Saturday, February 13, 2010

සංඝයාවහන්සේට රටේ ඇති තැන ....

ඇනියන්ට අවසර නැත

ලබන 18 වැනිදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ කොටගත් සංඝ සම්මෙලනයක් කැදවා ඇත. මෙහිදි කතිකාවතක් ඇතිවනුයේ හිටපු හමුදා පති වු සරත් ෆොන්සේකා මහතා ගැනය. එතුමාද නිදහස් කරගැනීම සදහා පවත් වනු ලබන මෙම සම්මේලනය සදහා සිව් දිගින් මහා සංඝරත්නය වැඩම කිරිම අනිවර්යය දේයක් විය යුතුමය .... මන්ද යත් උන්වහන්සේ සතු බලය නිතීය ඉක්මවා ගිය බව ලොවට පෙන්විය යුතුමය. ෆොන්සේකා මහතා නිදහස් කරගන්නවා මෙන්ම රටට කරන හතුරැකම්ද ගැනද කතා කර බටහිර ගැත්තන්ටද පණිවුඩයක් දිය යුතුමය. තවද මේ සදහා අඩුම වශයෙන් මහා සංඝරත්නය දහදාහක්වත් වැඩම කල යුතුමය. නැතිනම් මෙය සර්ව සාදාරණ හා තප්පුලන්නාවු ප්‍රජාතන්ත්‍රවාදය නැතුව කරන කරැනක්ම වනු ඇත. තවද මෙය දේශපාලණ වැඩක් යයි කීමට ද පුලුවන. එම නිසා එම වගකීම සංවිදායක වරැන් දැරිය යුතුමය.

මෙහිදී අපට බලා ගත හැකි වනුයේ එතුමා ගැන මහා සංඝයා දරන ආකල්පය හා ජනපතිට යවන පණිවුඩයයි. මහින්දට මහා සංඝයාට විරුද්ධ විය නොහැක. මන්ද ඔහු හාමුදුරුවරුන්ට ඇහුම් කන්දෙන අපේම නායකයෙකි. ඔහු විරුද්ධවීම යනු ඔහුගේ ගමනටද යම් බලපෑමක් එල්ල වනු ඇත. එහෙත් උන්වහන්සේලා ඉදිරිපත් කරන ලියවිල්ල සාදාරණ විය යුතුය. මන්ද යත් දේශපාලණ අතුකොලු ලියවිල්ලක් නොවිය යුතුය.

මෙම සම්මේලනය නිසා අපගේ පැරණි සම්ප්‍රදායට ඇති තැන දැන ගැනීමට හා අපිට ඇති බලය නැවත ලොවට විදහා දැක්විය හැක. එම නිසා මෙයිනුත් වනුයේ රටට හතුරැ බටහිට ගැති අයට පහරක් වැදිමය. එම නිසා මෙ මහා සමුලුව ඉතා වැදගත් වනු මෙන්ම එය ඔනැයයි කියන අයට නැවත පාරා වලල්ලක් වනු නිසැකය. නිතීය ඉක්මවා ගිය සමාජ බලයක් භික්ෂුවට ඇතැයි පරගැතියන්ට පෙන්නුම් කිරීම සදහා මහගු අවස්තාවකි. අනිවර්යයයෙන්ම මේ මොහත මහින්දටද මග හැර යා නොහැක. මන්ද මේ එක්ව කතිකා කරනුයේ මව් රටේ මුර දේවතාවුන්ය.

ජවිපේ හා එජාපය එක්ව තැනු හංසයාට උනු වැඩේම මෙවරත් වනු නොඅනුමානය.....

මෙම සමුලුවට පැමණෙන මහා සංඝයා කවුරුන්දැයි විමසීමනේ මෙම සමුලුව දේශපාලනද? නැතිනම් ඇත්තටම සරත් වෙනුවෙන්මදැයි අපට තිරණය කල හැක. මොකද මේ වන විටත් සමහර හාමුදුරැවරැන් දේශපාලන අතකොලුවි ඇත.

විශේෂයෙන්ම බෙල්ලන්විල හාමුදුරුවෝ/කුසලධම්ම හාමුදුරුවෝ දරණ මතය දැඩි බලපෑමක් එක් කරනු නොඅනුමානය. මන්දයතු උන්වහන්සේට අප සමාජයේ විශේෂවු පිළිගැනීමක් ඇත.

මෙහිදි සරත්ව රවටා, ඔහුගේ මුවින් පිටවු රට පාවා දිමේ වැඩ පිළිවෙල නතර කර ගැන්නේ කෙසේදැයි සාකච්චාවට බදුන් කල යුතුමය. මන්ද කල වරදට සමාව දී එලියට ආ පසු නැවත එයම කරන්නට බැරි කමක් නැත. මන්ද පහුගිය කල ජවිපේ උත්සාහ දැරුවේ පෙර වැරැද්දක් කීරිමටය...

