Thursday, February 4, 2010

ලංකාව බහු {ජාතික, සංස්කෘතික, ආගමික} රටක්ද?

වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් හා ඊටත් පැරණි ඉතිහාසයක උරැමකම් කියන ලාංකික අප, මහින්ද හිමිගේ ආගමනයත් සමග බුදුදහමින් පෝෂණය ලැබ, අභීත ජාතියක් ලෙස ලොව ඉස්මතුව යුග ගනනාවයක් පසු කල බව මෙරට යතාර්තයක් වු සත්‍යයයකි. එහෙව් ජාතියක් පෝෂණය කල බුදු දහම වසර ගනනාවක් පුරා මෙරට වැසියාගේ සිතුම් පැතුම් නව මංපෙත් කරා ඉතා අවිහිංසාවෙන් ඉදිරියට ගෙන යන ලදී. අතීතයේ ධර්ම දිපය ලෙස විරැදාවලිය ලද මගේ මව් බිමේ වාසය කරන වැසියා, අන්‍යය මත ඉවසීමේ මහත් වු පුහුණුවක් ලද ජාතියකි. රජවරැ කිහිප දෙනෙක්ම රටම බුද්ධශාසනය පිදු අවස්තා කිහිපයක් සිහිකරනුයේ අසීමිත භක්ති ආදරයකිනි.

ථේරවාදි රටක් ලෙස ලොව සුපතල මගේ මව් බිම බහු ආගමික රටක් වන්නේ කෙසේද? සත්‍යය ලෙසම මෙරට බෞද්ධ,හින්දු,කතෝලික,ක්‍රිස්තියානි හා මුස්ලිම් දහම විශ්වාස කරන පුරවැසියන් ජිවත් වෙයි. ඒ අතින් ගත් කල මගේ මව් බිමේ බහුවිද දහම් ඇත. රටට හතුරැකම් කරන බටහිරට ගැති නරැමයන්, අපේ මව් බිම, බහු ආගමික රටක් වශයෙන් හැදින්විමට යන්නේ එම අර්තයෙන් නොව. හුදෙක් ලොව තුල ඇති අපරටට හිමි ථේරවිදි බෞද්ධ රටක් යන නාමය නැති කරීමටය. එලෙසම මෙරට බෞද්ධන්ට ඓයිතිහාසික උරැමයක් මෙරට තුල නැති බව එත්තු ගැන්වීමටය. ඉතිහාසයේ කිසි දිනක බෞද්ධන් ආගමේ නාමයෙන් අන්‍ය ආගම් වලට ගැරැහීම් කර නැත. මන්ද යත් මනා හික්මීමක් හා අන්මතට ඇහුම් කම් දිමේ හා චාම් දිවිපෙවතක් ගත කල වැසියා සියල්ලම සලකා බැලුවේ අන්තගමි නොවන ලෙස බැවිනි.

1815 සිට විවිධ වු කූට විදි මගින් මෙරට බුදු දහම ඇති තැන හා බෞද්ධයාට හිමි තැන නැති කිරිමට බොහෝ උත්සාහයන් දරා ඇත. නමුත් වසර ගනනාවක්ම බුදු දහමින් පන්නරය ලැබු මගේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් වලින් බුදු දහමේ වටිනා ගුණාංග ඉවත් කීරිමට නොහැකි විය. එනිසාම අප රට ලෝකය තුල හුදකලා කීරිමට බටහිරයන් මෙන්ම මෙරට කලු සද්දෝද විවිධ න්‍යයන් හා උපාය විදි අනුගමනය කරයි. එයින් එකක් ලෙස බහු යන වචනය අර්ත ගන්වා සමාජගතකීරිමට උත්සාහා දරයි. ආගමට , සංස්කෘතියට හා ජාතියට බහු දමා අපිව ගොනාට ඇන්දවීමට යයි. එක කකුලක් මෙරට හා තව එකක් බටහිරට තබාගෙන සිටින කලුසුද්දනට බහු යනු මෙය මල් දමකි. අන්තිමට උන්ට වනුයේ බුහ්ක් බුහ්ක් ගෑමට පමණි. එන්ජ්ඕ කාරයින්ගේ ඩොලර් වලට කෑදරකමින් අපේ රටට හිමි තැන නැති කීරිමට දරන මෙම උත්සාහට අද ඊයේ පටන් ගත් එකක් නොව. විවද වු කාල වකවානු වල නොයෙකුත් ලෙස මෙරටට කෙලසීමට විවිධ වු උපාය විදි වලින් අසාර්තක වු මේ බටහිර ගැත්තෝ දැන් දැන් වෙනත් ක්‍රම අත්හදා බලයි.

