Sunday, January 3, 2010

අපේ රට

1815 සිට 1948 දක්වා අප රට පාලනයට නතු කරගනු ලැබු ඉංග්‍රීසි ජාතිකයන් මෙරටට තිබු සහයෝගිත්වය එකමුතුබව හා පවට වු බිය තුරන් කිරිමට වවිධ උ කුට උපක්‍රම භාවිතයට ගන්නා ලදී. ඒ අතර රදල පැලැන්තියක් නිර්මාණයකර ඔවුනට තාන්න මාන්න මෙන්ම උසස් අධ්‍යාපනයක්ද ලබා දුනේය. එතුවක් කල් මෙරට පැවති පන්සල මුලික කරගත් අධ්‍යාපන රටාව ටිකේන් ටික බිද වට්ටා දමුවේය. ලෝකයේ නව දනුම හා එහා සම්බන්ද දේ අත හැර දාමා අපේ දේම පමණක් ඉගේන ගතයුතුමයි මින් අදහස් නොකෙරේ.

1815 රට සුද්දාට භාර දුන්දවසේ සිටම යලි මෙරට කලුසුද්දන්ගේ අනසකට ගැනිමට විවිධ වු නිදහස් අරගල දියත් වුවත්, ඒ සියල්ල අමතක කර, 1948 කිසිදු ලේ බිදුක් හො නොසලා නිදහස ලබා ගත් බව අපට ඉගැන්වුයේ අපේ අධ්‍යපනය ක්‍රමය මගිනි. මහ උජාරැවෙන් සමරන මෙ නිදහසේන් පසු මෙ රට මෙහෙය වුයේ කලින් කියු පරිදි සුද්දාට ඔන විදිහට තැනු බටහිරට ගැති කලු සුද්දන් විසිනි. උන් ඒනිසාම එය අරැත් ගන්වන්නේ සටන් නොකරගත් ජයක් ලෙසිනි.

මෙරට ප්‍රධහන භාෂා වු සිංහල හෝ දෙමළවත් හරි හැටි දන්නේ නැති අයේකුට අපි මහත් වු ආඩම්බරයේන නිදහසේ පියා හෝ ජාතියේ පියා කිය ආමන්ත්‍රණය කරමු. එවකට ප්‍රභු යයි කියා සුදදාම හැදු වැඩු කලු සුද්දන් හට මෙරට බාර දි උන් ගියේ ඉතා සතුටිනය. මක් නිසාද යත් කලු සුද්දා, සුද්දාට වඩා මෙරටට කෙලකරන බව මැනවින් දන්නා නිසාම විය යුතුය. එය එසේම විය හා වෙමින් පවතී.

දේශපාලන කෑදරකමට හා බල ලොබයට සිංහල ජන සමාජයේ පිලිගැනිමක් හාදාගනු පිණස දෙවෙනි වරට කෙල කරන ලද්දේ සිංහල බස හරහායි. අපිට හතුරැකම් කල මෙ නායකයෝ නැවත මෙරට නොඋපදිවායි මම එක සිතින් ප්‍රර්තනාකරමි. තවමත් මෙරට ජනතාව අතරට රටේ අයිතය ලැබි නොමැත. එයට වග කිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙය වු කලි මහා බොරැවකි. මෙවැනි දෙයක් ප්‍රයෝගික නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික අරමුණ වු කලී බහුතර කැමැත්තයි. එඅනුව ගත් කල, ඔනැම වැරදි දේයක් වුවතු බහුතරය කැමතිනම් කරන්න පුලුවන් බවයි.

දැන් ඉතින් ලොකසම්මතයට අනුව එයට පිටුපැමක් කිරිමටද නොහැක. එනිසා අපකලයුත්තේ නිවැරිද තීරණ ගන්නා කෙනෙකු අපගේ නායකයා ලෙස තොරගැනිමයි. මෙහිදි අපට නායකයෙක් යුනු කවුරැදැයි බටහිරින්ම ඉතා හොදට උගන්වා ඇත. එ අනුව නායකයා යනු ජනතාව අතරින්ම හා ජනතාවගේ කැමැත්තෙන්ම පත්වි නිවැරදි දිශානතියට රට හා ජනතාව මෙහෙයවන පුද්ගලයයි. ඒ අනුවගත් කල නායකයාට තිරණගැනිමේ මහගු හැකියවක් තිබිය යුතුය. තැගිකරදුන් නිදහසේන පසු එවන් නායකයේක් අපට හිමි වුයේ නැත. දැනදු නැත. මෙරට ජනයා හැසිරෙන අකාරය අපිට එවන් නායකයෙක් අනාගතයේදිවත් ඇති නොවන බව එකාන්තය. අපි ධණ [දැන් දැන් අපිට පඩම් කියා දේන කලු සුද්දෝ ඈත අතීතයේ අප ජනතාව හැම විටම සිටියේ සුබවදි චින්තනයක යයැ කිමට මැලි වනුයේ උනගේ දේ වෙලදම් කර ගත නොහැකි නිසා යයි මට හැගේ] මනසිකත්වයෙන් අපේ දියසේන කුමාරයා ඉපිදේන තුරැ බලා සිටිමු.