11 comments:

  1. නුවර පාර, ඔයා නුවර පාහර කියල නම වෙනස් කරගන්න තරම් නීච වෙන්න එපා. ජනාධිපතිවරනෙ ප්‍රතිපල නිකුත් උන වෙලාවෙ ඔයා තියපු සටහන දැක්කම මට හිතුන අපේ අදහස් වෙනස් උනත් මේ සමාජෙ ඉස්සරහට යද්දි අපිට එක පාරෙ යන්න පුලුවන් වෙයි කියලා. ඒත් මට වැරදිලා. ඔයා කුහක අවස්ථාවාදියෙක්.
    අනිත් වැල්වටාරම් පැත්තක දාලා ඔයා මේ ටිකට විතරක් උත්තර දෙන්න.
    01. බටහිරින් විතරද අපිට බලපෑම් එල්ල වෙන්නෙ? අපෙ උන් කරන හැම රෙද්දම හරිද?
    02. දළදාවට ගහපු, හාමුදුවරු මරපු අය ගැන සාක්ෂි සහිතව තියෙද්දි, ඒ අයට වෙනස් විදිහකට සලකන නීතිය ඇයි ෆොන්සේකා ලගදි විතරක් මේ තරම් සෘජු වෙන්න ඕනෙ කියල හිතන්නෙ?
    ( ෆොන්සේකා වරදක් කරල නම් ඔහුට දඩුවම් ලැබිය යුතුයි කියන එකට මාත් එකගයි. හැබැයි, ඔහුට විරුද්ධව මනුස්සයෙකුට වගේ සලකන්න ).
    ඔයාල, වයඹ විත්තිල, සෝමරත්නල හරි ලොකුවට නීතියෙ සමානබව ගැන කථා කරන්නෙ රෙදි ඇදගෙනද?

    ( මේ ටික හරි කමෙන්ට් එකක් විදිහට දැම්මෙ ඔයා තවමත් විවෘතව දකින්න ලෑස්ති ඇති කියන බලාපොරොත්තුව නිසා. බහුතරයක් පුහු දේශප්‍රේමියො වගේ දෙබිඩ්ඩෙක් නොවෙනු ඇති කියල හිතන නිසා. ඒත් ඔයා අනාගතේදි කරන කියන දේවල් වලින් අපිට පෙනේවි ඔයා සැබෑ ලාන්කිකයෙක්ද නැතනම් නුවර පාර හදන්න ආපු සුද්දෙකුගෙන් පැවත එන පරම්පරාවක පරයෙක්ද කියලා )

    ReplyDelete
  2. @ඇට මැස්සා
    ස්තුයි ඔබගේ ප්‍රතිචරයට. මොකද මෙක තමයි මුල්ම සටහන, ඇනියෝ අයින් කලාට පස්සේ ...

    "මනුස්සයෙකුට වගේ සලකන්න"
    මෙහි අදහස මොකක්ද? ඔහුව බැලිමට ඔන අයකුට පුලුවන් ඉතින් තව මොනවද?

    1. නැහැ එක්ව වැඩ කරපු අයම දොහි වෙන අවස්තා තියනවා. එයින් එකක් සරත් ඔප්පු කරලා පෙන්නුව
    2.කරුණ වැරදි කලා ඒක ඇත්ත. එත් එයා පිට රටට ගිහින් දෙමළ ජනතාව මැරුවා කියලා බොරු කිව්වොත් කවුරු දෙපාරක් හිතනවා
    එත් මෙතන එහෙම නෙමෙයි කලා හෝ නොකලා මේ කතා කරන්නේ හිටපු යුධ හමුදා පති. මොහුගේ ප්‍රකාශ නිකන් අහක දාන්න බැහැ .. අනික ඔහුට හිමි විය යුතු ගරුත්වයට මම ගරහන්නේ නැහැ.. එත් ඔහුට තිබුණා කට පරිස්සම් කරගන්න. ජෙප්පන්ගේ බහට රැවටිච්ච යුද හමුදා පති අද තින කරලා මෙයලා අයිත් කතිර පොරයට යනවා අනිවර්යයි. එදාට ඔයත් ඒ පොරයටම එකතු වෙයි සරත්ව මතකත් නැතුව යයි.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. බුදු දහම යනු දසුනක් හා ආගමක් වුව ද අපේ රටේ එය පදනම් වූ ජීවන රටාවක් ද වේ. සමහරු මේ ජීවන රටාව අමතක කර ගැඹුරු අභිධර්මය පමණක් තකති. එවැන්නන් "ඕල්කට් බොදුනුවන්" සේ හඳුන්වන තැන් අසා ඇත.

    එ වැනි එක් අයෙකි හිටපු අග විනිසුරු සරත් එන් සිල්වා මහතා. ඔහු කල හපන්කමක් ගැන මා ලියූ සටහනකි මේ:

    අධිකරණය, බලය හා සිවුර

    විධායකය හෝ ව්‍යවස්ථාදායකය ඉදිරියේ සිවුරට නිසි තැන ලැබේ. ජනපති ඉදිරියේ හෝ පාර්ලිමේන්තුව තුල හිමිවරු හුනස්නෙන් නැඟිටින සිරිතක් නැති. නමුත් රාජ්‍යත්වයේ ත්‍රිමූර්තියේ ඉතිරි අංගය වන අධිකරණය තුල එය වෙනස් විය යුතු බව සරත් එන් සිල්වා මහතා සිතයි.

