Sunday, December 20, 2009

මම මහින්දට

මම මගේ කැමැත්ත මහින්දට දීමට තිරනය ක‍ළෙමි. මෙය මට පුද්ගලික කරනාවක් වවුත් එසේම මම දේශපාලනයට අකමැත් පුද්ගලයෙක් වුවත් මෙය මාගේ වගකීමක් ලෙස සලකා ලියමි.

අ‍වු 30ක කැරැල්ල සියලු දෙනාගේ කැපවිම මත අ‍වු 3 ක් ඇතුලත රටට දිනා දුන් මහින්ද (දූෂණය/ඥාති සංග්‍රහය මම ‍නොදැන ‍නොව) මට වීරයෙකි. එලෙසම මෙම යුද ජය මහින්දගේ ගිනුමට පමණක් ලඝුකිරිමට ද මම හුදු උත්සායක් නොදරමි
.වසර ගනනාවක් යුද්දය සඳහා වැයවු මුදල යුද්දය ඉවරවු නිසා ඥාති සංග්‍රහයට යොදා ගැනීමද මම ගැටලුවක් කර ‍නොගනිමි. හැබැයි මෙසියල්ල තවත් වසර 6 ක් සඳහා පමණි.

අපි රජයට බදු ගෙවමු. මහින්ද වියදමට ගන්‍ ‍‍නෙ එම මුදල්ය. දේශපාලකයන්ට මෙය කදිම සටන් පාටයකි. එහෙත් මෙරට තුල වැඩි ජනගහනයක් ගැමි ජනතාවයි. ඔවුන් මෙසියල්ල දැනගත්තත් ඔවුන්ට මෙවා වැඩක් නැත. උදා මටත් මෙවා වැඩක් නැත. මොකද කොයි පාලකාය අ‍වත් මම වැයකරන මුදල මා වසින්ම සපයා ගත යුතුය(හැබැයි රට කරවන්නන් අපෙන් යැපේ). විදායක ජනාධීපතිකම, මොකක්ද මෙ (යුද්දයට මෙය මහඟු ආයුදයක් විය) ගැමි අපිට මෙය වැඩක් නැත. ඔක තිබුනත් නැතත් සාමන්‍ය මිනසාට එය අදාල ‍නොවේ. (සරත් එක නැති කරනවා කියනවා, දුෂනයත් නැතිකරනවා කෝකද ඉස්සෙල්ල කරන්නේ?)

අපිට වැදගත් බඩුමිල (ඩික්මන් රෝඩි එකේ ඉන්න ඒවා ......‍නෙමෙ). ගමනාගමන පහසුව / සහ අනෙකුත් සාමන්‍ය දේවල්... මධ්‍යය නිදහස (උදා ජාතික රැපවාහණිය )



*නෑයට සලකන එකා, පිට එවුන්ටත සලකයි (උදා- චන්දිකා අනුර )
*77 ඉඳන් දේශපාලනය කරන්නේ අතලෙවකන්න නෙමෙයි - එක දේශපලුවන්ගේ රැකියාව
*සියලුලටම වඩා යුද්දයට නායකත්වය දීම, අනික් සියලුම වැරදි මෙම හොඳ දෙය මත ගැනිය නොහැකි තරමට ඉතා සුලුය


ගනන් ගන්න එපා මට හිතෙන දේ

37 comments:

  1. විධායක ජනාදිපතිකම 17 වෙනි සංශෝධනේ "ගැමි" අපිට බලපාන්නේ නැහැ කියන එක වැරදි මතයක්.ටයිට්ල් එක සීරියස් වුනාට මේවා එදිනෙදා ජීවිතේට ගොඩක් බලපාන අවස්ථා තියනවා.උදා-පොලිසියට එහෙම ගියාම බලාගන්න පුලුවන් පොලිස් කොමිසම නැති එකේ රගේ

    ReplyDelete
  2. මේකට හිනාවෙන්නද අඬන්නද කියලා මට තේරෙන්නේ නෑ. සරතයයි මහින්දයයි උඩ පැන පැන ගැමි ඡන්ද සුප් දාලා බොන්නේ මේ වගේ අමු ගොබ්බයො ඉන්න නිසා වෙන්න ඇති.

