Sunday, February 21, 2010

ශක්තිමත් විපක්ෂයක අවශ්‍යතාවය

දැන් තියන දේශපාලන වතාවරණය රටට වැඩදායක වන්නට නම්, ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමය. නමුත් එක්විමට වඩා කැඩි වෙන්වි යාම තම වාසියක් ලෙස සිතු අලියා තනි ගමනක් යෑමට උත්සාහ කරනුයේ සියලුම එකඟතා හා එක්විම් අමු අමුවේ පාවා දෙමිනි. සමහර විට රට පවා දුන් අයට මෙය කජ්ජක් නොවන නිසා මෙයට පුදුම විය යුතු නැත. ජවිපයෙ හා එක් නොවිමට ප්‍රදානම හේතුව එජාපයේ ආසන ජවිපේ විසින් ඩැහැ ගනු ඇතැයි කුහක සිතින් සීතිමයි. එලෙසමමෙහි යම් කිසි සත්‍ය තාවයක්ද නැතුවාම නොවෙයි. කාටත් මතක ඇති 2004 දි ආසන 40 ක් දක්වා ගොඩ නැගුන හැටි

කෙසේ හෝ එක්ව තරග කලා නම් යම් කිසි ආසන ගනනක් වැඩිපුර ගැනීමට හිකියාව ඇත. දැන් ආණඩු පක්ෂය කෙසේවත පැරදවිය නොහැක. එම නිසා අපගේ යුතුකම වනුයෙ විපක්ෂයට කට පන ඇති කස්ටියක් තොරා පත් කර යැවිමයි. සරත් ප්‍රමුඛ කණ්ඩායම මෙයට වඩාත් සුදුසු වෙයි. ඔබත් ගියවර දුෂණය විරුද්ධව හා යහපාලනයට සරත් කතිර ගැසුවා නම් හිතට එකඟව මෙම මහමැතිවරණයේ අලියට කතිරය ගැසිය හැකිද? නොහැක කෙසේවත්ම කල නොහැක. එම නිසා ජවිපේ සහෝදර වරු පාර්ලේමන්තුවට යැවිමට ඔබ උත්සුක විය යුතුය.

කිව්ව පරදි පසුගිය කල සරත් වෙනුවේන සිංහල බ්ලොග් ලියු කවුරුත් තවමත් නිශ්ෂබ්දය. හේතුව නැවත අලියට පක්ෂව ඔවුන්ට තම බ්ලොග් කරණය මෙහෙය විය නොහැක. මන්ද පසු ගිය ලිපි බැලු කල ඔවුන් විසින්ම රනිල් අවමානයට ලක්කොට ඇත . තවමත් පරක්කු නැත ඉක්මනට ඔබ සරත්ට පක්ෂව ලිපියක් ලියනු ඇතැයි අපි සිතමු. එහෙත් එය ඉටු නොවනු නිසැකය.

9 comments:

  1. නුවර පාර,

    බෙදී වෙන්වී ඉල්ලීම සාර්ථකය යන්න අඩව්වේත් අදහසයි. එය ඉදිරියේ ලිපියකින් පැහැදිලි කිරීමට අපේක්ෂා කරන්නෙමු. නමුත් ඔබ කියන පරිදි ගියවර ජෙනරාල් වෙනුවෙන් පෙනී සිටි කිසිඳු බ්ලොග්කරුවෙකු හැලී නැත. අප පෙරටත් වඩා ශක්තිමත්ව සිටිමු. අප පෙර සිටි ස්ථාවරයන්ගේම සිටිමු. අපේ නොඑකඟතා කොතෙක් තිබුණත් අප සතු එකම එකඟතාවය වන්නේ වත්මන් පාලනයට නොඑකඟ වීමයි. එනිසා නොඑකඟතාවයට එකඟ වෙන අප ශක්තිමත්ව ඉදිරියේදී ඔබගේ චින්තනයට උත්තර දීමට සැදී පැහැදී සිටින්නෙමු.

    දැන් ඔබට නම් උභතෝකෝටිකයක් මතුවී ඇති බවක් අපට පෙනේ. දැන් අලියාද කුසලානයද කියා ඔබට විශ්වාසයක් නැති නිසා ඔබ මෙය ලියුවා විය හැකිය. මන්ද ඔබටත් තවම පැහැදිලි නෑ විපක්ෂයේ උපක‍්‍රමයන්. එය ආණ්ඩුව ඩග්ලස් දේවානන්ද හෝ පිල්ලෙයාන් වෙනමම දැමීමට වඩා එහා ගිය තාර්කිකත්වයක් තුළ තීරණය කළ දෙයක් බව අඩව්වේ අදහසයි. එනිසා තව ටික ෙදාහක් ඔබ තක්බීරි වූ ගතියෙන්ම සිටින්න. මන්ද එවිට අපටද යම් ඉස්පාසුවක් ලැබෙනු ඇත.

    ReplyDelete
  2. //කට පන ඇති කස්ටියක් තොරා පත් කර යැවිමයි.//
    පලවෙනි වචන දෙක අපේ රට ගැන යහමින් පැහැදිලි කරයී. අපේ ගමේ කටයී පුකයී වහගෙන හිමීට හිමීට කතා කොරන ඉස්කෝලේ මහත්තයා මට යෝජනා කරන්න බැරිය. හැබැයී හවසට හවසට පොඩ්ඩක් බීලා, ගෙවල් ඉස්සරහා කානුවේ නිදාගන්නා නියමෙට කට පන තියෙන නායකයෙක් සිටිති. පහුගිය දෝහේ, හොද ගුටි කෙලියකින් පස්සෙ පොදු පෙරමුනට පන්සලේ දායක සබාවේ අයීතිය ලබා දුන්නේත් උන්දෑය. උන්දෑගේ නම යෝජනා කිරීමට මම කැමතිය.

    ReplyDelete
  3. giya para api MR ta, dan hansayata....... UNP+TNA+MC elawamu !!!

    ReplyDelete
  4. @hashan
    එත් ජවිපේ කියන්නේ එකුත වෙන්න අවේ නැහැ කියලා. කොකටත් කියන්න බලන්න ඔය කියන උපාය ගැන විස්තර ටික

    @සෑම්
    මරු කතාව. ගමේ මිනිහා පාරෙ බදි මේ හොරයක්කු නයට් ක්ලබ් වල

    ReplyDelete
  5. @hashan
    ara LTTE eka kala wage tactical withdrawal ekak da?

    ReplyDelete
  6. හොද වෙලාවට හොරයක්කු ටිකවත් මොලයක් ඇතිව නයීට් ක්ලබ් එකකට යන්නේ. මල කෙලියයී වන්නේ උනුත් බීලා පාර දිගේ කෑගගහ යන්න ගියෝතින්. :)

    ReplyDelete
  7. නුවර පාරට මේ සැරේ ඇමති කමක් ෂුවර්

    ReplyDelete
  8. හහාහා දැන් ජනපති චන්දෙ දිනන්න ජෙප්පො කඩේ යව ගත්තු යූඑන්පී කාරයො උන්ගෙ සීට් ටික පරෙස්සම් කර ගන්න ජෙප්පො කැපුවා මේ හෂාන් ලා කොහොමත් ජෙපොන්ට අදරේ තිබ්බ උන් නෙවෙයි දන් කියන්න බැහ නේ එකතු වෙන්නෙය් කපන්නෙය් තමන්ගෙ පුද්ගලික වාසියට කියල දැන් කියලව කාගෙත් හොදට කියල හහා

    ReplyDelete
  9. ඉතින් ඒකමනෙ මහින්ද ලොක්කත් කරේ

    ReplyDelete