Wednesday, December 30, 2009

අවාසනාවට ඇත්ත කතාවක් - බස් වල සින්දු

මෙ කියන කතාව බොහොමයක් අදාල වන්නේ බස් වල ගමන් බිමන් යන අපිට තමයි. වාහනයක යන අයටත් මෙ කරදරය සමහර විට ඇති. සමන්‍යයෙන් අපේ රටේ මාර්ග තදබදය වැඩි ප්‍රදාන වෙලාවන් තුනක් තියනවා

උදේ 7 - 9
දවල් 1.30 - 3‍.30
හවස 4.30- 7.30

දවල් වෙලාව ගොඩක් බලපාන්නේ ගුරැවර ගුරැවරියන්ට හා පාසල් යන ළමුන්ට. මං දැන් එ වයස පහු කරලා හින්ඳ දවල් වෙලාව ගැන එච්වර කියන්න දැනුමක් නැහැ. හරි දැන් අපි ප්‍රදාහන මතෘකාවට බහිමු. මෙක තමයි බස්වල යන සින්දු එහෙමත් නැත්නම් අපිට වද දෙන බස් එකේ රේඩියොව හෝ කැසට් එක. උදේට වඩා මෙ ප්‍රශ්නය ගොඩාක් බලපාන්නේ හවසට. බස් කාරයෝ ගොඩක් දාගෙන යන්නේ රන්/රිදම්/ශ්‍රී. මට තේරෙන්නේ නැහැ ඇයි මෙවා දන්නේ කියලා. හවසට බස් වල යන කාටත් මෙක කරදරයක් වෙන්න පුලුවන්. මට එපා කරපු එකක් තමයි ශ්‍රී එකේ 7 ට යන අවාසනාවට ඇත්ත කතාවක්. සමහර වෙලාවට ඇඟේ ලේ වතුර වෙලා යනවා එන කේනතියට. මොනවකරන්නද සල්ලිත් දීලා හිතයටින් බැන බැන එ බස් එකේම යනවා. තව එකක් අමතක උනා හවස සිරසේ යන දාසන්ද/ ටාසන්ද කියලා සින්දු කන වැඩසටහන. ම‍ට හිතෙන්නේ මෙ මොන විකාරද කියලා. සමහර විට සමහරක් අයට මෙවා ලස්සනට ඇහෙනවාද කියලාත් මට හිතෙනවා.

සාමන්‍යයේන මං අහන්නේ නේත එක. එත් උදේට විතරයි මොකද මට ප්‍රවෘති අහන්න ඔනා හන්දා. හවස ගෙදර ආපුවම පරිගනකයේ ඉන්න ගමන් අහන්නේ රන්ගිරි මොකද එකේ ලස්සන පරණ වැඩි සද්ද බද්ද නැති සින්දු යනවා. හැබැයි එකේ රැ 10.30 පස්සේ යන්නේ පිරිත්. ඔක ඉතින්[පිරිත්] සමහර දාට තමයි අහන්නේ.


තව මොඩ වැඩක් තමයි, මෙවා ඇහෙන්නේ බස් එකේ යද්දි, රන් එකේද කොහොද හවස 6.30 විතරය යනවා පාලි හාථා වගයක් මෙක කලවමෙ සිංහල හා පාලියෙන් මාරැවෙන් මාරැවට යනවා. ‍කොහොමද බස් එකක ටැෆික් එකක ඉන්න වෙලාවට මෙවා ඇහුනාම. බුද්ධාගමත් එපා වෙනවා ඇයි මොවට මෙහෙම අගෞරව කරන්නෙ කියලා. එක්කො රෙඩියෝ වල අය දැනගන්න ඔනා නැතිනම් බස් රියදුරැ දැනගන්න ඔනා මෙවා ගැලපෙන්නේ නැහැ කියලා.

