Thursday, February 4, 2010

සම තැන හොයන්න ගිහින් හිමි තැනත් නැති කරගත් අපේ ගැණු

මෙරට බෝකර ගිය කලුසුද්න්ගේ අර්යාවන් වු කලු සුද්දියන් නිසා, මෙරට සාමන්‍ය කාන්තාවට දැන් හිමි තැනත් නැති වී ඇත. බටහිරින් එන ඔනෑම දෙයක් දොහොත් මුදුන් දි පිළිගන්නා මේ කලුසුද්දියෝ එලෙස තම හිසු මුදිනින් අරගෙන් ඇති සංකල්පයක් වනුයේ කාන්තා නිදහසයි.

බටහිර තිබුණු වහල් ක්‍රමය හා මෙහි තුබු වැඩවසම් ක්‍රමය හාත්පසින්ම වෙනස් වන තැන් බොහොමයක් ඇත. බටහිරයන් ගේ සමාජ රටාව තුල කාන්තාවට නිදහසක් නොතිබුණි. එම නිසා ඔවුන් නිදහස ගැන සොයා බැලුවා මෙන්ම එය ලබා ගැනීමට බොහෝ උත්සාහ දැරීය. නමුත් මෙරට කාන්තාවට එසේ අමුතුවෙන් නිදහසක් සෙවිමට අවැසි වුයේ නැත. මන්ද යත් බුදු දහමින් පොෂණය ලද අප සමාජ තුල කාන්තාවට හිමි නිදහස ලැබී තිබුණි.එය කවුරැත් දිමට ඔනැ වුනේ නැත. නමුත් කොළඹ නෝනලා නිදහස ලෙස අර්ත ගැන්විමට යනුයේ, සුලු වැරද්දකටත් තම සැමියාව දික්කසාද කිරීමයි. නැතිනම් සමාජ ශාල වලට යෑම හා අඩියක් පුඩියක් ගැසීමට ඇති අයිතියයි. ගෙදර වලං පොළවේ ගහන සංස්කෘතියයි.

නමුත් මෙරට සාමන්‍ය කාන්තාවන්ට ඔය කියන්නා වු නිදහස අවැසි නැතැයි ඔවුන්ම කියයි. ඔවුන් අවැසි වනුයේ හිමි තැන පමණි. කොළඹ නෝනලාගේ මේ මෘර්ග වැඩ නිසා දැන් කාන්තා සමාජය බොහෝ අපහසු තාවයට පත් වි ඇත. එක් උදාහරණයක් නම්, බසයේ ගමන් කරන කාන්තාවට අද අසුන් දීමට පිරිමි පාර්ෂවය ඉදිරිපත් නොවෙයි. නමුත් සම තැන ඉල්ලු කොළඹ නෝනලා තමුන්ගේ වාහනයක ගමන් බිමන් යනුයේ ඩොලර් වලිනි.


ඔනැම දෙයක් බදාගන්නට යන හින්ද තමයි ඔක වෙන්නේ ....

25 comments:

  1. කාන්තාවට ලබාදිය යුත්තේ සමතැන නොවේ, ඔවුන්ට හිමිතැන. අම්මා යන උතුම්ම පදවියෙන් පිදුම් ලබන කාන්තාවට ඔවුන්ට හිමි ගෞරවයයි ලබා දිය යුතු.

    "බුදු දහමින් පොෂණය ලද අප සමාජ තුල කාන්තාවට හිමි නිදහස ලැබී තිබුණි" කියන දේ විවාදාත්මක කාරණයක්. බුදු දහමේ ඇත්තටම කාන්තාවට ඔය සමතැන් ලැබිල තියෙනවද කියන කාරණය ගැන පෝස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා.

    ඔබේ මතවාද එක්ක සම්පූර්ණයෙන් එකඟ නොවුනත් අනිවාර්යෙන් කියවනවා.

    ReplyDelete
  2. @තරිදු
    ස්තුතියි. එකග නොවන තැන් පෙන්වා දෙන්න. එලෙසම ඔබගේ අදහස් ඇති ලිප ඔබගේ බ්ලොග්ය තුලට ඇතුලත් කරන්න. එකම කාරනාව ගැන විවිද අදහස් තියන විට මට උනත් ආයිත් මගේ මතවාදය සලකා බලන්න පුලුවන්


    බුදු දහමෙත් දි ඇත්තේත් හිමි තැන මිසක් සම තැන නොවන බව කියමි. සමහර විට මෙය ඔබට වැරදි ලියවෙන්න ඇතැයි සිතමි

    ReplyDelete
  3. ඔව්. සමාවෙන්න ඒක හිමි තැන් කියල වෙනස් වෙන්න ඕනෙ.

