Thursday, January 14, 2010

චන්ද කොඩුකාරයින්ට ලියමි

අති පුජ්‍යය ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් විමත් සමග ඇතිවු නව පෙරළියත් සමග එවකට කොඩුකාර ජන්ද දායකයන් බොහෙමයක් තම මුල්ම ජන්දය සෝම හිමිට කරන පිදීමක් වශයෙන් ජාතික හෙළ උරැමයට ලක්ෂ ගණනක ජන්ද ලබාදි, හිටපු ජනපතණිය ගේ බලය කෙවල් කිරිමට හැකියාවක් ලබාදුන්නේය. එදා බොහෝ එජාප නායකයින් සිතුවේ සන්දානයෙන් ජන්ද 3 ක් හා එජාපයෙන් ජන්ද 1 ක් ලෙස හෙළ උරැමයට ජන්ද කැඩී යනු ඇතිබවයි. නමුත් සිදුවුයේ ඊට හාත් පසින්ම වෙනස් ලෙස එජපයේ ජන්ද බැංකුව දෙදර ගොස් සමහර ආසන වල තුන්වන ස්තානය ලබා දිමයි. ඔය 2004 තිබු මහමැතවරණයේදි මෙරට ජන්ද දායකයා හැසුරැනු ආකාරයයි.

දැන් 2005 ගත් විට, ජවිපේ / හෙළ උරැමය හා නිදහස් පාකෂිකයන් පමණක්ම එක්ව, එවකට රනිල් මුලිකත්වයෙන් යුතු මු. කො / තොණ්ඩමන් හා එක්වු එජාපය පරදාවා දැමුයේ, උතුරේ ජන්ද නොදමිමේ වාසිය මහින්ද ලබා ගෙනය. දීට්ඨදම්ම වෙදනිය කර්මය පඩිසන් දි අන්තිමයට කොටිය කෙලව ගත්තේ මහිනදගෙන්මය. එදා නුවරඑළිය / මැද කොළඔ අදි චන්ද බල පෙදෙස් වල රනිල්ට ජන්ද ලැබුනේ ලක්ෂ ගනන් වලින් මහිනද හා පරතරයක් තබා ගනිමිනි.

අද තත්වය මිට බොහෝ සෙයින් වෙනස්ය. වැදගත්ම දෙය වු කලි කොටිය අද නැත. නමුත් ඔවුන්ගේ ඉලක්කය වු රට කැඩිම තවමත් අත්හැර නැත. 2005 දි මහිනදට ජන්දය දුන් සියල්ලන්ම කොටිය පරද්දන්නට තම මුලික කාරිය කල බැවින් ඔවුන් සැමම මෙම ජයෙහි පළමු පෙළ උරැමක්කරයිනය. එදා එම කටයුතුතට සම්බන්ද විමට නොහැකි වු සැමත් පහුගිය මැයි 19 වෙනිදා කොටි පරජය කිරිමේ සතුට බක්ති වින්දේ කාගේවත් බල පැමකට හෝ කිමකට නොවෙයි. අපේ කම ඉස්මතු කරමින් හා ඇස් මහින්ද හිමිගේ කවිය සපත කරමින්, කවුරැ කවුරැත්, පෙරහර කර/ කැවුම් කිරිබත් කා සතුට වුයේ සමහර නායකයන් මෙම ජය දෙස ඉරිසියාවෙන් බලමින් සිටින මොහොතකය.

තම පරම්පාරව එජාපයේ හෝ නිදහස් පාක්ෂිකයෙන් හෝ ජවිපේ නිසාම දැන් තරැණපරපුර, තම පාරම්පරික පක්ෂයට චන්දය දිමට කටයුතු නොකරයි. ඔවුන් දැන් කල්පනා කරයි. මොකද රැ 3.50 පාන් ගෙඩියට චන්දය දුන් වැඩිහිටි පරම්පාරවක් මෙරට සිටි බව ඔවුන් හොදින් දනි. ඔය එක්කම චුයිනගම් / බේක්ලසට් හා ඩෙනිම් ගොවියද අමතක කර නැත. අද පවතින තත්වයද එදා 2005 ට සමකල හැකි තත්වයකි. මන්ද රටේ එකීය බාවය පිලිබද ගැටලුව මෙවරත් කරලියට පැමිණ ඇත. මහිනද රට එකිය විය යුතුබව පුන පුනා කියයි. නමුත සරත් මෙගැන වචනයක් හො කතා නොකර රටවෙනුවේන් සටන් කල මම රට දෙකඩ නොකරයි කියය. නමුත ගැටලුනම්, ජවිපේ / එජාප එකතු වුවා සේ සරත්ට රටේ එකිය බාවය නැති කිරමටද පුලුවන. තවදුරත් කියනුයේ නම් සරත් කියන දේ කරන පුදුගලයෙකු බැවිනි.

