Monday, February 1, 2010

දේශපාලනය හා මහා සංඝයා

සමාවෙන්න ඔනා, ආයිත් දේශපාලනයට ආවට. මෙවා ඉතින් නොලිය ඉන්න බැරි එවා. ලිව්වෙ නැත්නම් එක වැරැද්දක් වෙනවා. ඈත අතීත රජ දවස ඉදන් රජුන් පත් කීරම හා රජයට බලැපෑම් කිරිමෙ හැකියවාක් තබුනේ හාමුදුරැවරන්ට. ඔකේන් හාමුදරැවරැ අයුතු වැඩ ගත්තේ නැහැ. එ හින්දා මහජනතාවත් එවා අනුමත කලා. හැබැයි හාමුදුරවො උන්ත වැරදි පාරක ගියානම් රටවැසියා එව්වා අනුමත කලේ නැහැ.

මුලින්ම මිනිස්සුන්ට මතක හිටින විදිහට, පර්ලිමෙන්තුවට පත්වෙලා එන්නේ, බද්දේගම සමිත හාමුදුරැවෝ. එක් තමයි මුල්ම වැරදි පුර්වාදර්ශය. මොකද උන් වාහන්සේ පත්වෙලා අවේ, ජනතා පරමධිපත්‍යය කියන පාර්ලිමෙන්තුවට. 2004 මහ මැතිවරණය. එම මැතිවරණය පවත්වන්නේ බොදු ජනතාව ඉමහත් ශෝකත්තාප වෙලා ඉන්නකොට, එහෙම නැත්නම් අති පුජනීය ගංගොඩවිල සෝම හමුදුරැවන්ගේ අපවත් විමත් එක්ක.

එයින් බොදු ජනතාව මහත්වු භිතියකට පත් වුන. එහින්දා එවකට ජනසමාජයේ පිළිගැනිමට ලක්වු හාමුදුරැවරැ එක්වොලා, මුලික කාරනා දෙකකට මහ චන්දයට ඉදිරිපත් වුනා. එම මුලික කාරනා නම්,

1.සෝම හිමි අපවත්විම සොයා බැලිමට කොමිසමක්
2.අන්‍යආගමිකරනයට පනතක්
3.ධර්ම රාජ්‍යයක්

මැතිවරණයනේ පස්සේ, හාමුදුරැවරැ කිහිපනමක් පාර්ලිමෙන්තුවට වැඩම කලා. එත් කොමිස ඇරෙන්න වෙන එකක්වත් සාර්ත වුනේ නැහැ. එයින දෙවනි එක නුවර පාර එපමණ වැඩක් ඇති දෙයක් ලෙස සලන්නේ නැහැ. එත් මිනිස්සු රවට්ටලා හරවනවා නම් වැරදියි. එ කිව්වේ දුප්පත් මිනිස්සුන්ගේ දුරවල කම් මුවාවෙන් ආගම මාරැකරනවනම්. එත් ඉතින් එහෙම හැරෙන අය තොත්ත බබාලා නෙමෙයිනේ. දුප්පත් කම් නැති කරන එක රජයේ වගකීමක්. එහිනද් මිනිස්සුව නීති දාලා ඔවා නවත්වන්න බැහැ.

ධර්ම රාජ්‍ය සංකල්පය. ඔක ඉතින් මෙකපේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහින්ද එගැන වැඩි දුර කතා කරලා වැඩක් නැහැ. ඔය මුලික හැදින්වීම කලේ 2010දිත් මහ චන්දයක් එන හින්ද. මොකද එදා යම් කිසි සාදාරණ හේතුවක් තිබුණත් හාමුදුරැවරැන්ට දේශපාලනයට කෙලින්ම එන්න. අද එහෙම ඔනා නැහැ. කොහෙමත් එදා හෙළ උරැමයට චන්දය දුනනේ ටිකක් විතර නාගරික, හා වැඩි පුර අන්තර්ජාලය බාවිත කරන කට්ටිය. එහින්දා අන්තර් ජාලයත් එකක්, හෙළඋරැමයේ නායකයෝ වැඩ කටයුතු කරනවා. එහින්ද ඔවන්ට තමයි මෙ ලිපිය ලියන්නේ. එහෙම හෙළ උරැමයට පක්ෂ කවුරැ හරි මෙ ලිපිය දැක්කෝ ඔවුනට මෙ ගැන දන්වන්න. මොකද මෙපාර හාමුදුරැවරැ දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.

