මෙන්, විශ්ව විද්‍යලායෙන් නෙරපා හැරි උදුල ප්‍රේමරත්න නම් ගොබිලා ‍අත්අඩංගුවට පත්ව ඇත.


අර්බුදයක් නැති තැන අර්බුද මවා පෑම ජවිපේ සිරිතයි. අන්තරය ඊට දෙවෙනි නැත. සාමන්‍යයෙන් අන්තරය සම්බන්ද වන සෑම වැඩක්ම හත්පොලෝ ගාගෙන ඉතුරු ටික කයි. උද්ගෝෂණ, පිකටිං , රඟපෑම් මේ සැම පටන් ගන්නේ එක දෙයක් වෙනුවෙන්ය. අවසානයේදී කිරීමට සිදුවන්නේ තවත් දෙයකි. හොඳම උදාහරණය මෙවර පෙන්විය හැක. එනම් මෙවර අර්බුද ඇති කිරීමේ උවමනවා වූයේ දේශපාලනිකව යම් ඉහළට යාමේ අටියෙන් පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි වීමයි. නමුත් දැන් කිරීමට ඇත්තේ උදුල නම් ශිෂ්‍ය භාවය අහෝසි දේශපාලනික ඇම්බැට්ටයා එලියට ගැනීමයි.


සරසවි තුල ඇතිවන කලහාකාරීත්වය සමාන්‍ය ජනසමාජයට නොදැනෙන තරම්ය. එහෙයින් එවා හුදු ජනමාධ්‍ය හුවා දැක්වීම් පමණි. ජවිපෙටත් එය මනා කොට සම්බන්ද කල හැක්කේ ජනපදනම නිපොන් හෝටලය තුල පමණක් පෙන්වන බැවිනි. සරසවි සිසුවා දේශපාලනය කීරිම වරදක් නොවෙයි. එහෙත් ඔහු දේශපාලනය කියා මර්වින් ‍වැඩ කරන්නේ නම් වහාම එලවා දැමිය යුතුය. රටක දියුණුවට පක්ෂ විපක්ෂ මත මෙන්ම අරඟලද තිබිය යුතුමය. නමුත් එවා හුදෙක් ජනතාව සඳහා මහජන ප්‍රසාදයෙන් සිදුවිය යුතුය. නමුත් දැන් සිදුවන්නේ ජවිපේ නම් බංකොලොත් අනාගතයක් හෝ අවම වශයෙන් නිසි නායකයෙක්වත් නැති කඩා වැටුණු දියාරූ වූ පක්ෂයක, ඉහළ තනතුරු රුක දීමට සරසවි සිසුවා තම අනාගතය අඳුරු කරගැනීමකි.


ජවිපේ ගැටය, මේ වන විට ආණ්ඩුව තම ප්‍රයෝජනයට ගෙන හමාරය. ඉදිරියේදි ජනපති නැවත දිවුරුම් දීමට නියමිතය. එහෙත් යුද්ධය අවසන් වී උනත් උද්දමනය එලෙසම පවතීයි. ජනතාවගේ මනස බඩු මිලෙන් ඉවතට ගැනීමට ආණ්ඩුවටද අවශ්‍ය වූ කාරණාවාක් විය. එයට ඉන්ධන සැපයූයේ අන්තරය හරහා ජවිපෙයි. දැන් කරන්නට දෙයක් නැත. රටේ සියලු ජනතාව මධ්‍ය මගින් පෙන්වන මෙම නාඩගම රසවිඳිමින් සිටියි. බඩු මිල හෝ වෙනත් ආර්ථික අපහසු තා අමතකය. මහින්දගේ දෙවන වර දිවුරුම් දිමේ නැකැත ජවිපේ සාදා දුනි.


ඉතින් ජනපති දෙන්න දිවුරුම් තවත් 6 වසරකට පතමින් ජවිපෙට ආසිරි. ඔය කිනම් අර්බුද පැවතියත් ජවිපේ ලාංකා‍වේ දියුණුව සඳහා තිබිය යුතු පක්ෂයක් බව ඉතා ඔනෑ කමින් කිවයුතුමය.

Saturday, October 30, 2010

ලාංකා දියුණුව කරා රැ‍ගෙන යාමට රාජපක්ෂවරුන්ට හැකිද?

මේ ලිපිය පාට කණ්නාඩි හා රාජපක්ෂවරුන් කෙරෙහි ඇති දැඩි වෛර සහගත සිතුවිල්ල ඉවත් කර බලන්නේ නම් ඉතා වටිනු යයි සිතමු.

ත්‍රස්තවාදය අවසන් කරදිම මේ යුගයේ සිදුවු ඓතිහාසාක හා වැදගත්ම කාර්යය භාර්යය වෙයි. වසර හතරක් ඇතුල එය මුලින් උපුටා විශාල ධනස්කන්දයක් අප රටට ඉතිරි කර දුනි. සමහර විට ඔබට මතක ඇති ඒ දවස, බොහෝ ජනාකීර්ණ මං සන්දි වල විශාල නිවේදන පුවරු වල සඳහන් වී තිබුණ, යුද්ධය සඳහා වැයවූ ගනන් හිලව්. දැන් හිරබත් කන සමහර කූට, දේශමාන්‍ය කොටි ඒජන්තයෝ කිසිම පැකිලිමකින් තොරව ලාංකීය ජනයාගේ මනස විකෘර්ති කිරිමේ අරමුණින් මෙම ප්‍රචාරක කටයුතු කරන ලදි. ඔබ එදිනෙදා කොළම ප්‍රදේශ හා සැරිසරන්නෙකු නම් ඔබට දැන් දැක ගත හැකි වෙනස් කම් බොහොමයක් කොළඔ නගරය තුල සිදුවෙමින් පවතියි. එවා හා වෙනත් සංවර්ධනයන් පහතින් විස්තර කර ඇත.

මාර්ග බාදක ඉවත් වී යම. බොහේ සාමන්‍ය ජනයා සතුටු කරන කරුණක් විය. එයිනුත් දෙමළ ජනතාව මහත් අස්වැසල්ලක් ලැබූ බව ඔවුන් හා කතා බස් කිරිමේදි හොඳන් තේරුම් ගත හැක.බොහොමයක් මාර්ග බාදක මේ වන විට ඉවත් ව ඇත. එමෙන්ම වසර ගනනාවක් වසා තැබුණු පාරවල් දැන් විවෘතව පවතියි. උදහරණයක් විදිහට කොළඔ SLT හී ඉදිරි පසින් හා පිටුපසින් යන පාරවල් දෙක. ගාලුමුව දොරට පිවිසෙන මාර්ග, ගංගාරාමය හා ඒ අවට ඇති මර්ග සියල්ල දැන් මහජනතාව සඳහා විවෘත්ව ඇත. කොළඔට පි‍විසෙන සෑම ප්‍රධාන මාර්ගයක්ම මේ වන විට අලංකාර කරමින් සිටියි. මාර්ගයේ යන හා එන පැති දෙක වෙන් කරමින් මැදින් වෙන්වෙන තීරුව මල් වලින් මේවන විටත් අලංකෘත කර ඇත.

පදිකයන්ට මහ වදයක් වූ, පදික වේදිකා මත ඉදි වූ අනවසර පෙට්ටි කඩ දැන් කොළඔ නගර තුල දක්නට නැත. එවා කඩා දැමිම පමණක් සිදු නොකර ඔවුනට වෙනදාට වඩා ආදයම් සරු කර ගත හැකි වෙනම ස්ථානයක් නවීන ආකාරය නිමවා දී ඇත. එහි විදුලි බලය රූපවාහිණි යන්ත්‍ර පමණක් නොව, වැඩි ජන සංඛ්‍යවක් ද ගැවසෙන නිසා, වැඩි ආදයමක් ඔවුන් ලබන බව නම් කාටත් හැඟි යයි.

ඊට අමතරව හම්බන්තොට වරයාට පළමු නැව මේ මස පැමිණිමට නියමිතය. එවන විශාල ව්‍යපෘති හැරුණු කොට, කුඩා කුඩා සංවර්ධන කටයුතු බොහොමයි ලංකාව තුල දැන් සිදුවෙයි. ඔබට ඇති ගැටලුව රාජපක්ෂ වරුන් මුදල් ගසා කෑමයි. එය සත්‍යක් බව පෙන්වීමට සාක්ෂි සටහන්ද ඔබට ඉදිරිපත් කල හැක. වෙනත් ආණ්ඩු කල සිදු නොවූ සංවර්ධනයක් සුදුවන බව ඔබ නොදකිනවා නොවේ යයි සිතමි.

රාජපක්ෂ පාලනයේ ගාස කැම් වලට විරුද්ධ වීමට, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුය. එහෙත් විපක්ෂයට ඔබ විසින් පත් කල අයත් සාටකය දමා ගන්නේ නම් අපි කුමක් කරමුද. රාජපක්ෂ පාලනය නැති කරිමට නම්, ඊට පෙර ඔබ ඒජාපයට නිවැරදි නායකත්වයත් තෝරා ගැනිමට බල කරන්න. රාජපක්ෂ සූරාකෑම් නැති කීරිමට ඇත්තේ එම මාර්ගය පමණී. ඉතින් දැන්වත් රනිල් පන්නා දමන්න. නැතිනම් ඔබ කරන්නේද රාජපක්ෂ පාලනයට අනියමින් උදව්වක් හා සහායක් දීම බව වටහා ගන්න

Friday, October 1, 2010

සෙන්පති කොයි යන්නේ?

වහසී බස් දෙඩූ රතු හඬයි
රටම රවටන කොළ හඬයි
එක්ව කල එකම මෙහෙයුමයි
සෙන්පති මහවිරැ හිරගෙටයි


කෙලවන්ට ගොස් ගාන්ධිට කෙළ වුණී
වසර 30 කට පසු කොටින්ට කෙළ වුණි
සාටක මැතිඳුනු නිසා ත්‍රස්ත බිය නැති වුණී
තරඟයට ආ නිසා සෙන්පතිට කෙළ වුණී


හිතාපන් උබට තර‍ඟෙට එන අනෙක් එකා
පරදන්නටම හැම විට සිතන උබ යකා
සෙන්පතිත් කජ්ජක්ද සාටක අඳින එකා
දැන් ඉතින් විඳවමු සෙන්පති හිරබත් කකා


විරුවෙකි සෙන්පති මගෙ රට බේරාදුන්
බ්ලොග් ලිපි නැත අද බේරා ගනු කියන්
කොළ එලි රතු එළී කෝ අද මට කියන්
විඳවයි විඳවයි සෙන්පති අද තනියෙන්


සියලු බ්ලොග් ලිපි ලියන කපටි උන්
අද නැහැ හැංඟි කොහේදෝ හොර සිතින්
සෙන්පතිට නැහැ සහයක් එක් ලිපියකින්
නුවර පාරයි අදත් ඔහු ලඟ එකලෙසින්

Wednesday, September 15, 2010

නුවර පාරේ සහාය රනිල්ට

1.මහින්දගේ මිනිහෙක් වූ රනිල් එජාපය දිය කරයි.
2.ඒ බව නොදත් අලියෝ 94 රේ සිට රනිල් නායකයා ලෙස පිළීගනියි
3.ප්‍රජාතන්ත්‍රවාදය හොයන ඇන්ජිඕ කාරයින් රට දිය කරයි
4.ඒ බව දත් අලියෝ 94 රේ සිට රනිල් නායකයා ලෙස පිළිගනියි
5.පහළ මට්ටමේ නාකයයන් බිහි වීම රනිල් වලකයි
6.ඒ බව නොදත් අලියෝ සජිත්ට ඇරයුම් කරයි


2030 දක්වා දිවෙන මැදමුලන පාර නොහොත් නුවර පාරට තව තව කාපට් ඇතිරේවා!!!!!!!!!!!!!

Thursday, September 9, 2010

අපිට නම් කරන්න දෙයක් නැහැ 18 ට විරුද්ධව

නුවර පාර මැදමුලනට යන බව කවුරුත් දන්නවා. ඒත් අලි පැටව් ට්ක ඒ පාරේ යනකොට අපි මොකද කරන්නේ . අනේ මන්දා අපිට නම් බැහැ මේව්වාට වග කියන්න. අපි දුන්නේ තුනෙන් දෙකට අඩුවෙන්, උබලා තමයි තුනෙන් දෙක හරි කොරලා දුන්නේ. දැන් ඉතින් එවාට ඔය සීනු අලිටික වග කියන්ඩ. බොරුවට හූල්ලන්නේ නැතුව. මොකද අපි නෙමෙයිනේ පබාව එහෙම ගම්පහින් දෙවෙනි තැනට උස්සලා තිබ්බේ. ‍මතකද එව්වා. මන් ගියා එහෙනම් ආයිත් එන්නම්කෝ මට pකෙන් හිනා යන වෙලාවක උබලාට ඒක කියලා යන්නඩ.

Saturday, August 7, 2010

සක්විති අන්දරය

කාලය ගෙවී යයි
සීගල් නැතුව යයි
සක්විති පටන් ගනියි
මිනිසුන් රොක්ව යයි

පෙන්නන්ට ලෝකයාට
අනිකා අභිමවන්නට
සල්ලි සක්විත්තාට
හැමදා වැ‍ලපෙන්ට

එදා හසුවුනු උන්
මෙදා වැලපුන උන්
හෙට එන හොරුන්ටත්
නොරැවටී සිටීද? මුන්

Sunday, July 11, 2010

විමල් හා ලෙමන් පෆ්

රනීගේ සැට් එක එකතු උනී
ෆොනීගේ සැට් එක සප් දුනී
බ්ලොගියන්ට කිචි කැවිනී
වීර විමලයාට ලිපි ලියවිනී

හෙව්වේ ලෙමන් පෆ් කෑ බවයි විමලයා
ලිව්වේ කල දේ විහිලුවක් බවයි විමලයා
කොහොමින් හරි වැඩක් කල විමලයා
වීරයෙකි මට නම් නොකා හිටි විමලයා

රටට කෙලවන විට සතුටු
NGO දෝහින් හැම පවිටු
කීරිමට අවජාතක මුන් මට්ටු
ඔබමු කැනහිල් කට තුල පිට්ටු

මැරෙණ තුරු බලා හිඳි ද්‍රෝහියෝ
අත් හැරි පසු හිනාවෙන ද්‍රෝහියෝ
ලෙමන් පෆ් දෙස බලන බූරුවෝ
කල දේ නොදැක් අඳ බාලයෝ
නොකා හිටි හැකිද බොට අවලමෝ

මොන අදහස් දැරුවත් මේ විමලයා
රට වෙනුවෙන් දෙයක් කලා විමලයා
අපේ එකෙකි මු කවදත් සිංහලයා
මල් තියලා වැඳපන් මගේ මලයා

රටට කෙලින, මාන බලන කැනහිලුවෝ
රට කෙලෙසන, වනචර මුන් වල් නරියෝ
දුක් නොවන්න රට හිතැති සිංහලයෝ
මුන් කවද්ද, රට වැට්ටුවේ අපි හෙලයෝ

ඉන්නේත් මව් රටේ මේ හැතිකරේ
කන්නෙත් අපේ දේ මේ හැතිකරේ
ලෙව කකා පිටරට සුදු හැතිකරේ
pක දෙයි ලොවටම NGO හැතිකරේ

Saturday, July 10, 2010

විමල් මැරෙන තුරු බලා සිටින කාලකණ්නි හැත්ත

මීට කලින් ලිපි දෙකෙන් පෙන්වා දුන්නා විමල් වීරවංශ ඇයි උපවාස කරන්නේ හා එහි වටපිටාව. අද බලමු මොන යම් විදිහකින් හරි විමල් මරණයට පත් වුවහොත් අපේ කාලකණ්නි දෝහියෝ ටික සතුට විඳින අයුරු.

මානවහිමිකම් ගැන කට මැද දොඩමින් පාරවල් ගානේ NGO සල්ලි රිසිසේ වියදම් කරමින් බෝඩ් ලැලී උස්සන් යන ඕපපාතික හැත්තට රජ මඟු‍ලක් ලඟදීම එනු ඇත. එනම් බැන් කීන් මුණා පත් කල කමිටුව අහෝසි නොකොට විමල් ගේ මරණය දැකීමයි. මානුෂිකත්වය ගැන කටේ කෙල හා Pකේ ගූද හිදෙන ලෙස කෑ ගහන මුන්ට විමලයා යනු මරණයට ලක් විය යුතුම පුද්ගලයෙකි. මන්ද යත් මුන්ගේ යටි කුට්ටු වැඩ කරගත නොහැක්කේ මේ විමලයාගේ කට නිසා බව මේ අසමජ්ජාති හැති ‍කරය හොඳා කාරවම දන්නා නිසාමය.

ලොකු ලොකු හෝටල් වල බීර බොමින් රටටත් ජාතියටත් කෙල කීරිම බලා සිටින මුන්ගේ දොල දුක පිරෙන්නේ රටට ආදරය ඇතිව කතා කරන එකෙකු මළ දිනටය. එවැනි දිනක් අද ඒ දෝ හෙට ඒ දෝ මග බලා සිටින මුන්ට විමල් වීරවංශගේ උපවාසය හොඳ තෝතැන්නක් විය. මොහුගේ මරණයේ සතුට භුක්ති විඳිමට බලා සිටින මේ කැනහිලුන් ටික කවදා නම් මේ රටෙන් තුරන් වී යයිද?

වරෙක ඔහුගේ උපවාසය විහිලුවකට ලක් කරයි, තව වරෙක සමච්චලයට භාජනය කරයි. මුන්ට නොහිතෙනා දේ නම් විමලයා යනු මේ රටේ එකෙකු බවයි. විරවංශගේ දේශපාලනය කුමක් උවත් දැන් මේ කරන උපවාසය රට වෙනුවෙන් කරන්නකි. අඩුම ගානේ පැයක් සුද්දාගේ පුක ලෙව නොකා සිටිය නොහැකි මේ බඩගෝස්තර වාදීන් විමල්‍ කන මැලිබනය හොයන්නට පටන් ගෙන ඇත. හිත ඇතුලේ තියන දුෂ්ට කමට රටට කෙලවන මුන් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කලු සුද්දන්ය. මිනිහෙකුගේ මරණයක් බලාපොරොත්තුවෙන් ගොන් ආතල් ගන්න කාළකන්නි රැලට දැන් මානව හිමිකම් මතක් වන්නේ නැත. ප්‍රභාකරන්ගේ මරණය හොයන මේ හැතිකරය එකාගේ රූප වලට වන්දනා මාන කරයි.

මොළ හොදාගත් අපේ උන්ද ඒ පදයට නටමින් වින්දනය ලබයි

Thursday, July 8, 2010

වීරවංශට පිස්සුද? අපිට වැරදිලාද?

වසර 30 ක යුද්දය අවසානයේ මහත් වු මෙහෙයෙන් දොවා ගත් සාමය නම් වූ කිරි කලයට ගොම දාන්නට බලා සිටින හැතිකරය, ඉමහත් සතුට වන පත්කරන ලද කමිටුව හකුලා ගන්න යැයි බලපෑම් කරමින් ආරම්භ කර ඇති උපවාසය එම කමිටුව හකුලා ගන්නා තුරු අත් නොහරින බව පවසයි. රටවැසියන් ඇතුලුව සැමගේ සහායෙන් පැරදවු ත්‍රස්තවාදය මැඩලීමේ පෙර ගමන් කරු වූ ත්‍රිවිධ හමුදාවේ සොල්දා දාදුවන් පොරකය වෙත ගෙන යාමේ කූට උපාය සාර්තක කරගැනීමට ඉඩ හසර සලසමින් යෝජනා කල කමිටුව වැරදි කරු කරන්නට ය‍න්නේ අපේ විරෝධරා හමුදාවයි.

එදා ජය ඝොෂා නගමින් රණවිරුවන් කරපිට මත ඔසවා තබාගත් ඔබ අද ඔවුන්ව තනි කර වෙනතක් බලා ගන්නේද?
  1. හැම තැනම චෙක් පොයින්ට්,
  2. විඩෙන් විඩ වාහන නවතා කරන පරික්ෂන,
  3. වසා දැමුණු ප්‍රධාන පාරවල් ,
  4. විනි‍විද පෙනෙන පාසල් බැග්
  5. පාසල අවසන් වන තුරු දෙමාපියන් මුරට
  6. දුම්රිය පලේ බෝම්බ
  7. බස් රථයේ බෝම්බ
මෙතන සඳහන් නොකල හා වෙනත් සියලු කරදර අද දින ඔබට පවතීද? නිදහසේ විනෝද චරිකා යමින් මරණ බියකින් තොරව අද දිවි ගෙවන්නේ ඔවුන් නිසා නොවේද? හිතන්න ඔබ අද මේ විඳීන නිදහස මෙයට වසරකට පෙර තිබුණාද? මේ සතුට සැනසුම බුක්ති විඳින්නේ ඔවුන් නිසා නොවේද? කෝටි දෙකක ජනතාවක් මරන බයින් මුදවා ගත් ඔවුනට අපට කල හැක්කේ කුමක්ද? පෝරකය වෙත ඔසවාගෙන යන තුරු බලා සිටිමුද? ඔවුන් එදා තම ජීවිතය සමඟ ඇස් ඉස් මස් ලේ වැගුරුවේ මේ ටික කරගන්නද?

අපේ නිදහස වෙනුවෙන් ඔවුන් කැප කල ජීවිතයට අගයක් එක් කරන්නෙමුද?

දාන කමෙන්ට් සභ්‍ය භාෂාවෙන් දමන්න

Tuesday, July 6, 2010

මානව හිමිකම් පරීක්ෂණය පැවැත්විය යුතුයි

ත්‍රස්තවාදය අවසන් වී වසරක් ගෙවෙන මේ මොහොතේ තවමත් අන්තර් ජාතික කැනහිලුන් මව් රට ගිල ගැනීමට නැවත නැවතත් මාන බලමින් සිටියි. මෙහි ආසන්නතම ක්‍රියාකාරම වු කලී , පැවති යුධ සමයේ කඩවුයේ යයි කියන මානව හිමිකම් සොයා බැලීමට කමිටුවක් පත් කිරිමයි. එ.ජ සංවිධානයේ මහලේකම්ට තනතුරට හිමි බල තල ඉක්මවා ගොසින් පත් කල මෙ‍ම කොමිසම ඔහුගේ ද්ව්ත්ව චරිතය නැවත වරක් ලොව හමුවේ ප්‍රදර්ශනය කල අවස්ථාවකි.

වරක් කෙල කීරිමට ගොස් ලෝකයේ අනික් රටවල් හමුවේ පරාජයට පත් විය. ඊට පසු නැවත වරක් ගෙන ආ මේ නාඩගම නැටීමට අප ඉඩ දිය යුතුද? නැතිනම් ලාංකා රාජ්‍ය විසින් කොමිසමක් පත්කොට ලංකාවාසී සියලු ජනයාගේ මානව හිමිකම් 2009 මැයි මස සිට සුරැකි බව ලොවට ඔප්පු කර පෙන්වන්නෙමුද? වසර 30 ලේ විලක් කරමින් නැටු නාඩගම අවසන් කල පසුත්, උන් මෙහෙයවු බටහිර ඇන්ජිඕ කාරයින් මේ කරන්නට යන්නේ බටහිර බලගතු රටවල පස්සා පැත්ත ලෙවකමින් මගේ මව් රට ‍ පාගා දමන්නද?


අරාබි කරගේ හෙවත් ඇෆ්ගනිස්තානය වැනි උන් පරාජය වුනු තැන්වලට කොමිසම් පත් නොකර කෝටි දෙකක ජනතාවක් මරණ බයින් මුදවාගත් රජයට විරුද්ධව බොරු චෝදනා සපත කරනුයේ රෙද්ද පල්ලෙන් බේරෙන ලැජ්ජාව වසා ගැනීමටද? මෙවන් හැඳි දෙකකින් බෙදමින් මහලේකම් තනතුරේ හිරිකිතයකින් තොරව තව දුරුටත් රැඳිසිටින බෑංකී මුන් නම් මේ චරිතය තව දුරටත් පරමාදර්ශි වන්නේද?


