Sunday, December 27, 2009

ක්‍රි.ව.2125 දී ශ්‍රී ලංකාව - වෙසක් මාසය

අද ක්‍ර.ව.2125 ක් වූ වෙසක් මස පුන් පොහෝ දිනයයි. මෙවන විට අප රට පාලනය කරනුලබන්නේ නිලදාරි මණඩලයක් විසිනි. 2124 තිබු විධයක අගමැති හා පාර්ලිමෙන්තු නියෝජිතයන් තොරාපත් කරගනුලබන චන්දය සඳහා අවැසි චන්ද ප්‍රතිශතය ප්‍රකාශ නොවිම නිසා අණුඩුක්‍රම ව්‍යවස්තානුකුලව රටේ පාලනය ඒ ඒ ආමත්‍යයංශ වල ලෙක්ම්වරැන්[මොවුන් පත් වනුයේ අධ්‍යපන සුදුසුම් මත පමණි] යටතට පත්වි ඇත. චන්ද එපා වු ලාංකික ජනතාව එම[ චන්ද නොදමයි ] තිරණය කවදා හෝ ගනු ඇතැයි යන උපකල්පනයෙන්, 2118 සැදු නව ව්‍යවස්තාව තුල "යම් දිනක ලියපදිංවි චන්ද සංඛ්‍යව 10% අඩු වි හා ප්‍රකාශිත චන්ද සංඛ්‍යව 10% ට අඩු වු විට, අ‍ධ්‍යපන සුදුසුකම් සපුරා ඇති ඒ ඒ විශයයට අදාලව සිටින ඉහලම පුද්ගලායට එම අමාත්‍යාංශයේ සියලුම බල තල හිමිවෙයි. තවද රට තුල පවතින එවැනි ධුර සංඛ්‍යව උපරිම 10 ක්ද හා එක් අයකුට එම තනතුරේ වැඩ බැලිය හැක්කේ අවු 2 කට පමණක්ම ‍වෙයි"

නුවර දළදා මාලිගාව විසින් වාර්ශිකව පවත් වනු ලබන ධර්ම දේශනාව මෙවර පවත්වනු ලබන්නේ ඇමරිකනු ජාතික, මල්වතු පාර්ශවයේ මහානායක, බුද්ධරතන හිමිපාණන් විසිනි. ලංකාවාසි හා සියලු ලොවැසි සියලු ජනතාව ධර්මශ්‍රවණය සඳහා තම නිවෙස් වල සිටම පරිගණකය හරහා එකතුවි ඇත. මීට අමතරව 250 ක්වු රෑපවාහණි නාලිකා ද 750 ක් වු ගුවන් විදුලි නාලිකාද මෙම විකාශය සමගාමීව විකාශනය කරයි. නුමත් විශාල පිරිසක් එකතුවි සිටි‍නුයේ අන්තර්ජාලය හරහාය, හේතුව වුකලී සැම බණපදයක් අවසානයේම රැපවහණි හා ගුවන් විදුලියකම අනුග්‍රාක දැන්වමක් පල කිරිමය.

බණදේශනය පවත්වනු ලබන්නේ සිංහලෙන් වුවත් නොතේරෙන තැන් බොහොමයක් ඉංග්‍රීසියෙන් පහදාදෙයි. ප්‍රධාන පරිපාලන නගරය වු සේරැනුවර වීදි සියල්ල හුදී ජන පහන් සංවෙගය උපදින ලෙසට අලංකාරවත් කරඇත්තේ ඉන්දියවෙන් ආනායනයකල උණලියෙන් තැනූ අටපට්ටම වලිනි. මෙවන විට මුලු කොළඔ නගරයම මිනිස් වාසයෙන් තොරය. හේතුව වුකලි ජිවත් විමට ‍නුසුදුසු පාරිසරික තත්වයන් ඇතිවිමයි.

අප්‍රිකාවේ සංචාරයකට එකතු වි සිටි, රඡ්‍යය ආරක්ෂක/විදේස සේවා/ හා අභ්‍යවකාශ ලේකම් "කුදුරැ අප්පුහමිගේ අන්ඩිස් රටපටස්" මහතා මිහින් ඒයාර් ගුවන් යානයකින් පුදුමාතලන් ගුවන් තොටට ගොඩ බැස කි.මි 250 ක් දුරවු නුවර මාලිගවට විනාඩි 45 කින් පැමිණයේ, අප්‍රිකානු ජනපිති පුඡාකිරිමට ලබා දුන් අටපිරිකරද සමගිනි.

මෙදිනට ගෙදර සිට සිල් සමාදන් වන සියලු ජනතාවට දන් පැන් පිලි ගන්වනුයේ රජ්‍යයය අනුග්‍රයෙනි. මෙ සඳහා මෙවර තොරගෙන ඇත්තේ "ටෙම්පල් ට්‍රී කේටරින් සේවාවයි" ලංකවේ ප්‍රධාන ව්‍යපාරිකයන්ද මෙම ධරමදේශනයට සවන් දෙනුයේ ඇමරිකාවට ගොස් සිටින අතරතුර අන්තර්ජලායේ සිටමය. මොවුන් ඇමරිකාවට යාමට ප්‍රධානහේතුව දුප්පතුන්ට දන් තැගිබෝග පිරිනැමීම සඳහාමය.