    ReplyDelete
  4. මෙහේ ගෑනියෙක් එහෙම මේ උඹ ලියපු එක දැක්කා නම්, උඹේ හොම්බ කට සමතලා වෙනවා ශුවර්... ආයි දෙකක් නෑ..
    හෙ හේ..

    ReplyDelete
  5. සමාජ රටාව‍,සංස්කෘතිය ගොඩනැගෙන්නේ ආර්ථිකය පදනම කරගෙන එහි උපරි ව්‍යුහහය ලෙසයි.ඔබ බටහිරයන් ගේ සමාජ රටාව ලෙස විවෙචනය කරන්නේ ධනවාදී ආර්ථික ක්‍රම‍යේ පදනම මත ගොඩනැගෙන සංස්කෘතියේ සමාජ රටාවයි.මිනිසුන් සිත‍න පතන විදිය,හිස දරන මතවාද ද ගොඩනැගෙන්නේ පවුලේ ආර්ථික පසුබමට සා‍පේක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂවයි.උදාහරණයක‍ට ඔබ දරණ මතවාද තාර්කිකව කරුණු පෙන්වා දී ඔබේ හිසින් වෙනස් කළ නොහැක ඒ සඳහා කුරුඳුවත්තේ රනිල් වික්‍රමසිංහ වැනි පවුලක නැවත ඉපදී හැදී වැඩිය යුතුය.එසේ වූවානම් ඔබ සිතන්නේ ඔබ දැන් සිතන විදියට නොවේ. බෝධි සත්වයන් ඉපදීමට පෙර පස්මහ බැලුම් බැලුවේ නිකම් නොවේ.

    ReplyDelete
  6. නුවර පාර අපෙ දෙශපාලන අදහස් එකට නොගියට මෙතනදිනම් මම ඔයත් එක්ක... නියම පිරිමි කෙනෙක් ගැහැනු කෙනෙකුට සලකන හැටි දන්නවා, එක ස්භාවධර්මයෙන්ම එයාට කියලා දිලා තියනවා. ආගමක් ඔනා එක වඩාත් අර්ථවත් කරන්න. ගැහැනුන්ට ඉල්ලන්න දෙයක් නැහැ, ගොඩක් තැන් වල එක හම්බවෙනවා. ගැහැනු අදින,පළදින විදිය, කතා බහා කරන විදිය මෙ හැම දෙකටම එයාලට එ දෙවල් නියමෙට කිරලා මැනලා හම්බවෙන්නවා. බස් එකකදි උනත් කොතනකදි උනත් සංවර බව රැකගෙන කාතා කරන, අදින පළඳින අයට එ හිමිවිය යුතු ගෞරවය, ආදරය නිකම්ම ලැබෙනවා. ඔය එ විමුකතිය ඉල්ලන්නෙ, එ එ ධර්මයන්ගෙන් පිට ගිහින් නන්නත්තාර උනු ගැහැනු ටිකක් එකතු වෙලා. තමුන්ගෙ සැමියට හරියට සලකන්න දන්නෙ නැති සල්ලි තියන ගැහැනු ටික එකතු වෙලා මෙ කරන විනාශය ගැන කතා කෙරුවට මගෙ ස්තුතිය....

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. "බුදු දහමින් පෝශණය වුනු අපේ ඉතිහාසයේ" කාන්තාවන්ට සලකපු ආකාරය යස අගේට මාටින් වික්‍රමසිංහ (බටහිරින් එන ඔනෑම දෙයක් දොහොත් මුදුන් දි පිළිගන්නා කලු සුද්දා? දේශදෝහියා? පරගැතියා?) දීර්ගව ලියලා තියනවා. හැබැයී අපේ ජාතියට ආදරය කරන මගේ රටේ කට්ටිය දුන්න උන්දැගේ කන්දේගේ ඇගිලි ගහන්න ඒ දවස්වල. බලන්න එපෑය අපූරුව. පරණ සිලුමණ පත්තර හොයාගන්න අමාරුනම් මාටින්ගේ අටුවා පොත් ටික කියෙව්වානම් ඔය පරගැති කතා ටික ඔක්කෝම හොයා ගන්න පුලුවන්.