ලෙසටම ගැලපෙන, අම්මෙක් අප්පෙක් නැති, ඕපපාතික, මෙරට යයි කියමින් ඇන්ජිඕ කරයන්ගේ‍ ඩොලර් වලට පස්ස ලෙව කන මොළ හොදාගත් අවජාතක පෙලක් පෙරටු කොට, පුන පුනා යුද සමයේ දෙමළ ජනයාගේ පමණක් මානව හිමිකම් සොයමින් ඔවුනට කරදයක් වු බව ලොවට අඩගාමින් කියන්නේ, ඉතුරු කෝට් දෙකක ජනතාවගේ දුක්ගැනවිල්ල මගින් සල්ලියක් හෝ ලෙව කන්නට පස්සක් හම්බ නොවන නිසාමයි. ඉන්ගිරිසි පොඩ්ඩක් තොලකට ගාමින් සංස්කෘතියට හෝ ආගම දාමට උපහාස අපහාස කීරිම අලුත් ‍ෆැෂන් එක කරගත් මේ නරුම රැළ එල්ලෙන්ට වැලක් නැති මොහොතේ බෑන්කීන්ගේ කොමිසම් හෙලුවේ එල්ලෙමින් වින්දනය ලබයි.

වසර 30 ක් මානව හිමිකමක් නොසයා බැලු මුන් මේ අලුතින් හොයන්නට හදන්නේ අහවල් එකක්ද? සියලු සම්පතෙන් ආඩ්‍යවු මව් රට නැති කර දෑමිමේ සීරුමාරු ක්‍රමයන්ගේ තවත් එක් අවස්තාවක් ලෙස මෙය හුවා දැක්විය හැක.

Sunday, June 6, 2010

සිංහලට එක්වු ‍දෙමළ / පෘතුගීසි වචන

භාෂාවක් පෝෂණය වන්නේ එයට අලුත් අලුත් වචන එකතු වීමෙන් හා සම්මිශ්‍රණයෙනි. එහිදි සිංහල භාෂාව විවිධ යුග වලදී විවිධ බලපෑම් මත. අලුත් වචන වලින් සරු විය. එයට උදාහරණ පහත පරදි දැක්විය හැක. මුලින්ම බලමු

මොනාවද සිංහල සමා‍ජයේ වැඩි පුර භාවිත වන දෙමළ වචන කියලා


දෙමළ -> සිංහල
අම්පලම් ->අම්බලම
ඉලවු-> ඉලව්
උ‍රුමෛ-> උරුම
කප්පන්->කප්පම්
කරවාඩු-> කරවල
කත්ති-> කැති
කුඩෛ->කුඩ
කල්ලු->ගල්
නංකෛ-> නං, නගා
පුදුමෛ-> පුදුම
පොලිවු->පොලී
සාවල්->සැවුල්
සී චින්-> සීනි
සෙවෙල්ලම්->සෙල්ලම්
වයල්->වෙල්

පෘතුගීසි භාෂාවෙන් අවුත් ව්‍යවහාරයේ යෙදෙන ශබ්ද ...

අච්චාරු, ච්නෙල, අන්නාසි, ජනේල, අල්පෙනේති

‍ජනේරූ, අල්මාරි, තාච්චි, අලවංගු, තාප්ප

ආමා, තාර, ආයා, තැබැරුම, ඇබැර්තු

තීන්ත, ඇසකීසි, තිරිඟු, ඉස්තාල, තීරුව

ඉස්පාසු, තුවාය, එම්ප්‍රද්‍රෝරු‍, තෙම්පරාදු, කජු

තෙස්තමේන්තු, කඩදාසි, තොප්පි, කප්පිත්ත, දියමන්ති

කබා, දෝස, කබුක්, නත්තල්, කමිස

නෝනා, කරත්ත, පගෝදී, කල්දේර්ම්, පරස්කු

කලිසම්, පෙත්සම, කස්තාන, පෙද‍රේරු, කසාද

පෙනේර ,කානු, පෙරනම්, කාමර , පේර

කුමෙර, පෝරක, කුස්තුර, පෝරණු, කුස්සි

බංකු, කූඥ්ඥ, බන්දේසි ,ගාස්තු, බයිනේත්තු

බාල්දි, රෝස, බීක්කු, ලෑස්ති , බීරලු

ලිංගුස්, බුජම්, ලීස්තර, බූරු, ලේංසු, බේබේ

විනාකිරි, බොත්තම්, විස්කෝතු,,බෝංචි,වීදුරු

බෝක්කු, සපත්තු, බෝල, සබන්, මසන්

සරම්ප, රීප්ප, සලාදු, රෙකුලාසී, සාක්කු

රේගු, සාය, රේන්ද, සිදාදි, රෝද

සුමාන,

ලන්දේසී වචන සමුහක් සමග නැවත හමු වෙමු .....

Wednesday, May 26, 2010

දන් සැල් සහ වෙසක්

දන්නා තරමට ලොව බලෙන් කෑම බීම කවන එකම රට ලාංකාවයි. දන්නා තරමට කිසිඳු මානයකින් තොරව පාරේ සිට කෑම බීම ගන්න එකම රටත් ලාංකාවයි. දන්නා තරමට කෑම බීම වැඩිපුරම නාස්ති වෙන එකම රටත් ලාංකාවයි.
ඉහත කරුණු ටිකකට ඌණ පුර්ණ ඇවසි නොවේයයි සිතමි. වෙසක් හා පොසොන් යන පුර පොහොය දෙකටම ලාංකීක ජනාය බොහෝ දාන ශීලී වෙයි. රට පුරා දන්සැල් පවත්වයි. රට පුරා ශ්‍රමදාන පවත්වයි. රට පුරා විවධ සැරසිලි වලින් පහන් සංවේගයක් උපදවයි.

බෞද්ධ කම හෝ බෞද්ධ දර්ශනය පවත්වාගෙන යාමට හුදු ප්‍රතිපත්තී පුජාවම යොග්‍ය නොවෙයි. මේ සඳහා ආමිස පුජාවය සම සහායක් ලබා දෙයි. එහිදි ජනතාවෙගේ පහන් සංවේගය හෝ උනන්දුව ඇති කීරිමට යම් යම් ක්‍රමෝපායන් අවැසි වෙයි. ඉල්ලුම සැපයුම නිය්‍යට හුදු ආර්ථිකවිද්‍යවාට පමණක් අර්ත ගැන්වා කොටු කර තැබිය නොහැක මෙය බුදු දහමටත් අදාලවෙයි. නමුත් යොදා ගත යුතු ක්‍රමය වඩා යහපත් විය යුතුය. වෙසක් කාලයට දන් සැල්වට, වයස් හෝ අර්ථීක තත්වයන් නොසලකා සියලු ජනයා ඇදී එයි. එහිදි බොහෝ දුරට සැහෙන දිගු පෝලිම් වල සිට බත් සමග පරිප්පු කයි. නුවර පාර රචකයා නිතරම යන එන අරලියගහ මන්දි‍රයේ නම් මෙදිනට දන්සැල පවත්වන්නේ රාජකීය ලිලාවෙනි.

කිරි ‍කොපි එකක් එහෙමත් නැත්නම් සව් ටිකක්, තව තැනකින් සරුවත් කොප්පයක් මේ හැමදේම බඩට දාගෙන තවත් බත් දන්සලකටත් පියමන් කරන්න තරම් මෙදින කවුරුත් තම උදරය සකසා ගනියි. තවද දන්සැල් වන්දනාවේදි කොතෙක් කෑවත් බඩද නොපිරෙයි. එලෙසම කන ප්‍රමාණයට සමාන ප්‍රමනයක් ඒ අසල කුණු බක්කි වල දක්නට ඇත. ඔය අතර පොලිමේ නොසිට, ගැබ්බර බිරිඳ, අක්කා හෝ නංගි ගේ නම විකුණා දන්සැල් බත් පාර්සල් හොරකම් කරන සෑබැ බෞද්ධයොත් සිටියි.

බත් දන්සැලැ කෙසේ වෙතත්, බිම හෝ අයිස් ක්‍රීම දන්සැල් නම් පැය දෙකකට වඩා නොපවත්වයි. සවස 5 ට විතර පටන් ගන්න මේවා 7 වන විට අවසන් වෙයි. ටිකක් විතර සෙවිල්ලෙන් ඒ අසලින් ගියෝත් අපිට ඇසෙනුයේ, දන් සැල සඳහා අයිස් ක්‍රීම් හෝ බිම බෙදු අයගේම ගනන් හිලව් ටිකකි

මං දහයක් කෑවා
මං නම් 20 ක් බ්ව්වා ... බලා‍‍ගෙන යන විට ................ ඉතුරු ටික ලියන්න ලංකාව තුල මධ්‍ය නිදහස නැත නමුත් දන්සැල් දුන් අය මෙය හොඳින් දනිති

සවස 7 න් පසු බුදු දහමට කිසිත් අදාලත්වයක් නැති හින්දි ඉන්ග්‍රීසි හෝ අපේ චින්චිගේ සින්දුවක් දමා ගනිමින් හොදින් සුර් වි නටති. ඉදින් මේ දන්සැලෙන් ඇති වැඩය කුමක්ද?

බලෙන් කිරි කොපි හෝ සව් පෙවිම මෙහි ඇති නරකම පුරුද්දයි. බෞද්ධ කොඩියක් අතින් ගත් කොලු පැටව් කොඩිය වනමින් නුවර පාරේ යන්නවුන්ට බාදා කරමින් බලෙන් කවා පොවයි. මෙවැනි අත්දැකීම් අප සැමට ඇතැයි සිතමු.

නුවර පාර රචකයා‍ වුවත් මේ කොයි තරම් බණ දෙසුවත්
මෙවන් දන් සැල් වල කොඩි වනන චරිතය හොදින් නිරුපණය කර ඇත. එහි තිබෙන ආතල් එක දන්නේ කල උන් මිසක් අන් කෙවෙත?

කෙසේ වෙතත් දන්සැල් දීම හා එවා බුක්ති විදීම අපි මහත් සතුටෙන් කරමු. ඉතින් අවුරුද්දේ එක දිනකට පමණක් තරහා අවසර ගෙන මෙවන් බදා හෝ කරදකීරිම් ගනන් නොගෙන එවායේ රසය බුක්ති විඳිමින් වෙසක් මිහිර විඳගන්නේ නම් මැනවි.

දන් සැල් දීම් කරදයක් නම් හෝ එවා පාපයක් හෝ වැඩකට නැති දෙයක් නම් හෙට ගෙදරට වී ඉන්න. ඒවාට කැමති කට්ටිය ඒවායේ රසය විඳගනු ඇත.

කිසි ගැලපීමක් නැති මේ ලිපිය නුවර පාර රචකයාට නම් මහත් වු සතුටක් ගෙන දෙයි

හි හි උබලෑ නිදසට තව දින තුනයි

මේ වසර 2010 යි. මැයි නොහොත් වෙසක් මස අවසන් සතිය ගෙවෙමින් පවතියි. මේ වන විට තවමත් සොයා නොගත් ඇත්ත‍ බෞද්ධයොත්, සාම්ප්‍රදායක බෞද්ධයොත්, නව රැඩිකල් මතවාදි බෞද්ධයෝත් හා ඔල්කට් බෞද්ධයොත් පිළිවෙතින් එලඹෙන වෙසක් දිනට සැරසෙමින් සිටිති. සිංහල බ්ලොග් අවකාශයේ මේවන විටත්, ලිපි වලින් තම බෞද්ධ කම හා මුස්ලිම් කම පෙන්වමින් ආගම් අතර සංහිඳියාවට බාදා ඇතිකරන හෝ විවාදයෙන් නව මතවාදයන් හෝ වැලලී තිබු සත්‍යයන් එලියට එමින් පවතින යුගයක් බවට පරිවර්තනය කර ඇත. තවත් කොටසක් විජ්ජාවක් කරමත තියන් යන අතර තුර, එය බිම දැමිමට මං පහරන්නන් රොක් වී අපායට යන මර්ගය දිගේ ඉදිරියට ඇදෙමින් යති. නොදන්නා දේ නම් දෙගෙල්ලෝම ඇත්තේ අපායට යන මාවතේ බවයි. නුවර පාරට එය එතරම් ගැටලුවක් වී නැත මන්ද නුවර පාර තවමත් මැදමුලනට යන පාර සොයමින් සිටියි.

මතෘකාවට අදලා පසුබිම වු කලි කියු ලෙස උබලෑ නිදහස් දිනයට තව දින තුනක් යන්නයි. එනම් ඉහතින් වර්ග කල කොයිනම් බෞද්ධයෙක් හෝ මේ මතෘකාවට අදාල වන හෙවත් උබලෑ ජාතිය නිදහස් කීරිමට සම්මාදම් වී ඇත. හරක් නිදහස් කිරීම තව විදිහකට කියන්නේ නම් ගවයන්ට අභය දානය දීම. මේ කාරනාවට මුලීකවම කටයුතු කරනුයේ පන්සල් හා පුණ්‍ය ආයතනයි. මෙහි කිසිඳු වැරැද්දක් නැත. සතෙකු මරණයෙන් නිදහස් කීරිම පව පින කෙසේ වෙතත් උතුම් ගුණාංගයකි.

මේ කාරණවේදි සලකා බැලිය යුතු අංශයන් තුනක් පවතීයි

1.මේ සඳහා සම්මාදම් වනුයේ කවුරුන්ද
‍සාමාන්‍යයෙන් ගම නගරය බේදයකින් තොරව පන්සල මුලීක කරගත් කණ්ඩායමක් විසින් ප්‍රධාන කොට මේ කර්තවයට එක්වෙයි. මෙහිදි ආධාර පත්‍රයට මුදල්, අදලා දායකයන් හෝ පුණ්‍ය අයතනයේ සාමාජියන් මගින් ගම වටා හෝ අදාල ප්‍රදේශය ගෙවල් වලින් සොයාගන්නා අතරම
  • පොහොසත් ව්‍යාපාරිකයන්
  • බුකී කාරයාගෙන්
  • මස් කඩ කාරයාගෙන්
  • බාර් කාරයාගෙන්
යන්න වුන්ගෙන්ද සම්මාදම සරු කරගනියි. මෙහෙදි සැමගෙන්ම් ආධාර එකතු කිරිමේ කිසිඳු ගැටලුවක් නැත. කල පව් කම් ගෙවන්නට මෙවන් පින් අතේ හෝ උතුම් කාරනා සඳහා ඔවුන් එක් කරගැනීම මා දාන්නා බුදු දහමට විරුද්ධ නොවෙයි. එහෙත් මෙතන සදාචාරමය ප්‍රශ්ණයක් ඇත. එය වු කලී තම නැණ පමණින් දැන ගැනීම සැහේයයි සිතමු.

2. ගවයන්ට අභය දානය දිය යුතුද?
විහිලු කතාව ඇරඹුම මෙතන වෙයි.
1. අභය දානය දෙන්නේ කාටද? හරක් නොහොත් ගවයන්ට
2. අභය දානය පිරිනමන්නේ කවුද? මිනිසුන් නොහොත් කිනම් වර්ගයක හෝ බෞද්ධයෝය
3. ජීවත් වීමේ අයිතිය නැති කලේ කවුද? මිනිසුන්මය
4. එලෙස ජීවත් විමේ අයිතිය නැති කිරිමට හේතුව? ඉල්ලුමට සැපයුම හෙවත් හරක් මස් වෙළඳාමයි
5. නැතිකරන උන්ම අභය දානය පිරිනැමීම හරිද? එසේය. එහි කිසිඳු ගැටලුවක් නැත
6. මෙය සදාචාරාත්මකද? නිවැරදි බෞද්ධයන් සොයාගත නොහැකි රටක සදාචාරය මස් කරලා කන්න පුලුවන්ද?


මේම අංශය සඳහා ඉහත ප්‍රශ්ණ හා පිළිතුර පමණක් සැහේ.

3. නිදහස් කරන ගවයාට කුමක් වෙයිද?
ඉහතින් කෙටියෙන් විස්තර කල කරණු දෙක කෙසේ වුවත් මේම පියවරට එනවිට ගවයන්[ඔබ] නිදහස් වී හමාරය. ඉදින් දැන් සොයා බැලිය යුත්තේ ඔබට යන කල දවසයි. බොහෝ විට සිදුවන්නේ ගමේ හෝ අවට සිටින දුප්පත් අය අතර මේ සතුන් බෙදා දීමයි. දැන් මේ සතුන් බෙදා දෙන්නේ දුප්පතුන් අතරය. ඉතින් ආර්ථික අපහසු තාවයක් දැනුනු විට සිටන එකම ආර්ථික භාණ්ඩය නිදහස් කරගත් ගවයාය. ඉල්ලුම සැපයුම න්‍යයට ඉඩ හසර සලසමින් නැවතත් ඊලඟ වෙසක් ලන් වත්ම බේරාගත් ගවයා නැවත් බේරාගත යුතු තත්වයට පත් වී ඇත. මෙය බොහෝ විට සිදු නොවන දෙයක් වෙන්නට පුලුවන. එහෙත් මෙය සිදු වෙයි.

එය ‍එසේ සිදු නොවුනොත් වනුයේ, ඉබා ගාතයේ යන මේ ඔබ, හොර හරක් කාරයන්ට නතු වී මස් කඩයකට දක්වා ගෙන යාමයි.

එය එසේත් සිදු නොවන්නේ නම් වනුයේ ගොනා නාගරික විමයි. එනම් තැන තැන ‍ගොඩ ගැසුණු කණු කා බොහෝ දුක සේ දිවි ගෙට ගසා ගැනීමයි.


කොතරම් මානුෂිකත්වයන් ගැන කතා කලත් ලෙඩ හැදුනු හරකාගේ කකුල කපන් යන රටක අප ජීවත් වන බව අමතක නොකළ යුතුය. ඉදින් තව දින තුනකින් නිදහස් වන ඔබගේ අනාගතය කෙබඳු වනු ඇත්ද? දැන්ම තීරණය කරන්න එදිනට නිදහස් වනවාද? කොක්කේ එල්ලෙනවාද?

Sunday, May 23, 2010

නුවර පාර සුව නින්දේන් අවදී වීමට සැරසෙයි

දේශපාලණය උණුසුම අවසන් වී ඇත. රට රජතුමා විසින් රිසි සේ විචාලමින් සිටියි. එජාපය, වික්‍රමසිංහ තව තවත් වල පල්ලට ඇදගෙන යන අතර තුර, අනාගත ලාංකාවේ ජනපති කට මැද දොඩමින් යනවාදෝයි සිතෙයි. රට කන්නට බලන් සිටින NGO කාරයින් රට තුලට රිංගා ගැනීමට මාන බලමින් සිටියි. ඔය අතර තුර වර්ෂාවෙන්ද රටට හනි පමුණුවා ඇත. ඒ දවස දේශපාලන ලිපි ලියු අඩවි කිහිපයක් එය එලෙසින්ම පවත්වාගෙන ගියත් සමහර අඩවි වලට වුයේ කුමක්දැයි සොයගැනීම පවා කල නොහැක. නුවර පාරද එසේමැයි .......

කරුණු එසේ වුවත් අද දින සිට .... නුවර පාර හදිසියේම තම නිද්‍රාෂිලිත්වයෙන් නැගිට නැවතත් බ්ලොග් අවකාශයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටියි. හේතුව වු කලී......... කලකට පසුව නුවර පාර විසින් ලියු ඉපැරණි ලිපියකට කමෙන්ටුවක් වැට්මයි. එනම් "සම තැන හොයන්න ගිහින් හිමි තැනත් නැති කරගත් අපේ ගැණ..." ලිපියයි. කලකට පෙර බ්ලොග් අවකාශය තුල කා අතරත් කතා බහට ලක්වු නුවර පාර හදිසියේම කට වසාගෙන පැත්තකට විය. දැන් වෙන වැඩ අනුව එය එසේම විය යුතු වබ කෙනෙකු සිතුනවා නොඅනුමානයි

නුවර පාර ආරම්භයේ, මුල් අරමුණ දේශපාලණය නොවුනත්....... යන අතට මැස්සක් ගැසීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්යට එක් වෙමින් දේශපාලණ කාරනා ලිව්වත් ....... දැනට හෝ එදා නුවර පාර කිසිඳු දේශපාලණ කටයුත්තකට සම්බන්ද නැත. සමහර විට නුවරපාර රචකයා ගැන නොදන්නා කෙනෙකු, ඔහු මේවන විට රජ්‍ය අයාතනක සභාපති කමක් දරණවා යයි සිතනු ඇත.


2009 වර්ෂයේ ඔක්තොම්බර් මස 2 දිනකදී පළමු ලිපිය එක්කරමින් සිංහල බ්ලොග් අවකාශයට පැමිණි, නුවර පාරෙහි මුලීක අරමුණ "මෙන්න මෙතනින්" බලාගන්න පුලුවන්. එහෙත් අවස්තානුකූලට එම අරමුණු වලින් වියුත්පන්න ගමනක් යෑමට සිදුවු බව කවුරුත් දන්නා සත්‍යයකි.

නුවර පාර පවත්වාගෙන යෑමට බොහෝ දෙනකු එක් කරන ලද පක්ෂ හා විපක්ෂ කමෙන්ට්ටු මෙන්ම අන් අදහස්ද බොහෝ බලැපෑමක් කල හෙයින් එයට නුවර පාරෙහි ස්තුතිය පුද කරමි. දේශපාලණ බ්ලොගයක් ලෙස හන්වඩු ගැසී ඇති, නුවර පාර එතුලින් ගොඩ ගැනීම ඉදිරි ලිපි වල අරමුණ කරගැනීමට අදහස් කරමි.

Saturday, April 17, 2010

මර්වින් මතට තිත තියයි.

ලක්ෂ එකකට වඩා මනාපය පල කරමින් ජනතාව විසින් තොරා පත් කර ගත් මැර මර්වින්, සිය සමාජ කටයුතු වල පළමු වැන්න ලෙස. සියලු සුරාසැලැ වසන ලෙස නියෝගයක් දී ඇතැයි වාර්තා වෙයි. එලෙසම එම නියෝගය පිලි නොපදින්නේ නම් විකල්ප ක්‍රියා මාර්ග ගන්නා බවද නිවේදනය කල බව දැනගන්නට ලැබී ඇත.

මැරයා කුඩු කාරයා හෙවත් ආචාර්ය වරයාගේ මෙම ක්‍රියා කල්පය ‍ම්ට කලින් සිදුවුවා නම් බැසිල්ද අභිමවා යන මනාප ප්‍රමණයක් ගන්න අවස්තාව තිබණි යයි නුවර පාරට හැ‍ඟේ. තව දුරටත් සොයා බැලැමිදේ දැනගන්නට ලැබුනේ දැනටමත් සියලු මස් කඩ වසා ඇති බවත්ය.

මේ අනුව සියලු සුරා සල් මෙන්ම, සුපිරි වෙළඳ සල් වල මත් පැන් අලෙවි කරන ස්තානද වැසී යනු ඇත. මෙය කොතෙකුත් දුරට යතාරත්යක් වේද මෙන්ම. මොහුගේ මේ ධානත්මක හෙවත් සාමජිය කටයුතු අන් මන්ත්‍රීවර්න්ද තම ‍දර්ශණයට එක් කොර ගන්නේ නම් මේ රට කෙසේ නම් දියුනු වනු ඇත්ද?

මර්වින්ට ජය වේවා.....................!!!!!!!!!!!!!!!!!!!!!!

Sunday, April 11, 2010

පැවති මැතිවරණ ප්‍රතිඵලයට අර්ත කතනයක්

2010 මහ මැතිවරණයෙදි චනද් දායකයා හැසිරි ඇත්තේ අන්කවදාටවත් වඩා වෙනස්ම අයුරකිනි. මෙම හැසිරිම පහත පරිද වර්ග කල විදහා දැක්විමට පුලුවන. මෙම විමර්ෂණ පක්ෂ දෙකටම අදාල වන අතර, දෙපැත්තේම පාක්ෂිකයන් හැසිරි ඇත්තේ එකම රටාවකට බව පැහැදිලිය.

1. පවුල් පාලනයට දිරි දීම
කොතරම් පවුල් පාලනයට විරැද්ධ වුවත්, රටේ පැහැදිලි කැමැත්තක් විශේෂයෙන්ම රාජපක්ෂ පවුල් පාලනයට ලබා දි ඇත. එනම්, නාමල්/බැසිල් හා චමල් ඉහලින්ම ඔසාවා තබා ඇත. මීට අමතරව රිචඩ් පරතිනගේ පුත් / විජමු ගේ පුත් / අගමැතිගේ පුත් / රුවන් / යන පවුල් බලයටද ඉඩක් දී ඇත

2. තරු වලට ඉඩක්
කිසිදු දේශපාලන දැනුමක් නැති ‍එහෙත් වාහිණියෙන් ප්‍රචලිතවු පබා ඉදිරිය පැමණ ඇත. ඔය අතර සනක් / රන්ජන් ද ඇත


3.ලොක්කන් සොක්කන් කිරිම
පක්ෂ නායකත්වය දිමට සුදුසු යයි සම්මත කරු පවා මනාපයෙන් පහලට ඇද දමා තිබිම. බොගොල්ලාගම එලියට විසිවි යාම

4.ප්‍රසිද්ධ මැරයන්ට ඉඩක්
මැරයා / කුඩු කරයා / මධ්‍ය මර්දකයා / මොඩයා හා අචාර්යය යන විවධ නාමයන්ගේන් හදුන්වන මර්වින් ගම්පහින් 3 වන ස්තානයේ වැජබී සිටියි.