විශේෂයෙන්ම ගිය පාර හාමුදුරැවරන්ට තිබුණ ගරැත්වය නැතිකරගත්තා. දැන් පොඩ්ඩක් විතර හරි ඉතුරැවෙලා තියනවානම් මෙපාර එ ටිකත් නැතිවෙලා යනවා. හාමුදුරැවරැ අර්තයෙන් ධර්මයෙන් පමණක් රාජ්‍යයට උදව් කලාහම ඇති. තව දෙයක් මුලු පාර්ලිමෙන්තුව හමුදුරැවරැ ආවොත් මොකද වෙන්නනේ ඔය දේම අනික් ආගම් වලටත් බෝ උනොත්, අන්තිමට මිනිස්සු කරන එවා හාමුදුරැවරැ කරනවා, නිවන් මග කියා දෙන එක සාමන්‍යය මිනිස්සු කරනවා.

දැන ගන්න තිබෙන ආරංචි වල හැටියට මෙපාරත් හාමුදුරැවරැ චන්දයට එනවා, දැනට තියන තොරතුරැ ඇනුව ගම්පහට රතන හාමුදරැවෝ එන්නයි හදන්නේ, කොළඹටත් එයි. ඉතා ඔනැකමින් කියනවා බොදු ජනතාවගේ සිවුරට තියන ගරැත්වය පාවිච්චි කරලා ආයත් පාර්ලිමෙන්තු වඩින්න එපා කියලා.

හිතන විදිහට උන්වහන්සේලා එන්න ගොඩාක් දුරට ඉඩ තියනවා. පොඩි දෙයක් හාමුදරැවරැන්ට අපාහාස වන විදිහට කමෙන්ටු දාන්න එපා. මොකද පින් පව් කියලා දෙයක් තියෙන්න පුලුවන්. අනික අපාහස නොකර යම් දෙයක් කියන් පුලුවන්...

19 comments:

  1. I think you are ignoring an important contribution from JHU monks. If it had not been for them, Mahinda Rajapake would have not got the PM post and the subsequently the leadership of the SLFP. We all now know what the difference could have been if he had not been elected.

    CBK never wanted to appoint him. Her JVP friends, including Wimal Weerawansha wanted Kadiragarmer. They tried to win TNA instead of JHU to their side. For that they let LTTE cross the Verugal Aru river to attack Karuna's men. CBK as the defense minister avoided commanding the army to prevent LTTE cutting across government held areas to reach the banks of the Verugal Aru river, thinking that in turn LTTE would advice TNA to support the UPFA government. But LTTE advised otherwise. UPFA had to win the support of JHU so they had to listen to their demand. That is to appoint Mahinda Rajapakse as the PM.

    Please don't recalled nobody from SLFP supported Mahinda Rajapkse to become the PM for their own reasons. JVP didn't want that either.

    Even I don't want to see Buddhist monks doing politics and I hope they won't contest again. But please give them the credit they deserve.

    ReplyDelete
  2. I'm sorry about not being able to comment in Sinhala. I don't have the skills or the resources to use my laptop in Sinhala. But I hope my opinion is clear and feel free to respond in Sinhala.

    ReplyDelete
  3. ඇයි අනේ අපෙ හාමුදුවන්ට අයෙ මුකුත් මිරිකගන්න ඔනේ නැතුවයි ? ඔන්න ඔහේ තව පාරක් මිරිකගන්න දෙන්න. අනෙක රතනගේ මාලිගාව හදලා ඉව‍්රත් නෑනේ. එක ඉව‍්ර ක‍්රගන්න ඔනේ. තව බොඩි බයි ක‍්රිස් එකට ගෙවන්නත් සල්ලි ඔනෙනේ. ඉතින් ඔහේ තව පාරක් වැඩපු දෙන් ආසාවනේ අප්පා.

    ReplyDelete
  4. //ඈත අතීත රජ දවස ඉදන් රජුන් පත් කීරම හා රජයට බලැපෑම් කිරිමෙ හැකියවාක් තබුනේ හාමුදුරැවරන්ට.// එහෙනම් අප්පාව මරලා රජ වුනේ, මාමාව මරලා රජ වුනේ හාමුදුරුවන්ගේ කීමටද?

    //ඔකේන් හාමුදරැවරැ අයුතු වැඩ ගත්තේ නැහැ// කොහොමද දන්නේ?

    ReplyDelete
  5. @vimansa
    හරි ඔයා කියන දේ හරි, ඒ වෙලාවේ උන්වහන්සේලා ඉතාමත් වැඩදායි වැඩ කොටසක් කලා. එහින්ද ඒ ගැන උන්වහන්සේලාට ඒ ගරැත්වය තියනවා.

