Saturday, February 6, 2010

උබත් පොජ්ජට හිනා වෙච්ච එකෙක්ද? එකීයක්ද?

පෙඩ්ඩක් වෙනස් විදිහේ ලිපියක් තමයි දැන් ලියන්න යන්නේ. මතකද කාලයක් අපිට රැපවාහණියේ වැදි නාට්‍යයය පෙන්නුවා. එක්ත එක්ක අපේ භාවිතයට වැඩිපුර එක් වෙච්ච වචනයක් තමයි "පොජ්ජ" කියන්නේ. දැන් අපි විහිලුවක් විදිහට තමයි මෙ වචනය යොදා ගන්නේ.

දවසක් මම විහිලුකතාවක් දැක්කා. සුද්දේකට සිංහල ඉගෙන ගන්න ඔන වෙලා අයෙක් ගෙන් අහපුවාහම කියනවා අපෝ හරි ලෙසියි හැම වචනයම පිටි පස්සේන් "එක" දාපුවහම හරි කියලා. මෙ කතාව හරියට හරි. මොකද ඔය "පොජ්ජට" අපි දාන වචනේ තමයි "එක" කියන්නේ.

කම්පියුටර් එක, වෑන් එක, බස් එක, බ්ලොග් එක,යුනිවර් සිටි එක

හැබැයි ඔය campus හෙවත් university එකට ඒ කාලයේ හිටපු සිංහල විද්වත්තු එකතු කරලා "සරසවිය" කියන වචනය එක් කරලා තියනවා. සමහර විට ඔය වගේ වචන තව ඇති. උදාහරණයකට පරිගනකය හා සම්බන්ද වචන වලටත් අලුත් සිංහල වචන එක්වෙලා තියනවා. සමහරක් අලුත් වචන භාවිතයට ලේසි උනත්, දැනටමත් ඒ වචන වල English වචන අහපු අයට නිකන් අලුත් වචන මඤ්ඤන් වගේ.

දැන් බලමු අපේ කතා විලාසය.
1.නොදන්නා කවුරැ හරි දුරකතනයකින් කතා කරපුවහම අහනවා "කොහෙන්ද කතා කරන්නේ කියලා?" හරියට බැලුවොත් උත්තරය "කටින්". එත් අප කවුරැත් පුරැදු වෙලා ඉන්නේ කතා කරන "පළාත" හරි "නම" හරි කියන්න.

2.අපි පාරේ ඇවිදගෙන ගෙවල් පැත්තට යනවා නම් අහනවා "ගෙදර යනවද කියලා?" උත්රය "ඔව්" හැබැයි අහන කෙනා හොදටම දන්නවා අපි යන්නේ අපේ ගෙදර කියලා. එත් හිතවත් කමට තමයි අර විදිහට අහන්නේ

3."ලයිට් ගියා" කියලා කියනවා. කටකාර කොල්ලෙක් හිටියොත් අහනවා "කොහෙද ගියේ කියල?" එත් ඉත්න අප පුරැදු වෙලා තියෙන් "ඔව් ලියට් ගිහින්" කියන්න තමයි. එත් හරිනම් අහන්න ඔනා "කරන්ට් ගියා" හෙවත් "විදුලිය නැහැ" කියලා

4."බස් එක හෝල්ට් එකේ හිටෝලද?" ඔකත් ඉතින් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. එත් ඉතින් බස් නෙමෙයි ගස් තමයි හිටවන්නේ.

5."අද කන කොට කිදෙනේක් හිටියද?" ඔක ඉතින් පරණ කතාවක්.

6. අපිට "අරක" , "මේක", "ඒක" නැතුව කතාවක් කරන්න පුලුවන්ද? පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. [හැබැයි මේ මුතුහෙට්ට් පෙන්නපු අරක නෙමෙයි]

7."වාහනය එලෙව්වාද?" සතෙක්ද එලවන්න ....

මෙවා එකක්වත් කිව්වේ අපි අපිටම අපහාස කර ගන්න නෙමෙයි. පොඩි පරික්ෂනයක් විදිහට. තව ඉතින් ගොඩක් දේවල් තියනවා. මම මෙතන දැම්මේ වර්ග කිහිපයකට උදාහරණ විතරයි. ඔබත් තව මෙවාගේ එව්වා දන්නවනම් ලියන්න.

