Saturday, February 6, 2010

අසැබ් අන්තර්ජාල අඩවි තහනම

වැඩේ ටිකක් පරනයි. එත් ලියන්න හිතුනේ http://kandyroad.blogspot.com/2010/02/blog-post_8658.html#comments යන ලිපියට Percy විසින් ලියන ලද සටහනයි.

කට්ටිය දන්නව ඇති චීනයේ ගුගල් හා විකිය තහනම් කියන කාරනවා. එවගේම මැදපෙරදිගත් යම් යම් තහනම් සිද්ධවෙනවා. කතාවක් යනවා "මුහුනු පොතටත්" ලංකාව තුල කණ කොකා හඩලයි කයලා.

මුලින්ම කියන්නම් නුවරපාර ලංකවේ මෙ තහනමට කැමති නැහැ. මොකද ලියන මාත් ඔය තහනම් කරපු "නල අටේ" පේක්ෂකයෙක් වෙලා හිටියා. හැබැයි මට ඔන හින්දා නෙමෙයි තහනම් කරන්න එපා කියන්නේ.

වර්තමාන ලෝකය තුල අපි මාධ්‍යය විදිහට විවිධ වු මාර්ගයන් තෝරාගන්නවා. මෙයින ඉතා ආකර්ෂණිය වනුයේ රැපවාහීණිය අන්තර් ජාලය හා ජංගම දුරකතනත්ය. මෙයින් රැපවාහණිය පමණක් එක් ස්තානයක් වැඩි නරඹන්නන් වර්ගීකරණයට ඇතුලත්වෙයි. නමුත් අන්තර්ජාලය හා ජංගම දුරකතනය එක් අයෙක් වැඩි සම්පත් උකහා ගත හැකි වර්ගීකරණයට ඇතුලත්වෙයි. ඉතින් රැපවාහිණයට යම් යම් තහංචි පැන විය හැක්කේ එය භාවිත කරන ගණන ඉතා විශාල වීමයි. නමුත් අන්තර් ජාලය හා ජංගම දුරකතනයට එසේ තහංචි පැණවිම කල්පිත නොවෙයි. මන්ද යත් අවැසි කෙනා පමණක් මෙවා තුල සැරිසරයි. කවුරැත් බලෙන් ගෙන නොයයි. නමුත් මෙය එක පැත්තක් පමණි.

පාසල් හා ළමුන් අතරට නිසි වයසට කලින් මෙම අසැබ් දේ ගොඩවිම යනු ඔවුන් මානසිකව විකෘර්ති තත්වයකට පත් කරයි. හැබැයි ඉතින් නුවර පාර ලියන එකත් පොඩි කාලේ චිතු කලා පත්තර කියෙව්වේ හැංගි ගැංගි. එව්වා ඉතින් තුනවෙන් පන්තියේ එව්වා නෙමෙයි බලපු අය ද්නනවානේ, වල් කතාවක් ලියලා කිස් කරන පින්තුරයක් දානවා. හැබැයි ඉතින් තුන්වෙන් පන්තියේ එව්වත් හම්බුඋනා. නමුත් දැන් අන්තර්ජාලය හරහා පාසල් ලමුන්ට ඔන දෙයක් බලන්න පුලුවන්. සමහර අඩවි තහනම් කිරිමට ආණ්ඩුව පියවර ගත්තත්. වැඩ දන්න එකා ඔව්වා රිංගනවා. එහිනද් එ තහනමෙනුත් වැඩක් නැහැ. නමුත් සාමන්‍ය ලමයිනට ඔව්වාට යන්න බැහැ. හැබැයි තව දෙයක් වැඩ දන්න එකා ඔව්වා පස්සේ යන්නේ නැහැ ඔහුට ඊට වඩා වදගත් දේවල් තියනවා අන්තර්ජාලයත් එක්ක කරන්න.

