Thursday, February 4, 2010

සම තැන හොයන්න ගිහින් හිමි තැනත් නැති කරගත් අපේ ගැණු

මෙරට බෝකර ගිය කලුසුද්න්ගේ අර්යාවන් වු කලු සුද්දියන් නිසා, මෙරට සාමන්‍ය කාන්තාවට දැන් හිමි තැනත් නැති වී ඇත. බටහිරින් එන ඔනෑම දෙයක් දොහොත් මුදුන් දි පිළිගන්නා මේ කලුසුද්දියෝ එලෙස තම හිසු මුදිනින් අරගෙන් ඇති සංකල්පයක් වනුයේ කාන්තා නිදහසයි.

බටහිර තිබුණු වහල් ක්‍රමය හා මෙහි තුබු වැඩවසම් ක්‍රමය හාත්පසින්ම වෙනස් වන තැන් බොහොමයක් ඇත. බටහිරයන් ගේ සමාජ රටාව තුල කාන්තාවට නිදහසක් නොතිබුණි. එම නිසා ඔවුන් නිදහස ගැන සොයා බැලුවා මෙන්ම එය ලබා ගැනීමට බොහෝ උත්සාහ දැරීය. නමුත් මෙරට කාන්තාවට එසේ අමුතුවෙන් නිදහසක් සෙවිමට අවැසි වුයේ නැත. මන්ද යත් බුදු දහමින් පොෂණය ලද අප සමාජ තුල කාන්තාවට හිමි නිදහස ලැබී තිබුණි.එය කවුරැත් දිමට ඔනැ වුනේ නැත. නමුත් කොළඹ නෝනලා නිදහස ලෙස අර්ත ගැන්විමට යනුයේ, සුලු වැරද්දකටත් තම සැමියාව දික්කසාද කිරීමයි. නැතිනම් සමාජ ශාල වලට යෑම හා අඩියක් පුඩියක් ගැසීමට ඇති අයිතියයි. ගෙදර වලං පොළවේ ගහන සංස්කෘතියයි.

නමුත් මෙරට සාමන්‍ය කාන්තාවන්ට ඔය කියන්නා වු නිදහස අවැසි නැතැයි ඔවුන්ම කියයි. ඔවුන් අවැසි වනුයේ හිමි තැන පමණි. කොළඹ නෝනලාගේ මේ මෘර්ග වැඩ නිසා දැන් කාන්තා සමාජය බොහෝ අපහසු තාවයට පත් වි ඇත. එක් උදාහරණයක් නම්, බසයේ ගමන් කරන කාන්තාවට අද අසුන් දීමට පිරිමි පාර්ෂවය ඉදිරිපත් නොවෙයි. නමුත් සම තැන ඉල්ලු කොළඹ නෝනලා තමුන්ගේ වාහනයක ගමන් බිමන් යනුයේ ඩොලර් වලිනි.


ඔනැම දෙයක් බදාගන්නට යන හින්ද තමයි ඔක වෙන්නේ ....

ලංකාව බහු {ජාතික, සංස්කෘතික, ආගමික} රටක්ද?

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි ඉතිහාසයක උරැමකම් කියන ලාංකික අප, මහින්ද හිමිගේ ආගමනයත් සමග බුදුදහමින් පෝෂණය ලැබ, අභීත ජාතියක් ලෙස ලොව ඉස්මතුව යුග ගනනාවයක් පසු කල බව මෙරට යතාර්තයක් වු සත්‍යයයකි. එහෙව් ජාතියක් පෝෂණය කල බුදු දහම වසර ගනනාවක් පුරා මෙරට වැසියාගේ සිතුම් පැතුම් නව මංපෙත් කරා ඉතා අවිහිංසාවෙන් ඉදිරියට ගෙන යන ලදී. අතීතයේ ධර්ම දිපය ලෙස විරැදාවලිය ලද මගේ මව් බිමේ වාසය කරන වැසියා, අන්‍යය මත ඉවසීමේ මහත් වු පුහුණුවක් ලද ජාතියකි. රජවරැ කිහිප දෙනෙක්ම රටම බුද්ධශාසනය පිදු අවස්තා කිහිපයක් සිහිකරනුයේ අසීමිත භක්ති ආදරයකිනි.

