Friday, February 5, 2010

විශ්ව ගම්මානයට ලංකාවෙන් මොනවාද?

කවුරැත් කියන්නා පරිදි දැන් තියෙන්නේ ගෝලීයකරණය වු මිනිස් සමාජයකි. එය සත්‍යක්ද? නෙඑසේනම් ඇයි? නැත්නම් මෙ වචනය නොතේරේත්ද?

ගොලීයකරණය නිර්වචනය කරඇත්තේ:
ආර්ථික,සමාජීය, ආගමික හා වෙනත්, ඒ ඒ සමාජමට්ම් තුල වු සම්මතයන් අනෙකුත් සාමජිය තල හා හුවමාරැ කරගැනීම හෝ එවාට අනුගත වීම ලෙස ගොලීයකරණය ඉතා සරලව අර්ත ගැන්විය හැක.
මා වැරදි නම් නිවැරදි කරන්න

දැන් බලමු මෙය පවතින ලොව තුල යතාර්තයක්ද? එනම් ගොලීයකරණය යනු සත්‍යක්ද? ඔව් හැබැවටම එහි අර්තයෙන්ම ලොව සියලු සමාජීය මට්ටම් ඔස්සේ ගලායන්නේ නැම් මෙය සත්‍යකි.නමුත් මෙය පවතින ලොව තුල යතාර්තයක් නොවෙයි. තවත් ඉදිරියට සාකච්චාව ඉදිරියට ගෙනයාම සදහා ගොලීයකරණය හා සැබැදි අනික් වචනය වු විශ්ව ගම්මානය හදුනා ගනිමු.

විශ්ව ගම්මානය නිර්වචනය කරඇත්තේ:
ලොව එකම සන්නිවෙදන මධ්‍යස්තනයක් ලෙස හා ඉතා වේගවත්ව තොරතුරැ හුවමාරැව.
මා වැරදි නම් නිවැරදි කරන්න

හිතන්න මෙකට නම තියලා තියෙන්නේ ගම්මානය කියලා. මෙකට නගරය කියලා දාලා නැහැ. හේතුව තමයි. ලොවට දිය යුතු දේවල් තියෙන්නේ ගම්මාන තුල. නැතුව නගරයේ නෙමෙයි.

අපේ රටට අදාලව අප ගොලීයකරණයට හා විශ්ව ගම්මානය කියන තත්වයට සුදානම්ද? සත්‍යය ලෙසම දැන් දැන් ඒ සදහා අප මුලයන් පාදාගනිමින් සිටියි. අපටම ආවේණික සාමාජීය,ආගමික හා සංස්කෘතියක් ඇත. එලෙසම අනික් රටවලටද ඔවුන්ටම විශේෂ වු සම්මතයන් ඇත. අප විශ්ව ගම්මානය හෝ ගොලීයකරණය තුල ලොවට ගෙනයා යුතතේ හෝ හුවමරැ කරගත යුත්තේ අනුගේ දෙයක් නොවන බව කාටත් පැහදිලි සත්‍යයකි. නමුත් දැන් ලෝකයට ලංකාවෙන් ගෙනියන්නේ වෙනත් රටකින් කුලියට හෝ හොරෙන් ගත්ත සංකල්ප හා සම්මතයන්ය. ඉතින් අනික් සමාජයන් අපව පිළිගන්තද? නැත කොහෙත්ම නැත. මන්ද අනුන්ගේ දෙයක්ට ලෝකය තුල ඉඩක් නැත. එහෙයනි ලෝකයට රැගෙන යා යුත්තේ අලුත් හෝ අපට ආවේණික වු දේවල්ය.

ඒ සදහා අපේ සමාජය තවමත් සුදානම් නැත. තාමත් අප කරපින්නාගෙන් යන්නට උත්සාහ දරනුයේ වෙන්ත සාමාජයන් මුලයන්ය. අපිට අපේ කියා දෙයක් ඇත. නමුත් අපේ කම දැන් වසාගෙන් වෙනත් සමාජතලයක් උඩුදුවමින් සිටියි .එමනිසා අපේ මුලයන් සොයගෙන ගොස් එම ලක්ෂණ ලොවතුල බෙදාහැරීම අප සතු යුතුකමකි.