මෙවර ජන්දයේ කොඩුකාරයින් බොහෝ පිරිසක් සිටියි. ඔවුන්ගේ චන්දය තාම පක්ෂ වලට වර්ග වි නැති නිසා, අවසන් චන්ද පුතිපලයට බලපැම් කිරමේ බලය ඔවුන් සතුව ඇත. පුරෝකතන කිරිමටද නොහැකි වනුයේ අලුත් චන්ද දායකයින් සිතන ආකාරය තමත් සැගව ඇති බැවිනි. කෙසේ වෙතත් කැපුවත් කොල කට්ටිය සරතටත්, කැපුවත් නිල් කට්ටි මහිනදටත් දිම අනිවරියය කටයුත්තකි. මෙවර අපට දැකිමට පුලවන් කාරනයක් වනුයේ ජවිපේ චන්ද බැංකුවට මොකද වනුයේ හා දෙමළ මුස්ලිම් චන්ද කොයි ආකාරයක දෝලනය වනු ඇතිදැයි යන්නයි.

කොඩුකාරයින්ට කිමට ඇත්තේ ඔබ ඔබගේ නුවණින් සිතා බලා රටද බඩද යන්න තිරණය කිරිමයි.

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

Wednesday, January 13, 2010

ගිවිසුම

මතෘකාවෙන්ම කියන්න පුලුවන්නේ අද කතාකරන්නේ මොකක්ද කියලා.... අප රට පාවාදීපු පවරාදිපු අන්දපු මෙ අදි නොයෙකුත් ගිවිසුම් තියනවා. ඔය අතර ඉතින් වැඩිපුර තියේනනේ අපිට කෙල කරපුවා එහෙමත් නැත්නම් පාවාදිපුවා තමයි. අපේ රට මුලන්ම පාවා දිලා තියේන්නේ කුවේණි. එත් ඉතින් ඔකා වහලා තමයි අපට ඉතිහසය කියලා දෙන්නේ. ඊලග එක තමයි 1815 දි උඩරට ගිවිසුම. ඔකටත් ඉතින් කතා දෙකක් තියනවා. සමහරැ කියනවා ඔකා පවාරදිමක් කියලා. තවත් කට්ටියක් කියනවා පාවාදිමක් කියලා. ඔය කොයික උනත් අපට උනේ නරකක්. මෑතකලායේදි අපිට හොරා අපිව පාවලා දුන්නේ ඉතින් අපේ රනිල් මහත්තය තමයි. අයිත් අමුතුවෙන් ඔක ගැන කතා කරන්න ඔනා නැහැ. මොකද උනේ කියලා අපි කවුරැත් දන්නවා. බැරිවෙලාවක් වත් අපේ නෝනා ඔය ආණ්ඩුව විසිරෙව්වේ නැතිනම් අපිට අද උතුරැ පළාතයි නැගෙන හිරයි නැහැ. එත් අපේ අලුත් නායකෙයෝ අපිට උගන්වනේ, හරියට දුටුගැමණු කුමාරයාට උනවහන්සේගේ පියා විසින් සෙනා සංවිදානය කලා වගේ තමයිලු රනිල් කරැනා අම්මාන්ව කඩලා දුන්නේ කියලා. දන්න අය දන්නවා ඒගිවිසුම මොකක්ද කියලා.

දැන් අපි මුලික කරනාවට බහිමු. මෙක තමයි ජවිපේ / එජාප/ මු කො/ දෙමළ ජාතික සංවිදානය හා සරත් මහත්තයා අතර ඇතවි තිබෙන එකමුතුව. දැන් ජවිපේ කියන්නේ එගොල් අතර ගිවිසුමක නැහැලු මොකද? සරත් ව විශ්වාස හා නිර්පාක්ෂික නිසා. ඔය අතරේ ගිවිසුම් නැහැ කියලා රජයට සම්බන්ද අයත් කියනවා. දැන් බලමු දෙමළ ජාතික සංවිදානය මහින්දත් එකක් මොනවද කතා කලේ කියලා. අණුඩුවට අනුව

උතුරැ නැගෙනහිර එක් කිරිම
කොටි නිදහස් කිරීම
අධිආරක්ෂික තලාප අයින් කිරිම
ස්වයං පාලන අයිතය ලාබාදිම

ඔය කාරනා තමයි වැදගත් වෙන්නේ, පහු ගිය දවසක තිබුණු රැස්විමකදි මහිනද කව්වා අපි ඔය කරැණුවලට එකග නැහැ අපි මෙක තවදුරත් එකීය හා අරක්ෂිත රටක් වශයෙන් පවත්වගෙන යනවා කියලා. එගමන් කියනවා සරත්ට ට්එන්ඒ එක සහාහ දක්වන්නේ රජයට ඉදිරපත් කරපු කරැණු වලට සරත් එකගවුනා හා ගිවිසුම් ගැහැව්වා කියාල. අපිට හිතන්න පුලුවන් අඩුම ගනේ ට්එන්ඒ එක ඔය කරැනු සරත්ට ඉදරිපත් කලා කියලාවත්. හරි දැන් හමොටම එක ගැටලුවක් නැහැ. දැන් මමත් කියනාව හරි ජවිපේ ඔච්චර කයනවානම් ගිවිසුමක් ගැහැවේ නැහැ කියලා අපිත් හිතමු. ඒ එකක්ම අපි ගමු ජවිපේ හා එජාපය කියන කාරනවා. එතමයි සරත් යනු කියනදේ කරන / කරනදේ කියන /විශ්වාසි / ගවිසුම් ගසා කොටු කිරිමයට අවැසි නැති/ නිහතමනී/ දුෂණයෙන් තොර / අවංකා / හික්මුනු නායකයෙක් කියලා.