ථේරවාදි රටක් ලෙස ලොව සුපතල මගේ මව් බිම බහු ආගමික රටක් වන්නේ කෙසේද? සත්‍යය ලෙසම මෙරට බෞද්ධ,හින්දු,කතෝලික,ක්‍රිස්තියානි හා මුස්ලිම් දහම විශ්වාස කරන පුරවැසියන් ජිවත් වෙයි. ඒ අතින් ගත් කල මගේ මව් බිමේ බහුවිද දහම් ඇත. රටට හතුරැකම් කරන බටහිරට ගැති නරැමයන්, අපේ මව් බිම, බහු ආගමික රටක් වශයෙන් හැදින්විමට යන්නේ එම අර්තයෙන් නොව. හුදෙක් ලොව තුල ඇති අපරටට හිමි ථේරවිදි බෞද්ධ රටක් යන නාමය නැති කරීමටය. එලෙසම මෙරට බෞද්ධන්ට ඓයිතිහාසික උරැමයක් මෙරට තුල නැති බව එත්තු ගැන්වීමටය. ඉතිහාසයේ කිසි දිනක බෞද්ධන් ආගමේ නාමයෙන් අන්‍ය ආගම් වලට ගැරැහීම් කර නැත. මන්ද යත් මනා හික්මීමක් හා අන්මතට ඇහුම් කම් දිමේ හා චාම් දිවිපෙවතක් ගත කල වැසියා සියල්ලම සලකා බැලුවේ අන්තගමි නොවන ලෙස බැවිනි.

1815 සිට විවිධ වු කූට විදි මගින් මෙරට බුදු දහම ඇති තැන හා බෞද්ධයාට හිමි තැන නැති කිරිමට බොහෝ උත්සාහයන් දරා ඇත. නමුත් වසර ගනනාවක්ම බුදු දහමින් පන්නරය ලැබු මගේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් වලින් බුදු දහමේ වටිනා ගුණාංග ඉවත් කීරිමට නොහැකි විය. එනිසාම අප රට ලෝකය තුල හුදකලා කීරිමට බටහිරයන් මෙන්ම මෙරට කලු සද්දෝද විවිධ න්‍යයන් හා උපාය විදි අනුගමනය කරයි. එයින් එකක් ලෙස බහු යන වචනය අර්ත ගන්වා සමාජගතකීරිමට උත්සාහා දරයි. ආගමට , සංස්කෘතියට හා ජාතියට බහු දමා අපිව ගොනාට ඇන්දවීමට යයි. එක කකුලක් මෙරට හා තව එකක් බටහිරට තබාගෙන සිටින කලුසුද්දනට බහු යනු මෙය මල් දමකි. අන්තිමට උන්ට වනුයේ බුහ්ක් බුහ්ක් ගෑමට පමණි. එන්ජ්ඕ කාරයින්ගේ ඩොලර් වලට කෑදරකමින් අපේ රටට හිමි තැන නැති කීරිමට දරන මෙම උත්සාහට අද ඊයේ පටන් ගත් එකක් නොව. විවද වු කාල වකවානු වල නොයෙකුත් ලෙස මෙරටට කෙලසීමට විවිධ වු උපාය විදි වලින් අසාර්තක වු මේ බටහිර ගැත්තෝ දැන් දැන් වෙනත් ක්‍රම අත්හදා බලයි.

