Sunday, October 25, 2009

විරැවෙකුගේ ප්‍රකාශය

"සිංහලේ ස්වාධීනත්වය යළිත් ළඟාකර දීමට සිංහලේ අනික් නායකයන් සමඟ එක්වී සටන් බිමට බැස්සෙමි. මවුබිම මුදාලීමත් එමගින් ජාතියේ නිදහස ලබාගැනීමත් සඳහා අපි පොරෙන්දු ගිවිස ගත්තෙමු. පොරොන්දු පරිදි මා හට පැවරණූ ඒ භාරදූර කාර්යය නියම වශයෙන් ඉටු කිරීමට මම අපොහොසත් විමි. ඒ නිසා මම තව ටික වෙලාවකින් මැරැම් කන්නේ පොරොන්දු කඩකළ කෙනෙකු වශයෙනි. පොරොන්දු කඩකළ කෙනෙකුට එමෙන්ම ජාතිය වෙනුවෙන් කළ යුතුව තිබුණු කාර්ය භාරය ඉටු කිරීමට නොහැකිවූ කෙනකුට මනීවළක් හිමිකර ගැනීමේ ගෞරවය අත් නොවිය යුතුය. ඒ නිසා මා මිය ගිය පසුව මාගේ මළකුණ කැබැලිවලට කපා බලුකපුටන්ගේ ආහාරය පිණිස මාර්ගය අසලට දමනු මැනවි. මාගේ අවසන් ඉල්ලීම එයයි"

ඇල්ලේපොළ මහ නිල‍මේ 1818 ඔක්තොම්බර් 27 උදේ 8.00 එල්ලා මැරීමට පෙර කියු දෙයකි

උපුටා ගැනීම දිවයින ඉරිදා 2009/10/25 සියපත අතිරේකය
වෛද්‍ය ඒ.යු එම්.බී. අධිකාරී

No comments:

Post a Comment