    නමුත් දැන් මහින්ද ජනපති. රට පිලිබද ගැටලුවක් නැහැ. එහින්දා මෙ පාර උන්වහන්සේලා අනවශ්‍යයි. අයිත් ඔන උනොත් අපි ගෙන්න ගමු එතකල් ශාසනය දියුණු කරගන්න කියමු. හෙළ උරැමයේ අය ඉන්නවනම් මෙක උනවහන්සේලාට පහදලා දෙන්න .... මොකද මෙපාර මිනිස්සු උනවගන්සේලාට කැමැත්ත දුන්නත් ඒක ගොඩක් අඩුවෙයි.

    @මල් මාමා
    උබ මාමෙක් නේද? ඇයි බන් මාමේ හමුදුරැවන්ට අපාහාස කරන්නේ? මොනවා උනත් උන්වහන්සේලා සිවුරක් දරනවා..


    @සෑම්
    මචෝ නුවර පාර දිගටම බලන්න මම ඔය ඉතිහාසයේ සිදුවිම් ටික දාන්නම්. කොහෙද ඉතින් මහප්පා උබලා ඉස්කෝයේ යන කාලේ පෙල පොතෙන් ඉතිහාසය අයින් කලානේ....

    ReplyDelete
  6. @නුව‍්ර පාර
    උන් හමුදුරුවො නම් ඉන්න ඔනේ පන්සලේ. දේශපාලනයට ආවාම ඔක්කොම එකයි. නැත්තන් ඉතින් ජෙන‍රාල් තුමාටත් අපහාස ක‍්රද්දි ඔහොම කියන්න ඕනෙනේ. එතකොට කවුරුත් නෑ මොකද එයා රජතුමාට විරුද්ධ පැත්තේනේ.

    ReplyDelete
  7. අනේ පුතේ.. උඹ විතරයි මට ඔය තරම් හරි දෙන්නෙ.. ලඟදිම මගෙ අලුගුත්තේරු හොර කම් ඔක්කොම මාට්ටු වෙනව.. එතකො​ටත් මට උදව් කරපන් හො​ඳේ ..

    ReplyDelete
  8. සිවුරක් ඇන්ද පලියට, තට්ටේ ගාගත්ත පලියට කෙනෙක් හාමුදුරු කෙනෙක් වෙන්නේ නෑ. හාමුදුරුවොනම් ඉන්න ඕනෙ පන්සලේ කියල මල් මාම කියන කතාවට මම එකඟ නෑ. හැබැයි දේශපාලනයට ආවනම් ඔක්කොම එකයි කියන එකට එකඟයි. පිලියන්දල තිබිච්ච සෝම හිමි ගුණානුස්මරණ රැස්වීමකදී තමා ඔය ඡන්දේ කතාව ඒ කාලේ මුලින්ම එලියට ආවේ. එදා උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ අපි ඡන්දේ ඉල්ලනවට කැමති අය අත උස්සන්න කිව්වම අත් දෙකම උස්සපු ගොන්නුන්ගෙන් එකෙක් මම. එදා ගත්ත තීරණය ගැන මම ගොඩක් පසුතැවෙනවා. දැන් මහින්ද ජනාධිපති ඒ නිසා යන්න කියමු, ආපහු ඕන උනොත් එන්න කියමු කියල කියන්නෙ මොන විදිහේ කටකින්ද ? එක අතකින් අපහාස වෙන කමෙන්ට් දාන්න එපා කියල අනිත් අතින් හාමුදුරුවන්ව ඕනවෙලාවට ලඟට අරන් එපා උනාම විසිකරන සෙල්ල්ම් බඩුවක් තත්වෙට දාල නේද ?

    ReplyDelete
  9. නුවර පාර,

    "සදාචාර විරෝධී අන්‍යාගමික කරණය" (unethical proselytism) වැලැක්වීම කළ යුතු දෙයකි. ඒ සඳහා නීති රීති අවෂ්‍ය වේ.

    "සදාචාර විරෝධී අන්‍යාගමික කරණය" යනුවෙන් අර්ථ දැක්වෙන්නේ සැබෑවෙන්ම වෙනත් ආගමක් ගැන පැහැදී එම ආගම වැලඳ ගැනීම නොව, වෙනත් ආර්ථික හේතූන් මත වෙනත් ආගමක් වැලඳ ගැනීමට පෙලඹවීමය. බැලූ බැල්මට මෙය වැ‍රැද්දක් හෙවත් නීති මගින් තහනම් කළ යුතු ක්‍රියාවක් බවක් නොපෙනේ. මුදල් දී හෝ යම් පුද්ගලයකු වෙනත් ආගමකට හැරවීම වැ‍රැදක් වන්නේ කේසේ දැයිත්, නීති මගින් මේවා නැවැත්විය හැකි දැයිත් යමෙකුට ප්‍රශ්න කළ හැක. වෙනත් ආගමක් වැලඳ ගන්නා එය තම අභිමතය පරිදි ගත් තීරණයක් බැවින්, එය වරදක් නොවිය යුතු බවට තර්ක කළ හැක.