    මෙරට කාන්තාවන්ට නිදහසක් අවශ්‍ය වන්නේ නැතැයී කාරනයට මම ඉත සිතින් එකගය. අපේ කාන්තාවන්ට නිදහස ඕනෑ නැත. ඉල්ලුවේත් නැත. ඕනෑ දරුමල්ලන්ගේ බඩ පිරවීමටය. දඟ දාන්නේ එකටය. හිසට ඉහලින් නිවසක් තනාගැනීමට නැත්තම් නිවාස ණය ගෙවා ඉවර කිරීමටය. මාසේ අන්තිම දවස් කීපය ගත කිරීමටය. කඩේට ණය ගෙවීමටය.

    මැද පෙරදිග ගොහිල්ලා බැල මෙහෙවර කොරලා, තේවත්තේ වැඩ කොරලා, ගාමන්ට් ෆැක්ටරියේ දඟ දාලා උන්දෙලා කරන්නේ නිදහස ඉල්ලීම නොවෙයී, රටේ ආර්තියකයේ විශාලම කොටස උපයා දීමය. උන්දෙලා ඒවා කලේ නැත්තම් බුදු දහමින් පෝශණය වුනු අපිට කන්න වෙන්නේ පස් තමයී. ගෑනුට හිමි තැත කුමක්දෑයී වාගේ බුදුන්වත් නොකියූ ආගමික කාරනා විබාග කරනවා වෙනුවට අපිටත් අනුන්ගේ වලන් හෝදන්න වෙයී.

    ඉතිහාසයෙ කාන්තාවන්ට සලකපු ආකාරය මට මේ සතියේ ලියන්න සිදුවුනු තුන්වෙනි අවස්තාව මෙයයී. (මේ වෙන තැනක කොමෙන්ට් එකකින් බලා ලිවීමයී.) //නුවර යුගයේ කතාවක , ගැබිනි මවක් දරකැඩීමට බැද්දට ගිය විට අපූරු පලතුරු ගොඩක් එකතු කර ගන්නට ලැබෙයී. පලතුරු ටිකත් අඩලාගෙන ගෙදර එන අතරදී උන්දෑට විලි බර ඇතිවී ගැහැනු දරුවෙකූ ප්‍රසූත කරයී. පලතුරුත් සමග දරුවාත් අරගෙන ගෙදර එන්න බැරි නිසා, ගැනු දරුවා කැලයේ දමා පලතුරු ගෙදර ගෙනෙයී. එකගෙයී කෑමට අඩු කාන්තාවන් ප්‍රතිශතයකුත්, වැඩි පිරිමි ප්‍රතිශතයකුත් තබා ගත්තේ ගැහැනු දරු සිගිත්තන් ගලේ ගසා හෝ ගගේ ගිල්ලවා මරා දැමීමෙනි. අපි කාන්තාවට සැලකුවේ ඔය ආකාරයටය. මා මේ කියන්නේ ආවාට ගියාට අහුලගත් ඉතිහාසයේ කවි නොවෙයී, වාර්තාගත නඩු තීන්දුය. සුද්දත් සමග එකතු වී අච්චාරු දැමු මද්දුම බන්ඩාරගේ අප්පා පලවෙනි පාරට දරුවන් මැරීම තහනම් කීරීමේ නීතී ගෙන ආවේය. එක ගෙයී කෑම වැලලී ගියේ එලෙසය. දරුවන් මැරීම නැවතුනේ එලෙසය.//

    බින්න බැහැපු එකා හුලු අත්තකුයි තල් අත්තකුයි තියාගෙන හිටියේ ගෑනි පල කීවිටක බැහැලා යන්නය. දීග දීපු තමගේ දුවලා වෙනුවෙන් ගෙයක් ඉඩක් තබා තිබීම ඒ කාලෙ අප්පලාගේ සිරිත වූවයී කියන්නේ, උන්දෙලා ඕනෑම වෙලාවක මිනිහා දමලා ආවහම ඉන්න තැනක් ඕනෑ නිසාය. ඒහෙම උනාට දැන් කොලඹ නෝනලා දික්කසාද වෙන්න අයීතිය ඉල්ල්ලා දගලනවාය. තමාට හිමි තැන දන්නේ නැත.

