Monday, February 22, 2010

පාවා දීමට වසර 8 යි

අද පෙබරවාරි 22 ඉතිහාස ගත දිනයක්. 1815 න් පස්සේ අපේ රට බරපතල පාවාදීමකට ලක් කරපු, ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරපු දවස තමයි අද. වසර 2002 පෙබරවාරි 22 දාවක, කුරිරු ත්‍රස්තවාදීන් එක්ක ගිවිසුමකට එලඹිම අදවැනි කාලකන්නි දවසක සිදු විණි.

චන්ද්‍රිකා විසින් කැන්දාගෙන ආ නොර්වේ රටත් එක්ක එකතුවෙලා අංක එකේ බටහිර එජන්තයා වෙච්ච රනිල් වික්‍රමසිංහ නම් වු කොන්දක් නැති ඒ නායකයා සමඟ මගේ මව් රට ත්‍රස්තවාදයට යටකරපු අද වගේ දිනයක මෙම ලිපිය ඉතා පිළිකුලෙන් හෝ තැබීමට තරම් මා වාසනාවන්ත වුයේ, දැන් නිදහස් රටක ජීවත් වන බැවිනි. පොළවේ පය ගසා ජනතා හද ගැස්ම නොදන්නා මේ දොන් ජුවන් ධර්ම පාල නම් වු පරගැති නායකයා මෙරට මහපොළවෙන් කොටසක් හා මහ මුහුදෙන් කොටසක් කිසිම හිරිකතයකින් තොරව ත්‍රස්තවාදීන්ට ලියා දුන්නේ බටහිරයන් හෙවත් තම මව් රට පිනවීම සඳහාමය. දැන් නම් එය සාදරණිකරනයට උජාරුකතා කියයි.

මගේ මව් බිම ඉරක් ඇද වේ කීරිමට තරම් බලයක් මොහුට අවේ කොහින්ද? එදවස කොට්යාට ත්‍රස්තවාදියා කීමට පවා මැලිවු මෙම රෑකඩ නායකයා අද යුද්ධයේ විරැවාවත් අතහැර දමා තනි ගමනක් යයි. මෙවන් පාවා දීම මොවුන්ට හොදටම හුරු පුරුදුය. මන්ද මේ ලංකාව උන්ගේ රට නෙවෙයි. මුන් වනාහී සුද්දා බෝ කරගිය කලු සුද්දනගේ පැලැන්තියයි. එම ගිවිසුම නිසා රටට හිමි වු තැන නැවත නැවතත් පුල පුල කීමට ඇවැසි නැත. වසර 2002 සිට 2004 දක්වා රට ආණ්ඩු කල මෙම රෑකඩ මිනිසාට ගිවිසුම් ගසා හෝ ඉවර කරගැනීමට නොහැකි වීම අපේ විරැවන්ට පස්ස පෙන්නනට තරම් බලවත් කරවීය. එහෙත් වසර 2005 සිට 2010 වන විට සියල්ල නිම කීරිමට තරම් මහා වු නායක්තවයක් අපට ලැබණි. එහෙව් කර්තවයටවත් උදව්වක් නොදි සෙන්පතියාව ඩැහැගෙන බලයට එමට දැගලුවේය. අවසන එයද සිදුනොවීමෙන් දැන් ඔහුවද අතහැර දමා ඇත

ඉතිහාසයට 1815 තරම්ව 2002 ද පාවාදුන් වර්ෂ ලෙස දැන් සටහන්ව ඇත

5 comments:

  1. Good post Bro, I wonder where are those retarded jack asses who shit by filth in every blog against their favor!!

    ReplyDelete
  2. අනේ නුවර පාර තාම කඩේ යනවා අපිට දුකේ බෑ

    ReplyDelete
  3. මල්ලි, එදා අපි හැඑමොම ඔඅකට සතුටුවුන...
    මතකද?
    රනිල් එක හොදහිතින් කලෙ..
    එ වෙලාවෙ කරන්න තියෙන හොදම දෙය ඊක තමා.
    මම එකට ගරු කරනව..

    ReplyDelete
  4. ඔව් ඉතින් දැන් ඔය කෑගහන අය ඒ කාලෙ ඕකට කැමති උනා නෙ සාමය සාමය කියල කොච්චර උඩ පැන්නද

    ReplyDelete
  5. ඔබගේ දේශපාලන දැනීම වීරවංශ වේදිකාවේ ගිරිය පුප්පා දිගහරින පබ්ගල් වලින් එහාට ගොස් නැත. රනිල්ගේ ගිවිසුම ජාතික ප්‍රශ්නය විසදීම උදෙසා ගනු ලැබූ නිර්භය සහ ශිෂ්ඨ සම්පන්න ව්‍යායාමයකි. දෙමළුන්ගේ ලෙයින් පමනක් පිපාසය සංසිදෙන ඔබ වැනි ගෝත්‍රවාදීන් එය තේරුම් නොගැනීම පුදුමයක් නොවේ. විරුද්ධවාදීන්ට මඩ ගසා බඩ වඩා ගන්නා මහින්ද අබේසුන්දර, හඩ්සන් ගේ නඩයට නම ඇතුලත් කර ගෙන තරුණයෙක් වශයෙන් ආත්මය විනාශ කර නොගෙන ශිෂ්ඨ සම්පන්න දේශපාලන විචාරකයකු වන්න උත්සාහ කරන්න. KHAP Dayaratne

    ReplyDelete