මෙරට තුල පවතින සහයෝගීත්ව නැති කිරිමට දරන උත්සාහයන් ලත් තැනම ලොප් කල යුතුමය. මෙරට සිටින කිසිම පුද්ගලයෙකුට තම ආගම ජාතිය හෝ සංස්කෘතිය නිසාම කිසිදු අසාදරණයක් සිදුවි නොමැත. සියල්ලටම තියෙන්නේ සමාන වු ගැටලුම මෙන්ම සමාන වු අයිතීන්ය. මෙරට තුල අයිතිය වෙසෙන සියුලු ජාතීන්ට මෙන්ම හෑම ආගමිකයුකුටම අයිතියක් ඇත. එම නිසා මෙරට ජාතිය හා සංස්කෘතිය පෝෂණය කර අනාගතයට බාර දීම අප සැමගේ යුතු කමකි. එලෙසම විවිධංගීකරණය තුල සත්‍ය ඉස්මතු වෙයි.

පසුව ලියමි
උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/2010/02/blog-post.html හා http://manojcola.blogspot.com/2008/10/blog-post_23.html බහු යන්න හා සම්බන්ද ලිපියක් ලියා ඇත. එයත් බලන්න

බහු යන්න වෙනසම විදිහට දැක්ක පුලස්තිගෙ සටහන මෙසේ සටහන් කර ඇත http://pulasthigetheeruwa.blogspot.com/2010/02/blog-post.html

මහා පරාක්‍රමබාහු රජ සමය 1153-1186 පාණ්ඩ්‍ය රට ආක්‍රමණය

පරාන්තක රජු 907-955 යටතේ අධිරාජ්‍ය තත්වයකට ගමන ඇරඹු චෝළ රාජ්‍යය, පරකුම් රජු මෙරට රජ්‍ය විචාලන අවදියතෙක්ම ප්‍රබලව පැවතුනද, එහි බලය ක්‍රමයෙන් බිද වැටෙමින් තිබුණි. වර්ෂ 1150-1176 යන කාලවකවානු හෙවත් මහා පැරකුම[1153-1186] රජ්‍යය විචාලන අතර කාලය තුල චෝළ රට රජු වුයේ දෙවන රාජරාජ රජුය. කේරලය හා ලංකාව එක්ව තම පොදු සතුරා වු චෝළයන්ට එරෙහිව දියත් වුයේ පැරකුම් රජු මෙරට පාලනයට වසර 80 කට පමණ පෙර සිටමය. එහෙයින් ලංකා රජ්‍යයට දැඩි බලපෑමක් චොලයන්ගෙන් පැරකුම් රජ සමයේ ඇති නොවිනි. මෙඅතර කාලයේදි පාණ්ඩ්‍ය රටතුල රජ උරැමය පිළිබද ගැටලු පැන නගිනුයේ වසර 1166 දී පමණය.

සිංහල රාජ්‍යය විදේස්[ පාණ්ඩ්‍ය රට ] රටක රජ්‍ය ගැටලුවක් හා සම්බන්ද විම
පාණ්ඩ්‍ය රටේ සිහසුනට උරැම කම් කියු, කුලශේඛර නමැති කුමරෙක්, එකල පාණ්ඩ්‍ය රට රජ කල පරාක්‍රම රජුට මධුරා රාජධාණියේදි පහර දුන්නේය. මෙවිට පාණ්ඩ්‍ය රට රජු හෙවත් පරාක්‍රම රජු, සිංහල රජ්‍යයයෙන් උදව් ඉල්ලා සිටියේය. නමුත් කුලශේඛර කුමරැ චෝළ රටේන උදව් ඉල්ලා සිටියේය. පැරණි අරගල නැවුම් කරමින් පාණ්ඩ්‍ය රට රජ්‍ය ගැටලුව, අවසානයේ චෝළ හා සිංහල රට ගැටුමක් බවට පත් විය. මෙම ගැටුම් අතරින් නැවත පාණ්ඩ්‍ය බලය ඉස්මතු විණි.