    අඩු කුලයේ මිනිහෙකු කාන්තාවක්වකට අතවර කරෝතින්, දඩුවම දුන්නේ කාන්තාවටය. ඒ සාප්‍රදායීකව නෑහුරේ ඉදිරිපිටදී සහෝදරයා විසින් නංගිගේ/අක්කාගේ බෙල කපා මරා දෑමීමෙනි. පරපුරේ ගව්රවය රැක ගත්තේ එලෙසය.

    දාතූන් වහසේ හිසේ තබාගෙන යාමට කාන්තාවන්ට අයීතියක් නැත. එය සරිය. දලදා මාලිගාවේ සබාවට ඇතුලත් වීමට කාන්තාවන්ට අයීතිය ඇතත්, චන්දය ප්‍රකාශ කිරීමට හිමි නැත. එයත් සරිය. නමුත් දලදාව හිසමුදුනේ නොවෙයී, කොන්ඩේ ගහගෙන ගෙනාවේ ගෑහැනියකී. මම හිතන්නේ අපේ සංස්කෘතිය ගැන තබ සතේකටවත් ඇල්මක් නැති කොලඹ ගැහැනියක් කියාය. බෝදියේ උඩමලුව ගැන කතාවත් එසේමය.

    තමාගේ නිවසේ නැවතින වැදගත් ආගන්තුකයන්ට තමාගේ හමිනේ නැත්තම් දෝනියැන්දාත් එක්ක නිදිවදින්නයැයී පිරිමියා කිවිට ගැහැනුන් ඒ වෙනුවෙන් ලක ලෑස්ති වී සිටිය යුතුවිය.

    සියලුම ආකාරයේ බිලි දීම සමාන්‍ය වුනත් තරුන කාන්තාවන් බිලි දීම යහමින්ම ඒ කාලයේ සිදුවිය.

    ඔව්. අපේ කාන්තාවට තියන ලොකුම පුරස්නය බස් එකේ අසුනක් නැති කමයී. මොකෝ බටහිර රටවල වගේ අපේ රටේ පිරිමි ජැක් ගහන එකක්යැ.

    ReplyDelete
  9. I for one find it odd that in traditional Sri Lankan parties, the guys drink by themselves and the wives hang around in a corner gossiping. My girlfriend and I find this very awkward because she drinks more than I do.

    ReplyDelete
  10. ගැහැනියට විතරක් නෙවෙයි පිරිමියටත් නිසි තැන තමයි අපේ සමාජයේ තිබුනෙ. මව්, පිය, දරු, වැඩිහිටි, භික්ෂු යන සියළු දෙනාටම නිසි තැන දීම ඒ සමාජ ක්‍රමයේ ලකුණක්. යුතුකම් සහ වගකීම් ඒ "නිසි" තැන් සමඟ බැඳී පවතිනවා.

    බටහිර සම්ප්‍රදාය අනුව ළමයින්ටත් සම තැන ලැබෙනවා. ළමයෙක්ට පාරක් ගැහුවොත් අම්මල තාත්තලට ජම්බු තමයි!

    මං මේ බටහිර ක්‍රමය නරකයි, අපේ ක්‍රමය හොඳයි කියනවා නෙවෙයි. එහෙම නිරපේක්ශ හොඳ නරක ක්‍රම නැහැ. අපේ ක්‍රමේ අපි හිතන පතන ආකාරයට ගැලපෙනවා. එයාලගේ ක්‍රමේ එයාල හිතන පතන අකාරයට ගැලපෙනවා. අපේ සංස්කෘතිය අනුව හිතන කෙනෙක් ට බටහිර ක්‍රමේ වැරදි පේනව වගේම බටහිර සංස්කෘතිය අනුව හිතන කෙනෙක්ට පේන්නෙම අපේ ක්‍රමේ වැ‍රැදි.

    හැමෙ දේම වෙනස් වෙන නිසා, පෙර තිබුනු සම්ප්‍රදායන් එහෙමම ඉදිරියට ගෙනියන්න උවමනාවක් නැහැ. "නිසි" තැනත් සන්ස්කෘතියත් එක්ක වෙනස් වෙනවා.

    ReplyDelete
  11. @ Sam

    Ela tokak...

    Kandy Road wage bahubootha "fake buddhist" kenekuta denna oni ohoma uttara.

    ReplyDelete
  12. "ඔව්. අපේ කාන්තාවට තියන ලොකුම පුරස්නය බස් එකේ අසුනක් නැති කමයී. මොකෝ බටහිර රටවල වගේ අපේ රටේ පිරිමි ජැක් ගහන එකක්යැ."