ඔය ඉහත වැකිය අනුව ටිඑන්ඒ එකත් එහෙමම හිතාගෙන සරත් එක්කත් වර්තමනා කරැනු ගැන කතා කලානම්, අනිවර්යයෙන්ම ඔවුනුත් ඔවුන්ගේ කරැනු ඉටුවනු ඇතයි සිතිම අපිට ඉතා පහසුවෙන් වටහාගන්න පුලුවන්. දැන් ඉතින් ට්එන්ඒ හා සරත් අතර ගිවිසුමත් නැතත් හොද අවබෝදයක් තියනවා අර ඉහතින් කී රටේ ආක්ෂාවට හා එකීය බාවයට හානි කරන කරැණු වලට එකගයි කියලා.


හිතන්න උතුරේ ඔකේම චන්ද තයෙන්නේ ලක්ෂ 7 කට ආසන්න ගනනක්. එත් ඔකේන් දෙමළජාතික සංවිදානයට තියේනන පුලුවන් ලක්ෂ 2 ක් විතර. මොකද දෙමළ ජනතාව කොහොමත් දැන් නිදහසට කැමති නිසා. ඉතින් මෙ චන්ද ලක්ෂ 2 ටතමයි සරත් හා රනිල් මගේ මව් බිමේ අයිතිය නැතිකරන්න හදන්නේ. ඔක ඉතින් දුෂනය නැතිකරන්න බලන් ඉන්න අයට පේන්නේ නැහැ මොකද ඔය වැඩිපුර දුෂනයගැන දන්නේ ඔවා කරපු අය හින්දා එයලාගේ හිත කියවනවා දුෂනය , දුෂනය කියලා ඉතින් රට ගැන මතක නැහැ.


දැන් ඔය කරැනු ටික යන්තමට හරි තෙරෙනවනම් දුෂනය පැත්තකින් තියලා රට එකීය කරගන්න ඔනා. මොකද හොරාකන්න /දුෂනය කරන්න අපිට රටක් තියෙන්න ඔනා. රටක් තියනවා නම් ඉතින් ඔය ඔන එකක් කරන්න පුලුවන්. මතකනේ පහුගිය කලේ අපි රට බෙරගන්න මොන තරම් දුක් වින්දද? දැන් ඉතින් ඔවා අපිට මතක නැහැ.. දැන කවුරැත් කතා කරන්නේ රට හදන්න. රට රකින කතා නැහැ.

හිතා ගන්න බැරි ඇයි ජවිපේ මෙකට එකතුවුනේ කියලා. මොකද මෙකට්ටිය තමයි මහින්දව බලයට ගෙනාවේ.


කොහොම හරි රට බේරගමු


පසුව ලියමි.
මුලින්ම පාව දුන්නෙ කුවේණි නෙමේ. විභීෂණ. අමතකවු කරැනක් මතක් කරදුන්නට තරිදුට ස්තුතිපුරවක වෙමි.

Sunday, January 10, 2010

ඇයි රනල් අපිට මෙහෙම කරන්නෙ?

දේශපාලනයට බලෙන් අද දැමු, රනිල්ට දේශපාලනය ගැලපේන්නේ නැත. වසර ගනනාවක සිට විපක්ෂනායක කම දරමින් ජනතාවට එපා වු මෙ පුද්ගලයා අපේ රටට හතුරැකම් කනුයේ ඇයි දැයි? මෙගැන පොඩ්ඩක් හොයලා බලන්න තමයි අද මම යන්නේ.... එත් ඉතින් හොයන්න බලන්න දේකුත් නැහැ. මොකද මෙකට මුල්ම වරද කරැ ජේ.අර් තමයි. දැන් ඔය කොච්චර කතා කලත් නෑකමට බලේන් දේශපාලනය අරගේන අපු රනිල්ට මෙවගේ ඉරනමක් අත්වෙයි කියලා ජේ.අර් කවදාවත් හිතන්න නැතුව ඇති.

ඒදවස්වල රනිල් තරැණයි. මුලින්ම දේශපාලනයට අවේ බියගම මැතිවරණ කොට්ටාශයේ එජාප නියොඡිතය විදිහට. මෙයා ඉතින් ලස්සනයි එකාලේ, බියගම කෙල්ලො ටික රනිල්ගේ ලස්සනට තමයි ඉතින් ජන්දය දුන්නේ. තවවැදගත් දෙයක්, කැළනිය රජමාහ විහාරයේ උන්නතියෙ ගොඩක් වැඩකරපු කෙනේක් තමයි හෙලේනා විජේවර්ධන මැතිණිය.... රනිල්ගේ අම්මා මෙ පරම්පාරවට සම්බන්දයි. ඔවා තමයි ඉතින් චන්ද වැඩට යොදාත්තේ ... කොහොමින් කොහොම හරි මෙයාගේ වාසනාවට එජාපයේ මුල් අසුන හම්බඋනා.