උදාහරණයක් ලෙස දැන් අපටම විශේෂ වු යුධ උපායන් ඇත. එවා අන් රටවල් විශ්මයට පත් කරන්නා වු නියමයන්ය. ඉදින් අපි අඩුම ගනේ මෙයවත් ලොවට දායාද කල යුතු නෙවේද? අපේ වාරි තාක්ෂණය ලොව මවිත කරයි. නමුත් එවාට අපේම අය ගරහයි. ඒ කාලේ වැව් හැදුවට දැන් මොකටද වැව් කියලා අහනවා? අපිටම වු වාස්තු තාක්ෂනයක් ඇත. නමුත් දැන් අපි චීන විදහට අනුගත වී ඇත. වෙනත් රටවත් ගොලීයකරණය හා විශ්ව ගම්මානයෙන් තම ගමන වේගයෙන් යන විට, ලංකාවේ අපි කට බලියං බලා සිටියි. අපේ සිතුවම් කලාව අපේ නටඹුන් මෙවා කිසිවක් තාම අපි ලොවට දායද කර නැත. සියල්ම පසෙකලා අනුන්ගේ දෙවල්ම අගයයි. එවාටම සම්මාන පුදයි. ඉතින් අපිට අනාගතයේ ලෝකය සමග ගනුදෙනු කල හැකද?

වැදගත් දෙයක්
මම එක සිංහල ලිපියක කියෙව්වා. සිංහල අක්ෂර මාලාව ලොකයේ හොදම හොඩි පෙළ ඇතුලේ තිබුණා කියලා. කවුරැ හරි දක්කොත් ඒ බැදිය අයිත් කමෙන්ට් එකක් විදිහට දාන්න. දැන් බලන්න ඒ පොඩි උදාහරණය, අපිත් ඉංගිරිසි හෝඩිය අරන් ගියානම් අපිට ඔය තත්වය ලැබෙනවද? එත් අපේ බොහෝ කට්ට්ය කරන්නේ ඉංගිරිසි හොඩිය උස්සන් යන්න දගලන එක. එහෙම උනාහම ඉතින් අපිට වෙන්නේ පැත්කට වෙලා බලං ඉන්න තමයි. එක් ඉතින් සමහර විට අපේ අධ්‍යපණ රටාවේ වැරැද්දක් වෙන්න ඇති.

එලෙස ඔබ දන්නා තවත් උදාහරණ ඇතන්ම් කියන්න ....

6 comments:

  1. අදහසනම් හොඳයි ඒත් ක්‍රියාත්මක කිරීමෙදි තම ගැටලු ඇති වෙන්නෙ. ඉස්සරහට ගෙනියන්න දේවල් ගොඩක් තියෙන එකත් ඇත්ත. නමුත් අපි ගොඩ දෙනෙක් කරන්නේ "අපිට දියුණු ශිෂ්ඨාචාරයක් තිබ්බ කාලෙදි උඹලා සත්තු මරං අමුවෙන් කෑවා" කියා බටහිර ජාතීන් විහිලුවට ලක් කිරීම පමණක් නොවේද ? උන් දියුණු උනේ අපෙන් හූරන් ගිය ඒවා කාල කියමින් දෙස් දෙවොල් තබනවා විනා, ඉතුරු වෙච්ච සම්පත් ටිකෙන්වත් හරි ප්‍රයෝජනයක් ගැනීමට අපි අපොහොසත් වෙලා නේද ? බටහිර වූ පලියට යමක් වැ‍රැදි වෙන්නේ නැතුවා මෙන්ම ලාංකීය වූ පමණින් හරි වෙන්නේත් නෑ.