සිංහල රජ්‍යය, ලංකාපුරයෙන් සේනාංක යෑවිමට පෙර, පාණ්ඩයයේ තත්වය වෙනස් විය. එනම් කුලශේකර කුමරැ, පරාක්‍රම රජු හා අඹුදරැවන් මැරෑ බව ආරංචි විමයි. මහා පැරකුම් රජුගේ තීරණය වුයේ කුලශේඛර රජු සිහසුනෙන් නෙරපා, නැවත වරක් පරාක්‍රම පරපුරට අයත් කුමරකු සිහසුනට පත්කිරිමයි. එම නිසා යෑවිමට සිටි සේනාංකයේ අරමුණ ලෙස පැරකුම් රජුගේ තිරණය බලගැන්වින.

පාණ්ඩ්‍යය රට ආක්‍රමණය
පැරකුම් රජුගේ නියෝගය පරදි, සිංහල සේනවා, නැව් නැගී විසිහතර පැයක් තුල මුහුදෙන් එගොඩ වී, පාණ්ඩ්‍ය හමුදා වල ප්‍රබල විරෝධතා මධ්‍යයයේ තලඩිල්ලයට ගොඩ බටහ. මෙ අයුරින් පාණ්ඩ්‍ය රට ආක්‍රමණය කල සිංහල සේනාංක, පරාක්‍රම රජුගේ කනිටු පුත් වීරපණ්ඩු නැමැති කුමරැ රජ්‍යයත්වයට පත් කරනු ලැබුයේ, සිංහල රට රජුගේ අශිර්වාදය මතිනි.

උපුටා ගැනීම් "ලංකා ඉතිහාසය" 1971
ලංකා විශ්ව විද්‍යාලය

යද්ධයේ තොරතුරැ හා සිංහල සේනාංකයේ සෙන්පතිට වු ඉරණම ඉදිරි ලිපියකින්

මේ පාරත් අලියට මල්වට්ටියට අත ගහන්න බැරි උනා

අනේ මෙහමත් කාලකන්ණි රැලක්. ජවිපේ කියන ගොන් සේනාංකයේ පාර්ලිමේන්තු ආසන රැකලා දේන්න, එජාපයේ නායකයෝ 62 වෙනි නිදහස් දිනය වර්ජනය කරනවා. මතකද ගියපාර යුද්දේටවත් හරි හැටි උදව්වක් නොකරපු එජාපයට ඒ අගනා අවස්තාවත් මග හැරැනා. අද අපේ රටේ නිදහස සමරන දවස, [නුවර පාර නම් එච්චර සතුටු නැහැ මෙ නිදහස අපිට අරන් දුන්නු අය කියන කතා වලට] කරැමෙක මහත රනිල්ට එකටවත් එකතු වෙන්න බැහැ. බොරැවට හේතු දක්වනවා. එත් කමක් නැහැ බහුතරයක් ජනතාව ඉන්නවා.


වැදගත් දෙයක් තමයි ඔය ජවිපේ ලිංමැඩියො කරන දෙයින් වෙන, "මෙපාර වගේම ලබන මහ මැතිවරණයේත් බුල්ත කොලයට කතිරය ගහපු අය, අයිත් උනන්දුවනෙම් ගිහින් එකටම කතිරේ ගහනවා". මොකද මෙපාර ඔවුන් ගහපු කතිරය දුෂීතයි කියලා මෙ හරක් රැල කියන හින්ද.. ඔකේ පාඩුවත් අයිත් ඉතින් පොදු විපක්ෂයටම තමයි. එහින්ද කරැනා කරලා තියන චන්ද ටිකවත් රැක ගන්න බලන්න. නැත්නම් දෙවෙනි වරටත් මිනිස්සු ඔය හොර නඩේ ගියපාරටත් වැඩා වැඩියෙන් විසික්කරලා දායි.

වසර ගනනාවකට පස්සේ රටේම ජනතාව එක්ව සමරන අපේ 62 වෙනි නිදහස වර්ජනය කරන්න තරම් තියන කාරනවා මැතිවරණය දුෂිතයි කියන එක. ඔක හරියට පොඩි ළමයි කරන වැඩක් වගේ, එත් මොනවා කරන්නද? ජවිපේ හින්ද රනිල්ට බැහැ කියන්න බැරැව ඇති.

