Saturday, February 6, 2010

මැයි වෙද්දි ජවිපේ කොහෙද ඉන්නේ? හැබැයි එජාපය ඉදිරයට එනවා

අතීතයේ කල වැරදි වටහාගේන එයින් ඈත් වන්නා සේම, කර කියා ගත නොහැකි තත්වයක නැවතත් පෙර වැරදි කල හැක.

නුවර පාර අනාවැකි කියන්නකු නෙවෙයි, එහෙත් පවතින තත්වයන් තේරැම් ගෙන යම් කිසි නිවැරදි පුරෝකතනයක් කල හැකි තත්වයේ අධ්‍යයනයක් කල හැක. එවැනි එක් අධ්‍යයනක නිවැරදි බාවය "2010 ජනපතිවරණයට පුරෝකතනයක්" ඔප්පු විය. නමුත් එකට සත්‍යයයි දෙකට සත්‍යයි තුනට සත්‍යයයි හා n ට සත්‍යයි කියා n+1 ට සත්‍යයයි කිමට තරම් කුහක වන්නේද නැත.

පවතින තත්වය තුල ජවිපේ හා එජාපය වෙන් වෙන්ව තරග කරන බව සක්සුදක් ලෙස පැහැදිලිය. එයිනුත් සරත් හා ජවිපේ හංසයා ලකුණෙන් තරගකරනු නෙඅනුමානය. නමුත් සරත් ජවිපේ බොරැව නාම යෝජනා බාරදිමට පෙර තෙරැම් ගතහොත් එජාපය සමග එකතු වනු ඇත. එජාපයේ අලියට කතිරය ගැසු කිසිවෙක් මහමැතිවරණයේදි හංසයාට කතිරය නොගසයි. නමුත් දුෂණයට අල්ලසට විරද්ධව සරත්ට කතිරය ගැසු එජාප පාක්ෂිකයන් නැවත අලියට කතුරය ගසන්නේ නම් එය ආත්ම වංචාවකි මන්ද සරත්, රවි මුලීක කරගත් හොර නඩයට වඩා වැඩි ගුණාකරයකින් වටින්නේය. සරත් ජවිපෙන් ආවොත් එජාපයේ සැලකියයුතු දැඩි නොවු චන්ද ගණනක් හංසයට යනු ඇත. එය හුදෙක් සරත් සදහා මිසක් ලිංමැඩි ජවිපේ නිසා නොව.

කාලයක් තිබුණා තරැණ කැල රතු පාටත් සමග එක්ව ගිය යුගයක්. එයට හේතුවක් තබුණි. මන්ද මොවුන් රට ජාතිය ගැන කතා කරන අතර එවා සමාජ ගත කිරිමට පත්තර කිහිපයක් බෙදා හැරිය. එවා රහසේ තරැණයන් අතර කියිවිමට ලක්විය. එලෙසම තරෑණ රැඩිකල් මත වන උද්ගොෂණ, රැස්විම්,සමාජිය වැඩ සමග තරැණයෝ අත් වැල් බද ගත්හ. නමුත් දැන් සමාජය ඊට හාත් පසින්ම වෙනස්ය. දැන් තරැණයින් ජංගම දුරකතන, අන්තර් ජාලය භාවිතා කරයි. එහෙයන් අර ජවිපේ රහස් පත්තර වලට දැන් බොරැ දේශෙ ආලයක් ගොඩ නගා තරැණ පෙළ එක් කල නොහැක. තරැණ සමාජය අද ගනුදෙනු කරනුයේ ලෝකයත් සමගය. එහෙයන් ඔවුන්ව බොරැ උද්ගොෂණ වලට සත්‍යගුහ වලට හසු නොවෙයි. තමුන් කරන්න යන දෙය දෙපාරක් සිතයි. එය මෙවර මැතිවරණයෙන් මොනවර පැහැදිලි විය. උදහරණයක් ලෙස සිංහල බ්ලොග් කරණය තුල ජවිපෙයට කිසිදු සාහායක් නොලැබිණි. ජවිපෙට ලිපි වලටත් පිළිතුරැ සැපයුයේ එජාප හිතුවතුන්යට. එලෙමස "මුහුණු පොත" තුල ජවිපයක ලකුණක්වත් පෙන්නට නැත. හෙතුව දැනට ජවිපේ ඉන්නා සහෝදරයන් දන්නේ පොස්ට්ර් ලිවිමටත් ඇලවිමේ තාක්ෂනයත් පමණි. එකල එය හොද මධ්‍යයකි. එවන් එක් උදාහරණයක් පහල සටහන් කරනේමු.