    මේ අර්ථයෙන් බලන කළ, ස්ව කැමැත්තෙන් ඇති වන ලිංගික සේවනය නීතියෙන් තහනම් නොවන හෙයින්, මුදල් ගෙවා යමකුගෙන් ලිංගික සේවනය ලබා ගැනීමද වරදක් නොවිය යුතුය. එයද දෙපාර්ශවයේම අභිමතය මත සිදු වන්නකි!

    "සදාචාර විරෝධී අන්‍යාගමික කරණයේ" ඇති වරද වන්නේ එය සූරා කෑමක්, අයුතු ප්‍රයෝජන ගැනීමක් (exploitation) වන බැවිනි. සූරා කෑමට ලක්වන්නෙ ආර්ථික අපහසුතා නිසා පීඩනයට ලක් වූවන්ය. එම තත්ත්වයට පත් වූවන් ට මුදල් ලබා දී ඔවුන්ගෙන් ලිංගික සේවනය ලබා ගැනීම වරදක් වනවා මෙන්ම, ඔවුන්ට මුදල් ලබා දී වෙනත් ආගමකට හැරවීමත් සූරා කෑමකි.

    තවත් නිදසුනක් ගනිමු. ‍රැකියාවක් නොමැතිව ආර්ථික පීඩනයට ලක් වූ අයෙකුට අවම වැ‍ටුපටත් වඩා අඩු පඩියකට, රකියාවකට ගත හැක. ඔහුගේ අසරණ භාවය නිසාම, ඔහු එම අඩු පඩියට වැඩ කිරීමට කැමති වනු ඇත. තම අභිමතය පරිදි සිදු වූවක් නමුදු මෙයද වැ‍රැදක් වන්නේ සූරා කැම (exploitation) නිසාය. මෙවැනි සූරා කැම් නැවැත්වීම සඳහා රජය මගින් "අවම වැ‍ටුපක්" නීති ගත කර තිබේ.

    එහෙයින් "සදාචාර විරෝධී අන්‍යාගමික කරණය" වැලැක්වීමට නීති රීති අවෂ්‍ය වන්නේ එය දුප්පතුන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීමක් වන හෙයිනි. කම්කරු නීති හා ගණිකා වෘත්තියට එරෙහිව නීති සම්පාදනය වී ඇත්තේද මෙවන් පසුබිමක් තුලය.

    ReplyDelete
  10. නොමිලේ සජීවී මිනිස් අවයව ප්‍රදානය කිරීමට නීතියෙන් තහනමක් නොමැත.

    එහෙත් සජීවී මිනිස් අවයව විකිණීම එය විකුණන්නාගේ අභිමතය පරිදි සිදු වුවුද, ඊට එරෙහිව නීති බැඳී ඇත්තේ එයද "මුදලට තම ආගම විකිණීම" වැනිම exploitation හෙවත් සූරාකෑමක් වන බැවිනි.

    පුද්ගලික නිදහසට ප්‍රමුඛතාවයක් දීම බටහිර සංස්කෘතියේ විශේෂ ලක්ෂණයක් වුවද, බොහෝ බටහිර රටවලද සජීවී මිනිස් අවයව විකිණීමට නීතියෙන් ඉඩක් නොමැත.

    තමන්ට කැමති මුදලකට තමන්ගේ වකුගඩුවක් විකිණීමට නොහැකි වීම, තමන්ට කැමති මුදලකට ලිංගික සේවනය විකිණීමට නොහැකි වීම සහ තමන්ට කැමති මුදලකට තමන්ගේ ආගම විකිණීමට නොහැකි වීම අතර ඇත්තේ එකම පදනමකි.

