Sunday, February 14, 2010

ටිල්වින් ඉකි ගසයි .... ඉදිරියක් නැති හැඩයි ...

මහ මැතිවරණයට නාම යෝජනා දීමට තව දින කිහිපයක් ඇත. සියලු දේශපාලන පක්ෂ ලහි ලහියේ එයට සුදානම් වෙයි. සන්දානයට ජයග්‍රාහිලීලාවෙන් එයට පෙරමුණ ගත්හ. එජාපයටද අනිවර්යය චන්ද ලක්ෂ 41 ක් ඇති නිසා ඔවුන්ද ලබන සතිය තුල ශක්තිමත් පෙරමුණක් ඉදිරිපත් කිරිමට යයි. දැන් යන එනමං නැත්තේ ජවිපේටය. ප්‍රවෘත්ති සාකඡ්චා ඉකි ගසමින් ඉදිරිපත් කරයි. අද 2010/02/14 තිබු මධ්‍ය හමුවට ටිල්වින් අඩමින් අදහස් දක්වයි. ඒ අසල සිටි ලාල් කාන්ත හෙවත් පිංගුත්තරයා ලේන්සුව දික් කරයි.

ටිල්විය ඉකි ගසමින් කියන්නේ, අපි සිනුවෙන් නොඑන බවත් සරත් ප්‍රමුඛව පැමිණෙන බවත්ය. එජාපය කිසිලෙසකින්වත් අලිය අත් නොහරී. මෙවන් තත්වයක් තුල ජවිපේට හංසයා හෝ හාවා හෝ රජා අලිය ඉතුරුව ඇත. නමුත් හංසයා දීමට රවි කැමති නැත. හාවා අල්ලා ගැනීමත් ඉතා අමාරුව්නේන ජවිපේ දන් ඉබ්බෙකුගේ ගානට වැට් ඇති නිසාය. රජා අලිය අල්ලන්නටත් බැරිය මන්ද උ යන්නේ අඩින්ද මුන් යන්නේ අඩි කිහිපයක් පොළව යටින් වීමත්ය.

මෙතුවක් කල් ජවිපේ ගන්නා පැත්ත දිනන බව හෙවත් තුන් වෙනි බලවේගය වු ජවිපේ දැන් කිසිදු බලවේගයක් නොමැතිව වැලපෙමින් සිටියි. ඉතින් අපි කුමක් කරන්නද? කුම්බලා මාලු කෑවන් නම් වලදාපන් බලලෝ. ඉදිරි මහ මැතිවරණයේදි ජවිපෙට ඇති චන්ද පදනම මොනවට පැහැදිලි වනු ඇත. සරත් එක් කරගත හොත් යන්තම් ආසන 5 ද ඔහු නොමැතිව එක් ආසනයකට හිමිකම් කීමට හැකි වනු ඇත.

දැන් කිසිසේත්ම ජවිපේට තරුණ පදනමක් නැත. එය ඔවුන්ට බලවත් පහරකි. දැන් තරුණයින් ඔවුන්ගේ රතු කතාවලට නොරැවටෙයි. මන්ද දැන් ඔවුන් තොරතුරැවලින් සන්නද්ධ තරුණ පෙළකි. ඉදිරියක් නැති රතු සීනුවට කුමක් වෙයිද?

ශක්තිමත් විපක්ෂයක් අවැසි වුවත් එවන් තත්වයක් පේනතෙක් මානයකවත් නැත. කෙසේ වෙතත් ශක්තිමත් විපක්ෂයක උවමනාව මෙරටට අත්‍යවශ්‍ය කරුනකි. එසදහා දැන් ජවිපෙට කැඩි ගොස් අසනයක් ලබා ගත නොහැකි වන චන්ද ප්‍රමාණය නැවත එජාපය තුලම රදවා ගැනීම එජාපයට හිතවත් සියලු බ්ලොග් කරුවන්ගේ යුතුකමකි. එමෙන්ම ඔවුන් සරත් උඩ තයාගෙන ගිය ගමන අලියාගෙන් නැවැතිවිම සදාචාර නොවන බව ඔවුන්ටම වැටහි ඇති බැවින් කටක් හො නොසොල්වයි.

No comments:

Post a Comment