Sunday, November 1, 2009

අපිට කල හැක්කේ කුමක්ද?

මෙ ලිපිය ලීවීමට මුලීක පදනම 2009/11/1 වෙනි දින ලංකාදීප පුවත් පතේ පලවු "රට දැය වෙනුවෙන් ලේ මස් දන්දි රණවරැ සෙවණේ තනිවණු විරැවෝ" යන සටහනයි.

අසුව දශකයේ ඉපිදි අයකු නම් ජීවිතයම ගෙවුනේ රටම වෙලා ගත් ත්‍රස්තවාදයත් සමගයි.දැන් ඔහු තරැණයකි. සමහර විට සිංහල හෑලි ලියන හා කිවවන බෝහෝ දෙනෙකු අසුවදශකයේ වුවන් විය හැක. කිනම් දශකයක වුවත්, අනේක් වැදගත් කරැන නම් අපි සියල්ලෝම අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන්ගේ එක් බණ පදයක්වත් ඇසූවුවෝ වෙමු. උන්වහන්සේගේ දේශනා ඇසුවනට රට ගැන සුලු ඇල්මක් හෝ තිබෙනු නියතය.

දන්නා තරමට හා පෙනෙන තරමට සිංහල හෑලි 500 කටත් වඩා අදික ප්‍රමාණයක් ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනකු පාසල් සිසු සිසුවියන් වියහැක. නමුත් ඒ අතර රැකියවල නියතු වුවන්ද සිටිය හැක. එහෙයින් අපට යම් කිසි උදව්වක් හෝ අඩුම තරමින් ‍රට දැය බෙරාගැනීමට ගිය දේශයේ අභිමනයවු ඒ රණවිරැවන් බැලීමට යා හැක.

එම ලිපියේ සඳහන් අන්දමට ඔවුන් බැලීමට යාමත්, ඔවුගේ දිවියට ලබා දෙන මහඟ ශක්තියක් වෙයි.

රටකරවුවන් නිවැරදි වෙලාවට නැවැරදි තීරණ නොගෙන ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ ජන්දයට, නැතිනම් බල ‍ලෝබයට, පිට රටවලට ගැතිකම් කල බැවින් වසර 30 ක් ඇදී ආ ත්‍රස්තවාදය දැන් නිමා වී ඇත. දැන් ඒ සියල්ල අතීතයට එක් වුවත් ඒ ත්‍රස්තවාදය මතින් ආබදියන් බවට පත් වු ඔවුහු සදාකාලීක අපගේ මතකයේ රැදීය යුතුමය.

අපට ක‍ල හැක්කේ කුමක්ද? එය අපි නොපමාව ඉටුකල යුතුව ඇත්තෙමු.

2 comments:

  1. ලිපිය කියවූ අයෙක්November 1, 2009 at 11:53 PM

    මොනවද මේ "සිංහල හෑලි"

    ReplyDelete
  2. "සිංහල හෑලි" = සිංහල Blog

    ReplyDelete