ජනපති රණසිංහ සමයේ,ජවිපේ පොස්ට් තාක්ෂණය ඉහලම තලයේ තිබුණි. ඔවුන් එකල යොදාගත් එක් උපායක් වුනුයේ ඔවුන්ගේ හා රණසිංහ මහතා ගේ රැව රැගත් පොස්ට්ර් දෙකක් ගසයි. රැට පොස්ට ඇලවිමට යයි. පොලිසිය හමු වු හෝ පෙන්නට ගහන්නේ රණසිංහ මහත්තයාගේ පොස්ටයයි. හැබැයි යට්න් ඇත්තේ ජවිපේ පෝස්ටරයයි. එන්ම්, මුලින් ජවිපේ පෝස්ටරය පාප්ප ගා තාප්පය අලවා, ඉන් උඩින් වතුර ගා රණසිංහ මහතාගේ රැව අලවයි. පොලිසියත් රැවටෙයි. නමුත් පහුවදා උදේ වනවිට රණසිංහ මහතාගේ රැව රැගත් පෝස්ට්ර් ගැලිවි[අව්වට වතුර වාෂ්ප වි වතුරෙන් ඇලවු පෝස්ට්ර් ගැලවියයි] හොස් ජවිපේට අවැසි පණිවුඩය සමාජ ගත වි ඇත.

ඔවුන්ට පෝස්ටර්,උද්ගෝෂන, සත්‍යගුහ වලින් තොර ජිවිතයක් නැත. සිටිනුයේ ලිදේ සිටිනා ලංමැඩියකු සේමය. එහෙත් එජාපයේ තරැණ කැල ඊට වඩා ඉදිරයට ගොස් ඇත. උදාරණයක් ලෙස දැන්මම සජිත් මහතා වෙනුවෙන්, මිතුරන් රාශියක් කැටි කොටගත් සමාජ තලයක් පිහිටුවාගෙන ඇත. එම නිසා එජපයේ තරැණ කැලට, ජවිපේ මොළසොදාගත් තරෑන පෙල තමුන්ට ඔනා හැටියට නැටවිය හැක.

මෙර පැවති මැතිවරණයේ තරැණ චන්ද වැඩි ගණනක් මව් බිම වෙනුවෙන් භාවිතය ගැනින. මෙය ජවිපේ අයත් හොදින් දනි. එහෙයින එලඹෙන මහ මැතිවරණයේදි ජවිපෙට ආසන 5 කට වඩා නොපැමිනෙයි. එදාට ජවිපේ ගමන් මග ඇන හිටි. රටක තරැණ පෙළ හොදින් මෙහෙයවිමට හැකියා තිබු ජවිපේ දැන් වල පල්ලට යමින් තිබෙනුයේ, නිවැදරි තිරණ නිසි කලට නොගත් හෙයිනි. දැන් එම වැරදි නිවැරදි කිරිමට කාලයක් නැත. ඔවුන්ට අනාගතයක් නැත.

මෙවර මෙම ලිපියට සටහනක් දැමිමට එකදු ජවිපේ තරෑණයෙක් නොහිටියෝත නුවර පාර ලෙස එය ගැන පුදුම නොවනු ඇත. නමුත් හෙට පාරක තප්පයක් මත නුවරපර දුෂිතයි කියා පෝස්ටරයක් තිබෙණු ඇත.

