දන්නා තරමට ලොව බලෙන් කෑම බීම කවන එකම රට ලාංකාවයි. දන්නා තරමට කිසිඳු මානයකින් තොරව පාරේ සිට කෑම බීම ගන්න එකම රටත් ලාංකාවයි. දන්නා තරමට කෑම බීම වැඩිපුරම නාස්ති වෙන එකම රටත් ලාංකාවයි.
ඉහත කරුණු ටිකකට ඌණ පුර්ණ ඇවසි නොවේයයි සිතමි. වෙසක් හා පොසොන් යන පුර පොහොය දෙකටම ලාංකීක ජනාය බොහෝ දාන ශීලී වෙයි. රට පුරා දන්සැල් පවත්වයි. රට පුරා ශ්‍රමදාන පවත්වයි. රට පුරා විවධ සැරසිලි වලින් පහන් සංවේගයක් උපදවයි.
බෞද්ධ කම හෝ බෞද්ධ දර්ශනය පවත්වාගෙන යාමට හුදු ප්‍රතිපත්තී පුජාවම යොග්‍ය නොවෙයි. මේ සඳහා ආමිස පුජාවය සම සහායක් ලබා දෙයි. එහිදි ජනතාවෙගේ පහන් සංවේගය හෝ උනන්දුව ඇති කීරිමට යම් යම් ක්‍රමෝපායන් අවැසි වෙයි. ඉල්ලුම සැපයුම නිය්‍යට හුදු ආර්ථිකවිද්‍යවාට පමණක් අර්ත ගැන්වා කොටු කර තැබිය නොහැක මෙය බුදු දහමටත් අදාලවෙයි. නමුත් යොදා ගත යුතු ක්‍රමය වඩා යහපත් විය යුතුය. වෙසක් කාලයට දන් සැල්වට, වයස් හෝ අර්ථීක තත්වයන් නොසලකා සියලු ජනයා ඇදී එයි. එහිදි බොහෝ දුරට සැහෙන දිගු පෝලිම් වල සිට බත් සමග පරිප්පු කයි. නුවර පාර රචකයා නිතරම යන එන අරලියගහ මන්දිරයේ නම් මෙදිනට දන්සැල පවත්වන්නේ රාජකීය ලිලාවෙනි.
කිරි කොපි එකක් එහෙමත් නැත්නම් සව් ටිකක්, තව තැනකින් සරුවත් කොප්පයක් මේ හැමදේම බඩට දාගෙන තවත් බත් දන්සලකටත් පියමන් කරන්න තරම් මෙදින කවුරුත් තම උදරය සකසා ගනියි. තවද දන්සැල් වන්දනාවේදි කොතෙක් කෑවත් බඩද නොපිරෙයි. එලෙසම කන ප්‍රමාණයට සමාන ප්‍රමනයක් ඒ අසල කුණු බක්කි වල දක්නට ඇත. ඔය අතර පොලිමේ නොසිට, ගැබ්බර බිරිඳ, අක්කා හෝ නංගි ගේ නම විකුණා දන්සැල් බත් පාර්සල් හොරකම් කරන සෑබැ බෞද්ධයොත් සිටියි.
බත් දන්සැලැ කෙසේ වෙතත්, බිම හෝ අයිස් ක්‍රීම දන්සැල් නම් පැය දෙකකට වඩා නොපවත්වයි. සවස 5 ට විතර පටන් ගන්න මේවා 7 වන විට අවසන් වෙයි. ටිකක් විතර සෙවිල්ලෙන් ඒ අසලින් ගියෝත් අපිට ඇසෙනුයේ, දන් සැල සඳහා අයිස් ක්‍රීම් හෝ බිම බෙදු අයගේම ගනන් හිලව් ටිකකි
මං දහයක් කෑවා
මං නම් 20 ක් බ්ව්වා ... බලාගෙන යන විට ................ ඉතුරු ටික ලියන්න ලංකාව තුල මධ්‍ය නිදහස නැත නමුත් දන්සැල් දුන් අය මෙය හොඳින් දනිති
සවස 7 න් පසු බුදු දහමට කිසිත් අදාලත්වයක් නැති හින්දි ඉන්ග්‍රීසි හෝ අපේ චින්චිගේ සින්දුවක් දමා ගනිමින් හොදින් සුර් වි නටති. ඉදින් මේ දන්සැලෙන් ඇති වැඩය කුමක්ද?
බලෙන් කිරි කොපි හෝ සව් පෙවිම මෙහි ඇති නරකම පුරුද්දයි. බෞද්ධ කොඩියක් අතින් ගත් කොලු පැටව් කොඩිය වනමින් නුවර පාරේ යන්නවුන්ට බාදා කරමින් බලෙන් කවා පොවයි. මෙවැනි අත්දැකීම් අප සැමට ඇතැයි සිතමු.
නුවර පාර රචකයා වුවත් මේ කොයි තරම් බණ දෙසුවත්
මෙවන් දන් සැල් වල කොඩි වනන චරිතය හොදින් නිරුපණය කර ඇත. එහි තිබෙන ආතල් එක දන්නේ කල උන් මිසක් අන් කෙවෙත?
කෙසේ වෙතත් දන්සැල් දීම හා එවා බුක්ති විදීම අපි මහත් සතුටෙන් කරමු. ඉතින් අවුරුද්දේ එක දිනකට පමණක් තරහා අවසර ගෙන මෙවන් බදා හෝ කරදකීරිම් ගනන් නොගෙන එවායේ රසය බුක්ති විඳිමින් වෙසක් මිහිර විඳගන්නේ නම් මැනවි.
දන් සැල් දීම් කරදයක් නම් හෝ එවා පාපයක් හෝ වැඩකට නැති දෙයක් නම් හෙට ගෙදරට වී ඉන්න. ඒවාට කැමති කට්ටිය ඒවායේ රසය විඳගනු ඇත.
කිසි ගැලපීමක් නැති මේ ලිපිය නුවර පාර රචකයාට නම් මහත් වු සතුටක් ගෙන දෙයි
Subscribe to:
Post Comments (Atom)
y mahinda ayyath dansal dune
ReplyDeleteකිව්වත් වගේ වෙසක් පෝයයි පොසොන් පෝයයි කිව්වාම හුඟක් අයට මතක් වෙන්නේ දන්සල් තමා :)
ReplyDelete