    ReplyDelete
  2. ගොලීයකරනය කියන්නේ එකිනෙකාගේ පිල් විදහා ආඩම්බර පානවාට වඩා ගැබුරු කාරනයක්. (මේ කාරනය පිලිබද ආතර් සී ක්ලාක් මහතා අලංකාරෙට විස්තර කරලා තියනවා.) ලංකාවේ සුනාමි ආපදා උනහම ඇමරිකාවෙ අයගෙත් ඇහැට කදුලු ආවේ, ලමයී දවල් කෑමට දුන්නු සල්ලි එකතු කරලා ආදාර දුන්නේ ගෝලියකරනය නිසා. හේටිවල භුමි කම්පාව දැකලා අපිත් හපෝයී කීවේ ඒ නිසයී. සමහරු දඟ දැම්මාට, ගෝලියකරනය කියන්නේ තල්ලු දාලා දක්කන්න පුලුවන් දෙයක් නොවෙයී.

    ගොලීයකරනයැයී කියලා අපි අමුතුවෙන් හොය හොයා දෙන්න ඕනේ නැහැ. දෙන්නත් බැහැ. දුන්නට ගන්නෙත් නැහැ. ගොලීයකරණයේ ප්‍රතිපල ගන්නනම් අපි කට්ට ඇතුලෙන් එලියට ඔලුව දාලා එලියෙ තියෙන හොද දේවල් ගන්න ඕනේ. උදාහරනයක් විදිහට අපි දිගට හරහට ඉංගිරිසියට හරව හරවා ප්‍රහාර එල්ල කරනකොට, ඉංගිරිසිය මුලු ලෝකෙම තියෙන අනිකුත් බාසාවල වචන (තේරුම්/අදහස්) ඉංගිරිසි බාසාවට ගෙඩි පිටින් (කුලියට? හොරෙන් ?) එකතු කරනවා. අවතාරෙ (අවතාර්) කියල ඔය චිත්‍රපරියකුත් හදලා තියෙන්නේ. දේශපාලන පන්ඩ්තයා (පන්ඩිත්) කියන වචනය දවසට දෙතුන් පාරක් සීඇන්ඇන් එකේ ඇහෙනෙවා. ඔහොම අනිත් අයගේ දෙවල් එකතු කරගෙන දැන් ඉංගිරිසි බාසාවෙ වචන /අදහස් මිලියනයත් පන්නලා.

    //ඒ කාලේ වැව් හැදුවට දැන් මොකටද වැව් කියලා අහනවා?// ඒක බොහොම සාදාරන ප්‍රශ්ණයක්. වැව් තිබුනු පලියට ගොවියෝ බිහිවෙන්නෙ නැහැ. ලංකාවේ කෘශිකර්ම උපාදීදාරින් අවුරුද්දට කීයක් බිහි කරනවාද. අඩු වතුරෙන් වැවෙන වී ප්‍රබේද දැන් ලෝකයේ කොච්චර තියෙනවාද. බතලේගොඩිනුත් කොච්චර ප්‍රබේද හදලා තියෙනවාද. අතීතෙ වැව් හදලා අහස් දියෙන් කුබුරුකල පලියටම අපි දැනුත් ඒක විතරක්ම කොරන්න ඕනෙද.

    ReplyDelete
  3. අතීතයේ අපි මෙහෙමයි,අපි මාරයි,අපේ ශෝක් අපිට ශෝක්...සුද්ද තමයි අපිට කෙලියෙ...කිය කිය ඉන්න ඔයා වගේ අතීතයේ හිටි අය කල වැඩවල ලකුණු තමන්ගෙ Account එකට දාගෙන මානසිකව චූන් වෙන බහුතරයක් ඉන්න රටක් තමයි අපේ රට. සුද්ද හදපු රේල් පාර සුද්ද ගිහින් අවුරැදු 50 කට පස්සෙත් අඩියක්වත් දිග් කරගන්න try නොකර අතීත‍යෙ වැව් ගැන පාරම්බෑම හරි ලේසියි...