5.පොස්ටර් ගානට මනාප ලැබීම
කොළඹ දිස්ත්‍රක්කයේ අර් දුමන්ද සිල්වා තනිකරම පොස්ටර් වලින් ගොඩ ආ අයෙකි.

6. කටට තැනක්
වීරවංශ හා චම්පිකට චන්දය දුනනේ කට නිසාමය

එජාපයට චන්ද අඩුවීමට හේතුව ලෙස පැහැදිලිවම කිව හැක්කේ එජාප පාක්ෂීකයන් චන්දය නොදිමයි.

Saturday, March 27, 2010

මේ ලංකාවට අලුත් දෙයක්ද?

නුවර පාර කියවපු පාඨකයෝ දන්නවා මිට පෙර නුවර පාර තුලින් අප සමාජයේ එක් පැතිකඩක් ගෙන හැර දැක්වුවා. එපිළිබඳ වැඩි විස්තර සඳහා මැදුර අසල සුපිරි නිවාස ලිපිය කියවන්න. එවන් තවත් එක් පැතිකඩක් මෙ‍සේ ගෙනැ හැර දක්වනුයේ මෙයත් අප සමා‍ජය තුල දක්නට ඇති ලක්ෂනයක් නිසාමය. මේ කියන්නට යන කාරණාවද කලින් මෙන් සමාජයේ එම ස්තරයන් හා සාකජ්චාවක ප්‍රතිපලයකි.

මෙය කියවන ඔබට මුලින්ම කීමට වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙළගස්වන්නේමු
1. කුඩා පිරිමි ළමුන් සම වයස් කාණ්ඩයට පරිබාහිර වැඩි හිටි අයියලා සමග කරන අනවශ්‍ය ගනු දෙනු ගැන දැඩි නිරික්ෂනයෙන් සිටින්න
2. දෙමාපියන් ගෙදර නොමැති නම්, දරුවා පාසල් ගොස් පැමිණි පසු කරන දේවල් ගැන සැලකිලිමත් වන්න
3. ජංගම දුරකතන හා පරිඝනයකයේ ඇති දත්ත පිළිබඳ දැඩි විමසිල්ල දක්වන්න


දැනටමත් අද කතා කරන මාතෘකාව ඔබ දන්නවා ඇත. බටහිරයන් කරන ලද සමීක්ෂණයකට අනුව ඔනෑම සමාජයක 6% ප්‍රතිශතයක් මෙම ගොඩට කෙලිනම අයත් වෙයි. තවත් කොටසක් සමාජයේ බලපෑම් නිසා මෙම තත්වයට වැටේ. ඉන් මෙහාට හුදු විනොදාස්වාදය සඳහා මෙම තත්වයට පත්වෙයි. මෙයින් විනොදාස්වාදය හා කෙලින්ම සම්බන්ද කොටස ගැන අපි කතා‍ නොකරන්නෙමු. මන්ද එය ඔවුන්ගේ අයිතියකි. එයට බලපෑම් කිරිමට අපිට අයිතක් නැත. එලෙසම එය ‍තම තමුන්ගේ කැමත්තය. නමුත් මෙහි බරපතල කාරනවා නම් ‍යම් පෙළඹවිමක් නිසා මෙවන් තත්තවයට යම් කිසි දරු‍වෙක් ඇද වැට්මයි.

වයසක හෝ තරමක් මැදි වියේ පිරිස් විසින් පාසල් ළමුන් මෙම තත්වයට ඇද දමා ඇති තත්වයන් පහුගිය දිනවල ප්‍රසිද්ධ ජනමාධ්‍ය තුලත දිගහරිණි. නුවර පාර තුලින් මේ පිළිබදව ඉතා කුඩාවට සමික්ෂනයක් සිදු කරන ලදි. එහි දි මෙම තත්වයේ සිටින පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සාකජ්ජා කොට යම් කිසි තොරතුරු ප්‍රමණයක් රැස් කරගන්න ලදි. කෙසේ නමුත් එය අසාර්තක සමීක්ෂණයක් බවට පත්විය. මන්ද සමහර‍ තොර තුරු ඔවුන් සඟවා ප්‍රකාශ කිරිම හා දැන දැනත් බොරු පිළිතුරු සැපයීමයි.

කෙසේ වෙතත් ඉදිරි දිනයකදි එම පරික්ෂණයේ කෙටි වාර්තවක් ඉදිරිපත් කරන්නට කටයුතු යොදන්නෙමු. සමීක්ෂණයට භාජනය කරනු ලැබුවේ, විවිධ වු සමාජ ස්තරයන්ය. මෙහිදි අන්තර්ජාලය බාවිත කරන්නන් / ඉතා උසස් රැකියා කරන පුද්ගලයන්, සමන්‍ය සමාජය හා ඉතා පහල ස්තරය බැගින් සමාජයේ විවිධ කුලකයන් සලකා බැලිණි. මේ සඳහා සහාය වු කිහිප දෙනාටද මෙන්ම මෙය සාර්තක කරගැනීමට අවැසි පුද්ගලයින් මුණගස්වා දුන් හා තොරතුරු සැපයු මිත්‍රයන්ටද නුවරපාරේ කෘතවේදිත්වය පළකරන්නෙමු.

ඔබගේ යෝජනා චෝදනා එවන්න kandyrd@gmail.com

Sunday, March 7, 2010

මෙන්න මේ කට්ටියටත් කළගුණ සලක්න

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදි සහාය දැක්විය යුතු පිරිසක් හඳුනා ගත්තෙමු.

එයින් පළමු වැන්නා විමල් වීරවංශයි. මේ කට නිසා දේශියත්ව ඉස්මතු කර ජනතාව තුල රට ගැන හැඟමක් ඇති කරන ලදි.

දෙවැන්න ලෙස චම්පික රණවක හදුනා ගත්තෙමු. මොවුන්ද එදා සිට ඒකීය රටකට උරුමකම් කිය යතු බව රටට සපත කරමින් සිටියේය.

තුන්වැන්නා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිනවිය යුතුමය. මොහු තුන් වැන්නට දැමිමට සිදුවුයේ. ඔහුගේ වැඩක් ගන්නට හැකි උයේ මහින්දට පමණක් නිසාමය.

අන්තිමයා රනිල් වික්‍රමසිංහය, රටටේ ජනතාව රට ගැන ඇති ආදරය වැඩි කරගැනීමට මොහුගේ කතා හා වැඩ උපකාරි වෙයි.

ඔබ කොයි පාලාතකට අයත්ව සිටියත් මොවුන්ට උපරිම සහාය දක්වන්න

Saturday, February 27, 2010

පැරිෂුට් දේශපාලණය

දැන් දැන් මැතිවරණ වල ඇති ප්‍රවණතාවයක් වනුයේ, අදාල පළාතට කිසිදු සම්බන්දයක් නැති අපේක්ෂකයෝ ඉදිරිපත් විමයි. අද[හෙට] පත්තරේ දාලා තියනවා ගම්පහට චන්දය ඉල්ලන කට්ටිය. ඔක බැලුවහම මම හොදටම දන්න තුන්දේනෙක් ඉන්නවා ගම්පහට අදලා නැති.

1. බැසිල් -හම්බන්තොට අයෙකි
2. මර්වින් -හම්බන්තොට අයෙකි
3. රතන හාමුදුරැවො -කලුතර හිමිනමකි


හමුදුරැවරැ දේශපලාණයට එම නොකලයුතු වැඩක් උනත් දැන් මේ පාරත් ඒක වෙලා. ඊට අමතරව මෙහෙම පැරිෂුට් කාරයන්ව පාර්ලිමේන්තු යැවිය යුතුද. මොකද මෙයලා මේ යන්නේ ගමේ මිනිස්සුට් වැඩ කරන්න මිසක් රටට වඩ කරන්න නෙමෙයි. දැන් හොදම උදාහරණය ගම්පහ දිස්ත්‍රික්කය. මේ තුන් දෙනවාම ගම්පහට කිසිමඅදාලත්වයක් නැහැ. ඇයි මෙහෙම කරන්නේ? සමහර විට මිනිස්සු ගොන්නු කියලා හිතාගෙන වෙන්න ඇති. බලන් ගිහාම රටේ ඉන්නේ වැඩ් පුරම මැට් මොල්ලු. නැත්නම් ඉතින් අර සක්කරවට්ටම හෙවත් අනර්කලීට චන්දය දෙයිද?

කොහෙමින් කොහෙම හරි මේ පාර බලන්න පුලුවන් ගම්පහත් ඉන්නේ මැටි මොල්ලුද කියලා. නැත්නම් ඔවුන් දැනගන්න ඔනා ප්‍රදේහශයට කිසිම අදලා නැති අයට තමුන්ගේ චන්දයෙන් පත් නොකර ඉන්න. එත් එහෙම වෙයිද කියල් හිතෙනව.

නුවර පාරට අනුව ඔය තුන්දෙනාගෙන් බැසිල් පත් වෙයි. මර්වින් හෙවත් වර්තමාන අන්දරේට ඇප්ත නැතිවෙයි. රතන හමුදරුවන්ට උපසක අම්මලා ටික පිහිට වෙයි. එත් මේ පාර උපස අම්මාලා දෙපාරක් හිතන බව අනිවර්යය කරුනක්. ඇයි අයිත් හාමුදුරැවර් කියන ප්‍රශ්නය ඔවුන් අහනවා.

බලමු මොක වෙන්නේ කියලා?


ආ තව දෙයක් දැන් ජවිපේ එජාප වෙන් විම නියමයි කව්වාට. අන්න අනුර කුමාර දිසානයක කියලා ගුණමකු නැති එවුන් එජාපයේ ඉන්නේ කියලා. හි හි මෙව්ව දැකලා පණ පලයන් පෙරේද ...

Monday, February 22, 2010

පාවා දීමට වසර 8 යි

අද පෙබරවාරි 22 ඉතිහාස ගත දිනයක්. 1815 න් පස්සේ අපේ රට බරපතල පාවාදීමකට ලක් කරපු, ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරපු දවස තමයි අද. වසර 2002 පෙබරවාරි 22 දාවක, කුරිරු ත්‍රස්තවාදීන් එක්ක ගිවිසුමකට එලඹිම අදවැනි කාලකන්නි දවසක සිදු විණි.

චන්ද්‍රිකා විසින් කැන්දාගෙන ආ නොර්වේ රටත් එක්ක එකතුවෙලා අංක එකේ බටහිර එජන්තයා වෙච්ච රනිල් වික්‍රමසිංහ නම් වු කොන්දක් නැති ඒ නායකයා සමඟ මගේ මව් රට ත්‍රස්තවාදයට යටකරපු අද වගේ දිනයක මෙම ලිපිය ඉතා පිළිකුලෙන් හෝ තැබීමට තරම් මා වාසනාවන්ත වුයේ, දැන් නිදහස් රටක ජීවත් වන බැවිනි. පොළවේ පය ගසා ජනතා හද ගැස්ම නොදන්නා මේ දොන් ජුවන් ධර්ම පාල නම් වු පරගැති නායකයා මෙරට මහපොළවෙන් කොටසක් හා මහ මුහුදෙන් කොටසක් කිසිම හිරිකතයකින් තොරව ත්‍රස්තවාදීන්ට ලියා දුන්නේ බටහිරයන් හෙවත් තම මව් රට පිනවීම සඳහාමය. දැන් නම් එය සාදරණිකරනයට උජාරුකතා කියයි.

මගේ මව් බිම ඉරක් ඇද වේ කීරිමට තරම් බලයක් මොහුට අවේ කොහින්ද? එදවස කොට්යාට ත්‍රස්තවාදියා කීමට පවා මැලිවු මෙම රෑකඩ නායකයා අද යුද්ධයේ විරැවාවත් අතහැර දමා තනි ගමනක් යයි. මෙවන් පාවා දීම මොවුන්ට හොදටම හුරු පුරුදුය. මන්ද මේ ලංකාව උන්ගේ රට නෙවෙයි. මුන් වනාහී සුද්දා බෝ කරගිය කලු සුද්දනගේ පැලැන්තියයි. එම ගිවිසුම නිසා රටට හිමි වු තැන නැවත නැවතත් පුල පුල කීමට ඇවැසි නැත. වසර 2002 සිට 2004 දක්වා රට ආණ්ඩු කල මෙම රෑකඩ මිනිසාට ගිවිසුම් ගසා හෝ ඉවර කරගැනීමට නොහැකි වීම අපේ විරැවන්ට පස්ස පෙන්නනට තරම් බලවත් කරවීය. එහෙත් වසර 2005 සිට 2010 වන විට සියල්ල නිම කීරිමට තරම් මහා වු නායක්තවයක් අපට ලැබණි. එහෙව් කර්තවයටවත් උදව්වක් නොදි සෙන්පතියාව ඩැහැගෙන බලයට එමට දැගලුවේය. අවසන එයද සිදුනොවීමෙන් දැන් ඔහුවද අතහැර දමා ඇත

ඉතිහාසයට 1815 තරම්ව 2002 ද පාවාදුන් වර්ෂ ලෙස දැන් සටහන්ව ඇත

Sunday, February 21, 2010

ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය

දැන් තියන දේශපාලන වතාවරණය රටට වැඩදායක වන්නට නම්, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමය. නමුත් එක්විමට වඩා කැඩි වෙන්වි යාම තම වාසියක් ලෙස සිතු අලියා තනි ගමනක් යෑමට උත්සාහ කරනුයේ සියලුම එකඟතා හා එක්විම් අමු අමුවේ පාවා දෙමිනි. සමහර විට රට පවා දුන් අයට මෙය කජ්ජක් නොවන නිසා මෙයට පුදුම විය යුතු නැත. ජවිපයෙ හා එක් නොවිමට ප්‍රදානම හේතුව එජාපයේ ආසන ජවිපේ විසින් ඩැහැ ගනු ඇතැයි කුහක සිතින් සීතිමයි. එලෙසමමෙහි යම් කිසි සත්‍ය තාවයක්ද නැතුවාම නොවෙයි. කාටත් මතක ඇති 2004 දි ආසන 40 ක් දක්වා ගොඩ නැගුන හැටි

කෙසේ හෝ එක්ව තරග කලා නම් යම් කිසි ආසන ගනනක් වැඩිපුර ගැනීමට හිකියාව ඇත. දැන් ආණඩු පක්ෂය කෙසේවත පැරදවිය නොහැක. එම නිසා අපගේ යුතුකම වනුයෙ විපක්ෂයට කට පන ඇති කස්ටියක් තොරා පත් කර යැවිමයි. සරත් ප්‍රමුඛ කණ්ඩායම මෙයට වඩාත් සුදුසු වෙයි. ඔබත් ගියවර දුෂණය විරුද්ධව හා යහපාලනයට සරත් කතිර ගැසුවා නම් හිතට එකඟව මෙම මහමැතිවරණයේ අලියට කතිරය ගැසිය හැකිද? නොහැක කෙසේවත්ම කල නොහැක. එම නිසා ජවිපේ සහෝදර වරු පාර්ලේමන්තුවට යැවිමට ඔබ උත්සුක විය යුතුය.

කිව්ව පරදි පසුගිය කල සරත් වෙනුවේන සිංහල බ්ලොග් ලියු කවුරුත් තවමත් නිශ්ෂබ්දය. හේතුව නැවත අලියට පක්ෂව ඔවුන්ට තම බ්ලොග් කරණය මෙහෙය විය නොහැක. මන්ද පසු ගිය ලිපි බැලු කල ඔවුන් විසින්ම රනිල් අවමානයට ලක්කොට ඇත . තවමත් පරක්කු නැත ඉක්මනට ඔබ සරත්ට පක්ෂව ලිපියක් ලියනු ඇතැයි අපි සිතමු. එහෙත් එය ඉටු නොවනු නිසැකය.

Friday, February 19, 2010

සීනු අලි තරඟයේ කුසලානය කාටද?

මතක ඇති නුවර පාර කිව්වා අලි සීනු කවදාවත් එකතුවෙලා ගමනක් යන්න බැහැ කියලා. ඒ කට හේතුව තමයි ජවිපේ හෝ එජපය කියන්නේ අහසට පොළ වගේ පක්ෂ දෙක්ක. ජවිපේ දේශියත්වය කතා කරනකොට එජාපය බටහිරට වඩා ගැති ප්‍රතිපත්තියක් එක්ක එකතුවෙලා. කොහෙමත් එජාපයේ ඉන්න අය ජවිපෙට කැමති නැහැ. කොමහරි දැන් වැඩේ වෙලා ඉවරයි.

දැන් ජවිපේ කුසලානයෙනුත් එජාපය අලියගෙනුත් එනවා. සරත් ෆොන්සේකව රැවැට්ටුව එකේ දිඨ්ට දම්මවේදිනීය කර්මය තමයි දැන් ජවපෙට පඩිසන් දුන්නේ. මහින්ද හා ඔහුගේ පවුලත් එක්ක තියන තරහ දේශපාලනයට අරන් ආපු ජවිපේ දැන් යන එනමං නැහැ. කොහෙම හරි ඔවුන් සරත් මහත්තයාව අමාරුවේ නොද එකට ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඔනා. නැත්නම් ඔවුන්ටත් කිසි ලැජ්ජවක් නැතිව අලියට එකතු වෙන්න තිබුණා. එනිසා ජවිපෙට අපි එම ගරු කීරිම කල යුතුයි.

එකට ගමනක් යන්න උත්සාහා කරපු මේ කට්ටි දෙක දැන් දෙකට බෙදිලා. දුෂණය නැති කරන්න, යහ පාලනය හෝ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න කියලා ඇදගෙන ආපු සරත් දැන් පැත්තකට විසි කරලා. මතකනේ ඒ දවස් වලා ගෝඩාක් සිංහල බ්ලොග් සරත් වෙනුවෙන් ගොඩක් දේවල් කිව්වා. එහෙම නැත්නම් රනිල්ට වඩා සරත් හොදයි කිව්වා. දැන් එයාලා කා වෙනුවන්ද කතා කරන්නේ? අපි එදත් කලේ සරත්ට ඔහුට හිමි විය යුතු ගරුත්වය දීමයි. නමුත් දැනමම මඩා එහාට මෙහාට ජවිපය හා එජාපය අතර පටන් අරන්. අද ජවිපේ අඩවියක් උනු 'ලංකා ඇත්ත ' ලිපයක් තිබුණා එජාපයට මඩ ගහලා හෙවත් ලක්ෂමන් සරත්ට විරුද්ධව රහස් පොලිසියට කට උත්තර දුන්න කියලා. දැන් කාටත් පේනවා නේද මෙයාලාගේ වැඩ

කොහෙම හරි දන් සරත් වෙනුවෙන් කවුරුත් නැහැ. ජවිපේ ඉනනෙත් වෙන කරන්න දෙයක් නැති හින්දද කොහෙද? බලමු කී දෙනෙක් ලිපි ලියයිද කියලා සරත්ට උදව් වන ලිපි ලියන. සමහරු කිව්වා එදා සරත්ට හම්බවෙන ජන්ද ලැබෙන්නේ යුධ නායකත්වය හින්ද ගමේ මිනිස්සු කියලා. එත් අද එජාපයේ පාක්ෂිකයෝ කියනවා සරත්ට චන්ද තියෙන්නේ කොළඹ විතරයි කියලා. අනේ මන්ද මට පේන්නේ ඔය කාටකාටත් දැන් චන්ද තියෙන්නේ ෆේස් බුක් හරි කොළඹ හරි තමයි. මොකද ඔය කවුරුත් ගමේ තත්වය දන්නේ නැහැ. මට හොඳ ෂුවර් එකක් තියනවා සරත් වෙනුවෙන් එක ලිපියක්වත් ලිය වෙන එකක් නැහැ.

කුසලානය ඉදිරයේ කතිරය ගහන්න කැමති ජවිපේ අය හා පහුගිය ජනිපති වරණයේදි සරත් වෙනුවෙන්ම ජන්දය ගහපු අය මිසක්, හොර පාරෙන් බලයට එන්න දඟලපු එජාපයේ කොළ ලේ තියන කට්ටිය නෙවෙයි. දැන් මා පිලා. පිල් දෙකක් වෙලා. පේනවනනේ මෙයලාගේ තියන ජාතිකානු රාගය. ආසනය බේරගන්න තමුන් වෙනුවෙන් ඉදිරිපත් උන මිනිහවා පැත්තකට විසිකරනවා. කොහෙම උනත් ජවිපේ කියන්නේ පාර්ලිමේනතුවේ සිටිය යුතු කට්ටියක්. එහින්ද බලමු නුවර පාරෙන්වත් පොඩි සපොර්ට් එකක් දෙන්න කුසලානයට. එත් ඉතින් නැවත නැවතත් බොරු කියන්න නැතුව ඉන්න ඔනා.

ඔය මොන සලකුණ තිබුණත් මේ පාරත් තරඟාවලියේ වීරයා වෙන්නේ බුලත් කොළය, මිනිස්සු එක් තව පාරක් තහවුරුකරනවා ඔය ජන්දය දුෂිතයි හොරයි කියපු හින්ද? මොද ජනපති වරණයේ හොර නොකරපු බව පෙන්නන් මේ පාරත් මිනිස්සු ජන්දේ දෙනවා. මොකද ජන්දයට වටිනා කමක් දෙන්න. මහින්ද හොර නොකරපු බව පෙන්නන්න. සරත් ඉන්න හින්දා එජාපේය ජන්ද පදනම පොඩ්ඩක් විතර වෙනස් වෙයි. බලමු මොකද වෙන්නේ කියලා. හිතන් ඉන්නවා ජවිපෙට පොඩි තල්ලුවක් දෙන්න. නැත්නම් අපේ රට ඉස්සරහට බාරගන්න වෙන්නෙ මර්වින්/ මුතු හෙට්ටි / ගීතා / දුමින්ද වගේ මෙලෝ වැඩක් නැති මිනිස්සු ටිකක්

Wednesday, February 17, 2010

චන්ද පෙස්සමේ විහිලුව

ඔන් ඔකයි අපි කියන්නේ බොරුවට වැඩි කල් නැහැ කියලා. ජනාධිපතිවරණයේ පරාජායේ දුක විදා දාරගැනිමේ ශක්තියක් නැති නිසා බොරු අවලාද කියමින් මහා සංඝයා කුපිත කර බෞද්ධ ජනයා ගොනට ඇන්දවීමට බැලුවේ. නමුත් එකත් හරි ගියේ නැහැ. මතකනේ පැදිච්ච ගමන් කිව්වා ජන්දය දුෂිතයි කියලා. ඔන් එකට දැන් ඊයේ 2010/02/16 ජන්ද පෙස්සමක් ඉදිරිපත් කලා. ඔකේ තොරුරු දැන් මධ්‍යට ඇවිත් ඉවරයි. හපොය් එක දැකපුවාහම මුන්ට ලැජ්චාවක් තියනවද කියලාත් හිතෙනවා

සෝමවංශ ලොක්කා කව්වා කොම්පියුටර් ජිල්මාට් එකක් දැම්මා කයලා. අනේ ඉතින් ඔය යක්කුන්ට කොම්පියුටර් කිව්වහම දන්න දෙයක් තියනවද? හරියට අපිට අභ්‍යවකාශා යාන ගැන කියනවා වගේ. මොකද ඉතින් පොස්ටරේන එහාට දෙයක් දන්නේ නැහැ මෙයාලා. නොදන්න එකක් දැන ගන්නවා මිසක් බොරු කියන්න හොදනැහැ. දැන් අන්තිමට බොරුවේ තරම කොච්චරද කිව්වොච් ඔක චන්ද පෙස්සමේ නැහැ. පේනවනේ මුන්ගේ තරම.

තව කිව්වා චන්ද කොමසාරිස් පිට්පස්සේ බැසිල් තුවක්කුව තියාගේන බය කලා කියලා. හරියට පොඩි එවුන්ට ගෝනිබිල්ලා සෙල්ලම් කරනවා වගේ. කොහොමත් ඔය ජවිපේ එවුන්ට පිටපස්සේන් ගිහින් ඔලුවට තුවක්කුව තියලා අයිඩේන්ටිය ඉල්ලලා පුරුදුයි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඔක තමයි. තමුන් කරපුවා ඉබේටම කියවුනා. හපොයි මෙහෙම්ත පිචං විමක්.