ලංකාවේ අධ්‍යපනය ලැබුවත් මොහුට හරියට සිංහල බැහැ, දෙමළත් බැහැ දන්න එක තමයි පහුගිය දවස්වල වෙදිකාවට ඇවිත් කිව්වේ. හැබැයි ඉන්ගිසි හොදට පුලුවන්. එහින්දා හිතන්නේ ඒවිදහට, පොඩි කලේ ඇසුරැ කලේ ඔකේකෙම ලොකුලොකු කට්ටිය. සමන්‍ය මිනස්සුත් එක්ක ගැටිලා පුරැද්දක් නැහැ. එහින්දා මෙතුමා පොඩි මිනිහත් එක්ක තරහයි. පොළවේ පයගහන්න ද්නනේ නැහැ. ඉතන් මිනිස්සු මෙයාට කැමති නැහැ. ඔය තරහා තමයි මොහු අපේ රටින ගන්න හදන්නේ

රට පාවලා දුන්නු මෙ පුද්ගලාගේ නම අපේ ඉතිහාසටයට කලු පැල්ලමක් එකතු කලා.

Saturday, January 9, 2010

එන විදිහ හරි නැහැ වගේ, සරත් දිනයි

අපේ රටට නුදුරැ අනාගතයේදි සිදුවිය හැකි දේ ගැන පුර්ව උපකල්පනයක් කිරිමයට දැන් කාටත් පුලුවන්. දැන් යන විදිහ එච්චර හොදනැහැ. මොකද ජනාධිපතිවරණයේන් සරත් දිනන බවට අපිට කියන්න පුලුවන්. එකට සාදාරණ හෙතු කිහිපයකුත් තියනවා. මොකද 2005 ජනාධිපතිවරණයේදි රනිල් පැරදුනේ ජන්ද 28000 කින් විතර. අපි ඔන කෙනේක් දන්නවා බැරි වෙලාවත් උතුරේ ජන්ද වැටුනානම් රනිල් දිනලා රට දෙකඩ කරලා ඉවරයි මෙවෙනකොට. එත් ඉතින් අපේම අනාගතපරපුරේ වාසනාවට කොටියම මෙකරැමෙට කරගහලා මහිනදගේන් කෙලවගත්ත.

මෙපාර තත්වය ටිකක් වෙනස් මොකද දිනන්න බැරි/ මිනිස්සුන්ගේ හදවත් තෙරම් නොගත් එහෙත් මෙපාර ඉල්ලුවොත් පරදිනවා කියලා හිතලා හිමිහිට ජන්දෙන් මාරැ උන රනිල්, සරත්ව ඉස්සරහට දාලා රජ වෙන්න බලන් ඉන්නවා. දැන් අපි බලමු මෙ කට්ටි දෙකට සහය දක්වන කට්ටිය කවුද කියලා

මහින්ද
නිදහස් පක්ෂය
නිදහස් පෙරමුණ
හෙළඋරැමය
පිල්ලයාන් පිල
ඩග්ලස් පිල
මුස්ලිම් කොන්.. කට්ටියක්
තොණඩමගේ කට්ටිය


සරත්
එක්සත් ජාතික පක්ෂය
ජවිපේ
මුස්ලිම් කොන් ...
මා පිල
දෙමළ ජාතික සංදානය
මනෝ ගනේෂන්

දැන් බලමු අප රට එකීය රටක් කරන්න විරැද්ධ උන කට්ට්ය කොහොද ඉන්නේ කියලා. සරත්ට සහය දක්වන කට්ටියේන් ජවිපේ විතරයි එකීය රටක් ගැන කියන්නේ. අනික් ඔක්කොම ස්වයං පාලන අයිතියක් හොයන කට්ටිය. මහින්දගේ කට්ටිය මහිනද චින්තය පිලි අරන් අපු හිනදා ඒ කට්ටිය කොහොමත් එකිය රටකට කැමති කට්ටිය. අනික තාම සරත් අපිට කියලා නැහැ මෙක එකීය රටක් කියලා. හැබැයි මෙක මහිනද කව්වා. එහින්දම ශිවගිතා පුබාකරන් සරත්ට සහය දක්වන්න එහා පැත්තට ගියා. දැන් ඉතින් අපිට අපි අරන් තියන තිරණය ටිකක් හිතන්න වෙනවා. මොකද අපිට දුෂනය කරන්න/ හොරකං කරන්න / මඩ ගහගන්න රටක් තියෙන්න ඔනා.

මෙපාර අයිත් ඇතිවෙලා තියෙන්නේ 2005 හේ තත්වයමයි. රටට මිතුරැ හා හතුරැ කට්ටිය අතර තරගයක් වෙලා. ගියපාර මහින්ද දින්නත් මෙපාර ටිකක් ඔහුට අමාරැයි මොකද සරත්ගේ පොරොන්දු සෙට් එකට ජන්දේ දෙන කට්ටියක් තාම අපේ රටේ ඉන්නාවා. අපි මෙ පාර අනිවර්යයේන්ම මහින්දව දිනවන්න ඔනා. නැතිනම් කවදා හරි අනාගත පරපුර අපිට දොස් කියයි.උබලා බඩගෝස්තරය/කටකතා/දුෂන කියන කාරනා වලට කොටුවලො රට පාවාදුන්නා නේද කියලා. මොකද මෙ කරනයම අපි 1815 හිටපු නායකයින්ට කියන හින්දා...