නුවර පාර හිතන විදිහට දෙමාපියන් මෙ පිළබද වැඩි උනන්දුවක් දක්විය යුතුයි. අඩුම ගනේ කොල්ලා පරිගනයක ඉස්සරහට වෙලා මොකද කරනනේ කියලා ඔලුව දාලවත් බලන්න ඔනා. එවගේමයි ජංගම දුරකතන. ඇමතුමක් ගන්න එස්එම්එස් එකක් ගහන්න අයි ෆොන් ඔනා නැහැ කියලා දෙමව්පියෝ දැන ගන්න ඔනා. හැබැයි මෙකේ නරක පැත්ත තියෙන්නේ ගැහැණු ලමයි එක්ක.

12 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. සහොදරයා

    අපි පාසල් යනකාලේ අන්තර්ජාලය වැඩිය ජනප්‍රිය නැ අනික ඩයල් අප් වලින් ඉන්ටනෙට් පාවිච්චි කරන එකත් එච්චර ප්‍රායොගික නැ

    හැබයි අට වසරේ නවය වසරේ ඉදන් අපේ කොල්ලෝ කෙල්ලෝ ගාව ඔය කියන චිත්තර ප්‍රත තිබ්බා සමහර වේලාවට කොල්ලො කෙල්ලො කියාල වෙනසක් නැතුව ඔවා බෙදාගෙන කියවපු කාලත් තිබ්බා.
    ඒ වගේම ඩෙක් පීස් එකේ ඉදන් සීඩී තැටි වෙනකම් ඒ වත් ඒ කාලේ අපි අතර තිබ්බා

    කොච්චර තහනම තිබ්බත් අපි ඔවා හොයා ගත්තා

    නමුත් අපේ එකෙක්වත්(එක කෙල්ලෙක්වත් කොල්ලෙක්වත්) ඔවා නිසා ජීවතය ව්නාශ කර ගත්තේ නැ.

    අන්තර්ජාලයටත් ඕක අදාලයි.නමුත් අන්තර්ජාලයේ තිබු ශ්‍රි ලාංකික තල වල පරහකට ඇත්තේ අපේ පුද්ගලයන් විසින් කරන ලද අනවසරයෙන් තමාගේ පෙම්වතියගේ එහෙම නැත්නම් පුද්ගලික හේතුන්මත අන් අයව අපසුවට පත් කීරීමය
    ඒම තලවලත් සාහිතය නොවුනත වැදගත් සාකච්චා පැවති බව මම හිතන්නේ ඔබටත් මතක ඇති.

    තව දෙයක් what do you mean by "හැබැයි මෙකේ නරක පැත්ත තියෙන්නේ ගැහැණු ලමයි එක්ක. "

    ReplyDelete
  3. තව දෙයක් වයසෙන් වැඩි වෙත්ම අපේ ඔවාට තිබු ආශාව අඩු වුනා දැන්නම් ඔය කියනවත් වගේ අන්තර්ජාලයේ වෙන හුගක් දේවල් තියෙනවා ඉගෙන ගන්න

    මමනම් හිත්න්නේ අවුරුදු 14 ක් 15 විතර කොල්ලෙක් ඔවා බලන එකේ වැරද්දක් දකින්නේ නැ කොමත් මගේ දරුවන් ඕවා බැලුවා කියලා මම කලබල වෙන්නේත් නැ මොකද මම මගේ දරුවන් ජපන් බොනික්කන් වගේ හදන්න කැමතිත් නැ

    නමුත් වඩා වැදගත් වන්නේ දරුවන් සහ දෙමව්පියන් අතර අනොන්‍ය අවබෝධය පවත්වාගේන යැම හා නිවැරදි සංනිවෙදනයයි

    ReplyDelete
  4. මම කියන්නෙ ඇත්තටම අසභ්‍ය වේබ් අඩවි තහනම් කරනවානම් හොදයි මොකද මේවා තිබ්බොත්නේ බලන්නෙ

    ReplyDelete
  5. @v
    අදහස් දැක්විමට තුති.
    මම අහලා තියන විදිහට කාන්තා පාර්ෂවයට පිරිමින්ට වඩා ඔය ගැන හොයනවා සහ අපේ සාමජය අනුව කාන්තාවක් ඔව්ව බලලා මාට්ටු උනෝත් සමාජයෙන් ලොකු ගැරහීමක් තියනවා. එකයි මම එහෙම කිව්වේ. එහෙම හින්දා තමයි පහු ගිය කලේ පාසල් සිසුවියන් කිහිප දෙනෙක් සිය දිවි නසා ගත්තේ.