ඉස්සර නම් කමක් නැහැ. මොකද එ කෙලේ රේඩියෝ අඩුයි. එහින්දා ඔ‍ක‍්කොටම අහගන්න කියලා දැම්මට. එත් දන් තාක්ශනය දියුණුයි ඔන අයට තමන්ට ඔන දේ පුද්ගලිකව අහගන්න පුලුවන්. එහන්ද මම හිතන්නේ කොපමණ වැදගත් උනත් නොගැලපෙන වෙලාවක දම්මොත් එක නිකාන් වැඩකට නැති දෙයක් වෙලා යනවා.

මම දන්නේ නැහැ ශබ්ද දුෂන පනතේ මෙ කරදරකාරි බස් සින්දු ගැන මොනවහරි ලියවිලා තියනවද කියලා. එහෙම නැතිනම් එවා ඇතිකල යුතුයි. නැත්නම් අපිට මුලු දවසම අවාසනාවට ඇත්ත කතවාක් තමයි.

අද බස් එකේ එද්දි ඇතිවුනු එපාවිමක්

13 comments:

  1. අපෝ...
    "අවාසනාවට ඇත්ත කතාවක්" නං මගේ හතුරෙකුටවත් අහන්න නොලැබේවා ! :D

    ReplyDelete
  2. සති අන්තෙ ගෙදර යනකොට "ඇත්ත කතාවත්" එක්ක පනිනව මලක්

    ReplyDelete
  3. සහතික ඇත්ත. ඔය සමහර හවසට යන ඒවා පිරිත් නෙමේ, හින්දු ශ්ලෝක. ගයාත්‍රී මන්ත්‍රය එහෙම යනවා. දැන් පිරිත් කියන්නෙත් ඇදල පැදල හින්ද දෙකේ වෙනස හොයාගන්න බෑ. අවාසනාවට ඇත්ත කතාව අහන්න වෙන්නෙ ඉතින් අපේ අවාසනාවට තමා.

    ReplyDelete
  4. සිංදුවක් හරි, පිරිත් හරි අහන්න ඕන කෙනා Ipod එක හරි phone එක හරි කනේ ගහගෙන ඉන්නේ..
    මොන එහෙකටද බස් වල සින්දු දාගෙන යන්නේ? මට නම් හිතෙන්නේ ඩ්‍රයිවරයාටයි, කොන්දාටයි තමයි සිංදු ඕනේවෙලා තියෙන්නේ?

    මට නම් එපා වෙන්නේ, ටිකට් ඕනේ කොහේටද කියලා කෑගහන්න උනාම..
    නොදෝකින් මේවා නම්...

    ReplyDelete
  5. මේ පිළිබඳ නීති අපේ රටේ ස්ථාපිත කළ යුතුයි කියා මම හිතනවා. විශේෂයෙන්ම අධික ශබ්දය ගැන.

    ගුවන්විදුලි වැඩසටහන් වල ගුණාත්මක භාවය ගැන නම් නීති මගින් කරන්න පුළුවන් කටයුතු සීමා සහිතයි. ඔය අවාසනාවට ඇත්ත කතා බස් රියැදුරන්ට රස වෑහෙන කතා වුණාට අපට නං ඇහෙනකොටත් අප්පිරියයි. ඒක තමයි අවාසනාවන්තම ඇත්ත කතාව. :D

    ReplyDelete
  6. @ඉන්දරේ
    සහතික ඇත්ත

    @බියුට් ෆුල් ඔෆ් ශී ලංකා
    මෙටත් ඔකම තමයි


    @තරිඳු
    එක තමයි දැන දැන් පිරිත දාන එකත් තරඟයක් වෙලා. තරඟයේ පුතිථට විඳිනන් වෙලා තියෙන්නේ අපිට


    @පිස්සා
    එක් ඇත්ත අපිට ඔන දෙයක් දැන් පුද්ගලිකව අහගෙන යන්න පුලුවන්. බස් කොන් හා රියැදුරැ මෙවයින් ලබන විනදනය තෙරැම් ගන්න අපිට අමාරැයි

    @ශකුන්තල
    අනිව ශබ්ද දුෂණය පිළබඳ නිති ඇතකල යුතුයි.