    Jack gasannange pai kapana lesa Maha Raju niyoga kala wagai...

    ReplyDelete
  13. ~ජැක් එකක් ගහන්න හරි උස කෙනෙක් නෑ ඒක නිසා මම නම් ට්‍රයි කරන්නෙත් නෑ

    ReplyDelete
  14. ම‍ම‍ තෙ‍රේ‍න‍ වි‍දි‍හ‍ට‍ ත‍ම‍න්‍ට‍ ස‍ම‍ තැ‍න්‍ ඉ‍ල්‍ල‍ලා‍ ගේ‍ම‍ ඉ‍ල්‍ල‍න‍ව‍ට‍ ව‍ඩා‍ එ‍හෙ‍ම‍ එ‍ක‍ක්‍ ඕ‍නෙ‍ න‍ම්‍ ඒ‍ ස‍ද‍හා‍ ක‍ර‍න්‍න‍ ඕ‍න‍ දේ‍ව‍ල්‍ ක‍ලා‍ න‍ම්‍ ත‍මා‍ හො‍ද‍..(ක‍ර‍න්‍න‍ ඕ‍න‍ දේ‍ව‍ල්‍ කි‍ය‍ලා‍ අ‍ද‍හ‍ස්‍ ක‍ලේ‍ ගේ‍ම‍ ඉ‍ල්‍ල‍න‍ එ‍ක‍ නෙ‍මේ‍). හැ‍බැයි‍ ප්‍ර‍ශ්‍න‍ය‍ ස‍ම‍ වෙ‍න්‍න‍ පුළුවන්ද‍ කි‍ය‍න‍ එ‍ක‍. එ‍හෙ‍ම‍ උ‍නා‍න‍ම්‍ අ‍ද‍ මේ‍ ති‍යෙ‍න‍ සංස්කෘතිය ගො‍ඩා‍ක්‍ වෙ‍න‍ස්‍ වෙ‍යි‍. ත‍ව‍ දෙ‍ය‍ක්‍ ති‍යෙ‍න‍වා‍ kandy.... අ‍ද‍ ම‍ට‍ තේ‍රෙ‍න‍ වි‍දි‍හ‍ට‍ bus එ‍ක‍ක‍ seat එ‍ක‍ක්‍ දෙ‍න්‍න‍ ඉ‍දි‍රි‍ප‍ත්‍ වෙ‍න්නෙ ගැ‍හැ‍නු‍ අ‍ය‍ට‍ ව‍ඩා‍ පි‍රි‍මි‍ අ‍ය‍. මො‍ක‍ද‍ කියන්නෙ ??

    ReplyDelete
  15. මම පෞද්ගලිකව ලබපු අත්දැකීම් කිහිපයක් කියන්නම්.
    මගේ පෙම්වතිය දවසක් මා එනතුරු පිටකොටුවේ රැදී සිටියා.ඒ රැදී හිටපු විනාඩි 10ට ඇයට ඇයව පහුකරපු පිරිමි කියුව කතා ගැන අහද්දි දැනෙන්නෙ මාර ජුගුප්සාවක්.
    ඇය අද විශ්ව විද්‍යාලයට යන විට පාර අසබඩ ගරාජයක සිටි පිරිමින් වගයක් ගලකින් දමා ගසා තිබෙනවා.
    ඒ ගරාජය පසුකරන සැම විටම නොසරුප් කතා හා කුනුහරුප අනිවාර්යයක් බව ඇය කීවා
    මේ එක තරුනියකගේ කතාව විතරයි
    කාන්තාවට ආත්ම ගෞරවයක් සහිතව පාරේ බැහැල යන්න බැරි නොදියුනු රටක් මේක.
    ඔයාල නිසි තැනක් ගැන බයිලා ගහන්නෙ ඒ වගේ පසුබිමක් මත

    ReplyDelete
  16. @sam
    මම කතාකලේ 1815 කලින් ඉතිහාසය ගැන. ඉන්පසුව තියෙන්නේ බටහිර බලපෑම මත වුනු සිද්දීන්

    ReplyDelete
  17. අපි ජැක් ගහන්න පටන්ගත්තෙ බටහිර ගුණදර්ම බෞධ්දයැයී කියලා කරේ දාගත්තාට පස්සෙ බව හැබෑව. (ජැක් ගැසීම ලංකාවට සහ ඉන්දියාවේ බොහෝම සුලු ප්‍රදේශ කීපයටක ආවේනික චර්යාවක් බව දන්නවාද) හැබැයී ඉතින් කිලියැයී කියලා බල්ලන්නේ නැතිව කාන්තාවට ආසනේ දෙන්න පුරුදු වුනෙන්ත් බටහිර අභාශයම නිසා තමයී. අනිකුත් උදාහරන ඔක්කෝම අටසිය පහලොවටත් ඉස්සරහට වලංගුයි.