    බටහිර රටවල් වල "සදාචාර විරෝධී අන්‍යාගමික කරණය" නීති විරෝධී නොවනේ ඇයි දැයි කෙනෙකු ඇසිය හැක. ඊට එක් හෙතුවක් වන්නේ එය බටහිර රටවල බහුලව සිදු නොවීමයි. අනෙක් හෙතුව නම් යමක් වරදක් වන්නේ නිරපේක්ශව නොව යම් කිසි සංස්කෘතියකට සාපේක්ශව බවය. සමහර බටහිර රටවල ගණිකා වෘත්තිය තහනම් වන්නේත්, තවත් සමහරක් එසේ නොවන්නේත් එහෙයෙනි. "සදාචාර විරෝධී අන්‍යාගමික කරණය", අසාධාරණ සූරා කෑමක් ලෙස ලංකීය සමාජය පිළිගන්නේ නම්, ඊට එරෙහිව නීති සකසා සූරා කැමට ලක් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම කිරීමේ වරදක් නොමැත. මේ සඳහා හෙළ උරුමය ක්‍රියා කිරීම පැසසිය යුත්තකි.

    ReplyDelete
  11. @මල් මාමා
    හාමුදුරැවරැයි ජනරාලුයි සසදන්න බැහැ. එත් ජනරාල්ට වගේම මහින්දටත් මඩ ගියා. ඔය දෙකම අනුමත කරන්න බැහැ ... එත් මාමේ උබටත් පව් පින් කියලා එකක් තියනවා...

    @ත‍රිඳු
    නැහැ තරිදු ඔයා වැරදියි. එදා ඒ තීරණය හරි. මොකද එදා හෙළඋරැමය ලොකු බලපෑමක් කලා. එබව පළමු කමෙන්ටුවෙන් හොදට පහදලා දීලා තියනවා

    ආපහු ඔන උනොත් ගෙන්න ගමු
    මචෝ හාමුදරැවරැ කියන්නනේ ගිහි අපිට වඩා ඉදිරිය ගැන හිතන්න පුලුවන් කට්ටියක්. එහින්ද එගොල්ලන්ගේ යුතුකමක් තිබුණා අතිතයේ ඉදින් රටට විපතක් උනේත් ජනතාව මෙහෙයවලා නැවත රට බේරගන්න. එහින්ද එහෙම රටට විපතක් උනේත ගිහි අපිට කලින් ඉස්සරහට එන්නේ හාමුදුරැවරැ. දැන් කාටත් තෙරෙනවා මෙරටට කිසිම විපතක් නැහැ කියලා. එහෙම වෙලාවක හාමුදුරැවර අනවශ්‍යයිි. අනික ගිහි අය ඉන්නවාන්. පාඨලි/උදය/නිශාන්ත ... තවද කටිටිය ඉන්නවානේ එයාලා ආවාහම හරි. එහින්දයි මම කිව්වේ ඔන උනොත් අපි ගෙන්න ගමු කියලා. අනික බස්නාහිර තමයි එයාලගේ බලකොටුව. එහින්ද මෙ අපි ලියන එවාත් එයාලට බලපානවා ...

    ReplyDelete
  12. @Nalin D
    මචෝ උබ ඔය ලියලා තියන එවා තාර්කිකයි. හරි ශෝක් නියමයි. කවුරැ හරි කියෙව්වොත් උබත් එකක් එකග වෙනවා. මොකද උබ සසදන්නේ, ලිංගිකත්වය/ශරිරික අවයව/අඩු පඩියට වැඩ කීරිම....

    නමුත් අපි කතා කරන්නේ ආගමක් ගැන එවා එකක්වත් සල්ලිත් එකක් ගනු දෙනු වෙන්නේ නැහැ. ආගම කියන එක තියෙන්නේ තමුන්ගේ හිතේ,

    හිතමු මෙහෙම මට කවුරැ හරි සල්ලි දෙනවා කොටියක්. මත් හැරෙනවා වෙන ආගමකට. එත් මම විශ්වාස කරන එක වෙනස් කරන්න පුලුවන්ද මම හිරියට එම ආගම් දෙකම ගැන දන්නවනම්. මම බොරැවට වෙන ආගමක් වැලද ගත්තත්. මගේ හැදියාව හිතුම් පැතුම් ඔක්කොම පරණ ආගම විදිහට. තව දෙයක් කවුරැ හිර පරණ ආගමට ගරහනවා නම් ඔහු අලුත් ආගමට කරන්නේත් ඔය ටික තමයි, තව කවුරැ හරි ඇව්ත් වැඩි පුර සල්ලි දිලා තවත් ආගමක් කියලා දුන්ානාත්.

    එහින්දා ආගම හෙවත් විශ්වාසය කියන එක සල්ලි වලට ගන්න බැහැ. එහෙම ගන්නවනම් ඉතන් ඔහු පරණ ආගමේ ඉන්න ඔනේම නැහැ. බුදු දහම පැත්තේන ගත්තොත්, අපිට සල්ලි වලට තමුනගේ පරණ ආගමට අපහාස කරන කට්ටිය නවත්වගන්න ඔනා නැහැ. එක එයාලාගේ කැමැත්ත. අනික සත්‍ය කියන එක කවුරැ හිටියත් නැතත් කමක් නැහැ.