එහින්දා අපි මොන නරක වැඩ තිබුනත් මහිනදව දිනවන්නම ඔනා. මොකද දැන් දෙමළ කට්ටිය එක මිටකට ඇවිත් තියනාව අයිත් මෙරටට කඩන එකතුවකට. එහින්දා තමයි කට්ටිය බය නැතිව සරත්ට සහය දේනනේ නැතිනම් තමුන්ට, ඒ කිව්වේ කොටියව පොඩි පට්ටම් කරපු සරත්ට එකතුවෙයිද? මෙක රනිල් අපේ රටට තියන හතුරැකම නිසා කරන දෙයක්. ඔහු කැමති නැහැ අපේකමට / පොළවේ පයගහලා ඉන්න මිනිස්සුන්ට.

මම පොඩි උදාහරණයක් කියන්නම්
සුනාමිය ඇතිවුන වෙලාවේ මිනිසුසු ගොඩාක් මැරැනා. ඒ වෙලාවේ මෙ මනුස්සයා ඒ පාලාත්ව සංචාරය කලේ [හරියටම පහුවදා එවෙන කොට කුනු ගද ඇවිත් නැහැ] හරියට මැරිලා ඉන්නේ අද්භුත මිනිස්සු ටිකක කියලා හිතාගේන, කුනු ගැවෙන හින්දා- බුට් දාගේ කුණු ගද හින්දා නහයයි කටයි වහගෙන, මෙයත් එක්ක ගිය කරැ සහ අනක් කට්ටිය සමන්‍යයය විදිහට යනවා. හිතාගන්න පුලුවන්නේද මෙ නායකයගේ තරම.


පේනවනේද නායකයෙක් මැව්වහම වෙන දේ, ජේ ආර් රනිල්ව දේශපාලනයට ගේනාව එකේ වැරැද්ද? නායකයා මිනිසුන් අතරින් එන්න ඔනා. එහොම නොවුනාම හදාගත්තු නායකයන්ට මිනිස්සු කැමති නැහැ දැනටත් එජාපේට ජන්දේ දෙන්නේ පේමදාස මහත්තයා කරපු වැඩ වලට, මිනිසුසු රනිල්ට කැමති නැහැ මෙක රනිල් දන්නවා. එහින්දා මෙයා රටෙ මිනිස්සුනට කැමතිත් නැහැ. කොහොම හරි බලන්නනේ අපිට කෙල කරන්න. එත් එකක්ම මෙයා කපටියි. එහින්ද කවදා හරි යුද්දය දිනපු මහිනදට විරැද්ද උනේ නැහැ කියන්න ජනපති සටනින් හෙමිහිට මාරැ උනා.

දැන් හොදට හිතන්න මෙපාර සරත් දිනන ආකරයක් තියන හින්දා, අපි මහින්දට ජන්දය දේනන ඔනා. එහින්ද වැරදිලාවත් අපි ගහන ජන්දය අවලංගු නොවෙන්න හරියටම ගහන්න ඔනා. මොකද අපේ එක ජන්දයත් හරියට වටිනවා. කාගෙවත් ජන්ද හරවනවාට වඩා අපි මහිනදට ගහන ජන්දය වලංගුවන අකාරයට ගහමු. එතකොට අපිට පුලුවන් අඩුම ගනේ එකජන්දයකින් හරි මහිනදව දිනවන්න.

තව වැදගත් දේයක් සහොදර සමාගම කොච්චර සල්ලි ගැහව්වත් ඔකොම අයිත් මෙරටටම අයෝජනය කරල තියනවා. මොකද ලංකාවේ ඉඩම් / ඇපලෝ / සහ අනිකුත් කියන ඔය ඔක්කොම දේපල මෙරට එවා. එහිනදා මහින්ද කොච්චර ගැහැව්වත් කමක් නැහැ.




දැඩි අවදානමක් අපේ රටට ඉදිරිපිට දැන් තියේන්නේ

Wednesday, January 6, 2010

19 වෙනිදා අතට ගත්ත ජාතික කොඩියට මොකද උනේ?

දැන් දැන් දේශපාලනවෙදිකාව දිහා බලපුවාහම පේනවා යුද්දේ තිබුනානම් හොදයි කියලා. මොකද ගිය මැයි 19 දිනා වෙනකල් එකා වගේ ඔක්කොම මොන ගැටලු තිබුණත් යුද්දය කියන කාරනවේදි එකට ඉදලා ජය ගත්තා. එකට අපි කවුරැත් අපිට පුලුවන් විදිහට සහයෝගය මෙ ලබාදුන්නා. දැන් මුලු රටම දෙපැත්තකට බෙදිලා එදිරිවාදියගේ දුර්වලකම් දුෂන වංචා පුද්ගලික ජිවිතය ඔක්කොම එලියට දානවා. කවුද මෙකෙන් වාසි ලබන්නේ? රටට ද ජනතාවද? අපිට කෙලවෙනකම් බලන් ඉන්න උනද?