    ReplyDelete
  18. Sirasa Randepaye tele -drama walinuth karanne ganunge me heena manaya alavi karala salli hamba karaganna eka. Mewwa balana ganu gewalwala viplava karanna gihilla dikkasada wenawa,,, Maharajala salli walin thara wenawa

    ReplyDelete
  19. යම් කාන්තාවක්(අයෙකු) සංවරව තම සිත, කය, වචනය මෙහෙය වනවා නම්, එම කාන්තාවට(අයට) යහපතක් මිස අයහාපතක් කිසි කළෙක සිදු නොවනු ඇත. මෙය ධර්ම කරුනක් නොව ස්භාදහම විසින් ඇතිකරන ලද නියමයකි

    ReplyDelete
  20. @anonymous

    එහෙනම් රහත් වෙච්ච මෙහෙණින් වහන්සේලාත් අපචාර වලට ලක්වුණේ කොහොමද දන්නෙ නෑ නේද ? සමහර විට රහත් උනත් ඒ අයගේ සිත, කය වචනය සංවර නැතුව ඇති

    ReplyDelete
  21. එක නේන්නම් නිර්නාමික. කොහෝද සිරස බලන උන්දෙලාට ඕවා තේරෙනවැයැ. ඔය පහුගියෙ දෝහේ අපේ ගෙවල් පහල කිරිදත්වත් හැලිලා නැති දැරිවියක් හිතකය සංවරව තියාගන්නෙ නැතිව ඉදල අපචාරයකට ලක්වුනානේ. මයේ යාලුවෙක් "අනෙ අම්මේ ඇයී අම්මාට මෙහෙම උනේ කියලා" අම්මාගේ මිනිය බදාගෙන ඇඩුවානේ, අර මහා බැංකු බෝම්බෙට අහුවුනු වෙලේ. කෝල් එකක් දීලා කියන්න ඕනි, උබේ පුරස්නෙට උත්තරේ, ඕහේගෙ අම්මාගේ හිතකය සංවරව නොතිබුනු එකයී කියලා.

    ReplyDelete
  22. @ Sam said...

    තව ටිකක් එකතු කිරීමට ඇත

    පිරිමයා ගැහුණුන් 10 දෙනෙක් එක්ක නිදාගෙන ආවත් නා ගෙන ගෙට ආකල එය හරිය

    නමුත් ගැහිනියක් කොල්ලෙක් සමග කතා කල පමණින් ඇය වල්ය

    කොල්ලෙක් සිගරට් එකක් බීම අඩියක් ගැසීම කොලු කමය

    එතකොට ගැහිනියක් එසේ කීරිම වල් කම වන්නේ කෙසෙද ?

    ReplyDelete
  23. @ත‍රිඳු
    ඔබ පළමුවෙන්ම ප්‍රකාශ කර ඇති අදහසයි , "සැමියා බිරිඳගේ දෙවියා වේ" වැනි ප්‍රකාශයකුත් අතර වැඩි වෙනසක් මා දකින්නේ නෑ.

    වැඩි විස්තර
    http://xboylk.blogspot.com/

    ReplyDelete
  24. "කොල්ලෙක් සිගරට් එකක් බීම අඩියක් ගැසීම කොලු කමය
    එතකොට ගැහිනියක් එසේ කීරිම වල් කම වන්නේ කෙසෙද ? "

    සාමාන්‍යය පිරිමියෙක් අඩියක් ගැහුවොත් එය සාමන්‍යය දෙයකි. නමුත් හාමුදුරුවො නමක් අඩියක් ගැහුවොත් එය වල් කමකි.

    ඒ වගේ තමයි ඉතින්. දානේ වැලඳීමයි අඩි ගැසීමයි දෙකම කරන්න බෑ. දෙකෙන් එකක් තෝර ගන්න වෙනවා.

    ReplyDelete