වැදගත්
මෙවර ජනපතිවරණයෙද් ජවිපේ හා එජාප එකතුවට විරැදධව බුලත් කොලයට කතිර ගැසු හා තම චන්දය නොදුන් පුද්ගලයන් අලියට කතිරය ගසා ලක්ෂ 41 ට වඩා වැඩි චන්ද සංඛ්‍යවක් ගනු ඇත.

7 comments:

  1. කැන්ඩි ඔබ නැවතත් දේශපාලන ශීර්ෂයේ ලිපි ලිවීමට ආගමනය වීම ගැන සතුටු වන්නෙමු. නමුත් අප ඔබ සමග එකඟ නොවන තැන් බොහොමයක් තිබේ. ඔබ කියන ආකාරයට ලෝකය දියුණු වී ඇත්නම් මැතිවරණයක් ලංවූ විට රැස්වීම් තිය තියා නගරවලට යා යුතු නැත. එසේනම් මහින්දට එ් සියල්ල ෆේස් බුක් එකේ හරි මේල් වලින් හරි යවලා ගෙදරට වෙලා ඉන්න තිබ්බනේ. එ්ක නෙමෙයි ඇත්ත. අපි ඔබ වගේ කීප දෙනෙක් මේ තරම් තාක්ෂණය සමග එකතු වෙලා හිටියට අද ලංකාවේ අති බහුතර තරුණයෝ සහ අනෙකුත් ජනතාව ඉන්නේ මේවායින් ගොඩක් දුර. අනික ජවිපෙ තියෙන කතා ශෛල්‍යයට හෝ ඔවුන්ගේ උපක‍්‍රමශීලී ප‍්‍රචාරණ ක‍්‍රමවේදයන්ට අභියෝග කිරීමට තරම් කිසිම දියුණු පක්ෂයක් ලංකාවේ නෑ. මහින්ද දුවන්නෙත් විමල්ගේ කටිං. එ්ක හැදුවෙත් ජවිපෙ. අපි එකඟ නෑ ජවිපෙට ලිංමැඩි දේශපාලනයක් කියනවාට. මොකද මේ ඡුන්දෙන් වික‍්‍රමබාහු 8000කුත් සිරිතුංග 7000කුත් විජේ ඩයස් 4000කුත් ගද්දි ඔබට තේරෙනවා ඇති වාමාංශය කොයිතරම් ලිංමැඩිද කියලා. එ්ත් ජවිපෙ හිටියේ ඊට ගොඩක් එහා ගිය තැනක. එ් හින්දයි අපි කියන්නේ ජවිපෙ බිමේ දේශපාලනය හඳුනාගත් පක්ෂයක් කියලා. දුර්වලතා නෑ නෙමෙයි. තියෙනවා. එ්ත් ඔබ කියන තරං අසරණ නොවුණු පක්ෂයක් කියලනං විශ්වාසයි. ඔබ කියපු විදිහට අඩව්වේ අප ජේවීපී කාරයන් විදිහට ඔබට උත්තර දෙනවා කියලා හිතන්න එපා. එ්ත් අඩව්වේ අප විශ්වාස කරනවා මේ හැම මතවාදයක් දරන පක්ෂයක්ම අපේ දේශපාලනය තුළ තිබිය යුතුයි කියලා. එ් වගේම එ්වා දිගින් දිගටම සන්ධානගත වී දියවී යනවටත් අඩව්ව එකඟ නෑ.

