Tuesday, February 2, 2010

හංසයාට මොකද උනේ?

ආයිත් දේශපාලනයට ආවා..............

2010 ජනපතිවරණය කැදවන විටත් ජවිපේ තමුන්ගේ චන්ද පදනම ගැන දැනගෙන හිටියා. මොකද 2009 මුලු අවුරැද්දේම පළාත් චන්ද තිබුණා. එහින්දා එවායන් යම් කිසි පුරෝකතණයක් කරන්න පුලුවන් මහමැතිවරණයකදි මොකද වෙන්න පුලුවන් කියලා. ඒ අනුව ජවිපේ තක්සේරැව ගොඩක් අඩුයි. ඒ අනුව ඔවුන්ට අඩුම තරමේ පාර්ලිමෙන්තු ආසන 5 ක් වත් එන්නේ නැහැ. ඒ වෙනවිට මහින්දත් එක්ක ජනතාව එක්වෙලා හිටියා. අය වැය සහ අනිකුත් විරැද්ධ විම් එක්ක හා ජනිසේ හිදිමත් එක්ක, ජවිපේට ආයිත් මහින්ද ලගට යන්න බැරි උනා. ඔන්න ඔය කාරණවා ජවිපේ ඇතුලේ කතා වෙන්න පටන් ගත්තා. ඔකට පිළිතුර තමයි. එජාපයත් එක්ක එකතු වෙන එක. රනිල්ටත් වෙන කරන්න දෙයක් නැහැ සහ සරත් කියනනේ ජනතාව පිළිගත්ත යුධ නායකයෙක්. එහින්දා එජාපේ ජවිපේ එකට ගැටගැහුණා. තව කටිටියත් ඔකටම එකතු උනා.

සරත්ගේ ආගමනයත් එක්ක, එජාපයට අලුත් නායකත්වයක් ලැබුණා. බිම් මට්ටමේ එජාපයේ පාක්ෂිකයන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති උනා. අලුත් නායකයෙක්/ජවිපෙත් ඉන්නවා/ අනික යුධ්දයටත් උදව් උනා වෙනවා. පහළ සාමාජිකයෝ ජයපැන් බොන්න බලාගේන අමුතු උද්යොගයකින් රැලි වලට සහබාගී උනා. ඒ එක්කම එම ජන රැලි හරිම පිළිවෙලයි මොකද ජවිපේ ඉන්නවා. එක දැකපුවහම පහළ සාමජිකයෝ හිතුවා හරි දැන් අපි දිනුම් කියලා. ඔකම තමයි සරත් හිතුවේ, හැබැයි ජවිපේ මේක දන්නවා. මොකද ඔවුන්ට පුරැදුයි ජනතාවගේ හිසිරිම අදුනගන්න. එහින්ද මුල ඉදලාම අපි දිනම් කිය කිය ජවිපේ කැගැහුව්ව. එජාප පාක්ෂියොත් හරියට සතුටු උනා. මොකද අවු 14 කට පසුව එජාප ආණ්ඩුවක්.

එත් මහින්දට ජන්දය දෙන කට්ටිය බොහොම නිශ්බ්දව හිටියා. මොකද සරත් දිනන්න ඉඩකුත් තියනවා, මොකද රටට මවලා දුනනේ එවගේ සිතුවමක්. ඒ එක්කම සරත් කියන්නේ සේන්පතියෙක්. ඔහු දින්නොත් මහින්දට වැඩ කරපු අයට කෙල වෙනවා. සද්ද නැතුව 26 වෙන කල් හිටුපු මහිනගේ ජන්ද දායකයෝ උදේනම ගිහින් ජන්දය දැම්ම. මෙක දැකපු සරත් හිතුවා මෙ කට්ටිය රොක් වෙන්නේ විශ්වාසනිය වෙනසකට කියලා. මොකද මිනිස්සු එහෙම උනන්දුවෙන් චන්ද දෙනනේ අලුත් කෙනෙක්ට හින්දා. එත් උනේ වෙන දෙයක් ඔක්කොම බුලත් කොළයට තමයි කතිරේ ගැහැව්වේ. ඔකම තමයි පාළාත් පාලන මැතිවරණ වල උනේ, වෙනස තියෙන්නේ එවා පොඩ්ඩක් ඇල් මැරණු ජන්ද..

දැන් මහ මැතිවරණය එනවා, සරත් හා ජවිපේ හංසයගෙන්, එජාපය අලියගෙන්, දැන් මොකද කරන්නේ 2010 ජනපතිවරණයට චන්දය දුන්නු එජාපයේ කට්ටිය. අහන්න දෙයක් නැහැ ඒ ඔක්කොම එජාපයේ අය ආයිත් අලියට චන්දය දෙනවා. ජවිපේට හෙවත් හංසයාට ලක්ෂ 2කට අඩු චන්ද ගානක් තමයි එන්නේ. එදාටත් සරත් කියයි එහෙම වෙන්න බැහැ අපිට සෙනග ආවා. මම තමයි ජනතාවගේ අගමැති කියලා. මොකද සරත්ව අන්දවන්නේ ජවිපේ කට්ටියනේ. එදාට ඔය සරත්/අනුර/විජිත කියයි. එජාපයේ අයයි, සන්දානේ අයයි දෙගොල්ලොම හොරැ කියලා.