    හරිනම් කරන්න ඔනා, හාමුදරැවරැ ජනතාවත් එක්ක එකට ඉන්න එක. සහ දුප්පත් කමට විසදුම් දෙන එක. නැතුව නීති දාලා බය කරලා නෙමෙයි. විශේෂයෙන් බුදු දහම එව බලව සංකල්පය එක්ක ඉදිරියට යන එකක්. එහෙම එකක අපි නිති දානවා කියන්නේ බදුරදුන්ටත් කරන නිගරැවක්.

    තවදේයක් දැන් අවු 6 ක් ඉදලා කරන්න බැරි දේ, අයිත් හාමුදුරැවරැ ඇවිත කරනේ කොහෙමද? එකට ගිහියෝ අවාහම ඇති. මොකද හෙළ උරමෙ දැනටමත් පෘඨලි/උදය ඉන්නවනේ. එයාලා විශ්වාස කරන්න පුලුවන්නේ.....

    කොහෙමත් රටේ ජනතාව කැමතිනම් එහෙම නිති පනවනවාට අපේත එකේ විරැද්ධත්වයක් නැහැ...

    ඒ එක්කම ඔයිට වඩා හොදට ලිපියක් ලියන්න පුලුවන්නම් අන්‍යගමිකරණය පලිබද, ලියලා එවන්න මම එක් නුවර පාරේ පල කරන්නම්.... එතකොට හොද සංවාදයක් ඇති වෙයි...

    ReplyDelete
  13. ත‍රිඳුගේ කතවාවට මමත් එකගයී. අම්මේ මම මේ අපායෙ යන වැඩක් අද කොරන්න කියලා මමත් වතාවක් ගිහිල්ල හාමුදුරුවන්ට චන්දෙ දාලා ආවා. කොහොද මොලෙ පෑදෙන්න වැරදි කොරන්නම එපෑයැ. දැන් තමයී තේරෙන්නෙ අප්පා එලවා එලවා මන්ත්‍රීකම ඇමතිකම නොවෙයී සක්විති රජකමම දෙන්න හදත්දිත් බුදු හාමුදුරුවො ඒ දිහාවත් බලන්නෙ නැතිව ගියේ ඇයීදැයී කියලා.

    බුදුහාමුදුරුවෝ "හාමුදුරුවරුන්" කියලා කාන්ඩයක් හදලා තියෙන්නෙ කාගෙවත් රට ජාතිය ගලවා ගන්න නොවෙයී. ඒ වුනාට ඉතින් බුදුහාමුදුරුවෝ දන්න මගුලක් තියෙන්වායැයී. මොකෝ අඩුම ගානේ උන්නාසෙට ධර්ම උපාදියක්වත් තිබුන එකැක්යැයී. චන්දෙකටවත් ඉල්ලලා පුරුද්දක් තිබුනා නොවෙයීනේ.

    නුවර පාර,
    1) මගේ ඉස්කෝලෙ කාලේ ඉතිහාසෙ තිබුනෙ නැතීයී කියලා පේනය කීවේ මොන ගුරුන්වාන්සෙද?
    2) ඉතිහාසය ඉගනගන්න පුලුවන් ඉස්කොලෙන් විතරයැයී කියන අදහසට ආවේ කොහොමද?
    3) ඉතිහාසයේ පරම සත්‍ය තමා හොයා ගත්තේ කොහොන්ද?
    හරි ඉතින්, දැන් බැරිනම් පස්සෙවත් හමුවෙමුකො.

    ReplyDelete
  14. @sam
    ඔයා විතරක් නෙමෙයි මෙ නුවර පාරත් 2004 දි කුලුදුල් චන්දය පුජා කලේ හෙළ උරැමයට තමයි. එක් එවෙලාවේ හරි. එත් අද තියන වාතාවරණයත් එක්ක උන්වහන්සේලා පාර්ලිමෙන්තුවෙන් අයින් වෙන්න ඔනා කියලා මම කියන්නේ. එවගේම ආයිත් රටට ජාතියට ඇවැඩක් වෙනවානම් උන්වහන්සේලා පෙරට එයි