    ReplyDelete
  2. මුහුනුපොතේ ජවිපෙ ඉන්නවද නැද්ද කියල බලන්න මුහුනු පොතට ගිහින් facebook suppoters of JVP කියප ටයිප් කරල බලන්න.
    ඔබ මීට පෙර කිහිප වතාවකදිම ජවිපෙ නව තාක්ෂනය සමග නැහැ ජවිපෙ ලිංමැඩි ආදි වශයෙන් කියා තිබුන නිසයි මේ ප්‍රතිචාරය දක්වන්නෙ.
    අන්තර්ජාලයේ හෝ බ්ලොග් අවකාශයේ ජවිපෙ නැහැ කියල නිගමනයකට එන්න ඔබ හදිස්සි වුනා වැඩියි යාලුවා.ජවිපෙ හැමතැනම ඉන්නවා.ජවිපෙ විසින් වෙබ් අඩවි පවත්වගෙන යනවා.ජවිපෙට හිතවත් වෙබ් අඩවි තියෙනවා.තමන්ගේ සෑම ක්‍රියාකාරකමක්ම වීඩියෝගත කරල ජවිපෙ අන්තර්ජාලයට මුදාහරිනවා.ඔයා දන් නැති වුනාට විදෙස්ගත විශාල ජාලයක් ජවිපෙට තියෙනවා.පිටරටවල ජවිපෙ ශාඛා තිබෙන අතර ඒවා එක්ක අන්තර්ජාලයෙන් ජවිපෙ ගනුදෙනු කරනවා.
    බ්ලොග් ලියන අය කියවන අය අතරත් ජවිපෙ හිතවාදීන් ඉන්නවා.ජවිපෙ කියල ලේබල් ගහගත්තෙ නැතිවට ජවිපෙ මතවාදය බ්ලොග් අවකාශයේ තියෙන හැටි ඔයාට පේන්නැතිව ඇති.ඒත් මොලේ සහිතව බලන කෙනෙක්ට පේනවා.ඒ නිසා ඉක්මන් නිගමන වලට එන්න එපා.හොදට හොයල බලල කතාකරන්න.
    පෝස්ටර් එක වගේම නව තාක්ෂනයත් ජවිපෙට හොදට හුරුයි.
    ඔයා දරදිය ඇදල කඩේ ගිය ආන්ඩුවේ මැරයන් ජවිපෙ නාගරික මන්ත්‍රී කෙනෙක්ව පහුගියදා ඝාතනය කලා.
    ජවිපෙට හිතවත් ලංකා පුවත්පත සීල් කලා.
    ජවිපෙ පාලනය කරන තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ කටයුතු අත් හිටුවන්න නියෝග කරල.
    තිස්සමහාරාමේ සභාපතිගෙ වැටුප 10 000 ක්.මන්ත්‍රීවරුන්ගේ වැටුප 5000 යි.දැනට අවුරුදු 8 ක් පුරා මේ එක සතයක් ඔවුන් පුද්ගලික පරිභෝජනයට අරන් නැහැ.ඒ සේරම පොදු අරමුදලකට දාල ප්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් වැඩ කරනවා.ලිංමැඩි වැඩ කියන්නෙ මේවද?ඔයා කඩේ යන එක දේසපාලකයෙක් මේ වගේ ආදරශයක් දීල තියෙනවාද?
    දකුනු පලාත් සභාවේ සල්ලි වලින් පහුගිය දවසක මන්ත්‍රීවරු ( එජාප ශ්‍රිලනිප ) රට සවාරි ගියා.මේවා මහජන සේවයට යොදන්න තියෙන මුදල් ඒවයින් පුද්ගලික සවාරි යන්න එපා කියල විරෝධය පෑවේ ඒව රටට එලි කලේ ජවිපෙ.මේ රටේ ජල සම්පත විකුනන්න ගිය ඉතිහාසයක් තිබුන.වනාන්තර විකුනන්න ගිය ඉතිහාසයක් තිබුන.ඒවාට විරුද්ධව යාලුවා කතාකලේ ජවිපෙ.සටන් විරාම ගිවිසුම් ගැන රටට හෙලිකලේ ජවිපෙ.ඔයාගෙ මහින්ද අගමැති වෙලා ඉන්න කාලෙ ගෙනාපු සුනාමි සහන මන්ඩලය පරද්දන්න අධිකරනයට ගියෙ ජවිපෙ.
    ජවිපෙ සාමාජිකයා ජවිපෙට සම්බන්ධ වෙන්නෙ තමන් අදහන දේශපාලන දර්ශනයක් නිසා.බත් පැකට් එකය අරක්කු බෝතලේට පෝස්ටර් ගහන සංස්කෘතිය ජවිපෙ නැහැ.රස්සා දෙනව කියල සාමාජිකයො එකතු කරන සංස්කෘතියකුත් ජවිපෙ නැහැ.මහින්දගෙ හා රනිල්ගෙ පක්ෂෙ වටේ ඉන්නෙ පුදගලික අපේක්ෂා වලින් ඔලුව කුරුවල් වුන අය.ජවිපෙ සාමාජිකයා වැඩ කරන්නෙ ඊට වඩා සම්පූර්නයෙන් වෙනස් විදිහකට.
    ජවිපෙ පූර්නකාලිකයෙක් එක්ක ඔබ ආසාවකට කතා කරල තියෙනවද?ලිංමැඩියා කියන්න ඉස්සෙල්ලා එහෙම සොයාබැලීමක් කරොත් නරකද?ජවිපෙ පූර්නකාලිකයෙක් කරන කැපවීම,ඔවුනගේ ජීවිතය ගැන අදහසක් හරි තියෙනවාද?
    සැපට බ්ලොග් ලියමින් ටියුබ් එයිට් බලනවට වඩා ලොකු දෙයක් ජවිපෙ සාමාජිකයාගේ භාවිතය තුල තියෙනවා.
    නොදන්න දෙයක් ගැන ගරහන එක ලේසියි මිත්‍රයා.ඒත් වටින්නේ ලේසි විදිහට ගරහන එක නෙමේ ඇත්ත තත්වෙ මොකක්ද කියල පොඩ්ඩක් විපරම් කරල බලන එක.