    ReplyDelete
  3. If SF won, He'll b there for just 6 months. After that "Weda beri daasa"(Ranil) wil come to power. Oh!
    Then we have to say we had our own SL Culture before Ranil's baila.

    -- Remember that If u vote for SF that is almost equal to vote for Ranil --

    ReplyDelete
  4. Sinhala bloggers Mahindata madagahana thenak welea..blog wala, facebook eke Fonseka ihala giyata gam mattamen mahinda idiriyen..Good post!!!

    ReplyDelete
  5. සටහන් දාපු සියල්ලට ස්තුතියි. නමුත් කවුරැත් හැංගිලා තමයි ඉන්‍ ‍නේ (Anonymous)

    පොලිසියට යාම - මට තාම පොලිසියකට යාමට උවමනා වුයේ නැතැ
    ගැමි ජන්ද සුප් - කාට කාටත් නටන්න‍ වෙන්නේ අපේ සුප් බිලා මිසක් කොළඔ නහරං කාරයන්ගේ බීර බිලා ‍නෙමෙයි

    weda bari daasa - වෙන්නති පුලුවන්

    ReplyDelete
  6. Anonymous-4 - එක ඇත්ත. හැබැයි මතකද? 2004 මහ මැතිවරණයේදි අන්තර්ජාලාය තුල දිනලා තිබු‍නේ හෙළඋරැමය

    ReplyDelete
  7. "සටහන් දාපු සියල්ලට ස්තුතියි. නමුත් කවුරැත් හැංගිලා තමයි ඉන්‍ ‍නේ (Anonymous)"

    ඉතිං තමුන්නැහේ ඉන්නෙත් හැංගිලානෙ :P
    මොකද නුවර පාර කියන්නේ උප්පැන්නේ තියෙන නමද? :D

    ReplyDelete
  8. හැබැම නේන්නමි හි හි

    ReplyDelete
  9. මම ගියා මහින්දගේ දවල් කෑම වේලකට. මම හම්බන්තොට නිසා කෑම පැකට් එකයි. රැපියල් 1000 කුයි ලැබුණා. නරකම නෑ. දවසකට කෑඹ සදහා රැපියල් මිලියන 30 ක් වියදම් කරනවා. අරලිය ගහ මන්දිරය කියන්නේ එයාගේ පුද්ගලික ගෙදර නෙවෙයි. ඒවා රාජ්‍ය දේපල. ඡන්ද වැඩ වලට පරිහරණය කරන්න හොද නෑ. ඒත් මම හිතුවා අපේ ගමේ රාජපක්ෂ මාමාට ඡන්දය දෙනවා කියලා. නමුත් අද මම ගමේ ඉදලා කොළඹ එද්දී දැකපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාල සියල්ලටම පොලිස් මුරකාවල් යොදලා පොලීසිය ඉන්නේ එයාගේ මැතිවරණ ව්‍යාපාරය කරන්න නෙවෙයි. පසුගියදා අපේ අක්කා (සමෘද්ධි නිලධාරිනී) ගියා තාවකාලික හැදුනුම් පත් බෙදීම ගැන තිබුණු රැස්වීමට. එයා ගෙනාපු කොල වගයක් මම කියෙව්වා. ඒකේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට තාවකාලික හදුනුම්පත් සාදා දීමට කටයුතු කරන්න කියලා. මොකක්ද මේකේ තේරැම. ඒ නිසා මම තීරණය කළා මහින්ද රාජපක්ෂ කියන පසුගිය කාලයේ අපේ වීරයා වෙලා හිටපු අපි එයා නිසාම මැතිවරණ කිහිපයකම බුලත් කොලේට කතිරෙ ගහපු මේ පල් හොරාට. නැවත ඡන්දය දෙන්නේ නැහැ කියලා. මම දැන් සරත් පොන්සේකාට ඡන්දය දෙනවා. මම වගේ මහින්දට කඩේ ගියපු දකුණේ කොල්ලන්ට බුද්ධිය පහළ වේවා යැයි පතනවා.