එක අතකින් රනිල් කියන්නේ මහත්මා ගති තියෙන මනුස්සයෙක් [මොකද මෙයා බටහිරට ගැතියිනේ/හැබැයි රට පාවලා දුන්නා] . එත් සරත් පාරදයි කියලා පිළිඅරගත්තා. හැබැයි රනිල් දිනමු,මොකද ආයත් විපක්ෂ නායක. මෙ මැතිවරණයෙන් බලන්න පුලුවන් ඇත්තටම ජනපතිවරණය හොර එකක්ද කියලා. එදාට 2010 මහමැතිවරණය දුෂිත වෙන්නේ හංසයාට විතරයි. මොකද චන්ද ලක්ෂ 2 ක්වත් එන්නො නැහැ.

ජවිපේ පැත්තට සටහන් දාන්න කවුරැත් නැතිවෙයි. මොකද එයාලා තම ලිංමැඩි ජිවිතයක් තමයි ගෙවන්නේ. එයලාට අන්ත්ජාලය තහනම්. මොකද ජේප්පො අන්තර්ජාලයට පුරැදු උනේත් පක්ෂයේ ඉන්නේ නැහැ. මොකද විජතගේ නිවුස් විතරක නෙමෙයිනේ ජාලයේ තියේන්නේ....

බලමු ජෙප්පන්ට මෙ පාර කෙලවෙලා යන හැටි...

ලොකු විශ්වාසයක් තියනවා. එකම එක ජෙප්පෙක්වත් සිංහල බ්ලොග් ලියන්නේ නැහැ.... ලිව්වත් උ දුන්නේත් මහින්දට ....

12 comments:

  1. අද ල0කාදීප වාර්තා කරල තිබුන එ.ජා.ප නියෝජ්‍ය නායක කම ජනරාල්ට දෙන්න යනව කියලා... කරු,සජිත් වගේ අයට තමා ඉතින් ප්‍රශ්නෙ...

    ජ්.වි.පෙ. ඡන්ද පදනම ගැන නම් ඉතින් කතාකරන්න දෙයක් නෑ.. ඒත් රැස්වීම් වලට නම් පිට්ටනි පිරෙන්න පහල මට්ටමේ සාමාජිකයො ගෙන්නනවා..
    නෑවිත් බැරිකමට ආවත් උන් බුලත්කොලේට කතිරෙ ගහනවා...ඕක තමා ඇත්ත තත්වෙ...
    එක හින්ද උන්නැහෙලත් ස0ධානයක් හදන රාවයක් තියෙනවා...

    ReplyDelete
  2. @ඇනි
    මට හිතෙන විදිහට සරත්ට ඔය නියොජ්‍ය නායක කම හෝ ජාතික සංවිදායක කම ගන්න ජවිපේ ඉඩ දෙන්නේ නැහැ. මොකද බැරි වෙලාවත් සරත් එජාපයට ගියොත් ජවිපේට ලක්ෂ 2 වත් හම්බ වෙන්නේ නැහැ. ලක්ෂ 2 හරි ලැබෙන්නේ සරත්ට කැමති එජාපයේ සාමාජියකයන්ගේ

    ReplyDelete
  3. පොඩි දෙය්ක බින්දුව ලියන්නේ x අකුරෙන් ....

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. The desperate jeppas will try to create a lot of unrest before the general elections. They want to get innocent people shot and killed. They want to win seats over their supporters' dead bodies.

    ReplyDelete
  6. @Bardo Flanks
    ඔව් හරියට ඔක තමයි ඔන වෙලා තියෙන්නේ, ඔකට සරත් අහුවනා, මම හිතන්නේ නැහැ රනිල් ආයිත් ඔය වැඩේට සෙට් වෙයි කියලා...

    ReplyDelete
  7. අාතල් ගන්න කැමති කට්ටිය හිෙත් හැටියට අාතල් ගන්න. ඒ්කට කාෙගන් වත් තහනමක් නෑ. හික්...

    ReplyDelete
  8. ජවිපෙ බාප්පලාගේ යුගයේ කාර්‍යභාරය අවසන්වී ඇත.

    ReplyDelete
  9. හංසයා පැරදුනේ ඇයි?
    හංසයා පැරදීම පිළි නොගන්නේ ඇයි?

    http://subtlesl.wordpress.com/2010/02/01/ප්‍රතික්ෂේපවාදී-මතවාද

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. අසැබි වචන ලියන් එපා. පුලුවන්නම් සභ්‍ය විදහට ලියන්න එකක්වත් මකන්නේ නැහැ ...

    ReplyDelete