    ReplyDelete
  3. there are 2 supporters.

    ReplyDelete
  4. @hashan
    මා ඇගයීම පිළිබද මුලින්ම ස්තුති වන්නෙමු.
    අනිවාර්යයෙන්ම විරැද්ධ මත තිබිය යුතු හා එවා ශක්තිමත් විය යතුය. නමුත් බොරව ඉස්සර කර ගමනක් යා නොහැක

    @ඇනි
    සතුටුයි සතුටුයි. ඔයාල ඉන්න ඔනා මට බලාගන්න ඔනා උනා. ඇත්ටම ජවිපේ දැන් පෝසට්ර් වලින් දියුනු තත්වයට ඇවිත්ද කියලා. ඔයා දන්නවා නේද "ගිෂාන්ත" එයා මගේ ගුරවරයෙක්. ඔන් ඔහෙමයි අපි ජවිපේ ගැන ඉගෙන ගත්තේ ....

    ReplyDelete
  5. Me kandy road ge name eka "mahesh" neda? api okkoa details hoya gatta.

    ReplyDelete
  6. @ඇනි
    හු හු දැනගනියි කියලා තමයි බය... හු හු .... කමක් නැහැ මගේ අයිඩේන්ටියත් ඔනා නම් දෙන්නම් අරන් තියාගන්න ... හි හි

    ReplyDelete
  7. තිස්සමහාරාමෙ ගැන කියුවහම මතක් උනේ දවසක් අපි කතරගම ගිහින් එනකොට බස්එක වටරවුමෙ වැටේ ගෑවුනා කරුමෙ කියන්නෙ වැට පාරට වැඩියි එතන වැටක් හදන්න ඉඩ නැහැ.මෙන්න සභාවෙ මන්ත්‍රීතුමෙක් ඇවිත් අලාබ ගන්න හදනවා. වෙලාවට පොලීසියෙ මහත්තුරු දෙන්නෙක් ඇවිත් සාධාරණයක් කලා නැතිනම් මුළු වැටම අපිට හදන්න වෙනවා. ඇත්තටම මිටි පාරවල් දෙකකින් හදන්න පුළුවන් වරදක් තමයි වෙලා තිබුනෙ.

    ReplyDelete