    ගැටලු
    1. එල එල උබ ඉතිහාසය ඉගෙන ගත්තනම් සතුටුයි
    2. අනිවා පාසල් යන්න ඔනා නැහැ ඉතිහාසය ඉගෙන ගන්න
    3. මම පරම සත්‍ය තාම හොයගත්තේ නැහැ. එත් ඉතිහසාය කියලා කවුරැත් පිලිගන්න දෙයක් තියනවා. ඔක ඇතුලේ ඔන තරං උදහරණ තියනවා, හාමුදුරැවරැ විසින් රජුන්ව මෙහෙයවපු, පත් කරපු අවස්තා ඔන තරං. එවගේම එහෙම හමුදුරැවො රජුන් විරසක උනාහම, රජු හමුදුරැවන්ගෙන් පලි ගත්තුවා වගේම, ඉන්න රජු වෙනුවට වෙනත් රජවරැ පත් කරපු අවස්තාත් ඔනා තරං තියනවා. අනිවා මම එවා කාල වකවානු/රජු එක්ක ඔක්කෙම විස්තරය දාන්නම්. සමාවෙන්න එතකල් පොඩියක් ඉවසන්

    වැදගත්
    ඔබ කියනන්නෙත් හමුදුරැවෝ නිවන් මග බලා ගත යුතුයි කියලා. මම කියන්නේ නිවන් මග මෙන්ම ගිහියාව නැවැරිද මාර්ගයට ගන්නඑක්ත් කරන්න ඔනා කියලා

    ReplyDelete
  15. 1. ස්තූතියී.

    3. ජනප්‍රිය ඉතිහාසය හැමතිස්සේම හැබෑ ඉතිහාසය වන්නේ නැහැ. උදාහරනයක් විදිහට ජන්ප්‍රිය ඉතිහාසයේ තියෙනවා රාජසිංහ රජ්ජුරුවො කියාපු අලංකාර කවි පෙලක්, අපේ ඉස්කෝලෙත් උගන්වනවා. හැබැයී ඒක කොලබ යුගයේ කවියෙක් පත්තරේට ලියාපු කවි පෙලක්. ඉතිහාසය ගැන කතා කරද්දී අහපු දේ, ලියාපු දේ ගෙඩි පිටින් ගිලින්නෙ නැතිව, කල්පනා කරලා බලන්න ඕනේ. අර කවුද කියලා තියනවානේ ඉතිහාසය ගොඩනගන්න ඕනෑම කෙනෙකුට පුලුවන් හැබැයී ඉතිහාසය ලියන්න පුලුවන් ජගතෙකුට විතරයී කියලා. ලංකාවේ ඉතිහාසෙ ලීවේ හාමුදුරුවරුනේ. දැන් කාලේ ස්පීල්බර්ගෙ ච්ත්‍රපටි වෙනුවට ඒකාලෙ තිබුනෙ පොත්. ලියන උදවිය වැඩ දාල (special effects) අලංකාරෙට තමාගේ අදහස් ලීවා. ඔය "හාමුදුරුවෝ" කියන වචනය වෙනුවට, මාමා, බාප්පා, බිරිද, මාමන්ඩි යන වචන දැම්මොතින් ඒ කාරනාත් ඒ වාගේම ඇත්ත වෙනවා. උදාහරනයක් විදිහට මාමාත් එක්ක විරසක වෙලා පලිගත්තු, අලුත් රජ වරු පත් කරපු අවස්තා ලයීස්තුවක් කියන්නත් පුලුවන්. එහෙම වුනු පලියටම අපි දැනුත් මාමාට රජු පාලනය කරන්න දෙන්නෙ ඕනෙයැයී කියන්නේ නැහැනේ. එහෙම් ඇයී හාමුදුරුවන්ට විතරක් විශේශයක්.

    දෙශපාලනික වශයෙන් හාමුදුරුවන්ට ඕනෑම දෙයක් පුරවැසියෙක් විදිහට කරන්න පුලුවන්. ඕනෙනම් කසාද බදින්නත් පුලුවන් වෙන්න ඕනේ. හැබැයී ආගමික විදිහට එහෙම කරන්න අයීතියක් නැහැ. විශේශයෙන්ම ජනයාව නිසිමග යවන්න දේශපාලනය ක්‍රමවේදයක් විදිහට පිලිගත්තේ නැති බුදු හාමුදුරුවන්ගේ අනුගාමිකයෝ විදිහට.

    කොහොම උනත් මගේ පලවෙනි ප්‍රශ්නෙ, ඉස්සර හාමුදුරුවරු අයුතු වැඩ ගත්තේ නැතෙයී කියන්නේ කොහොමද කියන එකයී.

    ReplyDelete
  16. @Sam
    ඔව් ඔබ කියන කතාවේ ඇත්තක තියනවා. තමුන් කැමති පැත්ත වර්ණනා කරනවා. අපේ ඉතිහාසය තුල්ත් ඔය දේ තමයි කරලා ඇත්තේ බොහෝ දුරට


    ඔයත් මට කියන්න ඒ වගේ හාමුදුරැවරැ අයුතු වැඩ ගත්තු අවස්තා?