    ReplyDelete
  10. උඔ දකු‍නේ කොල්ලෙක්ද? එහෙනමි කවදාමත් විජතිකයන්ට ගැතිකං කරන රනිල් පාර කපා දෙන්න හවුල් වෙන්න එපා. අනික ඉස්සර උඔ කොළබ අපුවම අමිමා ගෙදර ඉඳන් මග බලාගෙන ඉන්න ඇති අයිත් පුතාව දකින්න පුලුවන් වෙයිද කියලා. එ අහිංසක අමිමාගේ භය නැති කරපු ඒ විරයට ඊලඟ අ‍වු 6 ත් රට කරන්න දෙන්න, මෙ වෙලාවේ කෑම වෙල්/ දුෂනය ගැන හිතන්න එපා.

    සරත් මහත්තයා හොඳ තමයි. එත් වටෙ ඉන්නේ රනිල මංගල (JVP එකත් පැත්තකින් තියමු)

    පොඩියක් හිතන්, මෙ හදන්නේ දිනු දේශය නැවත පාවලා දෙන්න

    ReplyDelete
  11. "මම වගේ මහින්දට කඩේ ගියපු දකුණේ කොල්ලන්ට"

    හොඳ වැඩෙ එක එකා කඩේ ගියට

    ReplyDelete
  12. මට ෆොන්සෙකාට ඡන්දය දෙන්න ත් ආසයි, ආයෙත් හැබැයි බයයි. මොකද? මම සොල්දාදුවෙක් විදිහට දන්නව ඕක ගේ හැටි. තමන්ගෙම රියැදුරාව වාහනේ වලක වැට්ටුවා කියලා මහ කැලේ මැද දාල එන තිරිසනෙක් ඕකා. හොදට කැෂුවල්ටි අඩු කරගන්න තිබුන තැන් වලදී ඔතනින්ම පලයන් යකෝ කියලා කොල්ලෝ මරපු එකා ඕකා. ඒ නිසයි මගේ රටට වෙන දේ ගැන හිතලයි ඡන්දය දෙන්න බය. මම ඡන්දය දෙන්න ආස මොකවත් නෙමේ. මේ ඡන්දය දෙන්න දඟලන එවුන්ම ඕකව එලවගන්න දඟලන හැටි බලන්න. යකුනේ මහින්දට දෙන්න එපා. හැබැයි, මහින්දව එලවලා මෝඩ යකෙක් ගන්නත් එපා.

    ReplyDelete
  13. මමත් හිතන්නෙ මහින්දට ජන්දය දෙන එක හොදයි සරා හොද වෙන්න ඈති නමුත් රනිල් වගේ එකෙක් ළග ඉන්න නිසා භයානකයි තවත් එකක් මිට අවුරැදු 1 ට පෙර අපේ මුලික ප්‍රශ්නය වුයේ යුද්ධයයි මම එදා හිතුවා මෙි යුද්ධය ඉවර කරපු එකා තට අවුරැදු 10-15 ට වත් ජන්දය ඉල්ලුවත් අත උඩින්ම දිනයි කියලා ඒ වුනත් අද මහින්දට වුනත් පිඩනයක් තියෙනවා (සරා ම හින්දා නොවෙයි)අර කලින කියපු මහින්දගේ වැරදි යුද්ධය ජයග්‍රහනය උණුසුමත් මැකි යාමත් සමග මතු විමයි.ආර්ථක විද්‍යාවෙ කියනවා මිනිසුන්​ගේ අවශ්‍යතා හා වුවමනාවන් වර්ධනය වන බව...දැන් යුද්ධය අවසාන විම යන අවශ්‍යතාවය ඉටු පසු අපට තවත් අවශ්‍යතාවයක් පැන නැ​ගේ මෙය ​කෙරවලක් නොමැත