එජාපයේ පාක්ෂිකයිනි, මෙපාරත් උඔලාට අලිය නැතිවෙන්නයි යින්නේ, එහෙම උනොත් ජවිපේ මෝඩ රැල තමයි වැඩි පාර්ලිමෙන්තු ආසන ගනනකට වග කියන්නේ, මොකද දැන් එජාපයේ අය අහන්නේ අනුර/විජිත කියන දේ, මන්ද ඔවුන් ඉදිරි පත් කරනු තාර්කිකයි හා ආකර්ෂනියයි. නමුත් තිස්ස කියන කතා අහගෙන ඉන්නවත් පුලුවන්ද? අර හොදට කතා කරපු දායසිරියත් දැන් පැත්තකට දාලා... ඔන් අලියො තොපිට වෙලා තියන දේ... දැන් ඉතින් පොඩ්ඩක් හිතට තට්ටු කරාලා බලන්න පපුවෙන් සීනු හඩක් එනවා නේද? .... දන්නේම නැතුව උඔලා සීනුකාරයෝ වෙලා ...

බලමු මහ මැතිවරණයේදි ජෙප්පන්ට වෙන දේ?

Wednesday, February 3, 2010

මෙහෙම නායකයෝ අපිට හිටියද?

English



"එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ වෙනත් කිසිදු රටකට ශ‍්‍රී ලංකාව තුළ කිසිදු පරීක්‍ෂණයක් පැවැත්වීමට ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් තමා කිසිසේත්ම ඉඩ නොදෙන බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි"

බලන්න ඉහත විඩියෝව, හිතන්න අපි දුන්නු චන්ද ලක්ෂ 60 ට නව ගැම්මක් එකතු කරලා. මෙහෙම නායකයො තමයි අපිට ඔනා. ඒත අර ගොන් ලිංමැඩි ජවපේ හින්දා මෙරටේ මිනිස්සන්ව ආයිත් මරණය කරා අරගෙන යන්න හදනවා.

Sinahala



හංසයාට මොකද වෙන්නේ කියලා, බලන්න පුලුවන් ලබන මහ මැතිවරණයේදි ..

Tuesday, February 2, 2010

හංසයාට මොකද උනේ?

ආයිත් දේශපාලනයට ආවා..............

2010 ජනපතිවරණය කැදවන විටත් ජවිපේ තමුන්ගේ චන්ද පදනම ගැන දැනගෙන හිටියා. මොකද 2009 මුලු අවුරැද්දේම පළාත් චන්ද තිබුණා. එහින්දා එවායන් යම් කිසි පුරෝකතණයක් කරන්න පුලුවන් මහමැතිවරණයකදි මොකද වෙන්න පුලුවන් කියලා. ඒ අනුව ජවිපේ තක්සේරැව ගොඩක් අඩුයි. ඒ අනුව ඔවුන්ට අඩුම තරමේ පාර්ලිමෙන්තු ආසන 5 ක් වත් එන්නේ නැහැ. ඒ වෙනවිට මහින්දත් එක්ක ජනතාව එක්වෙලා හිටියා. අය වැය සහ අනිකුත් විරැද්ධ විම් එක්ක හා ජනිසේ හිදිමත් එක්ක, ජවිපේට ආයිත් මහින්ද ලගට යන්න බැරි උනා. ඔන්න ඔය කාරණවා ජවිපේ ඇතුලේ කතා වෙන්න පටන් ගත්තා. ඔකට පිළිතුර තමයි. එජාපයත් එක්ක එකතු වෙන එක. රනිල්ටත් වෙන කරන්න දෙයක් නැහැ සහ සරත් කියනනේ ජනතාව පිළිගත්ත යුධ නායකයෙක්. එහින්දා එජාපේ ජවිපේ එකට ගැටගැහුණා. තව කටිටියත් ඔකටම එකතු උනා.