    ReplyDelete
  6. :නුවර පාර
    ඔව් අපේ සමජයේ තියෙන යල් පැන ගිය දෙයක්
    එ කියන්නේ පිරිමියාට සැම විටම වැඩි ස්ථානයක් ලැබීමය
    එයට ප්‍රධාන හේතුව වන්නේ කවුරුත් නෙමේ ගැහුණුන්ය

    Anonymous said...

    ඇත්තටම යම් කිසි දෙයක් ගන්න අමරුනම් කොම හරි ගන්න හදන එකයි මනුෂය ස්භාවය

    මතකද පොඩි කාලේ අම්මගෙන් සෙල්ලම් බඩු ගන්න අඩන හැටි

    ReplyDelete
  7. @v
    මම හිතන්නේ සමාජය යල් පැන ගිහින් නොව. මොකක්දෝ අමුතු දෙයකින් වසාගෙන ඉන්නවා. සමහර විට අපේ ඈත ඉතිහාසයේ ඔහොම අවස්තා හෝ ගැහැණිය දුබලයා කිය නොසලකන්නට ඇති.

    උද- නැත්නම් කුවේණිය තනි තීරණයට විජය හා එක් නොවනු ඇත

    ReplyDelete
  8. ඕක තහනම් කරන්න බැ ලේසිම හා උචිතම දේ තමයි අපේ සමාජය ශිෂ්ටසම්පන්න කරන එක. මම දන්න දේ ඒක, මාත් එක්ක හිටපු හුගක් එවුන් (බඩු) ගහනවා ඒත් අපි උන් එක්ක ගිය අවස්තා වල අපි බලන් ඉදලා එනවා කවදාවත් ඒවා කරන්න යන්නේ නැ ඒ දේ හරි ආකාරව තේරුම් ගැනීමයි වැදගත්... තේරුම් කරලා දීමයි. ලිංගික අධ්‍යාපනය පාසල් මට්ටමෙන් නිසි ආකාරව සිද්ද විය යුතුයි. එහෙම වුනොත් සිය දිවි නසාගැනීම් පවා අඩු වෙයි

    ReplyDelete
  9. @අනි
    ඔව් ඔබ හරි. අපිට නිති දාලා මිනිස්සුන්ගේ හැගිමි පාලනය කරන්න බැහැ. නමුත් අපිට පුලුවන් මිසිස්සුන්ගේ අධ්‍යත්මික සංවර්දනය වැඩි කරන විදි පාවිච්චි කරන්න.

    ReplyDelete
  10. ඒ යල්පැන ගිය දෙය ලෙස මම අදහස් කරන්නේ

    1. සත්‍ය ලෙස අවබොධ කරගත්තත් එය පිලිගැනීමට තියෙන අකමැත්ත

    2. අන් අයට , අදහස්වලට ගරු නොකිරීම

    3. අන් අයගේ පෞද්ගලිකත්වය පිලිබද හොයා බැලීම හා ඒ පිලිබද ලොකු කතිකාවතක් ඇති කීරීමට ඇති පහත් ආශාව

    4. සංස්කෘතිය, ආගම, සධාචාරය මත අන්ධ විශ්වාෂයක් ගොඩනගා ගෙන තමාගේ පමණක් නොව අන් අයගේ ජීවතත් විනාශ කිරීම .

    ReplyDelete
  11. @v
    1. එකගයි
    2. එකගයි
    3. එකගයි
    4. එකගයි

    ReplyDelete
  12. විනාස කාලෙන විපරීත බුද්ධී..

    ReplyDelete