    ReplyDelete
  14. ඔබ ටිකක් කල්පනා කර ඦන්දය භාවිතා කරන්න. මමත් 2004 දි මහින්දට තමයි දුන්නෙ. එ වුනත් එයා අවංක කෙනෙක් නම් එයගෙ ක්‍රියා කලාපය වෙනස් වෙන්න ඔනා ටික දවසකට ඉස්සල්ලා. නමුත් ඔයා හොදට බලන්න. චන්දෙට කලින් ජෙනරල් ගෙ රුපවාහිණි සංවාද හා මහින්ද රාජපක්ෂ ගෙ සංවාද. සිදුවුන සිදුවිම්. සමහර විටකදි ටිකක් අමාරුයි තමන් පිළිගන්න කෙනෙක් වැරදියි කියලා කියන්න. ජෙනරල් ලිඩර් පත්තෙරෙට කියපු දෙ වැරදිනම් ගොඨාබය මහත්තයා එදා අයි. ටි. එන් එකෙත් වහෙන් ඔරො කියපු කතා වැරදියි. දෙශපාලනය මහත්මා විදියට තියන්න ඔනා. දෙශපාලන පසුබිමකින් තොරව සෘජු, දැඩි තිරන ගන්න කෙනෙක් ඔතනට ගැලපෙනවා. මහින්ද එන එන එකාට ඇමතිකම් දිලා විපක්ෂෙ දුර්වල කරන එක ඔනැම කෙනෙකුට කරන්න පුලුවන්. මම නම් හිතන්නෙ නැහැ හමුදා විනයක් තුල හැදුනු වැඩුනු කෙනෙක් තවත් රනිල් වගෙ කෙනෙක් ගෙ ඉත්තෙක් වෙයි කියලා. අනිත් එක සරත් ෆොන්සෙකා යුදහමුදාපති තනතුරට ආවෙ දෙශපාලකයින්ගෙ කකුල් ලෙවකාල නෙමෙ. එයාව යු.න්.පි එකෙනුයි, මහින්දයි ගොඩක් පහලට දාන්න උත්සහා කරා. නමුත් ගොඨාබයගෙ දැඩි ඉල්ලිමකටයි එයා ඉස්සරහට අවෙ.

    මහින්ද මහත්තය දුන්නෙ අත්සන විතරයි. නමුත් සරත් ෆොන්සෙකා මහත්මයා එයාගෙ ලේ,සම් මස්, නහර වලින් කොටසක් කැප කරලා තියනවා. එ වගෙ කෙනෙකුට රජයෙ මාධ්‍ය වලින් කරනදෙ වැරදි කියලා කියන්න තරම් වත් මහින්ද මහත්තයගෙ අවංක කමක් නැති එක ලොකු ලැජ්ජාවක්.

    අනිත් එක හමුදාවෙ කෙනෙක් වැරැද්දක් කරපු හාම එකට දඩුවම් දුන්න හින්ද තමයි සොල්දාදුවො එතරම් නිවැරදිව එ දෙ කලෙ. එ දෙ ම දෙශපාලනයෙදි කරොත් ඉදිරියෙදි ඔය ඉන්න ගොබ්බ, හොරු ටික මකබැවිලා යයි.

    කොහොම උනත් අපි මනුස්සයොනෙ.මහින්ද මහත්තයා තමුන්ගෙ වටිනාකම අඩු කරගන්නවා තව දුරටත් රජයෙ මාධ්‍ය වලට එහෙම කරන්න දුන්නොත්. මොකද මිනිස්සු බහුතරයක් හැගිම්බරයි. පහර කන කෙනා ට අනුකම්පා කරනවා.

    ReplyDelete
  15. රවා .. Macho uba kiyanne 6 months walin owa karanna puluwan kiyalada ? .. after that as u all know, Ranil cant do anything except USA,UN orders.