මෙරට තුල පවතින සහයෝගීත්ව නැති කිරිමට දරන උත්සාහයන් ලත් තැනම ලොප් කල යුතුමය. මෙරට සිටින කිසිම පුද්ගලයෙකුට තම ආගම ජාතිය හෝ සංස්කෘතිය නිසාම කිසිදු අසාදරණයක් සිදුවි නොමැත. සියල්ලටම තියෙන්නේ සමාන වු ගැටලුම මෙන්ම සමාන වු අයිතීන්ය. මෙරට තුල අයිතිය වෙසෙන සියුලු ජාතීන්ට මෙන්ම හෑම ආගමිකයුකුටම අයිතියක් ඇත. එම නිසා මෙරට ජාතිය හා සංස්කෘතිය පෝෂණය කර අනාගතයට බාර දීම අප සැමගේ යුතු කමකි. එලෙසම විවිධංගීකරණය තුල සත්‍ය ඉස්මතු වෙයි.

පසුව ලියමි
උරැමය බ්ලොග්යේ http://manojcola.blogspot.com/2010/02/blog-post.html හා http://manojcola.blogspot.com/2008/10/blog-post_23.html බහු යන්න හා සම්බන්ද ලිපියක් ලියා ඇත. එයත් බලන්න

බහු යන්න වෙනසම විදිහට දැක්ක පුලස්තිගෙ සටහන මෙසේ සටහන් කර ඇත http://pulasthigetheeruwa.blogspot.com/2010/02/blog-post.html

24 comments:

  1. ලංකාව බහු වාර්ගික, බහු ආගමික, බහු ජාතික යනදී බණ දෙසන්නන්ගෙන් ඇසිය යුත්තේ, වෙනත් බසකට හිමි නැති ප්‍රධාන තැනක් ඉන්ගිරිසියට හිමි, වෙනත් ආගමකට හිමි නැති ප්‍රධාන තැනක් ක්‍රිස්තියානියට හිමි එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය යනාදී රටවල් බහු වාර්ගික, බහු ආගමික නොවේද යන්නයි.

    එංගලන්තයේ රටවැසි කම ඇති, එංගලන්තයේ ඉපදෙන දෙමළ හින්දු දරුවනට, දෙමළ බාසාවෙන් ඉගන ගැනීමට, රජය සමඟ ගනු දෙනු කිරීමට, පොලිසියට පැමිණිලි කිරීමට හිමි කමක් නැති වීම නිසා, එංගලන්තය බහු වාර්ගික, බහු ආගමික වන්නේ නැතිද? නැතිනම්, වෙනත් වාර්ගිකයන්ට සම තැන නොදෙන, අශිෂ්ඨ "ඒක වාර්ගික, ඒක ආගමික" රටක් ද?

    ReplyDelete
  2. Oya hariyatama hari...

    Api demalunta Sinhala ugannamu berinam indiyawata elawala damu!.

    ReplyDelete
  3. @ඇනි
    දෙමළ අය නෙමෙයි එලවන්න ඔනා උබලා වගේ අය ....

    ReplyDelete
  4. ප්‍රෙමියාFebruary 4, 2010 at 6:42 PM

    ලංකාව බහු-බූත රටක් :D

    ReplyDelete
  5. Well said mate!

    Sri Lanka is a country disiplined by Buddhism. So Buddhists have always been a tolernat and accomadative people. However, this in turn has affected Sinhalese very badly and has been at the receiving end from the encient past. Moiniorities and "Kalusuddas" have taken this to their advantage.