තව ඔය කිහිප තැනක චන්ද පොළ නියෝජිතයො එලෙව්වා කිව්වා. කරුමයක මහත හෙවත් පරාජයේ පුරුදුව කියනනේ රනිල් කිව්වා උදේ 7 ඉදන් හවස 4 වෙනකල් පැවති චන්දය ඉතා සාම කාමීකියලා. තව මොන කතාත රනිල්වම නග්ගන්න පුලුවන් සාකෂියකට. තව කිව්වා ඉතින් ගොඩක් ජාති කිව්වා ඔය අතරේ අපේ ටිල්වින් සහොදරයා කිව්වා, මේ චන්දය ඉතා සියුම් ලෙස හොරා කෑවා කියලා. උන් කොහොමද දන්නේ සියුම් හොරා කෑම. ෂුවර් එකටම කරලා ඇති මීට කලින්. කරලා නැත්නම් ඔන් මහ චන්දය එනවා එකටවත් කරන්න නැත්නම් ඉතින් ආසනයක් නැතුව තමයි උපවාස උද්ගෝෂණ කරන්න වෙන්නේ.

පේනවා නේද දැන් ජවිපේට තැනක් නැහැ කියලා. කොච්චර දුරට ප්‍රශ්ණද කිව්වොත් මහචන්දයට ලකුණක් නැහැ. සත්තු ගොඩක් ඉන්නවා, අලිය/හාවා/රාජඅලිය/ හංසයා. කිවවට තරහ අවසර සීනුව දිහා නිකමටවත් හැරිලා බලන්නේ නැහැ දැන්. ඇයි දේයිනේ උනු ලැජ්ජාවට අයිත් සීනු ගහන්න පුලුවන්ද?

ඔන් ඔකයි කියන්නේ මිනිස්සුත් එකක් ඉන්න කියලා. පහු ගිය ටිකේම හිට්යේ එජාපයත් එකක්. ඉතින් කොහොමද ජන මනස තේරේන්නේ. දැන් ඉතින් බලමු මහ චන්දයෙන් එක් ආසනයක්වත් ගොඩ දාගන්න. මක්කා කරන්නද? ඉන්න ඔනා කට්ට්ය නිකං චව් වෙලා ගියා. කමක් නැහැ. ආසන 4 ක්වත් ගොඩ දාලා දෙන්ව නුවර පාරත් පොඩි සපොට් එකක් දෙන්නම්. හැබැයි ඉතින් අලියගේන අවොත් ගියපාර දුන්න බැස්ට්ය දෙනවා මේපාරත් අයිත් චන්ද නොකරන්න

Tuesday, February 16, 2010

සඟ සමුලුව කල් දමයි

මහ සඟන රැවටු
මුන් රැළම පවිටු
ගද මුන්ගේ හපුටු
කවමු මුන්හට පිට්ටු

සිව් හිමියන් දැන උගත
ගත් නිගමනය නැවත
ඇරඹුවේ සිනුවේ විපත
මුන් හට හැමදා අගත

කව්වත් මහා දේ රටට
කලහදි නිසා මව් බිමට
ඉඩක් නැහැ දැන් රතට
පලක් නැහැ මුන් රටට

ට්ල්විය මහ මග දුවන කොට
සෝමය ඇඩුවා රටටම පෙනෙන්ට
පිංගුව තැනුවා තැන තමුන් හට
සිනුව යටයි දැන් අලියාට

කැට කෙරුවා මං

එකතු කරලා කව්වා උං
එකතු වෙලා හෙල්ලුව බං
එකතු කරලා බැලුව මං
එකතු වෙලා ගහලා උං

නැති එකාගේ සල්ලි අනේ
තියන එකා තු නොදොකින්
මං මොකටද උන්ට දෙන්නේ
දවල් කෑම කැටේ ගානේ

බිව්වෙ නැහැනේ අරක්කු
කැටේ ගානේ අරක්කු
උන් එක්කම අරක්කු
බව්වේ අපිනේ අරක්කු

සමහර උන් සීරවටම
තවත් එකෙක් ෆිට් එකටම
මැටි හරකෙක් ගොන් කමටම
කැට හෙල්ලුවේ ලොකු එවුන්ට

කැට නැහැනේ දැන්
රතු නැහැනේ දැන්
උන් නැහැනේ දැන්
ඩොලර් එන්නේ දැන්

සරසවියත් දැන් බේරි
සංගමයත් දැන් බේරී
තරුණ පෙළත් අද වෙන්වී
ලොක්කො හඩයි පීචං වී

Monday, February 15, 2010

රතු සීනුවට කෙළවුණි

තරුණ පෙළත් නැහැ
හිටපු උනුත් නැහැ
අලුත් එකෙක් නැහැ
ඉන්න උනුත් නැහැ


වාසිටි නැහැ
සංගම් නැහැ
පුටුවක් නැහැ
ලොක්කත් නැහැ

සරතුත් නැහැ
අලියත් නැහැ
සීනුව නැහැ
ජනයත් නැහැ

හෙටක් ඇතිද
රටක් නැතිද
අලිය බැරිද
අපි එපාද

හිරු පායයි
පාරේ ඉදියි
හිඟාම කයි
යන්ඩම යයි

අයේ අනේ
කවදා පුතේ
රතු එයිදෝ
කියනු මැනේ

Sunday, February 14, 2010

ටිල්වින් ඉකි ගසයි .... ඉදිරියක් නැති හැඩයි ...

මහ මැතිවරණයට නාම යෝජනා දීමට තව දින කිහිපයක් ඇත. සියලු දේශපාලන පක්ෂ ලහි ලහියේ එයට සුදානම් වෙයි. සන්දානයට ජයග්‍රාහිලීලාවෙන් එයට පෙරමුණ ගත්හ. එජාපයටද අනිවර්යය චන්ද ලක්ෂ 41 ක් ඇති නිසා ඔවුන්ද ලබන සතිය තුල ශක්තිමත් පෙරමුණක් ඉදිරිපත් කිරිමට යයි. දැන් යන එනමං නැත්තේ ජවිපේටය. ප්‍රවෘත්ති සාකඡ්චා ඉකි ගසමින් ඉදිරිපත් කරයි. අද 2010/02/14 තිබු මධ්‍ය හමුවට ටිල්වින් අඩමින් අදහස් දක්වයි. ඒ අසල සිටි ලාල් කාන්ත හෙවත් පිංගුත්තරයා ලේන්සුව දික් කරයි.

ටිල්විය ඉකි ගසමින් කියන්නේ, අපි සිනුවෙන් නොඑන බවත් සරත් ප්‍රමුඛව පැමිණෙන බවත්ය. එජාපය කිසිලෙසකින්වත් අලිය අත් නොහරී. මෙවන් තත්වයක් තුල ජවිපේට හංසයා හෝ හාවා හෝ රජා අලිය ඉතුරුව ඇත. නමුත් හංසයා දීමට රවි කැමති නැත. හාවා අල්ලා ගැනීමත් ඉතා අමාරුව්නේන ජවිපේ දන් ඉබ්බෙකුගේ ගානට වැට් ඇති නිසාය. රජා අලිය අල්ලන්නටත් බැරිය මන්ද උ යන්නේ අඩින්ද මුන් යන්නේ අඩි කිහිපයක් පොළව යටින් වීමත්ය.

මෙතුවක් කල් ජවිපේ ගන්නා පැත්ත දිනන බව හෙවත් තුන් වෙනි බලවේගය වු ජවිපේ දැන් කිසිදු බලවේගයක් නොමැතිව වැලපෙමින් සිටියි. ඉතින් අපි කුමක් කරන්නද? කුම්බලා මාලු කෑවන් නම් වලදාපන් බලලෝ. ඉදිරි මහ මැතිවරණයේදි ජවිපෙට ඇති චන්ද පදනම මොනවට පැහැදිලි වනු ඇත. සරත් එක් කරගත හොත් යන්තම් ආසන 5 ද ඔහු නොමැතිව එක් ආසනයකට හිමිකම් කීමට හැකි වනු ඇත.

දැන් කිසිසේත්ම ජවිපේට තරුණ පදනමක් නැත. එය ඔවුන්ට බලවත් පහරකි. දැන් තරුණයින් ඔවුන්ගේ රතු කතාවලට නොරැවටෙයි. මන්ද දැන් ඔවුන් තොරතුරැවලින් සන්නද්ධ තරුණ පෙළකි. ඉදිරියක් නැති රතු සීනුවට කුමක් වෙයිද?

ශක්තිමත් විපක්ෂයක් අවැසි වුවත් එවන් තත්වයක් පේනතෙක් මානයකවත් නැත. කෙසේ වෙතත් ශක්තිමත් විපක්ෂයක උවමනාව මෙරටට අත්‍යවශ්‍ය කරුනකි. එසදහා දැන් ජවිපෙට කැඩි ගොස් අසනයක් ලබා ගත නොහැකි වන චන්ද ප්‍රමාණය නැවත එජාපය තුලම රදවා ගැනීම එජාපයට හිතවත් සියලු බ්ලොග් කරුවන්ගේ යුතුකමකි. එමෙන්ම ඔවුන් සරත් උඩ තයාගෙන ගිය ගමන අලියාගෙන් නැවැතිවිම සදාචාර නොවන බව ඔවුන්ටම වැටහි ඇති බැවින් කටක් හො නොසොල්වයි.

දෙරණට ආචාරය

මා දන්නා කාලය තුල, ගායන ලොවට නවකයන් කැන්දා ගෙන එමට මහත් වු ප්‍රයත්නයක් දැරුවේ තරුණ සේවා සභාවයි. එදවස ඔබටත් මතක ඇති, තුරුණු ශක්ති නමින් රුපවාහිණියයේ දෙවනි නාලිකාව හරහා නවයන් ගී ලොවට හදුන්වා දුන් අයුරැ. ඉන් පසු ඇමරිකන් අයිඩල් නම් වු වැඩ සටහනේ ලාංකීය නැඹුරුව ලෙස, සිරස නාලිකාව විසින් සුපර් ස්ටර් වැඩ සටහන ලාංකීක පේක්ෂකයාව අලුත් මගට රැගෙන යන ලදී. එමග යමින් ස්වධීන / ජාතකිය / ස්වර්ණවාහිණිය / දෙරණ මෙන්ම ට් එන් එල් මගින්ද මෙම සුපිරි තරු සොයා යෑම තරඟකාරී අන්දමින් ආරම්භ කෙරැණි.

අද වන විට යම් කිසි මට්මක තිබෙන වැඩසටහන් අතුරින් දෙරණ නාලිකවේ යන ඩ්‍ර්ම් ස්ටර් තරඟය පෙක්ෂයනට මෙන්ම තරඟකරුවන්ටද නවක අද්දෑකිමක් ලබා දී ඇත. ඇත්තටම ප්‍රාසාංගික අතින් ඉදිරියෙන්ම තිබෙන මෙම වැඩ සටහනට ලං වීමටවත් අන් මෙවන් ආකාරයේ වැඩසටහ්නවටල නොහැක. මෙවැනි ක්‍රම ලාංකීකයන්ට හදුන්වා දීම සිරස හාරහා සිදුවවුත්, එය අපේ කමට පරිවර්තකය ඔවුන්ට නොහැකි විය. මෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත් දෙරණ සෑහෙන ප්‍රතිචාර ලබමින් ඉදිරියට යයි.

ස්වර්ණවාහිණිය ගැන කතා කීරිමට නොහැකි තරම් වැඩසටහන් වල ගුණාත්මක භාවය අඩුව ගොස් ඇත. කලක් ඉමහත් ජනාදරයට පත් වු මෙම නාලිකාවට මෙම ඉරණම අත්වුයේ කෙසේදැයි සෙවිය යුතුම කාරණාවකි. රජ්‍ය මධ්‍ය මෙම වැඩ සටහන් කරනුයේ, අති වියත් මණ්ඩල සහභාගීකරගෙනය. එම නිසා හා එවාහි ඇති ප්‍රාසංගික හා තරුණ ගතිය අඩු නිසා ජනයා එවා බැලීමට ප්‍රියතාවයක් නොදක්වයි.

දෙරණ නාලිකාව තුල ප්‍රචාරය වන මෙම වැඩසටහන ඉදිරිපත්කිරිම අතින් මහත් සේ පැසසිය යුතුමය. විවධ මාතෘකා යටතේ විවධ වු ශෛලයන්ගේ ගී ඇසිමට මෙමගින් අවකාශය ලැබේ. දෙරණ සිදු කරනු ලබන මෙම කර්තවය සදහා ඔවුන්ටද ජනතා ප්‍රසාදය නොඅඩුව ලැබී ඇත.

වෙනතැනකට යාමේ කෙසේ බලපායිද ..

අද උදේ දැනගත් පරිදි, දේශපාලන ලිපි ලියන අඩවි වෙනම අයිතමයක් යටතේ දිගහැර දැක්වීමට සිංහල බ්ලොග් කරුවන්ගේ පරිපාලක අංශය තීරණය කර ඇත. වැඩි දුර තොරතුරු සදහා පූර්ණ "දේශපාලනික බ්ලොග් වෙනම පිටුවකට" ගොඩවන්න.

මෙම තීරණය පිළිබද නුවර පාරට කිසිදු ගැටලුවක් නැත. මන්ද මුදල් හො වෙනයම් වාසියක් අපේක්ෂාවේන නොකරන නිසාමය. තවද මෙම තිරණය හා උරන වී නුවර පාර ඉවත් කරන මෙන්ද නොඉල්ලමි. මෙමගින් නුවර පාරට සිදුවන වාසි හා අවාසි ඇතැයි සිතමි. මන්ද මුලික පිටුවේ දිග නොහැරීම පාඨකයන්ගෙන් ගිලිහි යනවා මෙන්ම, ඉතා සුලු බ්ලොග් ප්‍රමණයක් ඇත දේශපාලණ අයිතමය තුල දිග හැරිමෙන් වඩා අවදානයට යොමු වීමත් මෙයින් සිදුවෙයි. ඒ කෙසේ වෙතත් මුලික පිටුවෙන් ගිලිහි යාම දැඩි බලපෑමක් එල්ල වනු ඇත. එහතේ දේශපාලණයට අකමැති හා එයින් අපහාසුතාවයට පත්වු සියල්ලටම මෙය වඩා හොද ක්‍රයාදමයකි. එම නිසා එම තිරණයට නුවර පාර තම අචාරය පිරිනමයි.

දැනට තවමත් දේශපාලණ අඩවි හදුනාගනිමින් සිටින නිසා හා ඉදිරියට දේශපාලන නොවු එවාත් නැවතත් දේශපාලණිකරනය විම වඩ ඩාත් හදුනා ගත හැකි වුනු ඇත. මාස කිහිපයක් තුල වැඩිම පාඨක සංඛ්‍යවක් නුවර පාර කීයවීමට පැමිණ ඇත්තේ සිංහල කියවනය හරහාය. එමෙන්ම නුවර පාර සදහා වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේද මෙමගිනි. කෑ බත් පතේ පහරන ක්‍රමයක් නුවර පාර අනුගමනය නොකරයි.

දැනට නුවර පාර ලංකාව තුල ඉදරියට යෑම, මෙම අලුත් විදිහ සමඟ නිසැක ලෙසම අනික් පැත්තට දෝලනය වී යනු ඇත.

ඔබගේ පැමිණිම ඉතා අගයන්නෙමි.

Saturday, February 13, 2010

දේශියත්වට එම සිදු වුණු හැටි ......

අඩි හතරක් පහක් උඩින් ගිය එජාප හා අඩි විස්සක් තිහක් යටින් ගිය ජවිපේ අතිනත ගෙන සරත් ෆොන්සේක හෙවත් හිටපු යදහමුදා පති මෙන්ම මාණ්ඩලික නිලදාරී පෙරටු කොට ගිය ගමන ලංකාවට මහත් සේ වාසි ගෙන දුනි. ඔවුන් ලැබු චන්ද ලක්ෂ 40 අපට නිකන්ම ඉවත දැමිය නොහැක. මේ සියල්ල අපේ රටේ එකීයත්වය ට හා ඉදිරි ගමනට ලැබුණු දිරිගැන්වීමයි.


1.උතු-නැගෙ ජනයා කොටියට සම්පුර්ණයෙන්ම විරුද්ධයි
ත්‍රස්තවාදය තුරන් කිරිමට එලව එලවා පහර දුන් යුධ සෙන්පතිට උතු-නැගෙ ජනතාව චන්දය දුන්නේ එම කල ක්‍රයාව අනුමත කරමිනි. එම නිසා ඉතිහාසය තුල ලියවෙනුයේ දෙමළ ජනතාවගේ ආශිර්වාදය කොටිය පැරදවීමට ඉහළින්ම ලැබුණු බවයි. සිංහල දෙමළ ජාතිවාදි ගැටලුක් නොව හුදේක්ම ත්‍රස්තවාදී තත්වයක් එකල තිබුණුබව මුලු ලොවටම දෙමළ ජනයා හඩගා කියා අවසන්ය. එම නිසා කවදාවත් සිංහල ජනාය දෙමළ ජනයට විරුද්ධව, කොට් පැරද්දවු බව කිව නොහැක.

2.එකීය භාවය පිළිගැනීම
එකීය බව යටකරමින් එක්සත් බව එලියට ඇදගෙන ආ රනිල්ද, අනික් කොට් හිතවාදිනුත්, රට එකීය විය යුතුයයි කියු සරත්ට එකගතාවය පල කරමින්, එකීය රටක් වෙනුවෙන් චන්දය ඉල්ලුවේය. එම නිස දැන් රනිල්ට නැවත එක්සත් රටක් ගැන කතා කරනවා වීනා කටව්ත සෙල්ලවිය නොහැක. මහින්දට චන්දය දුන් ලක්ෂ 60 ත්, සරත්ට ලැබුණු ලක්ෂ 40 ත් එක්ව ගත් කල මුලු රටම එකීය රටකට කැමැත්ත පල කර ඇත.

3.හාමුදුරුවන්ගේ ඓතිහාසික කර්යය භාරයය පිළිගැනීම
මෙතුවක් කල් මහා සංඝයාට අපහාස කරමින් තම මතය ඉදිරියට දැමු බටහිර ගැත්තෝ දැන් මහා සඟ රුවන ඉදිරයේ තබා සිල්වත් ගමනක් යයි. මෙරට මහා සංඝයට කිසිවක් කල නොහැක. නිකන් පන්සල් වලට වෙලා ඉන්නවා යයි කියු කටවල්ම දැන් හාමුදුරුන්ට දොහොත් මුදුන් දී එහෙයි කියයි. එවන් තත්වයට මෙරට බටහිර ගැත්තන් නොදැනුවත්වම එක්ව ඇත. එය මෙරටට ලැදි ජනය ලැබු මහා ජයග්‍රහණයකි. අපේ සංඝයට ඇති බලය පිළිගැනිමට විම කලු සුද්දනට දෛවයේ සරදකි

4දේශියත්ව හුරැවට වැඩ කීරිම
සරමට බැන්න, පන්සල් යනවාට බැන්න බටහිර ගැත්තන්ට ගමට ගොස් පන්සල් යන්නට සිදුවිණි. කවදාවත් ජය පිරිත කියා ආශිර්වාද නොගත් රනිල්ට, අභියෝග කරමින් කලණිය රජමාහා විහාරයට ගොස් එයටද එක්වීමට සිදුවිය. අපේ කමට ඇදගෙන ආ ඔවුන් දැන් නැවතත් පරණ තත්වයටක නොවැටෙනු ඇත.

නොදැනුවත්වම අපේ කමට ආ මොවුන් නිසා බටහිරයන්ටද කර කියා ගත නොහැකි තත්වක් අත්වි තිබේ. අපේ රට ලැබු මෙම ජය ඉතිහසාය තුල අන්කවරදාකවත් නොවු තත්වයෙකි.

සංඝයාවහන්සේට රටේ ඇති තැන ....

ඇනියන්ට අවසර නැත

ලබන 18 වැනිදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ කොටගත් සංඝ සම්මෙලනයක් කැදවා ඇත. මෙහිදි කතිකාවතක් ඇතිවනුයේ හිටපු හමුදා පති වු සරත් ෆොන්සේකා මහතා ගැනය. එතුමාද නිදහස් කරගැනීම සදහා පවත් වනු ලබන මෙම සම්මේලනය සදහා සිව් දිගින් මහා සංඝරත්නය වැඩම කිරිම අනිවර්යය දේයක් විය යුතුමය .... මන්ද යත් උන්වහන්සේ සතු බලය නිතීය ඉක්මවා ගිය බව ලොවට පෙන්විය යුතුමය. ෆොන්සේකා මහතා නිදහස් කරගන්නවා මෙන්ම රටට කරන හතුරැකම්ද ගැනද කතා කර බටහිර ගැත්තන්ටද පණිවුඩයක් දිය යුතුමය. තවද මේ සදහා අඩුම වශයෙන් මහා සංඝරත්නය දහදාහක්වත් වැඩම කල යුතුමය. නැතිනම් මෙය සර්ව සාදාරණ හා තප්පුලන්නාවු ප්‍රජාතන්ත්‍රවාදය නැතුව කරන කරැනක්ම වනු ඇත. තවද මෙය දේශපාලණ වැඩක් යයි කීමට ද පුලුවන. එම නිසා එම වගකීම සංවිදායක වරැන් දැරිය යුතුමය.

මෙහිදී අපට බලා ගත හැකි වනුයේ එතුමා ගැන මහා සංඝයා දරන ආකල්පය හා ජනපතිට යවන පණිවුඩයයි. මහින්දට මහා සංඝයාට විරුද්ධ විය නොහැක. මන්ද ඔහු හාමුදුරුවරුන්ට ඇහුම් කන්දෙන අපේම නායකයෙකි. ඔහු විරුද්ධවීම යනු ඔහුගේ ගමනටද යම් බලපෑමක් එල්ල වනු ඇත. එහෙත් උන්වහන්සේලා ඉදිරිපත් කරන ලියවිල්ල සාදාරණ විය යුතුය. මන්ද යත් දේශපාලණ අතුකොලු ලියවිල්ලක් නොවිය යුතුය.

මෙම සම්මේලනය නිසා අපගේ පැරණි සම්ප්‍රදායට ඇති තැන දැන ගැනීමට හා අපිට ඇති බලය නැවත ලොවට විදහා දැක්විය හැක. එම නිසා මෙයිනුත් වනුයේ රටට හතුරැ බටහිට ගැති අයට පහරක් වැදිමය. එම නිසා මෙ මහා සමුලුව ඉතා වැදගත් වනු මෙන්ම එය ඔනැයයි කියන අයට නැවත පාරා වලල්ලක් වනු නිසැකය. නිතීය ඉක්මවා ගිය සමාජ බලයක් භික්ෂුවට ඇතැයි පරගැතියන්ට පෙන්නුම් කිරීම සදහා මහගු අවස්තාවකි. අනිවර්යයයෙන්ම මේ මොහත මහින්දටද මග හැර යා නොහැක. මන්ද මේ එක්ව කතිකා කරනුයේ මව් රටේ මුර දේවතාවුන්ය.

ජවිපේ හා එජාපය එක්ව තැනු හංසයාට උනු වැඩේම මෙවරත් වනු නොඅනුමානය.....

මෙම සමුලුවට පැමණෙන මහා සංඝයා කවුරුන්දැයි විමසීමනේ මෙම සමුලුව දේශපාලනද? නැතිනම් ඇත්තටම සරත් වෙනුවෙන්මදැයි අපට තිරණය කල හැක. මොකද මේ වන විටත් සමහර හාමුදුරැවරැන් දේශපාලන අතකොලුවි ඇත.

විශේෂයෙන්ම බෙල්ලන්විල හාමුදුරුවෝ/කුසලධම්ම හාමුදුරුවෝ දරණ මතය දැඩි බලපෑමක් එක් කරනු නොඅනුමානය. මන්දයතු උන්වහන්සේට අප සමාජයේ විශේෂවු පිළිගැනීමක් ඇත.

මෙහිදි සරත්ව රවටා, ඔහුගේ මුවින් පිටවු රට පාවා දිමේ වැඩ පිළිවෙල නතර කර ගැන්නේ කෙසේදැයි සාකච්චාවට බදුන් කල යුතුමය. මන්ද කල වරදට සමාව දී එලියට ආ පසු නැවත එයම කරන්නට බැරි කමක් නැත. මන්ද පහුගිය කල ජවිපේ උත්සාහ දැරුවේ පෙර වැරැද්දක් කීරිමටය...

