Saturday, February 13, 2010

ඇනියන්ට දෙන අවස්තාව

මෙම ලිපිය හුදෙක්ම අසැබි දේ ලියු ඇනියන්ට පමණි

ඇනියන් අතර සිටිනා අන්මත ඉවසිය නොහැකිව, එයට පිළිතුරැ දෙනවා වෙනුවට අසැබි දේ ලියමින් දැඩි විරෝධයක් පෑමට උත්සාහ දරයි. එනමුදු නුවර පාර තහනම් හෝ ලිපි ලිවීමට නතර කිරිම ඔබට කල නොහැක්කකි. මට විරැද්ධ වුවත් sam හා tharu සභ්‍ය ලෙස අදහස් ඉදිරිපත් කර තිබුණි.

මහා ලොකුවට පුජාතණ්තුවාදය හොයන ඔවුන් අතලොස්සක් පැමිනෙන නුවර පාරට දැඩි බලපෑමක් දක්වයි. බැරිවෙලාවත් මොවුන් බලයට පැමිණියා නම්. ...?

කෙසේ වෙතත් අද මෙම ලිපිය ඇනියන්ට ඇති ලිපියකි. ඉදිරියට පල වන ලිපි වලට ඇනියන්ට පිළිතුරැ දිය නොහැකිද යන්න මෙයට ලැබෙන සටහන් වලින් තීරණය කරමි. ... එම නිසා මට ඇති තරම් බැනපල්ල. ඔන දෙයක් ලියපල්ලා එකක් වත් මකන්නේ නැහැ..... හැබැයි මේ අවස්තාව තීරනාත්මක වෙයි .........එත් එක් අසැබි සටහන්ක දැමුවොත් එය එවේලේම මකා තිරණයක් ගනිමි.

වැදගත්
මා හිතනා අන්දමට අසැබි දේ ලිව්වේ එකම පුද්ගලයෙකි .... මන්ද යත් එකම IP ම විය

පසුව ලියම්
සමා වුව මැන එක් ඇනියෙක් කරනු ලැබු අසබි සටහනක් නිසා සියලු ඇනියන් නතර කරන ලදි

7 comments:

  1. එළකිරි නුවර පාර.
    ඔබ මේ පියවර ගනු ඇතැයි මා බලාපොරොත්තු වූයේ මීට ටික කාලයකට පෙරයි. හරියටම කියනවානම් මෙහි පැමිණෙන ඇනෝනිමස්ලා ඔබේ ජාතකය සෙවීමට උත්සාහ කළ දිනවලදීයි. කෙසේ වෙතත් අන්තර්ජාලයේ නිර්නාමිකත්වයට මුවා වී කුනුහරුප ඇදබාන්නන් හට බිය විය යුතු නැත. මන්ද ඔවුන්ට කළහැක්කේ එළෙස කුනුහරුප ඇදබෑම පමණක්ම වන බැවිනි. ඔවුන්ට රිසි සේ කුනුහරුප ඇදබෑමට දෙන්න. ටික දිනකින් ඔවුන්ටම ඇතිවී යනු ඇත. මතවාදීව නොගැටෙන්නන්ගේ ගැටීම් වැඩිකල් නොපවතී. ඔබේ ගමන ඔබ යන්න. මේ මානසික රෝගී ඇනෝනිමස්ලාගේ කෑගැසීම් ටික කලකින් නවතිනු ඇත.

    ඔබට ජය...

    ReplyDelete
  2. බැරිවෙලාවත් මොවුන් බලයට පැමිණියා නම්. ...?

    Den mahinda lokka balaye idala korana dewal penawane....

    ReplyDelete
  3. අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කළ, දළදා මාලිගාවට බොම්බ ප්‍රහර එල්ල කළ කරුණා අම්මාන්ට හා පිල්ලෙයාන්ට නිදහස ලබාදී රජයේ ඇමැතිකම් ලබා දුන්නා සේම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටද සිය විධායක බලය උපයෝගී කොට ගනිමින් සියලු චෝදනාවලින් නිදහස් කොට අත්අඩංගුවෙන් මුදවා නිසි ආරක්ෂාව ලබා දෙන ලෙස ත්‍රෛනියාකිය මහ නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක අතිගරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිගරු උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත, අමරපුර මහ නිකායේ මහ නායක අතිගරු දවුල්දෙන ඤාණිස්සර, රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිගරු වේවැල්දෙණියේ මේධාලංකාර යන නායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුත් ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
    What do u say about this?

    ReplyDelete
  4. @රනා
    මචෝ මම ඉවසුවා ඇති වෙනකල් මුලින්ම මම
    1. මුලිනම, අසැබි එව්වා මලුමනින්ම මකලා දැම්ම
    2. දෙවනුව, මැකු බව පෙනෙන්ට සහටන් විතරක් මැකුවා
    3. තුන්වනුව, මකන්නේ නැතුව හිටියා

    නුවර පාර තුල තියන නිදහස, වල් බුරෑ නිදහසක් බවට පෙරල ගත්ත. එහින්ද මම මේ තිරණය ගත්තේ ...