    ReplyDelete
  6. Loken uthum rata lankawai ... siri lankawai....
    ...

    ReplyDelete
  7. @Nalin D
    ඔව් ඔය මානව හිමිකම් ගැන කතා කරනු කවුරැ බටහිරයන්ගෙන් ඔව්වා අහන්නේ නැහැ ...

    @Rebel of Kandy
    ඇත්ත අපේ සහනශිලිත්වයෙන් උන් වැඩ ගන්න හැදුවට, එත් තාමත් අපේ මිනිස්සු ලග කෘතගුණ බාවය කියන ලක්ෂණයත් තියනවා. එහින්ද අපිට සුබ බලාපොරොත්තු තිය ගයන්න පුලුවන්.

    ReplyDelete
  8. I do appreciate the fact that Sri Lanka has been guided by buddhist principles. However the majority of Sri Lankans are a shame to buddishm. Poya day is more for having fun and drinking arrack than observing sil.

    All though compassion, love and understanding is central to buddishm we are quite happy to beat up, kill maim our own people in the name of politics, land disputes ..etc

    We have monks like Athuraliye Rathna who build mansions while going on rampages and stoning other places of worship (Any crimes committed by those rogue pastors should have been handled by the law).

    Most temples have tution places or some hindu kovil. Some monks openly engage in all sorts of business !

    And then we keep screaming about western countries and NGOS's trying to destroy buddishm and our culture. A civilization is first destroyed within itself, before any damage can be done from outside.

    It's our own people who destroy buddishm and our culture. Unless we realize this nothing will happen.

    ReplyDelete
  9. ලංකාව නමට නම් බෞද්ධ...

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. yeah we have buddhists like Athuraliye Rathana.. preaching to kill... shame shame

    ReplyDelete
  12. Why ban internet porn in SL if these so called Buddhists are such people that honors others feelings?

    ReplyDelete
  13. @ඇනි
    civilization is first destroyed within itself
    ඔව් මෙක හරි මුන්ට තමයි කියන්නේ කලු සුද්දෝ කියලා. එවගේම හාමුදරැවරැත් තමනුගේ වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැහැ .

    @Percy
    වෙනම ලිපියකින් අපි මෙගැන කතා කරමු. ඔබගේ කමෙන්ටුව මට ඒ අලුත් ලිපිය ලිවිමට මාතෘකාවක් සැපයුවා ... බොහෝම ස්තුතයි. ලබන සෙනසුරාද මම එලිපිය දාන්නම්

    ReplyDelete
  14. @ත‍රිඳු
    ඔව් නමට අපි බුදු දහම අදහනවා. ඔය ටිකත් නැති කරන්න තමයි බටහිර ගැත්තෝ කැස කවන්නේ

    ReplyDelete
  15. Percy,
    Because the "so called Buddhists" have not yet attained the Arhathhood. Clear? :-)

    ReplyDelete
  16. බටහිරට ඇඟිල්ල දික් කරන්න කලින් අපි අපි සැබෑ බෞද්ධයෝද කියල හිතුවොත් හොඳයි. මම මගේ රටට, ජාතියට, ආගමට ආදරෙයි. ඒත් රැකගන්න ඕනේ බෞද්ධ නම විතරක් නම්, බෞද්ධකමට හෙණ ගැහුවත් කමක් නැත්නම්, ඒ බෞද්ධ නම මටනම් එපා.

    ReplyDelete
  17. @ත‍රිඳු
    එක තමයි තරිදු මාත් කියන්නේ, කලු සුද්දෝටිකක් ඉදගෙන් අපේ එවුන්ගේ තියන සහනශිලි බවෙන් ප්‍රයෝජන ගන්නවා. එවගේම අපිට අපේ කට්ටියත් වැරදි නොකරන බව කියන්නත් බැහැ. මොකද උදාහරණ ඔන තරම් තියනවා.