අද 2010/01/06 ලැබුණු තොරතුරැ අනුව දෙමළ ජාතික සංදානයේ සහායත් සරත් මහත්තයටල ලැබිලා. එගොල්ලො කියන විදහට මහිනද මහත්තයා සමහර කරැනු වලට එකග නොවුනු හින්දා තමයි සරත් මහත්තයට සහයෝගය දිලා තියේන්නේ. මත් ඉතින් පොඩ්ඩක් හොයලා බැලුවා මොනවද මෙ කරැනු කියලා. අනික ඔනම කෙනෙකු දාන්වා දෙමළ ජාතික සංදානය එල්ට්ටි තියන කලේත් එකට උදව් කලේ එලිපිටමයි කියලා.

අධි ආරක්ෂිත කලාප ඉවත් කිරිම
එල් ටි ටි සැකකරැවන් නිදහස් කිරිම
උතුර නැගෙනහිර එක් කිරිම
එක්සත් රටක් බිහි කිරිම
මෙවාතමයි ඉතින් එලිපිට තියන එවා තව මොනවා ඇතුලේ තියනවාද කියලා දන්නේ නැහැ? මොකද එකගතා ලියවිලි නැහැනේ ..


දැන් කාටත් තේරැන්ගන්න පුලුවන් අපි ඉහත කාරනා ටික නේද පහුගිය මැයි 19 දා මෙ මව් බිමෙන් අයින් කෙලේ කියලා. මෙකට ඉතින් වැඩි බරක් දිලා කටයුත කලේ සරත් මහත්තයා. එත් ඉතින් දැන් මෙ මනුස්සයම තමයි අයිත් මෙටික නැතිකරන්න කටයුතුනරන්නේ. ඇයි මෙහෙම උනේ? මෙකට ඉතින් දෙපැත්තේ අය දෙවිදිහකට උත්තර දේනවා. සරත් මහත්තයගේ කට්ටිය කියන්නේ පවුල් පාලනය අයින් කරමු කියලා. අනික් කට්ටිය කියන්නේ අයිත් මව් බිම පාවා දේන්නා එපා කියලා. දැන් දැන් මෙ දෙකෙන් වඩා වැගත් වෙලා තියේන්නේ අපේ මව් බිම කියන කාරනාව. මොකද පවුල් පාලනය නැතිකරන්නත් අපිට එකීය රටක් තියෙන්න ඔනා. අමාරැවෙන් ඔක්කොම එකතුවේලා ගත්ත දේ අයිත් නැති කරගන්න හදන ඉක්මන.

දැන් නම් අපිට අපේ මව් බිම ගැන අයිත් අමුතුවේනම හිතන්න වෙලා මොකද දැන් යන විදිහට දෙමළ මිනිස්සු ඔක්කොම වගේ සරත්ට චන්දය දෙයි. උතුරට නැගෙන හිරට මොන සංවරධනය දුන්නත් එකට්ටිය අහන්නේ එයාලාගේ නායකයෝ කියන දෙවල් තමයි. එහින්දා අනිවා උතු නැගෙ දෙමළ ජන්ද ඔක්කොම සරත්ට තිමයි. බොහොවිට මුස්ලිම් ජන්දත් ගොඩක් සරත්ට වැටෙයි. ජන 26 සරත් දිනලා විදායකය මාස 6න් ඉවර කරලා රනිල්ට විධායක අගමැති කමට පාර කපලා එයා යයි ඇමරිකාවට. ඊටපස්සේ ඉතින් බටහිරට ගැති රනිල් තමයි රටෙ පාර කියන්නේ. එයා කරන වැඩ ඉතින් අමුතුවේන කියන්න ඔනා නැහැ මොකද දොන් ජුවන් ධර්මපාල මිට වැඩිය හොදයි.

එකඅතකට සරත් තමයි දිනන්න ඔනා. මොකද එතකොට ඔය ජේවීපි එකට කරන්න දෙයක් නැතුව උන්ම තමයි අයිත් ජාතික කොඩිය අතට අරන් රනිල්ව එලවන්න හදන්නේ. අපිට එදාට බලන්න පුලුවන් අනුර/ටිල්වින් මොකද කියන්නේ කියලා. අපිට ඉතින් අපේ කතිරය රටට වෙනුවෙන් දෙනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මොකද මෙ ලිපිය කියේව්වා කියලා සරත්ට ජන්දේදෙන අය ඔහුට නොදි ඉන්නවත් මහිනදට දෙන අය අයිත් සරත්ට දේන්න කටයුතු කරයි කියලාවත් හිතනුන අමාරැයි. ගොඩදේනේක් මෙවෙනකොට තිරනය කරලා ඉවරයි තම තමුන්ගේ කැමැත්ත. අනික විශෙෂයේන සිංහල බ්ලොග් කියන ලියන කට්ටිය.