    - Shamika

    ReplyDelete
  16. මොන දේ උනත් බලයේ හිටපු කාලයේ ජනතාවට කල සේවය ගැන සිතා මම මහින්දට ජන්දය ලබා දේ.. මගේ නෑයෙකුත් ත්‍රස්තවාදී බස් බෝම්බයකින් මියගිය හ.. ත්‍රස්තවාදය රටෙන් අතුගා දමන්නට හැකිවූයේ මහින්දගේ නායකත්වය යටතේය.. ඒ පිළිබඳව හමුදා සොල්දාදුවෝ සාක්ෂි දරයි...

    ReplyDelete
  17. ෙමාකා අාවත් ඒකයි. අපි හැමදාම අසරණයි ෙන්ද

    ReplyDelete
  18. අපි කමක් නැහැ රනියට ගිෙයාත් රටම අසරණයි

    ReplyDelete
  19. රුපියල් 1000කටයි කෑම පැකට් එකකටයි හම්බන්තොට ඉඳන් කොළඹ ආපු එකෙක්ට දේශපාලනේ ගැන හදිසියේ නුවන පහළ වෙලා තියෙන්නෙ කොහොමත් වැඩි හරියක් දේශපාලන පත්වීම් උනු සමෘද්දි කාරයන්ට දුන්නු කොලයක් කියවලා. ඔය පත්වීම් අක්කල ගන්න කොට එහෙමත් හෙව්ව බැලුවද දන්නෙ නෑ ඒව සාදාරනේට දුන්නද, එහෙම නැත්නම් හෙන්චය්යන්ටයි මන්ත්‍රීගෙ ලියුමටයි දුන්නද කියල.

    කන්න ඕනෙ වෙන කොට කබරයත් තලගොයා වෙනව, අඬන්න ඉන්න එකාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ කතා මතක් වෙන්නෙ මේව දකින කොට තමා.

    ReplyDelete
  20. රජයේ සේවකයෙක් විදියට මම දන්නවා ආණ්ඩුවේ හොර මගඩි වැඩ. මේවා නැති කරන්න සරත් එන්නම ඕනි. මහින්ද ආවොත් තව ටික දවසකින් කන්නත් නැතිවෙයි.

    ReplyDelete
  21. මෙතන ලියපු එකෙකුටවත් ත්ර ස්තවාදී ප්රවහාරයක් කියන්නේ මොකක්ද කියල අමතකයි. ඒ උඹල ඒවගේ අත්දැකීමක් ලබල නැති නිසා. (රනිල් වැටෙන්නෙත් ඒ ගොඩට) උඹල බෝම්බයක් පුපුරන සද්දේවත් අහල තියෙනවනම් ජෙනරාල්ටත් (ඔලුව කෙලින් තියන් කාටවත් නැවෙන්නෙ නැතිව) යුද්ධෙ කරන්න හරි විධානය දීපු මහින්දට ඡන්දය දෙයි.

    ReplyDelete
  22. ඒක අැත්ත, මතකද ඒකාලෙ පරසුද්ෙදා මහින්දගෙ කකුල් දෙක ගාවට ගියා. ඒත් මහින්ද නිවැරදි තිරණයක හිටියා

    ReplyDelete
  23. උඹලා බලන්නේ උඹලගේ දේශපාලන මතය ඔලුවෙ තියාගෙන. විවෘත මනසකින් බලන එකෙක්වත් මහින්දයාට ඡන්දෙ දෙන්නෙ නෑ. මහින්දට දීලා කෙලවගන්න එපා.

    ReplyDelete
  24. සරත් ෙහාදයි ඒත් විවෘත මනසින් බලද්දි ෙකානක ඉන්ෙන් රනිල්.

    ReplyDelete
  25. මේ හැම දෙයක්ම කුහකකම නිසා නේද? රනිල් ආපහු බලයට ඒවි!!, ෆොන්සේකා සැරයි!!!, විජාතිකයන්ට ගැතිකම්!!! ඒ වගෙ වචන හරීඊඊ මාරයි නේද?

    හැබැයි අපි එහෙම මාර වචන කියල අපේ හැමදේම හූරගෙන කන කෙනෙකුට චන්දය දෙන එක හරිද?