ටැන්සානි‍යාව විසින් මෙදින ඉපිදි දරැවන් හට තැගී කට්ටල 1000 ක් එවා තබුණත්, සාමාන්‍ය දවසකට දරැඋපත් සංඛ්‍යව 50 ක් වන බැවැන් ඉතිරි වු තැගී එවෙලේම ඔස්ටේලියව බලා පිටත් කරහැරියේය. මෙදින විශෙෂ සිදුවිම වනුයේ ජත්‍යන්තරව පවත්වනු ලැබු සිංහල රවනා තරඟවලියේ ප්‍රතමයාට සහතික පත පිරිනැමීමයි. මෙසඳහා නිර්දේශත නාමයන් අතුරින් තොරගනු ලැබුයේ එංගලන්තයේ 23 හැවිරිදි "ජොන් අහමඩ් හේරත්ය" මෙය වෙසක් උත්සවයේ අවස්න කටයුත්ත ‍ලෙසද සැලකේ.

මතු සබැදිය ............

13 comments:

  1. අප්පටසිරි! පික්සු හැදෙන සඳ බැබලෙයි! :D

    ReplyDelete
  2. අපෙ අප්පේ ආර්තර් සී ක්ලාර්ක් පරාදයිනේ. ඔබතුමාට අපූරු පරිකල්පන ශක්තියක් නෙ තියෙන්නෙ. ඔය කියල තියෙන ඒවයින් කීපයක් නම් කිව්වට කලින් ඇත්තටම වෙයි කියල හිතෙනවා.

    ReplyDelete
  3. @Supun Su / Supun Bu
    ස්තුතියි

    @තරිඳු
    කලින් සිදුවෙන බට මටත් ටිකක් දැනෙනවා

    ReplyDelete
  4. මේ විදියට තමා හිතන්න ඕනෙ. ඔබ වගේ අමුතු විදිහට හිතන අය තමා ලෝතය වෙනස් කරන්නනේ. ඔබට ජය!
    මෙහි ඔබ උපකල්පනය කළ එක් දෙයක් ගැන මාගේ අදහස කියන්න කැමතියි. නිලධාරී මණ්ඩලයක් රට පාලනය කිරීම. ඔබ මෙවැනි උපකල්බනයකට පැමිණීමට හේතුව පැහැදිලියි. මිනිස්සුන්ට ඡන්දය එපා වීම. ඔබ පවසන්නේ එය සිදුවන්නේ 2118 දී පමණ බවයි. අවංකවම ඔබට සිතීම සාධාරනයි. අදවන විටත් ජනතාවට ඡන්ද එපා වෙලා. මේ විදිහට ගියොත් 2118 වෙන එකක් නෑ යාළුවේ.
    එහෙත් ගැටළුව තියෙන්නේ එතන නෙමේ. ඔබ හිනතවාද මහජන නියෝජිතයින්ට වඩා නිලධාරී පාලනයක් යහපත් වේවි කියල. නිලධාරී පාලනයක් ලේසි වෙන එකක් නෑ පුතෝ. නිකන් හිතල බලන්න රජයේ කාර්යාලයකට ගිහින්. නිලධාරී වාදය කොපමණක්ද කියල. එහෙව් නිලධාරීන්ට රට පාලනය කරන්න ලැබුනොත් කොහොම හිටීවිද?

    ReplyDelete
  5. @Rohan
    දන් වෙන ඒව දැකලා හොඳටම පිස්සු

    @මෙමිබර්
    නිලධාරින් පාලනය ඔබ කියන විදිහට නරක වෙන්නත් පුලුවන්.

    ReplyDelete
  6. හික් මොනා උනත් මරු කතාව :D

    ReplyDelete
  7. මට නම් හිතාගන්නත් අමාරුයි! ඇයි මේ හැමදෙනාම බුදුදහමම හාස්‍යයට පත් කරල ජනප්‍රිය වෙන්න බලා ඉන්නෙ කියල...

    මොනා වුනත් මතු සම්බන්ධ නොකරනවාට නම් කමක් නැහැ!!!! කරන්න ඕනෙම නම් බුදුදහම මාතෘකාව අයින් කරල කරොත් හොදා....

    ReplyDelete
  8. මේ ලිපියේ බුදු දහමට අපහාස කරල තියෙන්නෙ කොතනද ?

    ReplyDelete
  9. "ඇයි මේ හැමදෙනාම බුදුදහමම හාස්‍යයට පත් කරල ජනප්‍රිය වෙන්න බලා ඉන්නෙ කියල... "

    ලියලා තියන දෙට වඩා වැඩි යමක් මෙම ලිපිය තුල ලියවිලා අැති බවයි මගෙ හැඟිම. අයිත් කියවලා බලන්න කියලා මත් කියනවා

    ReplyDelete
  10. තරිඳුට:
    අපහාසයක් නෑ!!

    ReplyDelete