    සියට සියයක් එකගයි. බෞද්ධයෝ කවදාවත් අපි විතරක් ඉන්න ඔනා කියලා කියන්නෙ නැහැ. එහෙම කියනවනම් ඔහු හෝ ඇය බෞද්ධයෙක් වෙන්නේ නැහැ. විවිධත්වය අවශ්‍යම කාරනවක්, මන් ද එවිට තමයි අපිට නිවැරදි තොරාගැනීම කරන්න පුලවන්. එහෙම නැතුව එකම දේ තිබුණාහම අපි එකාකාරි වෙනවා. අලුතේන් හිතන්න පුරැදු වෙන්නෙත් නැහැ...

    ReplyDelete
  18. හැබැයි ඉතින් 73%ක් වෙන බෞද්ධයෝ මේ රටේ සංවර්ධනයට (සියළු ආකාරයේ) 73% ක්වත් දායකත්වය සපයලා තියනවා නම් ඉතින් මේක බෞද්ධ රටක් කිව්වා කමක් නෑ. 2004ට කලින් මේ රටේ උන්නතියට කෙරෙන දායකත්වයෙන් 40% ක් විත‍්ර කලේ 7%ක් වත් නැති ක‍්රිස්තියානි කාරයන්.
    උදා:- විජය කුමාරතුංග
    ජැක්සන් ඇන්තනී
    රුක්මනී දේවී
    ලතා වල්පොල
    ක්ලැරන්ස් විජේවර්දන
    සුනිල් සාන්ත

    හැරී ජයවර්දන
    ලලිත් කොතලාවල(40 000 කට අධික සෘජු රැකියා)
    එකී මෙකී නොකි තව ගොඩක් අය .....

    ReplyDelete
  19. @මල් මාමා

    ඉතින් මමේ එකෙන්ම පෙනවා නේද මෙරට තියන සහනශිලි ස්බාවය. අනික එහෙම දායක්ත්වය දක්වන එක වැරදිද? එක තමයි විය යුත්ත. තමුන්ගේ ජාතිය ආගම බලන්නෙ නැතුව සලකන එක.


    ලලිත් කොතලාවල - මිනිහා ඉතින් ආගම මාරැ කලේ, අලුත් ආගම හොදින් තෙරැම් අරගෙන නේ.

    ReplyDelete
  20. තොපි තමයි ජාතිවාදියෝ මේ රට එදා ඉදල විනාශ කලේ තොපිය තොපේ දේශපාලන නායක හැත්තයි

    ReplyDelete
  21. නිකං බැන අඬ ගහන්නෙ නැතුව, කවුද රට විනාස කරේ, කොහොමද කරේ කියල පැහැදිලි කරා නං...

    නිදහස ලබෙන්නත් ඉස්සර වෙලා ඉඳලම රට බෙදන්න කතා කරපු, සිංහල මන්ත්‍රී ප්‍රමානය 50% සීමා කරන්න කතා කරපු චෙල්වනායගම් වගේ ජාතිවාදී දේශපාලකයො ගැනද ඔයා කියන්නෙ?

    ඉන්ග්‍රීසි අකුරු number plate තියන එකට සතු‍ටු, සිංහල "ශ්‍රී" අකුර දැක්ක ගමන් තාර ගාන ජාතිවාදී දෙමල දේශපාලකයො ගැනද ඔයා කියන්නෙ?

    ReplyDelete
  22. හැබැයි ඉතින් ජයේෂ්ඨ නියෝජ්ය පොලිස්පති ඩෙප් මහත්තයට පොලිස්පති කමයි එයගේ පුතා සොලිසිටර් ජෙන‍රාල් පියසත් ඩෙප් මහත්තයට නීතිපති කමයි දෙකම නැතුව යන්නෙත් ලලිත් කොතලාවලව හිරේ දාලා මුදල් සියල්ල රජය බාරයට අරගෙන පාරිභෝකිකයන්ට සල්ලි ගෙවන්න කියන්නෙත් එගොල්ලෝ ක‍්රිස්තියානී හින්දමයි.

    ReplyDelete
  23. @මල් මාමා

    හැරී ජයවර්දන නොනා සලකන්නෙත් එයා එහෙම හින්ද වෙන්න ඇත .

    ReplyDelete
  24. තේරුනේ නෑ

    ReplyDelete