Saturday, February 13, 2010

දේශියත්වට එම සිදු වුණු හැටි ......

අඩි හතරක් පහක් උඩින් ගිය එජාප හා අඩි විස්සක් තිහක් යටින් ගිය ජවිපේ අතිනත ගෙන සරත් ෆොන්සේක හෙවත් හිටපු යදහමුදා පති මෙන්ම මාණ්ඩලික නිලදාරී පෙරටු කොට ගිය ගමන ලංකාවට මහත් සේ වාසි ගෙන දුනි. ඔවුන් ලැබු චන්ද ලක්ෂ 40 අපට නිකන්ම ඉවත දැමිය නොහැක. මේ සියල්ල අපේ රටේ එකීයත්වය ට හා ඉදිරි ගමනට ලැබුණු දිරිගැන්වීමයි.


1.උතු-නැගෙ ජනයා කොටියට සම්පුර්ණයෙන්ම විරුද්ධයි
ත්‍රස්තවාදය තුරන් කිරිමට එලව එලවා පහර දුන් යුධ සෙන්පතිට උතු-නැගෙ ජනතාව චන්දය දුන්නේ එම කල ක්‍රයාව අනුමත කරමිනි. එම නිසා ඉතිහාසය තුල ලියවෙනුයේ දෙමළ ජනතාවගේ ආශිර්වාදය කොටිය පැරදවීමට ඉහළින්ම ලැබුණු බවයි. සිංහල දෙමළ ජාතිවාදි ගැටලුක් නොව හුදේක්ම ත්‍රස්තවාදී තත්වයක් එකල තිබුණුබව මුලු ලොවටම දෙමළ ජනයා හඩගා කියා අවසන්ය. එම නිසා කවදාවත් සිංහල ජනාය දෙමළ ජනයට විරුද්ධව, කොට් පැරද්දවු බව කිව නොහැක.

2.එකීය භාවය පිළිගැනීම
එකීය බව යටකරමින් එක්සත් බව එලියට ඇදගෙන ආ රනිල්ද, අනික් කොට් හිතවාදිනුත්, රට එකීය විය යුතුයයි කියු සරත්ට එකගතාවය පල කරමින්, එකීය රටක් වෙනුවෙන් චන්දය ඉල්ලුවේය. එම නිස දැන් රනිල්ට නැවත එක්සත් රටක් ගැන කතා කරනවා වීනා කටව්ත සෙල්ලවිය නොහැක. මහින්දට චන්දය දුන් ලක්ෂ 60 ත්, සරත්ට ලැබුණු ලක්ෂ 40 ත් එක්ව ගත් කල මුලු රටම එකීය රටකට කැමැත්ත පල කර ඇත.

3.හාමුදුරුවන්ගේ ඓතිහාසික කර්යය භාරයය පිළිගැනීම
මෙතුවක් කල් මහා සංඝයාට අපහාස කරමින් තම මතය ඉදිරියට දැමු බටහිර ගැත්තෝ දැන් මහා සඟ රුවන ඉදිරයේ තබා සිල්වත් ගමනක් යයි. මෙරට මහා සංඝයට කිසිවක් කල නොහැක. නිකන් පන්සල් වලට වෙලා ඉන්නවා යයි කියු කටවල්ම දැන් හාමුදුරුන්ට දොහොත් මුදුන් දී එහෙයි කියයි. එවන් තත්වයට මෙරට බටහිර ගැත්තන් නොදැනුවත්වම එක්ව ඇත. එය මෙරටට ලැදි ජනය ලැබු මහා ජයග්‍රහණයකි. අපේ සංඝයට ඇති බලය පිළිගැනිමට විම කලු සුද්දනට දෛවයේ සරදකි

4දේශියත්ව හුරැවට වැඩ කීරිම
සරමට බැන්න, පන්සල් යනවාට බැන්න බටහිර ගැත්තන්ට ගමට ගොස් පන්සල් යන්නට සිදුවිණි. කවදාවත් ජය පිරිත කියා ආශිර්වාද නොගත් රනිල්ට, අභියෝග කරමින් කලණිය රජමාහා විහාරයට ගොස් එයටද එක්වීමට සිදුවිය. අපේ කමට ඇදගෙන ආ ඔවුන් දැන් නැවතත් පරණ තත්වයටක නොවැටෙනු ඇත.

නොදැනුවත්වම අපේ කමට ආ මොවුන් නිසා බටහිරයන්ටද කර කියා ගත නොහැකි තත්වක් අත්වි තිබේ. අපේ රට ලැබු මෙම ජය ඉතිහසාය තුල අන්කවරදාකවත් නොවු තත්වයෙකි.

2 comments:

  1. Don't be silly. They voted for Sarath because the LTTE wanted to get rid of Mahinda.

    ReplyDelete
  2. @bardo Flank
    නමුත් සරත් යනු කොටිය පැරද්දවු, එකීය රටක් කයු, රට නෙබෙදන බව කියු සිංහලයෙකි.... යද්ධය හා කොටියට පහර දීම මහින්ද සරත් හා අන් අයද එක්ව කල සාමුහික වැඩකි. එම නිස කොටිය පැරද්ද විමට මහඟු කරියක් කල සරත්ට දෙමළ ජනයා කල වැඩය හරියයි කියු පෑවේය

    ReplyDelete