    ReplyDelete
  17. නුවර පාර,

    හාමුදුරුවරුන්ට උචිත දෑ හා අනුචිත දැ වෙනමම ලිපියකින් සාකච්ඡා කළ යුතු දෙයක් බව මගේ හැඟීමයි. ගුරු වෘත්තිය, වෙද කම, නක්ශස්ත්‍රය, ගීත රචනය, සමාජ සේවා කටයුතු වැනි සියළුම දේ සළකා, යම් කිසි පදනමක් මත උචිත හා අනුචිත දේ අර්ථ දක්වා ගත යුතුය. හාමුදුරුවරු දේශපාලනය ගැන අදහස් දැක්වීමම අනුචිත බවටත් අදහසක් පවතී. ඒ අනුව දේශපාලන හේතුන් මත (නිදසුනක් ලෙස ඊලම් දීමට හෝ ෆෙඩරල් දීමට එරෙහිව) හාමුදුරුවරු හඬ නැගීම අනුචිතය.

    හාමුදුරුවරු දේශපාලනිකව ක්‍රියාශීලී වන විට ඊට එරෙහි වෙමින්, "මේ හාමුදුරු වරු ගිහියන්ගෙ වැඩට අත දන්න එන්නෙ නැතුව, පන්සලට වෙලා දානෙ කාලා බණක් බාවනාවක් කර ගෙන සසර කොට කර ගන්න හදන්න බැරි හැටියි" කියන්නෝ වෙති. ගිහියන්ගෙ වැඩට අත නොදා හාමුදුරුවරු පන්සලට වී බණ භාවනවේ යෙදෙමින් සිටින විට, ඊටත් එරෙහි වෙමින් "වෙලාවට දානෙ ටික හම්බ වෙනව නං, රටට / ගමට හෙන ගැහුවත් ඇහැක් ඇරල බලන්නෙ නැහැ මේ හාමුදුරුවො යැයි." කියන්නො වෙති. "පින් බතා" යැයි අවලාද නගති.

    "සදාචාර විරෝධී අන්‍යාගමික කරණය" යනු මිලක් ගෙවා කෙනෙකු වෙනත් ආගමක් අදහන්නෙකු හැසිරෙන ලෙස හැසිරීමට බල කිරීමයි. එම පුදගලයා නව ආගම කෙරෙහි පැහැදී එසේ හැසිරීමේ කිසිදු වරදක් නැත. නමුත් ඔහුගේ හෝ ඇයගේ දුප්පත් කම නිසා, තමන් අකමැති මුත් වෙන විකල්පයක් නොමැති කමින් එසේ වෙනත් ආගමක් වැලඳ ගැනීමට හා ඉන්පසු එම නව ආගමානුකූල චාරිත්‍ර වල යෙදීමට සිදුවීම, පැහැදිලිවම අපයෝජනයකි, සූරා කැමකි. (exploitation). තමන් අකමැති මුත් වෙන විකල්පයක් නොමැති නිසා, මුදලට ලිංගිකව හැසිරීමත් මෙවැන්නකි.

    නීති රීති සකසන්නේ බුදුන් වහන්සේ වදාල ධර්මය අනුවම නොවේ. නිදසුනක් ලෙස බුදු දහමට අවමන් කරනන් හට දඬුවම් කළ යුතු බවක් බුදු දහමේ නැත. නමුත් වෙනත් සාමාජීය හේතු මත, බුදු දහමට පමණක් නොව කිසියම් හෝ ආගමකට ප්‍රසිද්දියේ අවමන් කිරීමට එරෙහිව නීති සම්පාදනය කොට ඇත. "සදාචාර විරෝධී අන්‍යාගමික කරණය" තහනම් කළ යුත්තෙ එය අපයෝජනයක් වන බැවිනි. ළමා මෙහෙකාර කම, ගණිකා වෘත්තිය, අවයව වෙලඳාම, අඩු පඩියට වැඩ ගැනීම වැනි දෑට එරෙහිවද නීති බැඳී ඇත්තේ ඒවාද අපයෝජන හෙවත් සූරා කැම් වන හෙයිනි.

    ReplyDelete
  18. @නලින් ඩි
    හැකිනම් එක් ලිපයක් ලෙස ලියා එවන්න ...

    ReplyDelete
  19. As I see this Hela Uruma gang failed to do whatever they vowed to do.

    Yes they did other things (Good and Bad).

    It's time to send them home.

    ReplyDelete