ඇනියන්ට දෙන අවස්තාව

මෙම ලිපිය හුදෙක්ම අසැබි දේ ලියු ඇනියන්ට පමණි

ඇනියන් අතර සිටිනා අන්මත ඉවසිය නොහැකිව, එයට පිළිතුරැ දෙනවා වෙනුවට අසැබි දේ ලියමින් දැඩි විරෝධයක් පෑමට උත්සාහ දරයි. එනමුදු නුවර පාර තහනම් හෝ ලිපි ලිවීමට නතර කිරිම ඔබට කල නොහැක්කකි. මට විරැද්ධ වුවත් sam හා tharu සභ්‍ය ලෙස අදහස් ඉදිරිපත් කර තිබුණි.

මහා ලොකුවට පුජාතණ්තුවාදය හොයන ඔවුන් අතලොස්සක් පැමිනෙන නුවර පාරට දැඩි බලපෑමක් දක්වයි. බැරිවෙලාවත් මොවුන් බලයට පැමිණියා නම්. ...?

කෙසේ වෙතත් අද මෙම ලිපිය ඇනියන්ට ඇති ලිපියකි. ඉදිරියට පල වන ලිපි වලට ඇනියන්ට පිළිතුරැ දිය නොහැකිද යන්න මෙයට ලැබෙන සටහන් වලින් තීරණය කරමි. ... එම නිසා මට ඇති තරම් බැනපල්ල. ඔන දෙයක් ලියපල්ලා එකක් වත් මකන්නේ නැහැ..... හැබැයි මේ අවස්තාව තීරනාත්මක වෙයි .........එත් එක් අසැබි සටහන්ක දැමුවොත් එය එවේලේම මකා තිරණයක් ගනිමි.

වැදගත්
මා හිතනා අන්දමට අසැබි දේ ලිව්වේ එකම පුද්ගලයෙකි .... මන්ද යත් එකම IP ම විය

පසුව ලියම්
සමා වුව මැන එක් ඇනියෙක් කරනු ලැබු අසබි සටහනක් නිසා සියලු ඇනියන් නතර කරන ලදි

මහා නාහිමයන්ට අභිමනින් ලියමි

සිව් හිමිට බැණ වැදුණු
යුද විරුට ගොන් කිව්ව
ඒ උන්ම අද එක්ව
නාහිම ඔසවන්නේ
විරුට කල ඒ හදිය
ගෙන දෙන්නට මහ සඟට

හසු නොවනු නාහිමිණි
බටහිරට ගැති කරන
ඔය පොට්ට ගොන් රැලට

රතු හඬට ඉඩක් නැත
අද සිටම ඔවුන් හට
හෙටක් නැත කපකටම

අන්දවන්න මහ අලියා
දෙන්නේ නැත පොඩි පැටව්
ඉන්න දැන් තැනක් නැත
යන්න දැන් තැන්ක් නැත
මහ මගම තමයි තැන
රතු සීනුවට එල්ලෙන්න

මහ විරුව බිම දමා
නාහිමි කර තියන්
දැන් ගියත් ඔය රැළ
හෙට දිනයේ බිම දාමා
පොරකන්නේ මනාපෙට

ඒ හින්ද හිමියනේ
රැක ගන්න ශාසනේ

හිත් දෙන්න මව් රටට
ගෙන දෙන්න අභිමනම
හිමියනේ...... මව් බිමට

Friday, February 12, 2010

සීනු අලියා වැදූ, පාත්ත පැටව් කල හදිය

මිණි ගෙඩිය හැලී ගිය
කෙසග වු හස්ති රජ
මහ විරැගේ ගේ අභිමනින්
වැදුමට ගිය හංස පෙළ
පෙරම වැදුමට
පෙරලුනි බවට පාත්ත රැළ

කරැමයක මහත
එක්වන්ට දිරි දුන්න
ඒ මහා සෙන්පති
වැදුම් ගෙයි තනි කරම
යමු ද අපි ගමනක් වෙන් වෙන්ව....

කල නොහැක දැන් කිසිත්
සෙන්පතිගේ කට ගත්ත
නරැම ඒ රතු හඩට
නැටු ඒ යුධ විරැම
හෙලා දැක මගේ මව් රට
ඇද දැම්මේ කුඩුවට

කල නොහැක පාගන්න
නැවත මගේ මව් බිමම
රතු හඩට බටහිරට ....
ගැති වෙලා නින්දිතව

දිය යුතුය දඩුවමම
නොකරන්ට ආයිමත්
මෙවන් වැඩ මගේ රටට .....


දැන ගනි මව් රටේ අභිමනම
බටහිරට ගැතිකරන
නරැම ඒ අමන රැළ ....

පසුව ලියමි
අසැබි දේ යම් ලෙසකට හෝ සබ්‍ය ලෙස ලියන්න එවිට සටහන් මකන්නේ නැත

කවුද මේ අය? අදුනනවද?

පහත රැපය නුවර පාරට හමු උන මග වැටිලා තබිලා පුලුවන්ද ඉන්න කස්ට්ටිය අදුනන්න?


පුලවන් නම් 1-5 නම් කරන්න
1. ?
2.?
3. ?
4.?
5.?




පසුව ලියම්
මාත් දන්නේ
1. රනිල්
3. තිස්ස කියලා විතරයි

දැන්න කෙනෙක් ඉන්නවනම් ඉතුරැ කට්ට්ය කිය්නන?

Thursday, February 11, 2010

රතන හාමුදුරැවන්ට ගෞරවයෙන් ලියමි ...

කට්ටියට මතකනේ නුවර පාර අනාවැකියක් කිව්වා රතන හාමුදුරැවෝ ගම්පහට ඉල්ලනවා කියලා මතක නැත්නම් ගිහින් බලන්න "දේශපාලනය හා මහා සංඝයා" කිව්ව විදිහට ඔන්න වැඩේ වෙලා. දැන් ඒ හින්දා ආයිත් ඒ ගැන ලියන්න උනා.

2004 දි රට මුහුණ දිපු තත්වය හා සෝමහිමිගේ අභාවය සමග ඉතා ශෝචනිය තත්වයට පත් වෙලා හිටපු අපේ බෞද්ධයෝ සංඝයා වහ්නසේ කිහිප නමක් පාර්ලිමේන්තුවට පත් කර යැව්වා. එයාලා පාර්ලිමෙන්තුවට වැඩම කලේ ධර්ම රජ්‍යයක් හදන්න , සෝම හිමි අපවත් විම පිළබද කොමිසමක් හා අන්‍යගමීකරණ පනතක් ගේනන. නමුත් ඉෂ්ට උනේ කොමිසම පමණයි. එවගේම උන්වහන්සේලා නිසා වෙනත් වටිනා දේවල් රැසක් රටට ලැබුණ එකත් අමතක කරන්න බැහැ. එම නිසා එම අවස්ථාවේදි අවස්තානු කුලව උනවහන්සේලා ඉදිරිපත් විම හරි.

නුමත් මෙවන විට ආයිත් සංඝයා වහන්සේ චන්දය ඉල්ලන්න ඔනා නැහැ. මොකද දැනටමත් හෙළ උරැමයට ගිහි නායකයෝ ඉන්නවා. එයාලට පුලවන් චන්දයට ඇවිත් අවැසි දේවල් කරගන්න. හෙළ උරැමයට සම්බන්ද පාක්ෂිකයෝ තාමත් ඉන්නවනම් කරැනාකරලා මේ පිළිබදව දැනුවත් කරන්න එම හිමි වරැන්ව. මොකද නාම යෝජනා දෙන්න තව දවස් තියනවා. එහින්ද අපි කියන එව්වාත් එයාලට පොඩියක් හිතන්න කියන්න. කොහොමත් ගියපාරත් හෙළඋරැමටය චන්දය දුන්නේ නාගරික ජනතාව එයිනුත් ගම්පහ හා කොළඹ කට්ටිය ගොඩක් ජන්දය දිලා ආසන 5 ක් අරන් දුන්නා. එයට හේතුව ගොඩක් නාගරික ජනතාවට තොරතුරැ එමයි. මන්ද සෝම හිමි ගේ හඩ වඩාත් කා වැදුනේ නාගරිකයන්ට හා අර්ධ නාගරික ජනතාවට හෙවත්, කඩුවෙලට /කඩවතට/ අවිස්සාවේල හා කලුතරට අතුලේ කටිටියට.

දැන් ගම්පහට රතන හාමුදුරවෝ ඉල්ලනවා. හාමුදුරැවනේ සිව්රට තියන ගෞරවයට මිනිස්සුන්ගේ චන්දය අරගෙන පර්ලිමේන්තුවට වඩින්න එපා. දැන් ඔබ වහන්සේට ඊට වඩා වැඩි කොටසක් ශාසනයට හා දේශයට කරන්න පුලුවන්. ඒක කරන්න දැන් රට තුල කිසිම ගැටලුවක් නැහැ. ඔබ වහන්සේට තියන කැමැත්ත හා බැදියාව එයටම යොදාගන්න. කෙසේවත් ආයිත් දේශපාලනයට එන්න එපා. මතක තියාගන්න ගම්පහ ජනතාව ඔබ වහන්සේට මේ පාර පාර්ලිමෙන්තුවට යන්න අවස්තාව නොදුන්නොත් එයින් අවමානයට ලක්වෙන්නේ අහිංසක මුලු රටේම ජනතාව. එම නිසා එම අවදානම ගන්න එපා. නුවරපාර ලියන ලියුම් කරැට ගම්පහ චන්දය ගැන බලපෑමක් කිරිමට හැකි හෝ නොහැකි වෙවා. දැනට තියන ජනතා ආකල්ප අනුව ඔබ වහන්සේට නැවත පත්විමට කිසිදු අවස්තාවක් නැහැ.

ගම්පහ ඉන්න හෙළඋරැමයට සම්බන්ද කට්ටිය ඔබ වහන්සේව දැනටමත් යම් කිසි විදිහට වැරදි දත්තයන් සපයලා තියෙන්නේ. නැත්නම් කලුතරට අයිතියක් ඇති ඔබ වහන්සේව ගම්පහට එන්නේ නැහැ. ආයිත් කියනවා හෙළ උරැමයට සම්බන්ද කවුරැ හරි ඉන්නවනම් මේ කරැන ඉක්මනට දන්වන්න. නැතිනම් ඔබට ඇති කැමැත්ත තව දුරටත් හීන වි යනු නොඅනු මානය.

Tuesday, February 9, 2010

සරත් අත්අඩංගුවට ගැනීම .....

තිස් වසරක සාප ලත් කැරැල්ල නිම කරීමට මහත් සේ සේනාධි නායකයට, පාබල යුධ හමුදාවෙන් දිය යුතු උපරිම සහාය කිසිදු පැකිලිමකින් තොරව ගෙන දුන් ඒ මහා සෙන්තපති මෙවන විට යුධ හමුදා පොලීසය විසින්ම අත්අඩංගුට ගෙන ඇත. ලක්ෂ ගනනක හමුදාවකට නායකත්වය මෙන්ම මනා වු ආදර්ශයක්ද දුන් ඒ වීර සෙන්පතිට ලක්මාතාවගේ ජනතාවගෙන් හිමි වියු යුතුව තිබුණු වටිනාකම නොඅඩුව ලබාදුනි. එහෙත් එම සම්මානය තම දෝතින් දාර යැමට හැකි වුයේ මාස අටක් වැනි ඉතා සුලු කාලයකි.

යන එනම් නැතිව, කරකියා ගත නොහැකිවු මෙන්ම දේශපාලන අතින් කුජිත වු හා තරැණ පෙලක් එක් නොවු ඉතිහාසය තුල ලක් මව්ට මහත් සේ අභියෝග කල ඒ නරැම ජවිපේ සමග ගොඩනගා ගත් පාපකාරී වු මිතු දම කෙලවර කරනු ලැබුවේ තමන් විසින්ම ගොඩ නැගි හා ලොව වඩාත්ම නිති ගරැක යුධ හමුදාවේම සිරකරැවකු ලෙසය. දෛවයේ සරදමක් දෝ? ..

ඉදින් ලක් මවුනී ඒ පාපතර මිතු දමට පාර කැපීම ඇරඹුවේ, රජයේ තනතුරක් දරන සමයේම බව මංගල තම මුල්ම අවමංගල කතාව කරමින් පැවසුවේය. මෙම කරනා ගැන යම් යම් මත තිබුනත් දැන් සියල්ල හමාර වී ඇත. සේනාධිනයකාටය අභියෝග කල සෙන්පති ලෙස ඉතිහාසය තුල ලිය තබන්ට උපකාරි වු ජවිපේ කුජ්ත වු උපායේ තරම දැන් ඔබට තේරෙන්නේද?

තම මව් බිමට කල යුතු යුතුකම ඔනවටත් වඩා කරන ලද සරත් නම් වු ඒ සෙනවියාට මෙ ඉරණමට ගොදුරැ කරදිමට මංපෙත් විවර කර දුන්, ලේ පිපාසිත ජවිපේ දැන් නැවතත් රට ආපස්සට ඇදගෙන යාමට උත්සාහ දරයි. ලත් පරාජය වසා ගැනිමේ අරමුනේන් ජවිපේ අදහසකට අනුව රටට හතුරැ කියමනක් ලොව සුපතල BBC යට කීමට තරම් සරත්ට හයියක් අවේ කොහින්ද? තම දහඩිය මහන්සියෙන්ම ගොඩ නගා මව් බිමෙන් කුරිරැ කම පන්නා දැමිමට තරම් උපකරිවු එක්ව වැඩ කීරිමේ න්‍යයය ගිලිහි ගියේ කෙසේද? පාවා දීමට විරැද්ධව විශ්ව විද්‍යල තුල නවක නම්‍යකරණය උපදෙස් දෙන ජවිපේ, සර්තට රට පාවා දීමට කියා දුන්නේ කෙසේද? පරාජයෙන් බේරිමට එකම මග මෙය යයි සරත් සිතුවාද්ද?

සරත් යනු හිටපු සෙන්පතිය. ඔහු කරන කියන සටහන් එසේ මෙසේ ඉවත දැමිය නොහැක. එකල සුදු කොඩි කතා කියා නැවතත් මෙවන් කතාවක් කීමට තරම් ශක්තියක් කොහින්ද? පෙනේද ජවිපේ හැතිකරය සරත් නම් වු මාහා සෙන්පති පුම්බා තැබු තරම. දැන් ඉදින් එයින පාඩුව විදින්නේ කවුරැන්ද? මුලු රටම මෙම කරැන හා මුලින් ශෝක වුවුත් මොහු කල පුකාශය සමග එම අත්අඩංගුවට ගැනිම සාධාරනයයි කියුනුයේ සරත්ට වඩා මව් බිමේ ගරැ කරන නිසාමය. සරත් ෆොන්සේකා නැමැති හිටපු ඒ විරැවා මෙරට ජනතාවම තවම අමතක කොට නැත. එහෙත් ජවිපේ න්‍යයයට වැඩ කරන සරත් අපිට එපා යයි කීමට ඔවුන් පෙරමුණ ගනි.

ඉදින් මේ මවු බිමට දැන් මෙරට තුලම හතුරැක්ම් කර ලේ මතින් ඉදිරයක් ගොඩ නැගිමට යන නරැම ජවිපේ ඉතිහාසය තුල ලියවෙනුයේ කිනම් තැනකද? සරත්ට හිමි තැන අහිම කර දුන් මොවුන්ට ඉපදීමට අපායක් සෑදිය යුතුය. ජනතාව තුල දැන් කිසිසේත්ම සරත් අත්අඩංගුවට ගැනීම පිළබද දෙගිඩියවක් නැත. මන්ද ඔහු ඇත්තටම වරදක් කර ඇත.

බලයට මුසප්ත විමේ ආදීනව දැන් ඔබට තේරැම් ගත හැකිද? බලය යන සංකල්පය මත මහින්ද සරත් කවුරැත් එකම මට්මමේය ... කෙනෙකු තම බලය රැක ගැනිමට මෙන්ම තව කෙනෙකු තම බලය අත් නොහැරිමටත් බොහෝ දේ කරයි. එත් ඔහුට තම රට බලය හමුවේ, ලොව පහල තැනකට ඇද දැමිය හැකිද? මේ යන ගමන හැට ලක්ෂය තවතවත් වැඩි කරනු ඇත ..

1.ආරක්ෂක මණ්ඩලයේ සිටම ජනපතිට එරෙහිව කුමන්තුණ දියත් කල හැකිද?
2.එක්ව කල මෙහෙයුමේ තම සහෝදර හමුදාව පාවා දිය හැකිද?
3.ලොව හමුවේ මගේ මව් බිමට අවමන් කරන්නේද?
4.ඒක් අයකුගෙ තරහක් පිරිමහන්ට අප සතු යුධ හමුදාවම පවා දෙන්නෙමුද?

පසුව ලියමි
නුවර පාරට ඔනා සිංහල කියවන කට්ටිය දැනුවත් කීරිම පමණිය. මන්ද මෙරට තුල වාසය හා දර දිය අදින්නේ මෙරට උන් හින්දා. ඔය බටහිට මිතු දම් දක්වන කට්ටිය සියල්මටම ඔනා, සුද්දගෙන් ලකුණු දාගන්න, මන්ද ඒයලා ගෙ නෑ පරපුර හින්ද, අපි කරපු යුධ අපරදෙ තමයි පිරිබාහරන් මරපු ඒක. ඔකට ඉතින් මෙරට ෙනාරැටියනුත් කැමති නැහැ. මන්ද ඒයලගෙ ගැලවුම් කාරය තමයි අපි මරලා දැම්මෙ. රටට ගැටලුවක් ඒන වෙලාවට ඒක මහින්ද හා සරත් කියලා බෙදන්න බැහැ. උබට සියල්ලම මෙ වැරදි වැඩ වලට ඉඩ දීලා බලං ඉන්නවද? නැහැ මෙව්වා මෙහෙ ම වෙන්න දෙන්න බැහැ. තව ටික දවසකින් උනෙගන් ලකුණු දාගන්න තව ඒකෙක් රටට තුල අරවා උනා මෙව්වා උනා කියයි.

මතක තියගන්න දැනටත් විශාල ගණනක් රටට හතුරැකම් කරමින් බටහිර පුරවැසි තුරලෙ නැලවෙන්න යනවා. නිකන්ම යනව නම් කමක් නැහැ. කියන් තියන සියලුම ජරා කතා මව් බිමට විරැදධව කියනවා. උබලා මෙව්ව අනුමත කරනවද? උබලා පුජාතන්තුවාදය ෙහායනවා, දන්නෙම නැහැ මවි රට බටහිර හිවල්ලු ගිල ගන්නවා.

සුද්දන්ව දැනුවත් කරන්න ඔනා. ඉස්සෙල් රටවැසිය දනගන්න ඔන මක්කැයි උෙන් කියලා. නැතුව ඉස්සෙල්ලා සුද්දට කතා කරන්න ගියොත් රනිල්ට උනු දෙ තමයි වෙන්ෙන් ...

නිකම් කියන්නම් වාලෙ කියන්ෙන් නැතුව, හිතන්න ...... තරැ 4 ද රටද? තරැ 4 ට 8 බිහි කරන්න පුලුවන් මව් රට තියනවානම්, නැත්නම් ඉතින් ඒව්වත් අානායනය තමයි. ඔව්වට කැමති කට්ටයත් ඉන්නවා. ඒයාල තමයි හැම තිස්ෙසම මව් රට දෙවෙනි තැනට දලා සුද්දව ඉස්සර කරන් ගමනක් යන්න හදනෙන්.... දනුත් මෙ බෙදිම මහින්ද හා සරත් කියාල ජනපතිවරණය තුල තබුණ ඒක ෙනෙමයි. දැන් පිල් දෙක රටද ? රටට පාවා දුන් හා දෙන අයද කියන ඒකයි. ඔය කරන වැඩ වලින් වෙන්ෙන් රජයට අනවශ්‍ය බලයක් ඉදිරි මැතිවරණයකින් අරන් දෙන ඒක .. ලක්ෂ 60 දැන් 65 ට දක්ව වැඩිව නු බව ෙනාඅනුමානය ... මන්ද තාමත් ජනතාව කතා කරන්ෙන් සිංහල ...

Monday, February 8, 2010

සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට - යුධ හමුදා පොලීසිය

දැන් සුලු මොහොතකට පෙර ෆොන්සේකා මහතා යුධ හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට අරන් කියලා දැනගන්න ලැබුණා. 2010/02/08 ප.ව.10.30

දැන් මෙකට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන් ද?
විපක්ෂයේ අය කියයි. පජාතන්තුවාදය නැති කරනවා කියලා, අණ්ඩු පක්ෂයේ අය කියයි, වැරදි කලා නම් දඩුවම් දෙන්න ඔනා කියලා. ඔය අතරේ රනිල් කියයි හොද වැඩේ කියලා. මංගලත් ෆුල් සපෝර්ට් එක දෙයි මේකට.

තව දෙයක් යුධ්දය හා සම්බන්ද සංවේදි දේවල් මෙයා අනික් අයට සිල් කරලා දීලා තියනවා ....

ලක්ෂමන් හුලුගල්ල මහතාට අනුව හේතු
1.ජනපතිට විරැද්ධව කුමන්තුණය
2.රාජකාරි සමය තුල දේශපාලණය
3.යුධ හමුදාව තුල බෙදිම් ඇති කිරීම

ජවිපේ රට තුල ලේ වැගිරිමකට සැරසෙයි. මෙයට හසු නොවන්න

සිංහල බ්ලෝග් කරණයට එක්වු අලුත් මග ...

ඕනෑම පිළිගත හැකි වෙනස්කමට හිස නමමි.

සිංහල බ්ලෝග් කරණය තාම ගොඩනැගෙමින් පවතින කලාවකි. සිංහලෙන් අකුරැ කල අපට අලුත් අද්දැකිමකි. අපි සිංහල බ්ලොග් කරණයේ නවමු මං මාවත් තවමත් සොයා බලමින් හා අත්හදා බලමින් සිටිමු. පසුගිය කල එක්වු දේශපාලන ලිපි සිංහල කරණයතුල අමුතු අලංකාරයක් හෝ එපා විමක් ඇති කරන ලදි. බොහෝ දෙනකු එපා විමක් ගැන කිව්වත් ඒ බොහෝ දේශපාලණ ලිපි ගොඩ දෙනෙක් කියවන්ට ඇති බව විශ්වාසයයි.

දැන් සිංහල බ්ලොග් කරනය අලුත් පිම්මක් පැන ඇත. මෙය වු කලී ලිපියකට පිළිතුරැ ලිපියක් ලිවිමේ කලාවයි. නුවර පාර මුල් වරට මෙය හැදින ගන්නේ "ලංකාව බහු {ජාතික, සංස්කෘතික, ආගමික} රටක්ද?" යන ලිපිය මගිනි. සමහර විට [මෙම නව මග මීට පෙරද තිබෙන්නට ඇත එසේ තිබණේ නම් නිවැරදි කරන්න]. මෙම ලිපියට පෙර මෙ ගැන ලිය තුබුනේ උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/2008/10/blog-post_23.html යන ලිපිය මගිනි. එහෙත් එය බොහෝ පැරණි 2008/10 වෙනි මස ලියු ලිපියකිනි.

නමුත් ඊට වසර ගනනාවකට පසු නුවර පාර ලියු මෙම අලුත් ලිපියට මුල්ම පිළිතුරැ ලිපිය ලියනුයේ නැවතත් උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/ මගිනි. පුලස්තිගෙ සටහන මගින් http://pulasthigetheeruwa.blogspot.com/2010/02/blog-post.html ලිපිය දෙවන වරට පිළිතුරැ ලිපියක් ලියයි. එහෙත් නුවර පාර මතයට විරැද්දව ලිපියක් ලෙස එය අර්ත ගැන් විය හැක. එලෙස තවත් ලිපියක් පන්හිඳ සමඟ මහින් http://panhinda-samaga.blogspot.com/2010/02/blog-post.html ලිපිය එක් කරන ලදි. ඔය සෑම ලිපියක්ම එකිනෙක වෙනස් වුවත් මුලීක කරනය ලෙස බහු යන්න චිචාරයට ලක්කර තිබුණි. මෙම නව ආරක සිංහල බ්ලොග් කරණයේ මුල්ම සම්මානය උරැමයට හිමි වනු ඇත.