    අධිකරණයේ හිමිවරු නො නැඟිටීමෙන් කියැවෙන්නේ බුදු සසුනට සිරිලකෙහි ඇති අග තැන මිස, සිවුර තුල සිටින පුහුදුන් පුද්ගලයාට නීතිය ඉදිරියේ වෙසෙසි තැනක් ලැබෙන බව නො වේ.

    මෙ වැනි කරුණු ගැන ද මහ සඟ රුවන කතිකා කළ යුතු කාලය පැමිණ ඇති බව යි මා සිතන්නේ.

    මෙවැනි දේ අනුමත කරන අය කියන්නේ "රාජ්‍යය හා ආගම වෙන් කළ යුතු" බව යි (separation of state and religion). මෙය අද යොදා ගන්නේ පෙරදිග ආගම් වලට රජයෙන් ලැබෙන අනුග්‍රහය අඩු කිරීමට උත්සාහ කිරීමට නො වේ ද?

    රාජ්‍යය ආගමෙන් වෙන් විය යුතු බව කියැවෙන වගන්ති ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම ඇති. නමුත් එහි ජනපති දිවුරුම් දෙන විට so help me god කියා කියයි. ඩොලර් නෝට්ටුවේ in god we trust යන වැකිය යෙදීම නීතියෙන් අනිවාර්ය කර ඇත!

    ReplyDelete
  6. අනුරාධ,

    ඕල්කොට් බෞද්ධයෝ මෙහෙත් ඉන්නවා. එක්කෙනෙක් මහින්ද රාජපක්ෂට බුද්ධාගම උගන්වන්නට ගොස් ඇන ගෙන නැවතුනේ බුදුන් වහන්සේත් හරියට බෞද්ධ නැතැයි කීමෙන්!

    ලිපිය දැන් මකා දමා ඇති මුත් ගූගල් ඉතිහාසය තවම ඇත:

    http://74.125.153.132/search?q=cache:00BiqpIcTPoJ:taboosubjects.wordpress.com/2009/12/02/01-30/+ancientwisdom+%E0%B6%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80&cd=2&hl=en&ct=clnk&gl=lk

    ReplyDelete
  7. ඕව් ඔව්, අපි අපේ වැඩ බටහිරට පෙන්නුවහම ඒ ගොල්ලෙ ලිප්ටන් වටරවුමට ඇවිල්ලා බඩ කපාගෙන මැරෙයී. නියමයී නියමයී.

    ReplyDelete
  8. @Anuradha Ratnaweera
    @subtlesl
    @Sam
    ස්තුතියි.

    අසැබි දේ ලියු ඇනියන් සිදු වු කරදරයට තවත් එක් අයකු එක්ව ඇති බව නොමැකු සටහන තුලින් ඔබට ද මොනවට පැහැදිලි වනු ඇත.

    ReplyDelete
  9. මල්වතු පන්සලෙන් දෙන අක්ත පත්‍ර වල සසුන් ඉතිහාසය කියැවෙන දිග වගන්තියේ එක තැනක ඉංග්‍රීසි පාලන කාලයේ සසුන ගැන බලය රජයෙන් පන්සලට දුන් අයුරු කියැවෙනවා.

    නමුත් ඒ වැකියේ තව ම තිබෙන්නේ "නෛක ශ්‍රීන් විරාජමාන වික්ටෝරියා රාජිණිය" කියල යි.

    කුඩාපොල හාමුදුරුවන් මරණයට නියම කළ කෙනෙකුට එ තරම් ගරු සරුවක් දිය යුතු ද? සතුරාට වුවද හොඳින් කතා කිරීම අපේ හොඳ ගුණයක් තම යි. ඒත් හොඳින් කතා කිරීම සහ මහ ඉහලින් ගරු බුහුමන් දීම කියන්නේ දෙකක්.

    වදනින් වදන අනුප්‍රාසය ඇතිව ලියා ඇති සමහර අක්ත්‍ර පත්‍ර හරිම රසවත්. අපේ ගමේ හාමුදුරුවන්ගේ නායක උත්සවයක අක්ත පත්‍රය කියවද්දී බොහො ම ආසාවෙන් අහගෙන සිටියා තව ම මතක යි. "උපුල් වන් - කොපුල් ඇති - රහල් පුතු - හැර දමා", බලන්න වදන් ගැලපුමේ ලස්සන!

    ReplyDelete
  10. @Anuradha Ratnaweera
    මචෝ එව්වා එකතු කරලා ලිපියක් ලියන්න ... කාටත් දැනගන්න ...

    ReplyDelete
  11. (මාතෘකාවෙන් පිට වීම ගැන සමාවෙන්න)
    අනුරාධ,

    ලිනක්ස් ම කර කර ඉන්නේ නැතිව පටන් ගන්නකෝ සිංහල සාහිත්‍ය අගැයීම් බ්ලොග් එකක්. අපිට ලියන්න නම් බැහැ හැබැයි කියවන්නම්. අර හෙළ හෙළියේ එහෙම මොකක්ද කළා නේද?

    ReplyDelete