    අනිත් දේ තමයි, ඒ ගොල්ලො වැඩිපුර හූරගෙන කනකොට, ඔයාගෙ ඉපයීමත් වැඩිකරන්න වෙයි. අන්න ඒ දේ තේරෙන්නෙ නැති කම තමයි අපේ බහුතරයකට වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  26. @Eta Messa
    වෙනමුකුත් නෙමෙ රනිල් රට අයිත් පාවා දෙයි කියලා තමයි මට බය

    ReplyDelete
  27. විජාතික බලවෙගයDecember 21, 2009 at 9:07 PM

    ඔය කොහොම කිවත් රනිල් කියන්නෙ මහින්දට වඩා ගව්ගානක් ඉස්සරහින් ඉන්න ලොව පිලිගත් (ලොකය කියන්නෙ ඉරානෙයි ලිබියාවයි වෙනිසියුලාවයි නෙමේ) රාජ්ය නායකයෙක් 2004 චන්ද්‍රිකා බිබික්කම ආන්ඩුව විසිර්ව්වෙ නැත්නම් මේ රට අදතියෙන තත්වය ගැන සාමන්යෙන් මොලයක් තිබෙන 21% පමන ජනතාවට තෙරෙනව. (+ ලක්ශ 40 ක Uන්ප් කට්ටිය + 80% දෙමල මුස්ලිම් කට්ටිය ) පොඩ්ඩක් හිතන්න රජපක්ශ ආන්ඩුව අව් රුදු දෙකකින් (2006) කවුරුහරි විසිරෙව්ව නම් ඒ වෙනකොට එයා මොනවද කරලා තිබුනෙ, 2006 එයත් සාම සාකච්චා තිය තිය නෙ හිටියෙ.

    ReplyDelete
  28. ලොකය යනු ඇමරිකාව පමණක්ම නොවේ. අනිවර්යෙයන් රනිල් හිටියනම් දන් මෙරට රටවල් දෙකකි. එවගේම පරසුද්දන්ගේ පාරදිසයකි.

    ReplyDelete
  29. රනිල් හිටියානම් අපිට කිසි කරදරයක් නැතුව වීසා අරගෙන තිරිකුණාමලේ යන්න තිබුනා. ඒක මාර ආතල් අත්දැකීමක් වෙයි නේද?

    මහින්දගේ වැරදි තියෙනවා. මම ඒවා නෑ කියන්නේ නෑ. ඒත් හිතන්න. කෙනෙක් කියලා තිබ්බා මහින්ද ආවොත් කන්නවත් නැතිවෙයි කියලා. අච්චර ලොකු ආර්තික අර්බුදයක් තියෙද්දි, ඇමරිකාවේ සුද්දෝ කුණුබක්කි අවුස්සලා කද්දි, අඩුමගානේ සිරස විමර්සනේටවත් පෙන්නුවද "කන්න නැතුව මරණයට පත්විය" කියලා.

    හොරකම් දූසන කොයි ආණ්ඩුවෙත් තියෙනවා. 2001 වෙනකොට හොදට තිබ්බ "සතොස" 2004 වෙනකොට අතුරුදහන් වෙච්ච හැටි මම හිතන්නේ කාටත් මතක ඇති. මේ කරන්නේ උන් හොරකම් කරපු නිසා මුනුත් හොරකම් කරන 1 හොදති කියන 1 නෙමේ. එහෙම හිතන්න එපා. ඒත් ඒ සිදුවීම් ඇතුලේ හිතන්න දෙයක් තියෙනවා.

    ජෙනරල්-සන්ඩේ ලීඩර් හුටපටේ නිසා දැන් රට ගිනි අරගෙන තියෙන්නේ. http://www.divaina.com/2009/12/22/news01.html බලන්න. මේ ගැන එජාප/ජවිපෙ කියන්නේ මොකක්ද?

    මේ දේවල් ඔක්කෝම හිතුවොත් හොදයි නේද ජනවාරි 26 වෙනකොට.

    ජය වේවා.