තවත් එක් උදාහරණයක් ගෙන හැර දක්වන්නෙමි. එනම් නුවර පාර තුලම ලියන ලද "සම තැන හොයන්න ගිහින් හිමි තැනත් නැති කරගත් අපේ ගැණු" ලිපියට අලුත් අර්තකතනයක් සිහිතව තරිදු විසින් http://mihisara.net/achchaaru/2010/02/ පිළිතුරැ ලිපියක් ලියනුයේ බුදු දහම එක් කරගනිමිනි. තවත් එය වෙනත් අතකට අර්ත ගන්වමින් තවත් පිළිතුරැ ලිපියක් අනන්තය ලියුම් කරැ http://ananthayata.blogspot.com/2010/02/blog-post_08.html එක් කරන ලදි. මෙ කලාව ඉතාම වටිනා දෙයකි. මන්ද මුල් ලිපියේ අඩු පාඩු හා සටහන් උපයෝගියෙන් දෙවන ලිපිය සාර්තකවද, තුන්වන ලිපිය ඊටත් වඩා සාර්තක ලෙසද ඉදිරිපත් කිරිමට හැකි වනු ඇත.

මෙම ලිපි ලියු කිසිවකු තමුන්ගේ අදහස් හොරා ගත්තා යයි නොකියනු නොඅනුමානය. මන්ද එකම කරැණ විවිධ පැතිකඩයන් ඔස්සේ විමර්ෂණයට ලක්විම, ලිපි ලියන කා කියවන කාටත් වැඩ දායක වනු ඇත. මෙවන් සදාචාර සම්පන්න ගමනක් යා හැකි බව දැන් මනා කොට පෙන්වා දීමට අප කාටත් හැකි වි ඇත. එකග මත හෝ විරැද්ධ මත දැරැවත් මා මෙම කරෑණ උලුප්පා දැක්විමට උත්සා කලේ මෙය කවුරැත් දැන ගතයුතු කාරනාවක් නිසාමය. තවද අලුතේන් ලියු ලිපිය පරණ ලිපියද මතක් කර තිබීම විශේෂ තත්වයකි.

තවත් උදාහරණ ඇත්නම් දක්වන්න ...

Saturday, February 6, 2010

උබත් පොජ්ජට හිනා වෙච්ච එකෙක්ද? එකීයක්ද?

පෙඩ්ඩක් වෙනස් විදිහේ ලිපියක් තමයි දැන් ලියන්න යන්නේ. මතකද කාලයක් අපිට රැපවාහණියේ වැදි නාට්‍යයය පෙන්නුවා. එක්ත එක්ක අපේ භාවිතයට වැඩිපුර එක් වෙච්ච වචනයක් තමයි "පොජ්ජ" කියන්නේ. දැන් අපි විහිලුවක් විදිහට තමයි මෙ වචනය යොදා ගන්නේ.

දවසක් මම විහිලුකතාවක් දැක්කා. සුද්දේකට සිංහල ඉගෙන ගන්න ඔන වෙලා අයෙක් ගෙන් අහපුවාහම කියනවා අපෝ හරි ලෙසියි හැම වචනයම පිටි පස්සේන් "එක" දාපුවහම හරි කියලා. මෙ කතාව හරියට හරි. මොකද ඔය "පොජ්ජට" අපි දාන වචනේ තමයි "එක" කියන්නේ.

කම්පියුටර් එක, වෑන් එක, බස් එක, බ්ලොග් එක,යුනිවර් සිටි එක

හැබැයි ඔය campus හෙවත් university එකට ඒ කාලයේ හිටපු සිංහල විද්වත්තු එකතු කරලා "සරසවිය" කියන වචනය එක් කරලා තියනවා. සමහර විට ඔය වගේ වචන තව ඇති. උදාහරණයකට පරිගනකය හා සම්බන්ද වචන වලටත් අලුත් සිංහල වචන එක්වෙලා තියනවා. සමහරක් අලුත් වචන භාවිතයට ලේසි උනත්, දැනටමත් ඒ වචන වල English වචන අහපු අයට නිකන් අලුත් වචන මඤ්ඤන් වගේ.

දැන් බලමු අපේ කතා විලාසය.
1.නොදන්නා කවුරැ හරි දුරකතනයකින් කතා කරපුවහම අහනවා "කොහෙන්ද කතා කරන්නේ කියලා?" හරියට බැලුවොත් උත්තරය "කටින්". එත් අප කවුරැත් පුරැදු වෙලා ඉන්නේ කතා කරන "පළාත" හරි "නම" හරි කියන්න.

2.අපි පාරේ ඇවිදගෙන ගෙවල් පැත්තට යනවා නම් අහනවා "ගෙදර යනවද කියලා?" උත්රය "ඔව්" හැබැයි අහන කෙනා හොදටම දන්නවා අපි යන්නේ අපේ ගෙදර කියලා. එත් හිතවත් කමට තමයි අර විදිහට අහන්නේ

3."ලයිට් ගියා" කියලා කියනවා. කටකාර කොල්ලෙක් හිටියොත් අහනවා "කොහෙද ගියේ කියල?" එත් ඉත්න අප පුරැදු වෙලා තියෙන් "ඔව් ලියට් ගිහින්" කියන්න තමයි. එත් හරිනම් අහන්න ඔනා "කරන්ට් ගියා" හෙවත් "විදුලිය නැහැ" කියලා

4."බස් එක හෝල්ට් එකේ හිටෝලද?" ඔකත් ඉතින් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. එත් ඉතින් බස් නෙමෙයි ගස් තමයි හිටවන්නේ.

5."අද කන කොට කිදෙනේක් හිටියද?" ඔක ඉතින් පරණ කතාවක්.

6. අපිට "අරක" , "මේක", "ඒක" නැතුව කතාවක් කරන්න පුලුවන්ද? පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. [හැබැයි මේ මුතුහෙට්ට් පෙන්නපු අරක නෙමෙයි]

7."වාහනය එලෙව්වාද?" සතෙක්ද එලවන්න ....

මෙවා එකක්වත් කිව්වේ අපි අපිටම අපහාස කර ගන්න නෙමෙයි. පොඩි පරික්ෂනයක් විදිහට. තව ඉතින් ගොඩක් දේවල් තියනවා. මම මෙතන දැම්මේ වර්ග කිහිපයකට උදාහරණ විතරයි. ඔබත් තව මෙවාගේ එව්වා දන්නවනම් ලියන්න.

මැයි වෙද්දි ජවිපේ කොහෙද ඉන්නේ? හැබැයි එජාපය ඉදිරයට එනවා

අතීතයේ කල වැරදි වටහාගේන එයින් ඈත් වන්නා සේම, කර කියා ගත නොහැකි තත්වයක නැවතත් පෙර වැරදි කල හැක.

නුවර පාර අනාවැකි කියන්නකු නෙවෙයි, එහෙත් පවතින තත්වයන් තේරැම් ගෙන යම් කිසි නිවැරදි පුරෝකතනයක් කල හැකි තත්වයේ අධ්‍යයනයක් කල හැක. එවැනි එක් අධ්‍යයනක නිවැරදි බාවය "2010 ජනපතිවරණයට පුරෝකතනයක්" ඔප්පු විය. නමුත් එකට සත්‍යයයි දෙකට සත්‍යයි තුනට සත්‍යයයි හා n ට සත්‍යයි කියා n+1 ට සත්‍යයයි කිමට තරම් කුහක වන්නේද නැත.

පවතින තත්වය තුල ජවිපේ හා එජාපය වෙන් වෙන්ව තරග කරන බව සක්සුදක් ලෙස පැහැදිලිය. එයිනුත් සරත් හා ජවිපේ හංසයා ලකුණෙන් තරගකරනු නෙඅනුමානය. නමුත් සරත් ජවිපේ බොරැව නාම යෝජනා බාරදිමට පෙර තෙරැම් ගතහොත් එජාපය සමග එකතු වනු ඇත. එජාපයේ අලියට කතිරය ගැසු කිසිවෙක් මහමැතිවරණයේදි හංසයාට කතිරය නොගසයි. නමුත් දුෂණයට අල්ලසට විරද්ධව සරත්ට කතිරය ගැසු එජාප පාක්ෂිකයන් නැවත අලියට කතුරය ගසන්නේ නම් එය ආත්ම වංචාවකි මන්ද සරත්, රවි මුලීක කරගත් හොර නඩයට වඩා වැඩි ගුණාකරයකින් වටින්නේය. සරත් ජවිපෙන් ආවොත් එජාපයේ සැලකියයුතු දැඩි නොවු චන්ද ගණනක් හංසයට යනු ඇත. එය හුදෙක් සරත් සදහා මිසක් ලිංමැඩි ජවිපේ නිසා නොව.

කාලයක් තිබුණා තරැණ කැල රතු පාටත් සමග එක්ව ගිය යුගයක්. එයට හේතුවක් තබුණි. මන්ද මොවුන් රට ජාතිය ගැන කතා කරන අතර එවා සමාජ ගත කිරිමට පත්තර කිහිපයක් බෙදා හැරිය. එවා රහසේ තරැණයන් අතර කියිවිමට ලක්විය. එලෙසම තරෑණ රැඩිකල් මත වන උද්ගොෂණ, රැස්විම්,සමාජිය වැඩ සමග තරැණයෝ අත් වැල් බද ගත්හ. නමුත් දැන් සමාජය ඊට හාත් පසින්ම වෙනස්ය. දැන් තරැණයින් ජංගම දුරකතන, අන්තර් ජාලය භාවිතා කරයි. එහෙයන් අර ජවිපේ රහස් පත්තර වලට දැන් බොරැ දේශෙ ආලයක් ගොඩ නගා තරැණ පෙළ එක් කල නොහැක. තරැණ සමාජය අද ගනුදෙනු කරනුයේ ලෝකයත් සමගය. එහෙයන් ඔවුන්ව බොරැ උද්ගොෂණ වලට සත්‍යගුහ වලට හසු නොවෙයි. තමුන් කරන්න යන දෙය දෙපාරක් සිතයි. එය මෙවර මැතිවරණයෙන් මොනවර පැහැදිලි විය. උදහරණයක් ලෙස සිංහල බ්ලොග් කරණය තුල ජවිපෙයට කිසිදු සාහායක් නොලැබිණි. ජවිපෙට ලිපි වලටත් පිළිතුරැ සැපයුයේ එජාප හිතුවතුන්යට. එලෙමස "මුහුණු පොත" තුල ජවිපයක ලකුණක්වත් පෙන්නට නැත. හෙතුව දැනට ජවිපේ ඉන්නා සහෝදරයන් දන්නේ පොස්ට්ර් ලිවිමටත් ඇලවිමේ තාක්ෂනයත් පමණි. එකල එය හොද මධ්‍යයකි. එවන් එක් උදාහරණයක් පහල සටහන් කරනේමු.

ජනපති රණසිංහ සමයේ,ජවිපේ පොස්ට් තාක්ෂණය ඉහලම තලයේ තිබුණි. ඔවුන් එකල යොදාගත් එක් උපායක් වුනුයේ ඔවුන්ගේ හා රණසිංහ මහතා ගේ රැව රැගත් පොස්ට්ර් දෙකක් ගසයි. රැට පොස්ට ඇලවිමට යයි. පොලිසිය හමු වු හෝ පෙන්නට ගහන්නේ රණසිංහ මහත්තයාගේ පොස්ටයයි. හැබැයි යට්න් ඇත්තේ ජවිපේ පෝස්ටරයයි. එන්ම්, මුලින් ජවිපේ පෝස්ටරය පාප්ප ගා තාප්පය අලවා, ඉන් උඩින් වතුර ගා රණසිංහ මහතාගේ රැව අලවයි. පොලිසියත් රැවටෙයි. නමුත් පහුවදා උදේ වනවිට රණසිංහ මහතාගේ රැව රැගත් පෝස්ට්ර් ගැලිවි[අව්වට වතුර වාෂ්ප වි වතුරෙන් ඇලවු පෝස්ට්ර් ගැලවියයි] හොස් ජවිපේට අවැසි පණිවුඩය සමාජ ගත වි ඇත.

ඔවුන්ට පෝස්ටර්,උද්ගෝෂන, සත්‍යගුහ වලින් තොර ජිවිතයක් නැත. සිටිනුයේ ලිදේ සිටිනා ලංමැඩියකු සේමය. එහෙත් එජාපයේ තරැණ කැල ඊට වඩා ඉදිරයට ගොස් ඇත. උදාරණයක් ලෙස දැන්මම සජිත් මහතා වෙනුවෙන්, මිතුරන් රාශියක් කැටි කොටගත් සමාජ තලයක් පිහිටුවාගෙන ඇත. එම නිසා එජපයේ තරැණ කැලට, ජවිපේ මොළසොදාගත් තරෑන පෙල තමුන්ට ඔනා හැටියට නැටවිය හැක.

මෙර පැවති මැතිවරණයේ තරැණ චන්ද වැඩි ගණනක් මව් බිම වෙනුවෙන් භාවිතය ගැනින. මෙය ජවිපේ අයත් හොදින් දනි. එහෙයින එලඹෙන මහ මැතිවරණයේදි ජවිපෙට ආසන 5 කට වඩා නොපැමිනෙයි. එදාට ජවිපේ ගමන් මග ඇන හිටි. රටක තරැණ පෙළ හොදින් මෙහෙයවිමට හැකියා තිබු ජවිපේ දැන් වල පල්ලට යමින් තිබෙනුයේ, නිවැදරි තිරණ නිසි කලට නොගත් හෙයිනි. දැන් එම වැරදි නිවැරදි කිරිමට කාලයක් නැත. ඔවුන්ට අනාගතයක් නැත.

මෙවර මෙම ලිපියට සටහනක් දැමිමට එකදු ජවිපේ තරෑණයෙක් නොහිටියෝත නුවර පාර ලෙස එය ගැන පුදුම නොවනු ඇත. නමුත් හෙට පාරක තප්පයක් මත නුවරපර දුෂිතයි කියා පෝස්ටරයක් තිබෙණු ඇත.

වැදගත්
මෙවර ජනපතිවරණයෙද් ජවිපේ හා එජාප එකතුවට විරැදධව බුලත් කොලයට කතිර ගැසු හා තම චන්දය නොදුන් පුද්ගලයන් අලියට කතිරය ගසා ලක්ෂ 41 ට වඩා වැඩි චන්ද සංඛ්‍යවක් ගනු ඇත.

අසැබ් අන්තර්ජාල අඩවි තහනම

වැඩේ ටිකක් පරනයි. එත් ලියන්න හිතුනේ http://kandyroad.blogspot.com/2010/02/blog-post_8658.html#comments යන ලිපියට Percy විසින් ලියන ලද සටහනයි.

කට්ටිය දන්නව ඇති චීනයේ ගුගල් හා විකිය තහනම් කියන කාරනවා. එවගේම මැදපෙරදිගත් යම් යම් තහනම් සිද්ධවෙනවා. කතාවක් යනවා "මුහුනු පොතටත්" ලංකාව තුල කණ කොකා හඩලයි කයලා.

මුලින්ම කියන්නම් නුවරපාර ලංකවේ මෙ තහනමට කැමති නැහැ. මොකද ලියන මාත් ඔය තහනම් කරපු "නල අටේ" පේක්ෂකයෙක් වෙලා හිටියා. හැබැයි මට ඔන හින්දා නෙමෙයි තහනම් කරන්න එපා කියන්නේ.

වර්තමාන ලෝකය තුල අපි මාධ්‍යය විදිහට විවිධ වු මාර්ගයන් තෝරාගන්නවා. මෙයින ඉතා ආකර්ෂණිය වනුයේ රැපවාහීණිය අන්තර් ජාලය හා ජංගම දුරකතනත්ය. මෙයින් රැපවාහණිය පමණක් එක් ස්තානයක් වැඩි නරඹන්නන් වර්ගීකරණයට ඇතුලත්වෙයි. නමුත් අන්තර්ජාලය හා ජංගම දුරකතනය එක් අයෙක් වැඩි සම්පත් උකහා ගත හැකි වර්ගීකරණයට ඇතුලත්වෙයි. ඉතින් රැපවාහිණයට යම් යම් තහංචි පැන විය හැක්කේ එය භාවිත කරන ගණන ඉතා විශාල වීමයි. නමුත් අන්තර් ජාලය හා ජංගම දුරකතනයට එසේ තහංචි පැණවිම කල්පිත නොවෙයි. මන්ද යත් අවැසි කෙනා පමණක් මෙවා තුල සැරිසරයි. කවුරැත් බලෙන් ගෙන නොයයි. නමුත් මෙය එක පැත්තක් පමණි.

පාසල් හා ළමුන් අතරට නිසි වයසට කලින් මෙම අසැබ් දේ ගොඩවිම යනු ඔවුන් මානසිකව විකෘර්ති තත්වයකට පත් කරයි. හැබැයි ඉතින් නුවර පාර ලියන එකත් පොඩි කාලේ චිතු කලා පත්තර කියෙව්වේ හැංගි ගැංගි. එව්වා ඉතින් තුනවෙන් පන්තියේ එව්වා නෙමෙයි බලපු අය ද්නනවානේ, වල් කතාවක් ලියලා කිස් කරන පින්තුරයක් දානවා. හැබැයි ඉතින් තුන්වෙන් පන්තියේ එව්වත් හම්බුඋනා. නමුත් දැන් අන්තර්ජාලය හරහා පාසල් ලමුන්ට ඔන දෙයක් බලන්න පුලුවන්. සමහර අඩවි තහනම් කිරිමට ආණ්ඩුව පියවර ගත්තත්. වැඩ දන්න එකා ඔව්වා රිංගනවා. එහිනද් එ තහනමෙනුත් වැඩක් නැහැ. නමුත් සාමන්‍ය ලමයිනට ඔව්වාට යන්න බැහැ. හැබැයි තව දෙයක් වැඩ දන්න එකා ඔව්වා පස්සේ යන්නේ නැහැ ඔහුට ඊට වඩා වදගත් දේවල් තියනවා අන්තර්ජාලයත් එක්ක කරන්න.

නුවර පාර හිතන විදිහට දෙමාපියන් මෙ පිළබද වැඩි උනන්දුවක් දක්විය යුතුයි. අඩුම ගනේ කොල්ලා පරිගනයක ඉස්සරහට වෙලා මොකද කරනනේ කියලා ඔලුව දාලවත් බලන්න ඔනා. එවගේමයි ජංගම දුරකතන. ඇමතුමක් ගන්න එස්එම්එස් එකක් ගහන්න අයි ෆොන් ඔනා නැහැ කියලා දෙමව්පියෝ දැන ගන්න ඔනා. හැබැයි මෙකේ නරක පැත්ත තියෙන්නේ ගැහැණු ලමයි එක්ක.

Friday, February 5, 2010

විශ්ව ගම්මානයට ලංකාවෙන් මොනවාද?

කවුරැත් කියන්නා පරිදි දැන් තියෙන්නේ ගෝලීයකරණය වු මිනිස් සමාජයකි. එය සත්‍යක්ද? නෙඑසේනම් ඇයි? නැත්නම් මෙ වචනය නොතේරේත්ද?

ගොලීයකරණය නිර්වචනය කරඇත්තේ:
ආර්ථික,සමාජීය, ආගමික හා වෙනත්, ඒ ඒ සමාජමට්ම් තුල වු සම්මතයන් අනෙකුත් සාමජිය තල හා හුවමාරැ කරගැනීම හෝ එවාට අනුගත වීම ලෙස ගොලීයකරණය ඉතා සරලව අර්ත ගැන්විය හැක.
මා වැරදි නම් නිවැරදි කරන්න

දැන් බලමු මෙය පවතින ලොව තුල යතාර්තයක්ද? එනම් ගොලීයකරණය යනු සත්‍යක්ද? ඔව් හැබැවටම එහි අර්තයෙන්ම ලොව සියලු සමාජීය මට්ටම් ඔස්සේ ගලායන්නේ නැම් මෙය සත්‍යකි.නමුත් මෙය පවතින ලොව තුල යතාර්තයක් නොවෙයි. තවත් ඉදිරියට සාකච්චාව ඉදිරියට ගෙනයාම සදහා ගොලීයකරණය හා සැබැදි අනික් වචනය වු විශ්ව ගම්මානය හදුනා ගනිමු.

විශ්ව ගම්මානය නිර්වචනය කරඇත්තේ:
ලොව එකම සන්නිවෙදන මධ්‍යස්තනයක් ලෙස හා ඉතා වේගවත්ව තොරතුරැ හුවමාරැව.
මා වැරදි නම් නිවැරදි කරන්න

හිතන්න මෙකට නම තියලා තියෙන්නේ ගම්මානය කියලා. මෙකට නගරය කියලා දාලා නැහැ. හේතුව තමයි. ලොවට දිය යුතු දේවල් තියෙන්නේ ගම්මාන තුල. නැතුව නගරයේ නෙමෙයි.

අපේ රටට අදාලව අප ගොලීයකරණයට හා විශ්ව ගම්මානය කියන තත්වයට සුදානම්ද? සත්‍යය ලෙසම දැන් දැන් ඒ සදහා අප මුලයන් පාදාගනිමින් සිටියි. අපටම ආවේණික සාමාජීය,ආගමික හා සංස්කෘතියක් ඇත. එලෙසම අනික් රටවලටද ඔවුන්ටම විශේෂ වු සම්මතයන් ඇත. අප විශ්ව ගම්මානය හෝ ගොලීයකරණය තුල ලොවට ගෙනයා යුතතේ හෝ හුවමරැ කරගත යුත්තේ අනුගේ දෙයක් නොවන බව කාටත් පැහදිලි සත්‍යයකි. නමුත් දැන් ලෝකයට ලංකාවෙන් ගෙනියන්නේ වෙනත් රටකින් කුලියට හෝ හොරෙන් ගත්ත සංකල්ප හා සම්මතයන්ය. ඉතින් අනික් සමාජයන් අපව පිළිගන්තද? නැත කොහෙත්ම නැත. මන්ද අනුන්ගේ දෙයක්ට ලෝකය තුල ඉඩක් නැත. එහෙයනි ලෝකයට රැගෙන යා යුත්තේ අලුත් හෝ අපට ආවේණික වු දේවල්ය.

ඒ සදහා අපේ සමාජය තවමත් සුදානම් නැත. තාමත් අප කරපින්නාගෙන් යන්නට උත්සාහ දරනුයේ වෙන්ත සාමාජයන් මුලයන්ය. අපිට අපේ කියා දෙයක් ඇත. නමුත් අපේ කම දැන් වසාගෙන් වෙනත් සමාජතලයක් උඩුදුවමින් සිටියි .එමනිසා අපේ මුලයන් සොයගෙන ගොස් එම ලක්ෂණ ලොවතුල බෙදාහැරීම අප සතු යුතුකමකි.

උදාහරණයක් ලෙස දැන් අපටම විශේෂ වු යුධ උපායන් ඇත. එවා අන් රටවල් විශ්මයට පත් කරන්නා වු නියමයන්ය. ඉදින් අපි අඩුම ගනේ මෙයවත් ලොවට දායාද කල යුතු නෙවේද? අපේ වාරි තාක්ෂණය ලොව මවිත කරයි. නමුත් එවාට අපේම අය ගරහයි. ඒ කාලේ වැව් හැදුවට දැන් මොකටද වැව් කියලා අහනවා? අපිටම වු වාස්තු තාක්ෂනයක් ඇත. නමුත් දැන් අපි චීන විදහට අනුගත වී ඇත. වෙනත් රටවත් ගොලීයකරණය හා විශ්ව ගම්මානයෙන් තම ගමන වේගයෙන් යන විට, ලංකාවේ අපි කට බලියං බලා සිටියි. අපේ සිතුවම් කලාව අපේ නටඹුන් මෙවා කිසිවක් තාම අපි ලොවට දායද කර නැත. සියල්ම පසෙකලා අනුන්ගේ දෙවල්ම අගයයි. එවාටම සම්මාන පුදයි. ඉතින් අපිට අනාගතයේ ලෝකය සමග ගනුදෙනු කල හැකද?

වැදගත් දෙයක්
මම එක සිංහල ලිපියක කියෙව්වා. සිංහල අක්ෂර මාලාව ලොකයේ හොදම හොඩි පෙළ ඇතුලේ තිබුණා කියලා. කවුරැ හරි දක්කොත් ඒ බැදිය අයිත් කමෙන්ට් එකක් විදිහට දාන්න. දැන් බලන්න ඒ පොඩි උදාහරණය, අපිත් ඉංගිරිසි හෝඩිය අරන් ගියානම් අපිට ඔය තත්වය ලැබෙනවද? එත් අපේ බොහෝ කට්ට්ය කරන්නේ ඉංගිරිසි හොඩිය උස්සන් යන්න දගලන එක. එහෙම උනාහම ඉතින් අපිට වෙන්නේ පැත්කට වෙලා බලං ඉන්න තමයි. එක් ඉතින් සමහර විට අපේ අධ්‍යපණ රටාවේ වැරැද්දක් වෙන්න ඇති.

එලෙස ඔබ දන්නා තවත් උදාහරණ ඇතන්ම් කියන්න ....