8 comments:

  1. hik hik ube pojja naethi ekane ban wade.. nuwara pare di ube pojja mahindata dunnada ban.. ehenam puka pojja hoda ganin

    ReplyDelete
  2. හොද මාතෘකාවක්. සිංහලෙ විතරක් නොවෙයී, ලෝකෙ හැම බාසාවකම ඔහොම දෙවල් තියනව. ඉංගිරිසියේ අනන්තයී. උදාහරනයක් විදිහට "දිය යට ගියා" කියනවා. ඇත්තටම දිය යට තියෙන්නෙ පස්. කොම්පියුටරයක් ඕක කීවේතින් කියන්නේ දිය ඇතුලට ගියා කියලා.වචන හැදිලා තියෙන්නේ අපේ අත්දැකීම් වලින් ගොඩ නගාපු රූප විදිහට කියලා තමයී පඩිවරු කියන්නේ. සීඩී තැටියේ උස අපිට පොඩි නිසා අපි ඒක අමතක කරනවා, පාවිච්චි කරන්නේ මතුපිට නිසා ඒක මතක තියා ගන්නවා. තැටියැක්යැයී කියනවා. ගනිතමය වශයේන් ලොකේ තැටි කියලා දෙයක් නැහැ. තියෙන්නෙ කොට සිලින්ඩර විතරයී.

    ඔය හේතුව නිසාම තමයී අපේ පඩිවරුන් අලුතින් හදන වචන බොහොම අමු රහ. ඒ වගේම තමයී සමහර වෙලාවට සමහර බාසා වල සමහර වචන ඇත්තේම නැහැ. උදාහරනයක් විදිහට චීන බාසාවේ ඇබැද්දියැයී, අලුත් අවස්තාවයී කියන වචන දෙකටම තියෙන්නේ එක වචනයයි. සිංහලේ nagotiation කියන වචනෙට හරියන ස්බාවික වචනය තවම මට හොයා ගන්න බැරි උනා. ඒ වගේම "හිට හිට ගියා", "ගැවී නොගැවී ගියා" වාගේ වෙනත් බාසා වාල නැති අදහස් අපේ බාසාවේ තියෙනවා. අපි වචන වල අඩුව පිරිමහගන්න දිගට හරහට උපමා පාවිච්චි කරනවා.

    ReplyDelete
  3. @sam
    ස්තුතියි. නියමයි. ඔයාට හොද දැනුමක් තියනවා වගේ, ඇයි ඔයින් වැඩික් ගන්නේ නැත්තේ, ලියන්න බ්ලෝග් එකක්....

    ReplyDelete
  4. Sam,

    nagotiation එකට ගැලපෙන සිංහල එකක් හොයා ගන්න බැරි වෙන්න ඇත්තෙ, ඉංග්‍රීසි-සිංහළ ශබ්දකෝශෙ එහෙම වචනයක් නැති නිසා නේද? negotiate කියල නං වචනයක් තියනවා. :-)

    යෙදෙන අවස්ථා අනුව විවිධ සිංහල වචන මේකට යොදා ගන්න පුලුවන්.
    උදා: "හෙට්‍ටු කරනවා", "පාර්ශයවන්ගේ එකඟතායෙන් විසඳුමක්/මිලක් නියම කරගන්නවා"

    ReplyDelete
  5. Anon,
    හෙට්ටු කොරනවා, කේවල් කරනවා, කියන්නේ Bargain කියන වචනය. negotiate කියන්නේ ඊට වඩා වෙනස්වුනු ප්‍රතිපත්තියක්. ඉංගිරිසිය බොලොග් එකේ පහුගිය දෝහේ Average, General, Normal වාගේ වචන ගැනත් කතා කරලා තිබුනා මතකයී.

    නුවර පාර, දන්න සුලු දේවල්. අනිත් අයගේ බොලොග් කියවලා, කතා කොරලා තමයී අලුත් දේවල් ඉගන ගන්නේ. ස්තුතියි.

    ReplyDelete
  6. @sam
    මට සිංහල හෝ ඉංගිරිසි පිළබද හසල දැනුමක් නැහැ.

    කිවව් වගේ අපි තාමත් ඉගෙන ගන්නවා. එත් මම හිතන්නේ ඔයා බ්ලොග් එකක් ලිව්ව නම් හොදයි. මම දන්නේ නැහැ එත් ඔබට ඉංගිරිසි බ්ලෝග් එකක් ඇතැයි සිතමි...

    ReplyDelete
  7. ඈ බොල හිපාටුවො.. උඹ දැන් මට කඩේ යන එක නැවැත්තුවද බොල? අහුවෙයන්කො උඹ..

    ReplyDelete
  8. @මහින්ද මාමා
    මාමේ දැන් උබට අපිව මතක නැහැනේ. උබේ වැඩේ දැන් ඉවරයි හින්දා ... කොකටත් මතක තිබුණු එකට තුති.

    ReplyDelete