සරත්ගේ ආගමනයත් එක්ක, එජාපයට අලුත් නායකත්වයක් ලැබුණා. බිම් මට්ටමේ එජාපයේ පාක්ෂිකයන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති උනා. අලුත් නායකයෙක්/ජවිපෙත් ඉන්නවා/ අනික යුධ්දයටත් උදව් උනා වෙනවා. පහළ සාමාජිකයෝ ජයපැන් බොන්න බලාගේන අමුතු උද්යොගයකින් රැලි වලට සහබාගී උනා. ඒ එක්කම එම ජන රැලි හරිම පිළිවෙලයි මොකද ජවිපේ ඉන්නවා. එක දැකපුවහම පහළ සාමජිකයෝ හිතුවා හරි දැන් අපි දිනුම් කියලා. ඔකම තමයි සරත් හිතුවේ, හැබැයි ජවිපේ මේක දන්නවා. මොකද ඔවුන්ට පුරැදුයි ජනතාවගේ හිසිරිම අදුනගන්න. එහින්ද මුල ඉදලාම අපි දිනම් කිය කිය ජවිපේ කැගැහුව්ව. එජාප පාක්ෂියොත් හරියට සතුටු උනා. මොකද අවු 14 කට පසුව එජාප ආණ්ඩුවක්.

එත් මහින්දට ජන්දය දෙන කට්ටිය බොහොම නිශ්බ්දව හිටියා. මොකද සරත් දිනන්න ඉඩකුත් තියනවා, මොකද රටට මවලා දුනනේ එවගේ සිතුවමක්. ඒ එක්කම සරත් කියන්නේ සේන්පතියෙක්. ඔහු දින්නොත් මහින්දට වැඩ කරපු අයට කෙල වෙනවා. සද්ද නැතුව 26 වෙන කල් හිටුපු මහිනගේ ජන්ද දායකයෝ උදේනම ගිහින් ජන්දය දැම්ම. මෙක දැකපු සරත් හිතුවා මෙ කට්ටිය රොක් වෙන්නේ විශ්වාසනිය වෙනසකට කියලා. මොකද මිනිස්සු එහෙම උනන්දුවෙන් චන්ද දෙනනේ අලුත් කෙනෙක්ට හින්දා. එත් උනේ වෙන දෙයක් ඔක්කොම බුලත් කොළයට තමයි කතිරේ ගැහැව්වේ. ඔකම තමයි පාළාත් පාලන මැතිවරණ වල උනේ, වෙනස තියෙන්නේ එවා පොඩ්ඩක් ඇල් මැරණු ජන්ද..

දැන් මහ මැතිවරණය එනවා, සරත් හා ජවිපේ හංසයගෙන්, එජාපය අලියගෙන්, දැන් මොකද කරන්නේ 2010 ජනපතිවරණයට චන්දය දුන්නු එජාපයේ කට්ටිය. අහන්න දෙයක් නැහැ ඒ ඔක්කොම එජාපයේ අය ආයිත් අලියට චන්දය දෙනවා. ජවිපේට හෙවත් හංසයාට ලක්ෂ 2කට අඩු චන්ද ගානක් තමයි එන්නේ. එදාටත් සරත් කියයි එහෙම වෙන්න බැහැ අපිට සෙනග ආවා. මම තමයි ජනතාවගේ අගමැති කියලා. මොකද සරත්ව අන්දවන්නේ ජවිපේ කට්ටියනේ. එදාට ඔය සරත්/අනුර/විජිත කියයි. එජාපයේ අයයි, සන්දානේ අයයි දෙගොල්ලොම හොරැ කියලා.