Thursday, February 4, 2010

සම තැන හොයන්න ගිහින් හිමි තැනත් නැති කරගත් අපේ ගැණු

මෙරට බෝකර ගිය කලුසුද්න්ගේ අර්යාවන් වු කලු සුද්දියන් නිසා, මෙරට සාමන්‍ය කාන්තාවට දැන් හිමි තැනත් නැති වී ඇත. බටහිරින් එන ඔනෑම දෙයක් දොහොත් මුදුන් දි පිළිගන්නා මේ කලුසුද්දියෝ එලෙස තම හිසු මුදිනින් අරගෙන් ඇති සංකල්පයක් වනුයේ කාන්තා නිදහසයි.

බටහිර තිබුණු වහල් ක්‍රමය හා මෙහි තුබු වැඩවසම් ක්‍රමය හාත්පසින්ම වෙනස් වන තැන් බොහොමයක් ඇත. බටහිරයන් ගේ සමාජ රටාව තුල කාන්තාවට නිදහසක් නොතිබුණි. එම නිසා ඔවුන් නිදහස ගැන සොයා බැලුවා මෙන්ම එය ලබා ගැනීමට බොහෝ උත්සාහ දැරීය. නමුත් මෙරට කාන්තාවට එසේ අමුතුවෙන් නිදහසක් සෙවිමට අවැසි වුයේ නැත. මන්ද යත් බුදු දහමින් පොෂණය ලද අප සමාජ තුල කාන්තාවට හිමි නිදහස ලැබී තිබුණි.එය කවුරැත් දිමට ඔනැ වුනේ නැත. නමුත් කොළඹ නෝනලා නිදහස ලෙස අර්ත ගැන්විමට යනුයේ, සුලු වැරද්දකටත් තම සැමියාව දික්කසාද කිරීමයි. නැතිනම් සමාජ ශාල වලට යෑම හා අඩියක් පුඩියක් ගැසීමට ඇති අයිතියයි. ගෙදර වලං පොළවේ ගහන සංස්කෘතියයි.

නමුත් මෙරට සාමන්‍ය කාන්තාවන්ට ඔය කියන්නා වු නිදහස අවැසි නැතැයි ඔවුන්ම කියයි. ඔවුන් අවැසි වනුයේ හිමි තැන පමණි. කොළඹ නෝනලාගේ මේ මෘර්ග වැඩ නිසා දැන් කාන්තා සමාජය බොහෝ අපහසු තාවයට පත් වි ඇත. එක් උදාහරණයක් නම්, බසයේ ගමන් කරන කාන්තාවට අද අසුන් දීමට පිරිමි පාර්ෂවය ඉදිරිපත් නොවෙයි. නමුත් සම තැන ඉල්ලු කොළඹ නෝනලා තමුන්ගේ වාහනයක ගමන් බිමන් යනුයේ ඩොලර් වලිනි.


ඔනැම දෙයක් බදාගන්නට යන හින්ද තමයි ඔක වෙන්නේ ....

ලංකාව බහු {ජාතික, සංස්කෘතික, ආගමික} රටක්ද?

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි ඉතිහාසයක උරැමකම් කියන ලාංකික අප, මහින්ද හිමිගේ ආගමනයත් සමග බුදුදහමින් පෝෂණය ලැබ, අභීත ජාතියක් ලෙස ලොව ඉස්මතුව යුග ගනනාවයක් පසු කල බව මෙරට යතාර්තයක් වු සත්‍යයයකි. එහෙව් ජාතියක් පෝෂණය කල බුදු දහම වසර ගනනාවක් පුරා මෙරට වැසියාගේ සිතුම් පැතුම් නව මංපෙත් කරා ඉතා අවිහිංසාවෙන් ඉදිරියට ගෙන යන ලදී. අතීතයේ ධර්ම දිපය ලෙස විරැදාවලිය ලද මගේ මව් බිමේ වාසය කරන වැසියා, අන්‍යය මත ඉවසීමේ මහත් වු පුහුණුවක් ලද ජාතියකි. රජවරැ කිහිප දෙනෙක්ම රටම බුද්ධශාසනය පිදු අවස්තා කිහිපයක් සිහිකරනුයේ අසීමිත භක්ති ආදරයකිනි.

ථේරවාදි රටක් ලෙස ලොව සුපතල මගේ මව් බිම බහු ආගමික රටක් වන්නේ කෙසේද? සත්‍යය ලෙසම මෙරට බෞද්ධ,හින්දු,කතෝලික,ක්‍රිස්තියානි හා මුස්ලිම් දහම විශ්වාස කරන පුරවැසියන් ජිවත් වෙයි. ඒ අතින් ගත් කල මගේ මව් බිමේ බහුවිද දහම් ඇත. රටට හතුරැකම් කරන බටහිරට ගැති නරැමයන්, අපේ මව් බිම, බහු ආගමික රටක් වශයෙන් හැදින්විමට යන්නේ එම අර්තයෙන් නොව. හුදෙක් ලොව තුල ඇති අපරටට හිමි ථේරවිදි බෞද්ධ රටක් යන නාමය නැති කරීමටය. එලෙසම මෙරට බෞද්ධන්ට ඓයිතිහාසික උරැමයක් මෙරට තුල නැති බව එත්තු ගැන්වීමටය. ඉතිහාසයේ කිසි දිනක බෞද්ධන් ආගමේ නාමයෙන් අන්‍ය ආගම් වලට ගැරැහීම් කර නැත. මන්ද යත් මනා හික්මීමක් හා අන්මතට ඇහුම් කම් දිමේ හා චාම් දිවිපෙවතක් ගත කල වැසියා සියල්ලම සලකා බැලුවේ අන්තගමි නොවන ලෙස බැවිනි.

1815 සිට විවිධ වු කූට විදි මගින් මෙරට බුදු දහම ඇති තැන හා බෞද්ධයාට හිමි තැන නැති කිරිමට බොහෝ උත්සාහයන් දරා ඇත. නමුත් වසර ගනනාවක්ම බුදු දහමින් පන්නරය ලැබු මගේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් වලින් බුදු දහමේ වටිනා ගුණාංග ඉවත් කීරිමට නොහැකි විය. එනිසාම අප රට ලෝකය තුල හුදකලා කීරිමට බටහිරයන් මෙන්ම මෙරට කලු සද්දෝද විවිධ න්‍යයන් හා උපාය විදි අනුගමනය කරයි. එයින් එකක් ලෙස බහු යන වචනය අර්ත ගන්වා සමාජගතකීරිමට උත්සාහා දරයි. ආගමට , සංස්කෘතියට හා ජාතියට බහු දමා අපිව ගොනාට ඇන්දවීමට යයි. එක කකුලක් මෙරට හා තව එකක් බටහිරට තබාගෙන සිටින කලුසුද්දනට බහු යනු මෙය මල් දමකි. අන්තිමට උන්ට වනුයේ බුහ්ක් බුහ්ක් ගෑමට පමණි. එන්ජ්ඕ කාරයින්ගේ ඩොලර් වලට කෑදරකමින් අපේ රටට හිමි තැන නැති කීරිමට දරන මෙම උත්සාහට අද ඊයේ පටන් ගත් එකක් නොව. විවද වු කාල වකවානු වල නොයෙකුත් ලෙස මෙරටට කෙලසීමට විවිධ වු උපාය විදි වලින් අසාර්තක වු මේ බටහිර ගැත්තෝ දැන් දැන් වෙනත් ක්‍රම අත්හදා බලයි.

මෙරට තුල පවතින සහයෝගීත්ව නැති කිරිමට දරන උත්සාහයන් ලත් තැනම ලොප් කල යුතුමය. මෙරට සිටින කිසිම පුද්ගලයෙකුට තම ආගම ජාතිය හෝ සංස්කෘතිය නිසාම කිසිදු අසාදරණයක් සිදුවි නොමැත. සියල්ලටම තියෙන්නේ සමාන වු ගැටලුම මෙන්ම සමාන වු අයිතීන්ය. මෙරට තුල අයිතිය වෙසෙන සියුලු ජාතීන්ට මෙන්ම හෑම ආගමිකයුකුටම අයිතියක් ඇත. එම නිසා මෙරට ජාතිය හා සංස්කෘතිය පෝෂණය කර අනාගතයට බාර දීම අප සැමගේ යුතු කමකි. එලෙසම විවිධංගීකරණය තුල සත්‍ය ඉස්මතු වෙයි.

පසුව ලියමි
උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/2010/02/blog-post.html හා http://manojcola.blogspot.com/2008/10/blog-post_23.html බහු යන්න හා සම්බන්ද ලිපියක් ලියා ඇත. එයත් බලන්න

බහු යන්න වෙනසම විදිහට දැක්ක පුලස්තිගෙ සටහන මෙසේ සටහන් කර ඇත http://pulasthigetheeruwa.blogspot.com/2010/02/blog-post.html

මහා පරාක්‍රමබාහු රජ සමය 1153-1186 පාණ්ඩ්‍ය රට ආක්‍රමණය

පරාන්තක රජු 907-955 යටතේ අධිරාජ්‍ය තත්වයකට ගමන ඇරඹු චෝළ රාජ්‍යය, පරකුම් රජු මෙරට රජ්‍ය විචාලන අවදියතෙක්ම ප්‍රබලව පැවතුනද, එහි බලය ක්‍රමයෙන් බිද වැටෙමින් තිබුණි. වර්ෂ 1150-1176 යන කාලවකවානු හෙවත් මහා පැරකුම[1153-1186] රජ්‍යය විචාලන අතර කාලය තුල චෝළ රට රජු වුයේ දෙවන රාජරාජ රජුය. කේරලය හා ලංකාව එක්ව තම පොදු සතුරා වු චෝළයන්ට එරෙහිව දියත් වුයේ පැරකුම් රජු මෙරට පාලනයට වසර 80 කට පමණ පෙර සිටමය. එහෙයින් ලංකා රජ්‍යයට දැඩි බලපෑමක් චොලයන්ගෙන් පැරකුම් රජ සමයේ ඇති නොවිනි. මෙඅතර කාලයේදි පාණ්ඩ්‍ය රටතුල රජ උරැමය පිළිබද ගැටලු පැන නගිනුයේ වසර 1166 දී පමණය.

සිංහල රාජ්‍යය විදේස්[ පාණ්ඩ්‍ය රට ] රටක රජ්‍ය ගැටලුවක් හා සම්බන්ද විම
පාණ්ඩ්‍ය රටේ සිහසුනට උරැම කම් කියු, කුලශේඛර නමැති කුමරෙක්, එකල පාණ්ඩ්‍ය රට රජ කල පරාක්‍රම රජුට මධුරා රාජධාණියේදි පහර දුන්නේය. මෙවිට පාණ්ඩ්‍ය රට රජු හෙවත් පරාක්‍රම රජු, සිංහල රජ්‍යයයෙන් උදව් ඉල්ලා සිටියේය. නමුත් කුලශේඛර කුමරැ චෝළ රටේන උදව් ඉල්ලා සිටියේය. පැරණි අරගල නැවුම් කරමින් පාණ්ඩ්‍ය රට රජ්‍ය ගැටලුව, අවසානයේ චෝළ හා සිංහල රට ගැටුමක් බවට පත් විය. මෙම ගැටුම් අතරින් නැවත පාණ්ඩ්‍ය බලය ඉස්මතු විණි.

සිංහල රජ්‍යය, ලංකාපුරයෙන් සේනාංක යෑවිමට පෙර, පාණ්ඩයයේ තත්වය වෙනස් විය. එනම් කුලශේකර කුමරැ, පරාක්‍රම රජු හා අඹුදරැවන් මැරෑ බව ආරංචි විමයි. මහා පැරකුම් රජුගේ තීරණය වුයේ කුලශේඛර රජු සිහසුනෙන් නෙරපා, නැවත වරක් පරාක්‍රම පරපුරට අයත් කුමරකු සිහසුනට පත්කිරිමයි. එම නිසා යෑවිමට සිටි සේනාංකයේ අරමුණ ලෙස පැරකුම් රජුගේ තිරණය බලගැන්වින.

පාණ්ඩ්‍යය රට ආක්‍රමණය
පැරකුම් රජුගේ නියෝගය පරදි, සිංහල සේනවා, නැව් නැගී විසිහතර පැයක් තුල මුහුදෙන් එගොඩ වී, පාණ්ඩ්‍ය හමුදා වල ප්‍රබල විරෝධතා මධ්‍යයයේ තලඩිල්ලයට ගොඩ බටහ. මෙ අයුරින් පාණ්ඩ්‍ය රට ආක්‍රමණය කල සිංහල සේනාංක, පරාක්‍රම රජුගේ කනිටු පුත් වීරපණ්ඩු නැමැති කුමරැ රජ්‍යයත්වයට පත් කරනු ලැබුයේ, සිංහල රට රජුගේ අශිර්වාදය මතිනි.

උපුටා ගැනීම් "ලංකා ඉතිහාසය" 1971
ලංකා විශ්ව විද්‍යාලය

යද්ධයේ තොරතුරැ හා සිංහල සේනාංකයේ සෙන්පතිට වු ඉරණම ඉදිරි ලිපියකින්

මේ පාරත් අලියට මල්වට්ටියට අත ගහන්න බැරි උනා

අනේ මෙහමත් කාලකන්ණි රැලක්. ජවිපේ කියන ගොන් සේනාංකයේ පාර්ලිමේන්තු ආසන රැකලා දේන්න, එජාපයේ නායකයෝ 62 වෙනි නිදහස් දිනය වර්ජනය කරනවා. මතකද ගියපාර යුද්දේටවත් හරි හැටි උදව්වක් නොකරපු එජාපයට ඒ අගනා අවස්තාවත් මග හැරැනා. අද අපේ රටේ නිදහස සමරන දවස, [නුවර පාර නම් එච්චර සතුටු නැහැ මෙ නිදහස අපිට අරන් දුන්නු අය කියන කතා වලට] කරැමෙක මහත රනිල්ට එකටවත් එකතු වෙන්න බැහැ. බොරැවට හේතු දක්වනවා. එත් කමක් නැහැ බහුතරයක් ජනතාව ඉන්නවා.


වැදගත් දෙයක් තමයි ඔය ජවිපේ ලිංමැඩියො කරන දෙයින් වෙන, "මෙපාර වගේම ලබන මහ මැතිවරණයේත් බුල්ත කොලයට කතිරය ගහපු අය, අයිත් උනන්දුවනෙම් ගිහින් එකටම කතිරේ ගහනවා". මොකද මෙපාර ඔවුන් ගහපු කතිරය දුෂීතයි කියලා මෙ හරක් රැල කියන හින්ද.. ඔකේ පාඩුවත් අයිත් ඉතින් පොදු විපක්ෂයටම තමයි. එහින්ද කරැනා කරලා තියන චන්ද ටිකවත් රැක ගන්න බලන්න. නැත්නම් දෙවෙනි වරටත් මිනිස්සු ඔය හොර නඩේ ගියපාරටත් වැඩා වැඩියෙන් විසික්කරලා දායි.

වසර ගනනාවකට පස්සේ රටේම ජනතාව එක්ව සමරන අපේ 62 වෙනි නිදහස වර්ජනය කරන්න තරම් තියන කාරනවා මැතිවරණය දුෂිතයි කියන එක. ඔක හරියට පොඩි ළමයි කරන වැඩක් වගේ, එත් මොනවා කරන්නද? ජවිපේ හින්ද රනිල්ට බැහැ කියන්න බැරැව ඇති.

එජාපයේ පාක්ෂිකයිනි, මෙපාරත් උඔලාට අලිය නැතිවෙන්නයි යින්නේ, එහෙම උනොත් ජවිපේ මෝඩ රැල තමයි වැඩි පාර්ලිමෙන්තු ආසන ගනනකට වග කියන්නේ, මොකද දැන් එජාපයේ අය අහන්නේ අනුර/විජිත කියන දේ, මන්ද ඔවුන් ඉදිරි පත් කරනු තාර්කිකයි හා ආකර්ෂනියයි. නමුත් තිස්ස කියන කතා අහගෙන ඉන්නවත් පුලුවන්ද? අර හොදට කතා කරපු දායසිරියත් දැන් පැත්තකට දාලා... ඔන් අලියො තොපිට වෙලා තියන දේ... දැන් ඉතින් පොඩ්ඩක් හිතට තට්ටු කරාලා බලන්න පපුවෙන් සීනු හඩක් එනවා නේද? .... දන්නේම නැතුව උඔලා සීනුකාරයෝ වෙලා ...

බලමු මහ මැතිවරණයේදි ජෙප්පන්ට වෙන දේ?

Wednesday, February 3, 2010

මෙහෙම නායකයෝ අපිට හිටියද?

English



"එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිදු රටකට ශ‍්‍රී ලංකාව තුළ කිසිදු පරීක්‍ෂණයක් පැවැත්වීමට ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් තමා කිසිසේත්ම ඉඩ නොදෙන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි"

බලන්න ඉහත විඩියෝව, හිතන්න අපි දුන්නු චන්ද ලක්ෂ 60 ට නව ගැම්මක් එකතු කරලා. මෙහෙම නායකයො තමයි අපිට ඔනා. ඒත අර ගොන් ලිංමැඩි ජවපේ හින්දා මෙරටේ මිනිස්සන්ව ආයිත් මරණය කරා අරගෙන යන්න හදනවා.

Sinahala



හංසයාට මොකද වෙන්නේ කියලා, බලන්න පුලුවන් ලබන මහ මැතිවරණයේදි ..

Tuesday, February 2, 2010

හංසයාට මොකද උනේ?

ආයිත් දේශපාලනයට ආවා..............

2010 ජනපතිවරණය කැදවන විටත් ජවිපේ තමුන්ගේ චන්ද පදනම ගැන දැනගෙන හිටියා. මොකද 2009 මුලු අවුරැද්දේම පළාත් චන්ද තිබුණා. එහින්දා එවායන් යම් කිසි පුරෝකතණයක් කරන්න පුලුවන් මහමැතිවරණයකදි මොකද වෙන්න පුලුවන් කියලා. ඒ අනුව ජවිපේ තක්සේරැව ගොඩක් අඩුයි. ඒ අනුව ඔවුන්ට අඩුම තරමේ පාර්ලිමෙන්තු ආසන 5 ක් වත් එන්නේ නැහැ. ඒ වෙනවිට මහින්දත් එක්ක ජනතාව එක්වෙලා හිටියා. අය වැය සහ අනිකුත් විරැද්ධ විම් එක්ක හා ජනිසේ හිදිමත් එක්ක, ජවිපේට ආයිත් මහින්ද ලගට යන්න බැරි උනා. ඔන්න ඔය කාරණවා ජවිපේ ඇතුලේ කතා වෙන්න පටන් ගත්තා. ඔකට පිළිතුර තමයි. එජාපයත් එක්ක එකතු වෙන එක. රනිල්ටත් වෙන කරන්න දෙයක් නැහැ සහ සරත් කියනනේ ජනතාව පිළිගත්ත යුධ නායකයෙක්. එහින්දා එජාපේ ජවිපේ එකට ගැටගැහුණා. තව කටිටියත් ඔකටම එකතු උනා.

සරත්ගේ ආගමනයත් එක්ක, එජාපයට අලුත් නායකත්වයක් ලැබුණා. බිම් මට්ටමේ එජාපයේ පාක්ෂිකයන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති උනා. අලුත් නායකයෙක්/ජවිපෙත් ඉන්නවා/ අනික යුධ්දයටත් උදව් උනා වෙනවා. පහළ සාමාජිකයෝ ජයපැන් බොන්න බලාගේන අමුතු උද්යොගයකින් රැලි වලට සහබාගී උනා. ඒ එක්කම එම ජන රැලි හරිම පිළිවෙලයි මොකද ජවිපේ ඉන්නවා. එක දැකපුවහම පහළ සාමජිකයෝ හිතුවා හරි දැන් අපි දිනුම් කියලා. ඔකම තමයි සරත් හිතුවේ, හැබැයි ජවිපේ මේක දන්නවා. මොකද ඔවුන්ට පුරැදුයි ජනතාවගේ හිසිරිම අදුනගන්න. එහින්ද මුල ඉදලාම අපි දිනම් කිය කිය ජවිපේ කැගැහුව්ව. එජාප පාක්ෂියොත් හරියට සතුටු උනා. මොකද අවු 14 කට පසුව එජාප ආණ්ඩුවක්.

එත් මහින්දට ජන්දය දෙන කට්ටිය බොහොම නිශ්බ්දව හිටියා. මොකද සරත් දිනන්න ඉඩකුත් තියනවා, මොකද රටට මවලා දුනනේ එවගේ සිතුවමක්. ඒ එක්කම සරත් කියන්නේ සේන්පතියෙක්. ඔහු දින්නොත් මහින්දට වැඩ කරපු අයට කෙල වෙනවා. සද්ද නැතුව 26 වෙන කල් හිටුපු මහිනගේ ජන්ද දායකයෝ උදේනම ගිහින් ජන්දය දැම්ම. මෙක දැකපු සරත් හිතුවා මෙ කට්ටිය රොක් වෙන්නේ විශ්වාසනිය වෙනසකට කියලා. මොකද මිනිස්සු එහෙම උනන්දුවෙන් චන්ද දෙනනේ අලුත් කෙනෙක්ට හින්දා. එත් උනේ වෙන දෙයක් ඔක්කොම බුලත් කොළයට තමයි කතිරේ ගැහැව්වේ. ඔකම තමයි පාළාත් පාලන මැතිවරණ වල උනේ, වෙනස තියෙන්නේ එවා පොඩ්ඩක් ඇල් මැරණු ජන්ද..

දැන් මහ මැතිවරණය එනවා, සරත් හා ජවිපේ හංසයගෙන්, එජාපය අලියගෙන්, දැන් මොකද කරන්නේ 2010 ජනපතිවරණයට චන්දය දුන්නු එජාපයේ කට්ටිය. අහන්න දෙයක් නැහැ ඒ ඔක්කොම එජාපයේ අය ආයිත් අලියට චන්දය දෙනවා. ජවිපේට හෙවත් හංසයාට ලක්ෂ 2කට අඩු චන්ද ගානක් තමයි එන්නේ. එදාටත් සරත් කියයි එහෙම වෙන්න බැහැ අපිට සෙනග ආවා. මම තමයි ජනතාවගේ අගමැති කියලා. මොකද සරත්ව අන්දවන්නේ ජවිපේ කට්ටියනේ. එදාට ඔය සරත්/අනුර/විජිත කියයි. එජාපයේ අයයි, සන්දානේ අයයි දෙගොල්ලොම හොරැ කියලා.


එක අතකින් රනිල් කියන්නේ මහත්මා ගති තියෙන මනුස්සයෙක් [මොකද මෙයා බටහිරට ගැතියිනේ/හැබැයි රට පාවලා දුන්නා] . එත් සරත් පාරදයි කියලා පිළිඅරගත්තා. හැබැයි රනිල් දිනමු,මොකද ආයත් විපක්ෂ නායක. මෙ මැතිවරණයෙන් බලන්න පුලුවන් ඇත්තටම ජනපතිවරණය හොර එකක්ද කියලා. එදාට 2010 මහමැතිවරණය දුෂිත වෙන්නේ හංසයාට විතරයි. මොකද චන්ද ලක්ෂ 2 ක්වත් එන්නො නැහැ.

ජවිපේ පැත්තට සටහන් දාන්න කවුරැත් නැතිවෙයි. මොකද එයාලා තම ලිංමැඩි ජිවිතයක් තමයි ගෙවන්නේ. එයලාට අන්ත්ජාලය තහනම්. මොකද ජේප්පො අන්තර්ජාලයට පුරැදු උනේත් පක්ෂයේ ඉන්නේ නැහැ. මොකද විජතගේ නිවුස් විතරක නෙමෙයිනේ ජාලයේ තියේන්නේ....

බලමු ජෙප්පන්ට මෙ පාර කෙලවෙලා යන හැටි...

ලොකු විශ්වාසයක් තියනවා. එකම එක ජෙප්පෙක්වත් සිංහල බ්ලොග් ලියන්නේ නැහැ.... ලිව්වත් උ දුන්නේත් මහින්දට ....

Monday, February 1, 2010

දේශපාලනය හා මහා සංඝයා

සමාවෙන්න ඔනා, ආයිත් දේශපාලනයට ආවට. මෙවා ඉතින් නොලිය ඉන්න බැරි එවා. ලිව්වෙ නැත්නම් එක වැරැද්දක් වෙනවා. ඈත අතීත රජ දවස ඉදන් රජුන් පත් කීරම හා රජයට බලැපෑම් කිරිමෙ හැකියවාක් තබුනේ හාමුදුරැවරන්ට. ඔකේන් හාමුදරැවරැ අයුතු වැඩ ගත්තේ නැහැ. එ හින්දා මහජනතාවත් එවා අනුමත කලා. හැබැයි හාමුදුරවො උන්ත වැරදි පාරක ගියානම් රටවැසියා එව්වා අනුමත කලේ නැහැ.