හුදේක් මට හිතෙන දේ පමණි

Sunday, January 3, 2010

අපේ රට

1815 සිට 1948 දක්වා අප රට පාලනයට නතු කරගනු ලැබු ඉංග්‍රීසි ජාතිකයන් මෙරටට තිබු සහයෝගිත්වය එකමුතුබව හා පවට වු බිය තුරන් කිරිමට වවිධ උ කුට උපක්‍රම භාවිතයට ගන්නා ලදී. ඒ අතර රදල පැලැන්තියක් නිර්මාණයකර ඔවුනට තාන්න මාන්න මෙන්ම උසස් අධ්‍යාපනයක්ද ලබා දුනේය. එතුවක් කල් මෙරට පැවති පන්සල මුලික කරගත් අධ්‍යාපන රටාව ටිකේන් ටික බිද වට්ටා දමුවේය. ලෝකයේ නව දනුම හා එහා සම්බන්ද දේ අත හැර දාමා අපේ දේම පමණක් ඉගේන ගතයුතුමයි මින් අදහස් නොකෙරේ.

1815 රට සුද්දාට භාර දුන්දවසේ සිටම යලි මෙරට කලුසුද්දන්ගේ අනසකට ගැනිමට විවිධ වු නිදහස් අරගල දියත් වුවත්, ඒ සියල්ල අමතක කර, 1948 කිසිදු ලේ බිදුක් හො නොසලා නිදහස ලබා ගත් බව අපට ඉගැන්වුයේ අපේ අධ්‍යපනය ක්‍රමය මගිනි. මහ උජාරැවෙන් සමරන මෙ නිදහසේන් පසු මෙ රට මෙහෙය වුයේ කලින් කියු පරිදි සුද්දාට ඔන විදිහට තැනු බටහිරට ගැති කලු සුද්දන් විසිනි. උන් ඒනිසාම එය අරැත් ගන්වන්නේ සටන් නොකරගත් ජයක් ලෙසිනි.

මෙරට ප්‍රධහන භාෂා වු සිංහල හෝ දෙමළවත් හරි හැටි දන්නේ නැති අයේකුට අපි මහත් වු ආඩම්බරයේන නිදහසේ පියා හෝ ජාතියේ පියා කිය ආමන්ත්‍රණය කරමු. එවකට ප්‍රභු යයි කියා සුදදාම හැදු වැඩු කලු සුද්දන් හට මෙරට බාර දි උන් ගියේ ඉතා සතුටිනය. මක් නිසාද යත් කලු සුද්දා, සුද්දාට වඩා මෙරටට කෙලකරන බව මැනවින් දන්නා නිසාම විය යුතුය. එය එසේම විය හා වෙමින් පවතී.

දේශපාලන කෑදරකමට හා බල ලොබයට සිංහල ජන සමාජයේ පිලිගැනිමක් හාදාගනු පිණස දෙවෙනි වරට කෙල කරන ලද්දේ සිංහල බස හරහායි. අපිට හතුරැකම් කල මෙ නායකයෝ නැවත මෙරට නොඋපදිවායි මම එක සිතින් ප්‍රර්තනාකරමි. තවමත් මෙරට ජනතාව අතරට රටේ අයිතය ලැබි නොමැත. එයට වග කිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙය වු කලි මහා බොරැවකි. මෙවැනි දෙයක් ප්‍රයෝගික නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික අරමුණ වු කලී බහුතර කැමැත්තයි. එඅනුව ගත් කල, ඔනැම වැරදි දේයක් වුවතු බහුතරය කැමතිනම් කරන්න පුලුවන් බවයි.

දැන් ඉතින් ලොකසම්මතයට අනුව එයට පිටුපැමක් කිරිමටද නොහැක. එනිසා අපකලයුත්තේ නිවැරිද තීරණ ගන්නා කෙනෙකු අපගේ නායකයා ලෙස තොරගැනිමයි. මෙහිදි අපට නායකයෙක් යුනු කවුරැදැයි බටහිරින්ම ඉතා හොදට උගන්වා ඇත. එ අනුව නායකයා යනු ජනතාව අතරින්ම හා ජනතාවගේ කැමැත්තෙන්ම පත්වි නිවැරදි දිශානතියට රට හා ජනතාව මෙහෙයවන පුද්ගලයයි. ඒ අනුවගත් කල නායකයාට තිරණගැනිමේ මහගු හැකියවක් තිබිය යුතුය. තැගිකරදුන් නිදහසේන පසු එවන් නායකයේක් අපට හිමි වුයේ නැත. දැනදු නැත. මෙරට ජනයා හැසිරෙන අකාරය අපිට එවන් නායකයෙක් අනාගතයේදිවත් ඇති නොවන බව එකාන්තය. අපි ධණ [දැන් දැන් අපිට පඩම් කියා දේන කලු සුද්දෝ ඈත අතීතයේ අප ජනතාව හැම විටම සිටියේ සුබවදි චින්තනයක යයැ කිමට මැලි වනුයේ උනගේ දේ වෙලදම් කර ගත නොහැකි නිසා යයි මට හැගේ] මනසිකත්වයෙන් අපේ දියසේන කුමාරයා ඉපිදේන තුරැ බලා සිටිමු.