    මට ඔය ඊඑපි එකේ වැඩ කරන එකෙක් කිව්වා, උන් කරපු සාමීක්ෂනයකින් හොයා ගත්තලු. ගම් වල මිනිස්සු හවසට [බිඩියක් ගහගෙන] මෙවා අහනවා කියලා. මම දන්නනෙ නැහැ මකෙ ඇත්තක්ද කියලා.

    ReplyDelete
  7. අපේ අවාසනාවට ඇහෙන කරුම කථා...

    ReplyDelete
  8. නීතියක් තියෙනවාලු බස් එෙක් එක්ෙකනෙක් හරි විරුද්ධනම් බස් එෙක් ෙර්ඩිෙයා් එක දාන්න බෑ කියලා. ලංකාෙව් නීති තිෙයන්ෙන ෙපාත් වලට සීමා ෙවලා නිසා එ්ෙකනුත් වැඩක් ෙවන්නෙ නෑ. අනික කවුද ඔ්වට කතා කරන්නෙ?. කතා කරලා චාටර් ෙවනවට වඩා කට වහගෙන යන එක දාහෙන් සම්පතක්. මගීන් කීපදෙෙනක්වත් එකතු ෙවනවා නම් ෙර්ඩිෙයා් එක නවත්තන එක සුලු ෙදයක්. ෙමාකද එතකොට බස් රියදුරු , ෙකාන්ෙදාස්තර අයියලා සද්ද දාන් නැති නිසා. සමහර මගීනුත් බස් එෙක් ර්ඩිෙයා් එක නවත්තන කියන අයට බනින්න ඉදිරිපත් ෙවනවා මම දැකලා තිෙයනවා.
    ෙර්ඩිෙයා් නාලිකා වලින් ෙදන තෑගි මුදල් (කප්පම්) ගන්න තමයි දැන් ෙගාඩක් බස් වල ෙර්ඩිෙයා් එක දාෙගන යන්නෙ.

    ReplyDelete
  9. @මාරයාගේ හොරාව
    ලබා උපන් හැටි තමයි ඉතින් ඔය

    @රොෂාන් හේරත්
    රැ1000 කට තමයි මුන් අපේ මුලු දවසම කාලා දන්නනේ. අනික රෙඩියො කාරයෝ සල්ලි දෙන්නේ බදුල්ලේ මුන් අපට බ‍ලෙන් අස්සවන්නේ ගාල්ලේ

    ReplyDelete
  10. සමහර වෙලාවට වෙන්නෙ මහ හයියෙන් දාගෙන ගියාම අපි කැමති ලස්සන සින්දුත් එපා වෙන එක.

    ReplyDelete
  11. @තමීර
    එක් ඇත්ත. එත් දැන් එවාගේ පරණ ලස්සන සිනුදුත් නෙමෙයි වැඩිපුර යන්නේ. වචන වලට වඩා කොත්තු දාන සද්දේ තමයි වැඩිපුර

    ReplyDelete
  12. මටත් අප්පිරිය කරපු දෙයක් තමයි ඕක.මම ගාල්ල කොළඹ ගමනට කෝච්චිය තෝරගන්න එක හේතුවක් තමයි ඔය. මට සාමාන්‍යයෙන් සද්දෙට ගෝසාව වගේ මොන සිංදුව මොකක් උනත් අහන් ඉන්න බෑ. බස් එකේ මහා සද්දෙට මොකක් හරි කුණුහර්පයක් දැම්මාම ඉතින් පැය 3 1/2 ක් විතර අහන් ඉඳපන්කො. බහිනකොට ඔළුවත් කකියනවා. ඊට වඩා දාහෙන් සම්පතයි කෝච්චියේ ඔය මොන කරදරයක් වත් නෑ. බස් එකේ වගේ තෙරපෙන්න ඕනෙත් නෑ බස් එකට වඩා පැයකට විතර කලින් යන්නත් පුලුවන්.

    ReplyDelete
  13. @සුසිත
    එක ඇත්ත මෙක අපිට වඩා බලපාන්නේ දුරගමන් යන අයට. මොනව කරනනද.... සද්ද නොකර අහගෙන යනවා ඇරෙන්න

    ReplyDelete