මුලින්ම මිනිස්සුන්ට මතක හිටින විදිහට, පර්ලිමෙන්තුවට පත්වෙලා එන්නේ, බද්දේගම සමිත හාමුදුරැවෝ. එක් තමයි මුල්ම වැරදි පුර්වාදර්ශය. මොකද උන් වාහන්සේ පත්වෙලා අවේ, ජනතා පරමධිපත්‍යය කියන පාර්ලිමෙන්තුවට. 2004 මහ මැතිවරණය. එම මැතිවරණය පවත්වන්නේ බොදු ජනතාව ඉමහත් ශෝකත්තාප වෙලා ඉන්නකොට, එහෙම නැත්නම් අති පුජනීය ගංගොඩවිල සෝම හමුදුරැවන්ගේ අපවත් විමත් එක්ක.

එයින් බොදු ජනතාව මහත්වු භිතියකට පත් වුන. එහින්දා එවකට ජනසමාජයේ පිළිගැනිමට ලක්වු හාමුදුරැවරැ එක්වොලා, මුලික කාරනා දෙකකට මහ චන්දයට ඉදිරිපත් වුනා. එම මුලික කාරනා නම්,

1.සෝම හිමි අපවත්විම සොයා බැලිමට කොමිසමක්
2.අන්‍යආගමිකරනයට පනතක්
3.ධර්ම රාජ්‍යයක්

මැතිවරණයනේ පස්සේ, හාමුදුරැවරැ කිහිපනමක් පාර්ලිමෙන්තුවට වැඩම කලා. එත් කොමිස ඇරෙන්න වෙන එකක්වත් සාර්ත වුනේ නැහැ. එයින දෙවනි එක නුවර පාර එපමණ වැඩක් ඇති දෙයක් ලෙස සලන්නේ නැහැ. එත් මිනිස්සු රවට්ටලා හරවනවා නම් වැරදියි. එ කිව්වේ දුප්පත් මිනිස්සුන්ගේ දුරවල කම් මුවාවෙන් ආගම මාරැකරනවනම්. එත් ඉතින් එහෙම හැරෙන අය තොත්ත බබාලා නෙමෙයිනේ. දුප්පත් කම් නැති කරන එක රජයේ වගකීමක්. එහිනද් මිනිස්සුව නීති දාලා ඔවා නවත්වන්න බැහැ.

ධර්ම රාජ්‍ය සංකල්පය. ඔක ඉතින් මෙකපේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහින්ද එගැන වැඩි දුර කතා කරලා වැඩක් නැහැ. ඔය මුලික හැදින්වීම කලේ 2010දිත් මහ චන්දයක් එන හින්ද. මොකද එදා යම් කිසි සාදාරණ හේතුවක් තිබුණත් හාමුදුරැවරැන්ට දේශපාලනයට කෙලින්ම එන්න. අද එහෙම ඔනා නැහැ. කොහෙමත් එදා හෙළ උරැමයට චන්දය දුනනේ ටිකක් විතර නාගරික, හා වැඩි පුර අන්තර්ජාලය බාවිත කරන කට්ටිය. එහින්දා අන්තර් ජාලයත් එකක්, හෙළඋරැමයේ නායකයෝ වැඩ කටයුතු කරනවා. එහින්ද ඔවන්ට තමයි මෙ ලිපිය ලියන්නේ. එහෙම හෙළ උරැමයට පක්ෂ කවුරැ හරි මෙ ලිපිය දැක්කෝ ඔවුනට මෙ ගැන දන්වන්න. මොකද මෙපාර හාමුදුරැවරැ දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.

විශේෂයෙන්ම ගිය පාර හාමුදුරැවරන්ට තිබුණ ගරැත්වය නැතිකරගත්තා. දැන් පොඩ්ඩක් විතර හරි ඉතුරැවෙලා තියනවානම් මෙපාර එ ටිකත් නැතිවෙලා යනවා. හාමුදුරැවරැ අර්තයෙන් ධර්මයෙන් පමණක් රාජ්‍යයට උදව් කලාහම ඇති. තව දෙයක් මුලු පාර්ලිමෙන්තුව හමුදුරැවරැ ආවොත් මොකද වෙන්නනේ ඔය දේම අනික් ආගම් වලටත් බෝ උනොත්, අන්තිමට මිනිස්සු කරන එවා හාමුදුරැවරැ කරනවා, නිවන් මග කියා දෙන එක සාමන්‍යය මිනිස්සු කරනවා.

දැන ගන්න තිබෙන ආරංචි වල හැටියට මෙපාරත් හාමුදුරැවරැ චන්දයට එනවා, දැනට තියන තොරතුරැ ඇනුව ගම්පහට රතන හාමුදරැවෝ එන්නයි හදන්නේ, කොළඹටත් එයි. ඉතා ඔනැකමින් කියනවා බොදු ජනතාවගේ සිවුරට තියන ගරැත්වය පාවිච්චි කරලා ආයත් පාර්ලිමෙන්තු වඩින්න එපා කියලා.

හිතන විදිහට උන්වහන්සේලා එන්න ගොඩාක් දුරට ඉඩ තියනවා. පොඩි දෙයක් හාමුදරැවරැන්ට අපාහාස වන විදිහට කමෙන්ටු දාන්න එපා. මොකද පින් පව් කියලා දෙයක් තියෙන්න පුලුවන්. අනික අපාහස නොකර යම් දෙයක් කියන් පුලුවන්...

Sunday, January 31, 2010

මහා පරාක්‍රමබාහු රජ සමය 1153-1186 බුරුම රට ආක්‍රමණය

ලංකා රජ්‍යයය විචාල කිසිදු රජ කෙනෙක් තම බලපරාක්‍රමය පෙන්වීමට කිසිදු රටක් හා යුධ නොවැදිණි. යම් කිසි රටක් හා ගැටුමට ගියේ තම ස්වධිපත්‍ය හෝ තම ගෞවරය රැක ගැනීම සදහා පමණි. එවන් එක් ස්වර්ණමය අවස්තාවක් ලෙස මහා පැරකුම් යුගය හැදින් විය හැක. වර්ෂ 1164 දි හෝ 1165 දි හෙවත් රජ්‍යයත්වයෙන් එකොලොස් වැන්නේ බුරුම රට ආක්‍රමණය සිදු කිරිමට මෙ මහා නිරිදුන්ට සිදුවෙයි.

චුලවංශ කතුවරයා පහත පරිද එම ආක්‍රමණය මනා කොට විස්තර කරයි. බෞද්ධ රජ්‍යයක් වු බුරුමය හා ලංකාව අතර මනා රාජතාන්ත්‍රක සම්බන්ද කම් තබුණි. මහා පැරකුම් රජු, බුරුම රට අලචුංසිතු රජු හා නොකඩවා සම්බන්දකම් පැවැත්වුවත් ඔහු අහංකාර රජ කෙනෙකු බව බුරුම ඉතිහාසයේ සදහන් වෙයි.

ලංකා රජ්‍යයට වු කෙනෙහිලිකම් මෙසේ සටහන් කල හැක
1. සිරිත් ගරැ නොකිරිම - ලංකා වෙන් යවන සෑම තෑගි බෝග පිරි නැවකටම, ඇතකු බැගින් තෑගි දීම බුරම රජ්‍යයයයේ සිරිතක්ව පැවතිණි. නුමත් අහංකාර ගති ගුණ ඇති අලචුංසිතු රජ මෙම සිරිත කැඩීය.

2. ඇතුන් පිළිබද නව නීති - ලංකාව ඇතුලු සෑම රටකටම ඇතුන් යැවීමට හැම කල්හිම ඔනෑම අයකුට ඉඩ තිබුණි. එලෙසම ඇතන් වෙළදාම සදහම වෙනම කොටසක් එරට විසුහ. නමුත් බුරුම රජු ඇතුන් වෙළදාම තම එකාදිකාරයක් බවට පත් කරගත්තා මෙන්ම උන්ගේ වටිනා කම දෙතුන් ගුණයකින් වැඩි කරන ලදහ.

3.රාජකීය පිළිගැනීම - අලචුංසිතු රජු ලංකා රාජ්‍ය වෙත එවන සෑම රාජ දූතයෙක්ම හර සරින් පිළිගනු ලැබුවත්, මෙරටින් රන් පතක ලියු හසුනක් රැගෙන ගිය දූතයන් බොරැ හේතුන් මත ඉතා කුරිරැ අයුරින් සැලකුවේය.

4.වස්තු කොල්ලා කෑම - ඉහතින් ගිය සිංහල දුත පිරිසගේ ධනය, මිලට ගත් ඇතුන් මෙන්ම නැව්ද කොල්ලාකා, කදුකර බලකොටුවක සිරකර, පයෙහි විලංගු ලා, සිර ගෙවල් වල දිය ඇදිම සදහා යොද ගෙන ඇත.

5.සම්බන්ද කම් අත් හිටවීම - බුරුම රජු විසින් ලංකාව හා ඇති සියලු සම්බන්දකම් නවතා, බුරම රජ්‍යයට ඇතුලු වීමද තහනම් කෙරින. මෙම තහනමෙන් පිට පැන කවුරැන් හෝ සිංහල රජ්‍යයයෙන් පැමිනේයි නම් ඔවුන් මැරිමට සිදුවිම වරදක් නොවන බවද සනිටුවන් කරමින් ඉහතින් ගිය දුතපිරිස හා බලයෙන්ම ගිවිසුමක් ඇත කරගැනිම. එලෙසම සිදුරැ වු නැවක ගොඩනංවා සිංහල දුත පිරිස පිටත් කර හැරීය.

6.සිංහල රජ්‍යය රැවැට්ටිම - ඇතුන් මිලදි ගැනිම සදහ මහා පැරකුම් රජු විසින් යැවු, තෑගි පිලිගෙන,එ වෙනුවට ඇතුන් 14 ක් හා රිදියේන මුදල් දිමටත් පොරොන්දු වී, පසුව එ කිසිත් නොදි දුත පිරිස හරවා යෑවිම.

7.සිංහල කුමාරිකාවක් පැහැර ගැනීම - ලංකාවේ සිට බුරැමය හරහා කාම්බොජයට ගමන් කල සිංහල කුමාරිකාවක් පැහැර ගැනීමට ලක්විම.

එක පිට එක ලංකා රජ්‍යයට වු අපහාස හා නින්දා කොහෙත්ම ඉවසුම් නොදුන් ඒ මාහා පරාක්‍රම බල ඇති මහා පැරකුම් රජු කුපිත වී, යද්ධ කිරිම හැර වෙන්ත මගක් නැතැයි තීරණය කර බුරුම රජ්‍යය ආක්‍රමණයකට තින්දු තීරණ ගන්නා ලදි.


යුද්ධයට සැරසීම
1.ලංකා නැව් තොටුපලවන්හිදි, නැව් හා කණ්ඩයම් සුදානම් කිරිම. මෙසදහා පස්මසක් ගත විණි.
2.සන්නාහ හා විවධ යුධෝපකරණ සුදාන්ම් කිරිම
3.යුධ ඇතුන් මැඩිම සදහා තියුණු උලු ඇති ඊතල එක් කරගැනිම
4.ආහාර පාන සෑහෙන ලෙස නැව් වල ගබඩා කිරිම
5.භටයන්ගේ සෞඛ්‍යට අවැසි දේ ලෙස බෙහෙත් යනාදිය සපයා ගැනිම
6.වෛද්‍යවරන් හා පරිවරිකාවන්ගෙන් නැව් සන්නද්ද කිරිම

යුද්ධය ඇරබීම
රජුගේ සේනාව ඊසාන වෙරළහි පල්ලවවංක හෙවත් කුච්චවේලියට උතුරින් පිහිට් පල්වක්කි තොටෙන් පිටත් විය. මෙම සේනාවෙහි මුලිකත්වය දැරවේ භාණ්ඩාගාරයේ වැදගත් නිලයක් ඉසිලු අදිච්ච දමිළාධිකාරියාය. මෙම නැව් සමුහයේ සමහරක් මුදු බත් වී විනාශ විය, තවත් නැව් වෙනත් රට වලට පාවි ගියේය. නගරගිරි කිත්ති සෙන්පතිය මුලිකව ගිය නැව් පහක්, බුරුමයේ කුසුමිය හෙවත් මෙකල බසින් වලට ගොඩ බැස, සටනට පැමිණි බුරුම භටයේ විනාශ කර, ඒ අවට පෙදෙස් වනසා දැමිය. රජුගේ සේනාව, පප්ඵාලාමට ගොඩ බැස, උක්කමපුරය අල්ලා ගත් අතර බුරුම රට රජු මෙහිදි මැරම් කෑ බවත් සදහන් වෙයි.

මෙලෙස යුද්ධය ජයගෙන නැවත සිංහල රජු මෙරටට මහත් වු අභිමනයයෙන් පැමිණ ඇත.

උපුටා ගැනීම් "ලංකා ඉතිහාසය" 1971
ලංකා විශ්ව විද්‍යාලය

පාණ්ඩ්‍ය දේශය ජයගැනීම ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න ...

Saturday, January 30, 2010

මහා පරාක්‍රමබාහු රජ සමය 1153-1186


කරැණු හතරක් පදනම් කර, රට නිවැරදි දිශානතියට මෙහෙයවු අප ඉතිහාසයේ වීරත්වයෙන් කතාකරන පළමු පරාක්‍රමබාහු හෙවත් මහා පැරකුම් රජුගේ රජ්‍යය විචාල ආකාරය මෙසේ සිංහල බ්ලෝග් කරනය තුල සටහන් කරනුයේ මහත් වු අභිමානයකිනි.

පහතින් දැක්වෙනුයේ පැරකුම් රජු තම න්‍යයය කරගත් කරැනු හතරයි.
1.රට වැසිය සුඛිත මුදිත කිරිම
2.බුද්දාගම ස්තිර තත්වයට පත් කීරිම
3.මහා කුලීනයන් ආරකෂා කිරිම
4.යාචකයන් පෝෂණය කීරිම


රජ්‍යයට පත් විමෙන් පසු, තම පළමු කටයුත්ත ලෙස කරනු ලැබුවේ, රජ්‍ය අනුග්‍රහයට පත්විය යුත්තන්ව සුදුසු තනතුරැවල පිහිටුවිමයි. මාහා දානයක් හා තැගි බෝග දිමද තම යුතුකමක් ලෙස සලකන ලදහ. රජ්‍යත්වයට පැමිනෙන තාක් කල් දුෂිතව පැවති ශාසනය පිරිදුකර පෞරාණික ක්‍රමය අනුව පොදුවැඩ පිළිවලක් සකසන ලදි. උදුම්බර ගිරි මාහා විහාරයේ මහා කාෂ්‍යිප මාහා ස්ථිවරයන් වහන්සේගේ උදව් හා උපදේස් මත, දුෂ්ශිල භික්ෂුන්ගේ සිවුරැ හැරදා, තුන් නිකායම සමගි කොට එක් නිකයක් බවට පත් කරන ගමන්ම, අලුත් සංඝාරමද ඉදිකරවු බව ගල්විහාරය අසලින් හමුවු සෙල් ලිපියෙන් සනාත කරයි. තවද විදර්ශාන දුරය වැඩිම සදුහාද පහසුකම් සැපයු බව එහිම සදහන් වෙයි. අවුරැදු පතා සිදුවන උපසම්පාද විනය කර්ම උත්සවය සහබාගිවි රජ්‍ය අනුමැතියද නොකඩවා ලබා දුනි. භික්ෂුන්ට බ්‍රහ්මණයන්ට හා රටවැසියන්ට රිසි සේ දානය ලබාගත හැකි දන්සාලා නගරය තුල පිහිටවුයේය. දක්ෂ වෛද්‍යවරයකු වු රජතුමා, ආරෝග්‍ය ශලා ඉදිකරනවාට අමතරව ඒ සැම ශාලාවකටම ගොස් තොරතුරැ විචාල බව සදහන් වෙයි.

වාස්තු විද්‍යව අතින් මහත් වු මෙයක් වු සමහක් ලෙස මෙම කාල පර්ච්චේදය හැදින්විමට පුලුවන. පොළොන්නරැව රාජධානිය තුල වු වෙහෙර විහාර, උයන් , පොකුණු මාලිගා මෙන්ම ආරක්ෂාව සදහා ඉදිකරන කොටු පවුතරත්, රජමාලිගත් ඉදිකරවු බව සදහන් වෙයි. ප්‍රාසාද භුමිය තුල නන්දන උයන කරවා, පළතුරැ මල් හා වෙන්ත ගස්වලින් ආඪ්‍ය කරනලද්දේ පරිසර හිතකමි රජේකු වු නිසාම යයි හැගි යයි. පරාක්‍රම සමුදුර එතුමාගේ උසස් නිර්මාණයකි. රජ්‍යය විචාන මුල් සමයේ දළදා වහනසේ රජු සතු නොවුනද, දළදා මන්දිරයක් කර එයට පුද පුජා පැවැත්වු බව සදහන් වෙයි. එලෙසම පොළොන්නරැවරට උතුරැ දෙසින් පිහිටි ජේතවානාරමයෙහිද දළදාව සදහා වටදාගෙයක් ඉදිකරන ලදි.

ලක්දිව ඇති අතිරමණිය පුරාවස්තුවලින් එකක් වන ගල්විහාරය හෙවත් උත්තාරාරමය එතුමගේ රජ සමයේ මෙරටට දායද කල මහගු වස්තුවක්ම වෙයි. එතුල, විද්‍යදර ලෙන/ වැඩඋන් පිළිම වහන්සේ ලෙන / ඔත් පිළිම වහන්සේ ලෙන නම් මනා ශෛලමය විහාරයක් කරවන ලදි. දකුණු කෙලවර වැඩ හුන් පිළිමය උසින් අඩි 15 ක් හා අගල් 2.5 කි. ඊලගටද ඇත්තේ වැඩහුන් පිලිමයක් වන අතර එය උසින් අඩි 4 යි අගල් 7 කි. ඉක්බිති නමා ගත් අත් ඇති හිටි පිළිමයක් වෙයි. කාගේ පිළිමයක් දැයි මත බේදයට තුඩු දි ඇති මෙය උස්න අඩි 22 ක් හා අගල් 9 කි. අවසනට ඇති සුවිසල් ඔත් පිළිමය දිගින් අඩි 49 යි අගල් 4 කි. දෙමළ මහා සෑය නමින් ස්ථුපයක් කරවිමට සැලසුම් කලත්,පසුව එම මහා සැලැස්ම අතහැර එම පේසා වලලු මතම කුඩා චෛත්‍යක් කරවා ඇත.

රජුගේ ධන පරිත්‍යගයෙන් රාජධානියට ඉතා ඇතින් ගොඩ නගන ලද ජේතවනාරාමය ගොඩ නැගිලි කිහිපයකින් සමන් විත විය
1.තිවංක පිළිමගෙය හෙවත් වර්තමාන උත්තරරාමය
2.වටදා ගෙය
3.ගලින් නෙලු නාන පොකුනු අට
4.ශාරිපුත්‍ර මහා තෙරැණ් සදහා සාදවන ලද හෙවත් චුල වංශයේ සදහන් කපිල විහාරය

තවද පූර්වාරමය හා ඇතුබදලෙන නම් විහාර කරවු බව සිංහල භෂාමය වංශකතාවල සදහන් වුවත්, එය චුලවංශය තුල සදහන් වි නොමැත. උසින් අඩි 11.5 ක් වු, අනාබද්ද රජ පිළිමයක් මෙ අසල ඇතත. මෙය මහ පැරකුම් රජුගේ යයි සලකනු ලබයි.

චෝලයන් විසින් විනාශකරන ලද අනුරපුරය නැවත පිලිසකර කිරිමද මෙරජ සමය සිදුවිය. රජ්‍යය පාලනයෙදි එකතු කරන බදු, වැසියන්ට කරදර නොවන මෙන්ම ආදයම් අඩු නොවන ලෙසද නියම කර තිබුණි. මෙකල රජ්‍ය පාලනය සදහා පදවි හෙවත් ඇමතිකම් 15 ක් අති කරන බැවි සදහන් වුවත්, සමහර පදිවි ඊට පෙරසිට පැවත එනු ඇතැයි උපකල්පනය කල හැක.

සෑම සතර පොහෝ දිනකම, වනගත හා වැව් අමුණුවල වෙසුනු මාලුන් හට අභය දානය ලැබෙන දිනයකි.

බුදුදහම මුලික කරගත්, රටේ සියලු රටවැසියන් මෙන්ම, ගහ කොළ සතා සිව්පාවටත් අවදානය යොමු කල රජෙක් ලෙස මහා පැරකුම් රජු අප ඉතිහාසය තුල විරත්වයේ පර්ච්චේදයක් සටහන් කර ඇත.

උපුටා ගැනීම් ලංකා ඉතිහාසය 1971

වර්තමානයේ අපේ ඉතිහාස ලෙස, විවිධ වු ඔප්පු නොකරන ලද හුදේක හිතලුන් පමණක්ම සමාජ ගත කීරමට උත්සාහ දරයි. අතිතය තුල එවා සෙල් ලිපි පොත් පත්වල ලියා තැබුණත් දැන් දැන් සියල්ල ජාල ගත වන බැවින්, නුදුරැ අනාගතය තම සාක්ෂි කොට ගනුයේ අන්තර්ජාලය තුල තබෙන ලිපි වනු ඇත. නමුත් දැන් දැන් එම ලිපි පලකරනුයේ තම තමුන්ට ඇවැසි විදිහට විවිධ වු වෙනස් කිරිම් වලට ලක් කරමිනි. ඉතින් වගකිව යුත්තෝ නිසි පියවර ගනු තෙක් මා මට හැකි අයුරින් අපේ ඉතිහාසය සුරැකිමට මෙසේ දායක වෙමි. අපේ ඉතිහාසය විකෘර්ති කිරිමට බොහෝ බටහිරයන් කැස කවන මොහොතක, එම වැඩේ උන්ට වඩා හොදින් කිරිමට මෙරට අතලොස්සක් දේනා සැදි පැහිදි සිටියි. එයට හේතුව මම නොදනිමි. අනෙක එසේ අලුතින් එක් කරන කරැනු වලට පැහැදිලි සාක්ෂි නැතත්, දැනට පවතින ඉතිහාසය බොරැ කියයි. තවද එලෙස අලුතන් එක් කරන කරනු වලින අපේ ඉතිහාසය කිසිම වැදගම්මකට නැති එවා බවම සමාජගත කිරමට යයි.

විදේශ් ජය ගත් අයුරැ ඉදරි ලිපියකන් බලාපොරොත්තු වන්න

පසුව ලියමි
ත‍රිඳු
ඇත්ත, යම් දෙයක් ලියනුයේ තමන්ගේ අභිමතයට පරිදිය. එමනිසා රාමායණය ලියු කතුවරයා මෙන්ම, මහාවංශය හා චුලවංශය මෙන්ම අනික් ඉතිහාස කාව්‍යත් යම් නැඹුරවක් ඇතැයි අපට පිළිගත හැක. නමුත් එතුල යම් කිසි සත්‍යයක් ඇතැයි අපිට කිව හැකිවනුයේ, සෙල් ලිපි මගින් කියු කරැනු සනාත වන විටය. තව දෙයක් වුනුයේ අපේ ඉතිහාසය තුල විරැවන් ලෙස දක්වා ඇති රජවරැන් නිකම්ම නිකම් රජවරැ බවට පත් නොකල යුතුය. මන්ද එවා සත්‍ය වුවත් අසත්‍යවුවතු එවහි මනාවු සහිත්‍යයක් ඇත. එය අනාගත පරපුරට අප ඉතිහාසය මෙසේ යයි උදම් ඇනිමට ඉවහල්වනු ඇත. නමුත් අතිතයක් පිළබද බොරැ ඉතිහස පොතක්වත් නැති බටහිරයන් අපේ ඉතිහසාය වැරදි බව එත්තු ගැන්විමට බොහෝ දත කයි. එවාට හසු වන මෙරැටියනුත් නොඅඩුව ඇත. අතිතය එසේ වු බැවින් අනාගතය මෙසේ කල යුතු බව එවිට ඔවුන් සිතාවි.

ඔබගේ සතුට පල කිරිම පිළිබද කෘතගුණ වෙමි. ඒ අතර මෙලිපිය ලිවිමට හේතුවු කරැනු ඔබට වැටහි ඇතැයි සිතමි.