අද මගේ ජිවිතේ අහබු සිදුවිමක් සිදු උනා, ඒ තමයි “අවු 22 කට පස්සේ, 5 වසර වෙනකල් එකට හිටපු යලුවෙක් අහමබෙන් හමබ උනා“ කියන්න බැරි පුදුමාකාර සතුටක් ඇති උනා. පොඩියක් හිතන්න අන්තිමට දැක්කේ ගමෙ ඉස්කොලේ 5 වසර පන්තියෙදි. මට ඉහලින්ම ශිෂ්යඇත්වය පාස් වෙන්න බැරි උනත් දෙවෙනි වටෙට තෙරිලා, අර්ධ නාගරික පාසලකට යන්න අවස්ථාව ලැබණා. ඒ යනවත් එක්කම එකට හිටපු කස්ටිය එහෙමත් නැතිනම පන්තියේ එකම පොලිමෙ හිටපු අයගේ මුනු ටික තමයි මතකයේ තියාගෙන හිටියේ. හිතුවෙ නැහැ කවදාවත් එ අතර හිටපු හොඳම යලුවෙක් අයිති ජිවිතේට හමු වෙයි කියලා [අල්ලක් විතර මෙ රටෙ අයිත් කොහොදි හරි හමුවෙනවා අනිවා]
හිතන්න අවු 22 කට පස්සේ අපේ මුහුණුවර හැඩරැව කොපමණවෙනස් වෙනවද කියලා? එත් මට උව දැක්ක ගමන මගේ හිත එක පාරට පහේ පන්තියට ගියා, ගිහින් google කරලා බැලුවා . හපොයි මෙ මගේ එහා පැත්තේ හිටපු එකා නේද මෙන්න බොලේ නමත් මතක් උනා, මම නම කියලා කතා කරනකොටම උත් මගේ නම කියලා කතා කලා, මගේ සතුට දෙගුණ උනා. අපි 5 වසරෙන් පසු වෙනත් පාසල් වලට ගියත්, හිත කොනක ඒ මතකයන් තිබිලා තියනවා. එහින්දා තමයි එපමණ කලක් ගිහිනුත් නම හැඩරැව හොඳට මතක තිබිලා තියෙන්නේ.
සමහර විට ඔබටත් මෙහෙම හමු විමක් සිදු උනොත්?
Subscribe to:
Post Comments (Atom)
පාසල් කාලය මතක් වෙත්දී දුකයි....
ReplyDeleteVISTHARA MADI KATHAVE
ReplyDelete