මෙරටට ආදරය පුද්ගලයෙකු වශයේන [තැගිකරදුන් නිදහසේන පසු] මට හදුන්වා දිය හැක්කේ අපට නිදහස් අධ්‍යපනය හිමි කරදුන් කන්නන්ගර මහතාට පමණි. එතුමා නෙහිටියේ නම් මට අද අවම වශයෙන් මෙ ලියමන දැමීමට නොහැකි වන බව සක්සුදක් සේ පැහැදිලිය. මෑත ඉතිහසයේ ජනපති හා සියලු හමුදාවල නායකයන්ට යුද්දය දිනු යන කරනාවට පමණක්ම සීමා වි ආචාර කරමි.


අපට සලකන්නට බොහෝ දෙනෙකු ඉදිරිපත් වි ඇති නිසා නිකමට වගෙ ලියලා දම්මා

1 comment:

  1. @ kandy,

    //එයට වග කිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙය වු කලි මහා බොරැවකි. මෙවැනි දෙයක් ප්‍රයෝගික නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික අරමුණ වු කලී බහුතර කැමැත්තයි.//

    ඔබගේ ලිපියේ මා ප‍්‍රිය කරන තැනකි මේ. මේ කතාව ඇත්ත. හැබැයි මේක මතක තියාගන්න. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ලෝකයේ දේශපාලන ඉතිහාසයේ සිට මෙතෙක් ආ විවිධ පාලන ක‍්‍රම වලින් පසු අප මේ යුගය සඳහා සුදුසු යැයි තෝරාගත් රාජ්‍යය පාලන ක‍්‍රමය පමණයි. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ එකම හෝ පරම දේශපාලන සිද්ධාන්තය නොවෙයි. අඩුම ගානේ අප දේශපාලන විද්‍යාවේ පියා යැයි කියන ඇරිස්ටෝටල් හෝ ඔහුගේ ගුරුවරයා වූ සොක‍්‍රටීස් හෝ ප්ලේටෝ හෝ අනෙක් මූලාරම්භකයන් කිසිවෙකු පිළිනොගත් සිද්ධාන්තයකි මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය.


    //එඅනුව ගත් කල, ඔනැම වැරදි දේයක් වුවතු බහුතරය කැමතිනම් කරන්න පුලුවන් බවයි.//

    ඔබේ මේ කතාවටත් මම ආසයි. හැබැයි ඒ ඔබගේම අදහසින්ද කියලා මං දන්නේ නෑ. දැන් බලන්නකෝ අපේ රට වැනි ගෝත‍්‍රික වැසියන් ඉන්න රටකට රජෙක් හොයන්නේ ඔය හින්දනේ. ඒකනේ කියන්නේ රටේ හැටියට තමයි නායකයා කියලා. ඉතිං මහින්ද ආයෙම ආවත් මම හිත හදාගන්නේ ඕක ගැන හිතලයි.

    මං ඔබට මෙහෙම දෙයක් මතු කරන්නත් කැමතියි. දැං හිතන්නකෝ මම දේශපාලන විද්‍යව පශ්චාත් උපාධියකුත් තියාගෙන මේ මොහොතේ සියල්ල විමසා බලලා ජෙනරාල්ට ඡන්දය දුන්නා කියලා. ඒත් කිසිම දේශපාලනයක් දන්නේ නැති මිනිහෙක් බත් පැකට් එකට හරි අරක්කු කාලට හරි මහින්දට ඡන්දෙ දෙනවා. ඉතිං ඒ ඡන්දෙන් මගේ මනාපය අවලංගු වෙනවා නේද? හිතන්න එපා මං කතා කරන්නේ සීමිත ඡන්ද බලය සහිත 1932ට කලිං තත්වය හොඳයි කියනවා කියලා. ඒත් එහෙම තත්වයක් තියෙනවා නේද? මේ වගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ප‍්‍රශ්ණ කන්දරාවක් තියෙනවා. මම නං කීයටවත් කියන්නෑ මේක තමයි එකම හෝ හොඳම ක‍්‍රමය කියලා. මම මේ ක‍්‍රමේට විරුද්ධයි.

    ReplyDelete