එක අතකින් රනිල් කියන්නේ මහත්මා ගති තියෙන මනුස්සයෙක් [මොකද මෙයා බටහිරට ගැතියිනේ/හැබැයි රට පාවලා දුන්නා] . එත් සරත් පාරදයි කියලා පිළිඅරගත්තා. හැබැයි රනිල් දිනමු,මොකද ආයත් විපක්ෂ නායක. මෙ මැතිවරණයෙන් බලන්න පුලුවන් ඇත්තටම ජනපතිවරණය හොර එකක්ද කියලා. එදාට 2010 මහමැතිවරණය දුෂිත වෙන්නේ හංසයාට විතරයි. මොකද චන්ද ලක්ෂ 2 ක්වත් එන්නො නැහැ.

ජවිපේ පැත්තට සටහන් දාන්න කවුරැත් නැතිවෙයි. මොකද එයාලා තම ලිංමැඩි ජිවිතයක් තමයි ගෙවන්නේ. එයලාට අන්ත්ජාලය තහනම්. මොකද ජේප්පො අන්තර්ජාලයට පුරැදු උනේත් පක්ෂයේ ඉන්නේ නැහැ. මොකද විජතගේ නිවුස් විතරක නෙමෙයිනේ ජාලයේ තියේන්නේ....

බලමු ජෙප්පන්ට මෙ පාර කෙලවෙලා යන හැටි...

ලොකු විශ්වාසයක් තියනවා. එකම එක ජෙප්පෙක්වත් සිංහල බ්ලොග් ලියන්නේ නැහැ.... ලිව්වත් උ දුන්නේත් මහින්දට ....

Monday, February 1, 2010

දේශපාලනය හා මහා සංඝයා

සමාවෙන්න ඔනා, ආයිත් දේශපාලනයට ආවට. මෙවා ඉතින් නොලිය ඉන්න බැරි එවා. ලිව්වෙ නැත්නම් එක වැරැද්දක් වෙනවා. ඈත අතීත රජ දවස ඉදන් රජුන් පත් කීරම හා රජයට බලැපෑම් කිරිමෙ හැකියවාක් තබුනේ හාමුදුරැවරන්ට. ඔකේන් හාමුදරැවරැ අයුතු වැඩ ගත්තේ නැහැ. එ හින්දා මහජනතාවත් එවා අනුමත කලා. හැබැයි හාමුදුරවො උන්ත වැරදි පාරක ගියානම් රටවැසියා එව්වා අනුමත කලේ නැහැ.

මුලින්ම මිනිස්සුන්ට මතක හිටින විදිහට, පර්ලිමෙන්තුවට පත්වෙලා එන්නේ, බද්දේගම සමිත හාමුදුරැවෝ. එක් තමයි මුල්ම වැරදි පුර්වාදර්ශය. මොකද උන් වාහන්සේ පත්වෙලා අවේ, ජනතා පරමධිපත්‍යය කියන පාර්ලිමෙන්තුවට. 2004 මහ මැතිවරණය. එම මැතිවරණය පවත්වන්නේ බොදු ජනතාව ඉමහත් ශෝකත්තාප වෙලා ඉන්නකොට, එහෙම නැත්නම් අති පුජනීය ගංගොඩවිල සෝම හමුදුරැවන්ගේ අපවත් විමත් එක්ක.

එයින් බොදු ජනතාව මහත්වු භිතියකට පත් වුන. එහින්දා එවකට ජනසමාජයේ පිළිගැනිමට ලක්වු හාමුදුරැවරැ එක්වොලා, මුලික කාරනා දෙකකට මහ චන්දයට ඉදිරිපත් වුනා. එම මුලික කාරනා නම්,