    ReplyDelete
  30. @ රනා
    2001 වෙනකොට හොදට තිබ්බ "සතොස" 2004 වෙනකොට අතුරුදහන් වෙච්ච හැටි මම හිතන්නේ කාටත් මතක ඇති.

    ඕක අහන්න ඔනේ පැන්න එකෙක්ගෙන් තමයි. සතොස විකුනන්න චන්ද්රිකා ඔක්කොම ලැස්ති ක‍්රලයි තිබ්බේ. එකට එජාප ආණ්ඩුව වගකියන්න ඔනේ නෑ. නැත්තන් ඉතින් 2004දි ජවිපෙට තිබ්බනේ රවීට විරුද්දව නඩු දාලා හිරේ යවන්න. චන්ද‍්රිකා එක ක‍්රන්න දුන්නේ නෑ. මොකද එතකොට හිරේ යන්නේ උන් හින්දා.
    පොඩ්ඩක් හොයලා බලලා කතා ක‍්රන්න. අර විමල් වීරවන්ස වගේ සීගිරිය දකින්නේවත් නැතුව රනිල් සීගිරිය විකුනන්න හදනවා කියලා කැගහන්න එපා. සටන් විරාමය ගැන කියන්න තියෙන්නෙත් එහෙම්මම තමා. සිංහලෙන් නෙමේනේ ලියල තියෙන්නේ ඉතින් අල්ලගෙන කෑගහනවා මොකක්ද තියෙන්නේ කියලා දන්නේ නැතුව.

    ReplyDelete
  31. This comment has been removed by the author.

    ReplyDelete
  32. "සිංහලෙන් නෙමේනේ ලියල තියෙන්නේ"
    ඔක තමයි රනිල්ගෙ නරක පුරැද්ද අපිට ඒකක් පිටරටට ඒකක්.

    ReplyDelete
  33. http://ramachandrageadaviya-ramachandra.blogspot.com


    http://electionjokes.ning.com/profiles/blogs/4627047:BlogPost:251

    ReplyDelete
  34. මා හිතවත් වැප්
    ඔබ තුමා දැමූ කමෙන්ටුව ඉවත් ක‍ර නැවත Anonymous ලෙස කමෙන්ට් ක‍ර තිබ්බාට වැඩක් නැත. මන්ද මා email subscribe ක‍්ර තිබෙන බැවිනි.

    ReplyDelete
  35. This comment has been removed by the author.

    ReplyDelete
  36. මේ කොමෙන්ට් 1 කවුරුවත් බලන්නේ නැති වෙයි. ඒත් කමක් නෑ. කියන්න තියෙන දේ කියන්න එපායැ.

    @මල් මාමා

    මල් මාමා කියන විදියට 2002 සතොස වික්කේ චන්ද්රිකා නම්, වෝටර්ස් එජ් ගනුදෙනුවට නඩු දාපු ආණ්ඩුව ඇයි සතොසට නඩු දැම්මේ නැත්තේ. වෝටර්ස් එජ් දූසිතයි කියලා නඩු තීන්දුව ලැබුනනේ. ඇයි සතොසට එහෙම නොවුනේ?

    මල් මාමේ එතකොට රක්සනේ වික්ක 1 ගැන ඔබ දක්වන අදහස මොකක්ද?

    ජය වේවා...

    ReplyDelete
  37. @රනා

    සතොසට නඩු දාලා රාජපක්ශ මහත්තයාට මොනාද හම්බ වෙන්නේ ? වොටර්ස් එජ් එකට දාපු නඩුවෙන් ඒක ආයිත් ආණ්ඩුවට අයිති උනා. දැන් එකේ ලොක්කා කව්ද ? ඔන්න ඕවා හොයලා බලපුවාම තේරෙයි ඇයි සතොසට නඩු කිව්වේ නැත්තේ කියලා.
    රක්ෂණ සංස්ථාව ගනුදෙනුව නම් ඉතින් සහගහන අප‍රාධයක් ! ලක්ෂ 65500කට විකුනුවට එකේ වටිනාකම ඊට වඩා ගොඩක් වැඩියි.

    ReplyDelete