    @සියල්ලට
    බලන්න දැන් කොච්චර ලස්සනද කියලා
    ඔන දෙයක් කියන්න. හැබැයි අසැබි එව්වා ලියන්න එපා

    ReplyDelete
  5. ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර මහ මළුවේ දී ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිත සංඝ සම්මේලනය කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුවට හිතවත් සංඝයාවහන්සේලා පිරිසක් රැස්කරන ලෙස මර්වින් සිල්වා හා රෝහිත අබේවර්ධන යන හිටපු අමාත්‍යවරුන්ට පවරා ඇතැයි වාර්තා වේ.


    "සංඝයාවහන්සේ ද රටේ ව්‍යවස්ථාවට හා නීතියට ගරු කළ යුතුය" යන තේමාව යටතේ මෙම සංඝයා පිරිස සංඝ සම්මේලනයට එරෙහිව පෙළ ගැස්වීමට සැලැසුමකර ඇතැයි ද පැවසේ. කෙසේවුවද, රෝහිත අබේවර්ධන විසින් කළුතර ප‍්‍රදේශයේ නායක සංඝයා වහන්සේලා කිහිපදෙනකුට මෙම වැඩසටහනට එක්වන ලෙස ඇරයුම්කර ඇතත් උන්වහන්සේලා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේපකර ඇතැයි වාර්තා වේ.

    උන්වහන්සේලා මෙම ඉල්ලීම ප‍්‍රතික්ශේපකර ඇත්තේ, කල්ගතවී හෝ ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් සමස්ත සංඝයා වහන්සේම එක්සේසත් කිරීමට උත්සාහකරන මේ අවස්ථාව පැහැර හැරීමට නොහැකිබව පවසමිනි.

    එසේ ප‍්‍රකාශ කළ විහාරාධිපති හිමිවරුන් කිහිප දෙනෙකුට පරිභවකර ඇති රෝහිත අබේවර්ධන, "මේ ගණයෝ දැන් ඉතින් ජනාධිපතිතුමාගෙන් දන්වේලක්වත් කාල ඉවරයි"යනුවෙන් බැණ වදිමින් විහාරස්ථානවලින් පිටව ගොස් තිබේ...

    ReplyDelete
  6. මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතා පරාජයට පත්ව තිබෙනවා. සාමාන්‍යයෙන් මැතිවරණයක ජයග්‍රහණය සහ පරාජය ඒ ඒ පාර්ශ්ව පිළිගන්නවා. නමුත් අද සිදුවෙමින් තිබෙන්නේ ඒ ප්‍රතිඵලය පිළිගත නොහැකි තත්වයක්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා, මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නවා, මාධ්‍ය ආයතන සීල් තබනවා. සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙනවා. මේවා සංවේදී හදවතක් තියන කලාකරුවන්ට අනුමත කරන්න පුළුවන්ද? මාධ්‍යවේදීන්, නිර්මාණ කරුවන් මේ මර්ධනයට එරෙහිව මීට වඩා පෙරට ආ යුතුයි. සංවේදීකම වෙනුවෙන් පෙනී සිටි පිරිස් මේ කාරණයේදී සංවේදී වියයුතුයි. කොටි ත්‍රස්තවාදයෙන් මවුබිම බේරාගත් යුද වීරයා නිදහස් කර ගැනීම සදහා සියලු දෙනා පක්ෂ පාට නොබලා පෙරට ආ යුතුයි.

    ReplyDelete
  7. @Anonymous

    ජැක්සන් ඇන්තනිල, රෝහණ වීරසිංහල මහ සම්භාව්‍ය පාට් දාගෙන ආවට එයාල සම්භාව්‍යද? , සම්භාව්‍යද නැද්ද?තීරණය වෙන්නෙ රටේ ජනතාව, සහ ඒ ගොල්ල කරන්නෙ කුමක්ද යන්න මත. පැසිස්ට්වාදීන්ට කඩේ යන අසූචි හෝදන අය කිසිදාක කලාකාරයො නෙමේ, ඒ ගොල්ල සම්භාව්‍යත් නෙමේ. ඒ අය මිනී මරු දේශපාලනයක් බිහි කරන්න දායක උනු අමන කලාකාරයො. ඒව මේ රටට කිසිදාක අමතක වෙන්නෙ නෑ අපි අමතක කරන්නෙත් නෑ. බලමු ඒ ගොල්ලද සාම්භාව්‍ය නැත්නම් රටේ අනාගත ගැන හිතල ජනතාව ගැන හිතල වැඩ කරණ කලාකාරයොද සම්භාව්‍ය කිය කියල...

    ReplyDelete