1.සෝම හිමි අපවත්විම සොයා බැලිමට කොමිසමක්
2.අන්‍යආගමිකරනයට පනතක්
3.ධර්ම රාජ්‍යයක්

මැතිවරණයනේ පස්සේ, හාමුදුරැවරැ කිහිපනමක් පාර්ලිමෙන්තුවට වැඩම කලා. එත් කොමිස ඇරෙන්න වෙන එකක්වත් සාර්ත වුනේ නැහැ. එයින දෙවනි එක නුවර පාර එපමණ වැඩක් ඇති දෙයක් ලෙස සලන්නේ නැහැ. එත් මිනිස්සු රවට්ටලා හරවනවා නම් වැරදියි. එ කිව්වේ දුප්පත් මිනිස්සුන්ගේ දුරවල කම් මුවාවෙන් ආගම මාරැකරනවනම්. එත් ඉතින් එහෙම හැරෙන අය තොත්ත බබාලා නෙමෙයිනේ. දුප්පත් කම් නැති කරන එක රජයේ වගකීමක්. එහිනද් මිනිස්සුව නීති දාලා ඔවා නවත්වන්න බැහැ.

ධර්ම රාජ්‍ය සංකල්පය. ඔක ඉතින් මෙකපේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහින්ද එගැන වැඩි දුර කතා කරලා වැඩක් නැහැ. ඔය මුලික හැදින්වීම කලේ 2010දිත් මහ චන්දයක් එන හින්ද. මොකද එදා යම් කිසි සාදාරණ හේතුවක් තිබුණත් හාමුදුරැවරැන්ට දේශපාලනයට කෙලින්ම එන්න. අද එහෙම ඔනා නැහැ. කොහෙමත් එදා හෙළ උරැමයට චන්දය දුනනේ ටිකක් විතර නාගරික, හා වැඩි පුර අන්තර්ජාලය බාවිත කරන කට්ටිය. එහින්දා අන්තර් ජාලයත් එකක්, හෙළඋරැමයේ නායකයෝ වැඩ කටයුතු කරනවා. එහින්ද ඔවන්ට තමයි මෙ ලිපිය ලියන්නේ. එහෙම හෙළ උරැමයට පක්ෂ කවුරැ හරි මෙ ලිපිය දැක්කෝ ඔවුනට මෙ ගැන දන්වන්න. මොකද මෙපාර හාමුදුරැවරැ දේශපාලනයෙන් ඉවත් විය යුතුයි.

විශේෂයෙන්ම ගිය පාර හාමුදුරැවරන්ට තිබුණ ගරැත්වය නැතිකරගත්තා. දැන් පොඩ්ඩක් විතර හරි ඉතුරැවෙලා තියනවානම් මෙපාර එ ටිකත් නැතිවෙලා යනවා. හාමුදුරැවරැ අර්තයෙන් ධර්මයෙන් පමණක් රාජ්‍යයට උදව් කලාහම ඇති. තව දෙයක් මුලු පාර්ලිමෙන්තුව හමුදුරැවරැ ආවොත් මොකද වෙන්නනේ ඔය දේම අනික් ආගම් වලටත් බෝ උනොත්, අන්තිමට මිනිස්සු කරන එවා හාමුදුරැවරැ කරනවා, නිවන් මග කියා දෙන එක සාමන්‍යය මිනිස්සු කරනවා.

දැන ගන්න තිබෙන ආරංචි වල හැටියට මෙපාරත් හාමුදුරැවරැ චන්දයට එනවා, දැනට තියන තොරතුරැ ඇනුව ගම්පහට රතන හාමුදරැවෝ එන්නයි හදන්නේ, කොළඹටත් එයි. ඉතා ඔනැකමින් කියනවා බොදු ජනතාවගේ සිවුරට තියන ගරැත්වය පාවිච්චි කරලා ආයත් පාර්ලිමෙන්තු වඩින්න එපා කියලා.

හිතන විදිහට උන්වහන්සේලා එන්න ගොඩාක් දුරට ඉඩ තියනවා. පොඩි දෙයක් හාමුදරැවරැන්ට අපාහාස වන විදිහට කමෙන්ටු දාන්න එපා. මොකද පින් පව් කියලා දෙයක් තියෙන්න පුලුවන්. අනික අපාහස නොකර යම් දෙයක් කියන් පුලුවන්...