මෙරටට ආදරය පුද්ගලයෙකු වශයේන [තැගිකරදුන් නිදහසේන පසු] මට හදුන්වා දිය හැක්කේ අපට නිදහස් අධ්‍යපනය හිමි කරදුන් කන්නන්ගර මහතාට පමණි. එතුමා නෙහිටියේ නම් මට අද අවම වශයෙන් මෙ ලියමන දැමීමට නොහැකි වන බව සක්සුදක් සේ පැහැදිලිය. මෑත ඉතිහසයේ ජනපති හා සියලු හමුදාවල නායකයන්ට යුද්දය දිනු යන කරනාවට පමණක්ම සීමා වි ආචාර කරමි.


අපට සලකන්නට බොහෝ දෙනෙකු ඉදිරිපත් වි ඇති නිසා නිකමට වගෙ ලියලා දම්මා

Thursday, December 31, 2009

2010 යේ අපේ හුරැ පුරැදු

මෙක මෙ පුද්ගලික අත් දැකිමක්. උනේ නම් දැනට මාස තුන හතරකට කලින්. මෙකතාවේ වැදගත් කම තමයි 2010 අත ලඟ තියගෙන ලියන එක.[ කෝ අත ලඟ නැහැ නේ] මොකද මෙ දෙවල් අපි ඊලඟ අවුරැද්දට අරගෙන නොයයා යුතු නිසා.

මෙකට සම්බන්ද කෙල්ලෙක් [ඇත්තටම කෙල්ලෙක්ද කියලා මම දන්නේ නැහැ]. වැඩ කරන්නේ ගුවන් විදුලි නාලිකාවක නිවෙදිකාවක් විදහට [කවුරැත් දන්න‍වනේ ‍මෙවගේ අයගේ කතා විලාසයයි පඩ ෂෝ පාරයි]. මගේ යලුවෙක් තමයි ඉතින්.
දවසක් මත් එකක් එකසිට් එකේ වඩිවෙලා යනකොට කොටුව හරියෙදි මෙන්න පට පට ගාල එයාගේ මල්ල අදිනවා මම බැලුව මොකද මේ කියලා. මෙන්න මෙයා [පඩ ෂො කෙල්ල] මල්ලේන එලියට අදිනවා ටොෆි කොල/බස් ටිකට්, දැන් අතේ කුනු ගොඩයි. මට ඉතින් අනාගතය බලන්න පුලවන් හින්ද මම දැනගත්ත ඉතින් මෙටික ඔක්කොම කොටුවේ මහ පාරේ දානව කියාලා. මාගේ අනාගත වක්‍යයය සපත කරමින් ඔක්කොම ටික බස් එකේ විදුරැවේන එලියට දැම්මා. මත් ඉතින් අමුතු බුව හින්ද කේලිනම් ඇහුව්වා. මොකක්ද එ කෙලේ කියලා? මෙන්න අර රෙඩියෝවෙ කිචි බිචිය මුකුත් නැතුව කතා කරලා කියනවා "එක තමයි මත් දන්නවා වැරැද්දක් ‍කලේ කියලා"

එක ඉතින් එතනින් ඉවරයි. හැබැයි අනිව මට ෂවුර් කෙල්ලට පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති. මොකද කතා ‍කලොත් පණ දේන්න වැඩ බලු වටින්නේ නැහැ.

දැන් ඉතින් මගේ පුරැදුත් කියන්නම්කෝ. පොඩි ‍කාලේ මටත් ඔය වගේ පුරැද්දක් තිබුනේ නැහැ[පාරෙ කුනු නොදමන]. එත් මම දවසක් කොහොද් හරි ඇහුව්වා [1997 දි විතර] ජපානේද කොහොද මිනිස්සු පරේ කුනු දන්නනෙ නැහැ කියලා. එදා ඉඳන් මම ඒ නරක පුරැද්ද අතහැරියා. මම ටොෆි නම් කන්නේ නැහැ දැන්. එත් බස් ටිකට්/ ඒට්එම්[ATM] එකේන් ලැබෙන ගණුම් ප්‍රකාශ තව ඔය මගදි බෙදන කොල කැලි [leaflet]මම ඔය කිසිම දෙයක් දැන් බිම දාන්නේ නැහැ ඔක්කොම මගේ ඩෙනිම් සාක්කුවෙ. [හැබැයි ඉතින් ඔකොම මගේ කාමරේ මෙසේ උඩ තමයි].

මගේ මෙසේ එච්චර කැතනම් පාරවල් කොච්චර කැත ඇතිද? [අපිට ඉතින් පාරවල් පෙන්නෙ නැහැනේ]. තවදෙයක් දැන් දැන් මම පොලිතීන් බාවිතයත් ටිකේ ‍ටික අඩුකරගෙන යනවා. තව මෙ වගේ නරක පුරැදු තියනවනම් කියන්න


2009 ඉවරවෙලා සුබ අලුත් අවුරැද්දක් වෙවා කියාගනේ 2010 ට ඔබත් මෙ නරක පුරැදු අරගෙන යනවනම් ඉතින් අපේ රටට 2010 යත් තවත් එක අවුරැද්දක්ම පමණක් වෙයි. එහින්දා මෙ ගැනත් හිතලා අපි ඊලඟ අවුරැද්දට පිරිසිදු සිතින් ගමන් කරමු.


අද පෝය හින්දා උදේම මෙක මතක් උනා, මෙකත් එක්තාරා දානයක් හින්දා