    ReplyDelete
  4. @ත‍රිඳු
    එක තමයි මම කියන්නේ තාම අප විශ්ව ගම්මානය කියන සංකල්පයට සුදාන්ම නැහැ. තාම අපි අපේ දේවල් හොයාගෙන නැහැ

    @සෑම්
    කාටහරි කරදරයක් උනාහම. එගැන හොයලා බලන එක ඉස්සර සමාජයෙත් තිබුණා. දැන් වෙන්නේ එය එ මොහොතෙම සිද්ධවෙනවා. ඔය කාරනවා දැන්තියන ගොලීයකරණය හා විශවගම්මානය කියන සංකල්පයට අලුත් දෙවල් නෙමෙයි. නමුත් එක් පැති කඩක්.


    "අපි කට්ට ඇතුලෙන් එලියට ඔලුව දාලා එලියෙ තියෙන හොද දේවල් ගන්න ඕනේ" මෙහම අලුත් දේ ගන්නවා වගේ අපෙන් දෙයක් දෙන්නත් ඔනා. ගන්න දක්ෂය වෙලා වැඩක් නැහැ දේන්නත් කැමති නැහැ. හොද දෙවල් තොරලා බේරලා ගන්න පුලුවන්නම් ඇයි, අපේ හොද දෙවල් හොයලා බලලා දෙන්න බැරි. හොය හොයා ගන්න දෙන්න බැරිවෙන්නත්, හොය හොයා දෙන්න බැරි කමක් නැති වෙන්න බැහැ

    අපි ඉංගිරිසිය පොෂණය කරනවා වගේ අපි අපේ භාෂාවත් පොෂණය කරන්න ඔනා. නැතිනම් එව්වා අභාවයට යනවා. අප අපේ වචනත් ලෝකයට අරන් යන්න ඔනා. එහෙම අරන් යන්න දෙයක් නැත්නම් ඉතින් වෙන්නේ අරන් එන්න තමයි.

    වැව්
    මචෝ වැව කියන්නේ නැකම්ම නිකම් වතුර ටැංකියක් නෙමෙයි. වැව කියන නමත් එක්ක සංකල්ප ගොඩක් තියනවා. ලංකාවේ උපාදිදරින් කියන්නේ උගන්න දේ ගන්න අය විතරයි. අලුතේන් හිතන්න පුරැදු කරන්නේ නැහැ. රමුවකට කොටුකරනවා. අතිතියේ වැව් හැදුවා කියලා දැනුත් එකම කරන්න ඔනා නැහැ. මොකද දැන් එහි දියුණුකරන්න දෙයක් නැහැ. උපරිම වාස්තු විද්‍යවක් එතුල තියනවා.

    දැන් වල් සත්තු නසන්න කෘෂනාශක ගහනවා. එවා රසායනිකයි, නමුත් අපේ තුබුණා කෙම් හා ස්බාවික පාලන විදි, එව්වා එකක්වත් තාම අපි ලෝකයට දිලා නැහැ. ඇයි අපේ අය ලැජ්ජයි එවා කියන්න.

    ReplyDelete
  5. //දැන් වල් සත්තු නසන්න කෘෂනාශක ගහනවා. එවා රසායනිකයි, නමුත් අපේ තුබුණා කෙම් හා ස්බාවික පාලන විදි, එව්වා එකක්වත් තාම අපි ලෝකයට දිලා නැහැ.//

    මොකද නැත්තේ. ලොකු ගානට පිටරට යවන්නේ. මොකද අක්කරේකට බොහොම පොඩි පලදාවනේ ලැබෙන්නේ. ලංකාවෙත් ගන්න තියනවා. අම්බානට මිලයී. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. නුවර පාර දන්නවා ඇතිනේ. කොහොමත් දේශීය දේවල් ගැන නිතරම කියනවගේම අනිවාර්යෙන්ම නුවර පාර මිලදී ගන්නවා ඇත්තේත් ඒවම වෙන්නැතිනේ.

    ReplyDelete
  6. @සෑම්
    උබ නම් මාර බඩුවක් තමයි ... හි හි .... මං ගැනත් කියලා තියෙන්නේ .....

    ReplyDelete