Sunday, February 14, 2010

දෙරණට ආචාරය

මා දන්නා කාලය තුල, ගායන ලොවට නවකයන් කැන්දා ගෙන එමට මහත් වු ප්‍රයත්නයක් දැරුවේ තරුණ සේවා සභාවයි. එදවස ඔබටත් මතක ඇති, තුරුණු ශක්ති නමින් රුපවාහිණියයේ දෙවනි නාලිකාව හරහා නවයන් ගී ලොවට හදුන්වා දුන් අයුරැ. ඉන් පසු ඇමරිකන් අයිඩල් නම් වු වැඩ සටහනේ ලාංකීය නැඹුරුව ලෙස, සිරස නාලිකාව විසින් සුපර් ස්ටර් වැඩ සටහන ලාංකීක පේක්ෂකයාව අලුත් මගට රැගෙන යන ලදී. එමග යමින් ස්වධීන / ජාතකිය / ස්වර්ණවාහිණිය / දෙරණ මෙන්ම ට් එන් එල් මගින්ද මෙම සුපිරි තරු සොයා යෑම තරඟකාරී අන්දමින් ආරම්භ කෙරැණි.

අද වන විට යම් කිසි මට්මක තිබෙන වැඩසටහන් අතුරින් දෙරණ නාලිකවේ යන ඩ්‍ර්ම් ස්ටර් තරඟය පෙක්ෂයනට මෙන්ම තරඟකරුවන්ටද නවක අද්දෑකිමක් ලබා දී ඇත. ඇත්තටම ප්‍රාසාංගික අතින් ඉදිරියෙන්ම තිබෙන මෙම වැඩ සටහනට ලං වීමටවත් අන් මෙවන් ආකාරයේ වැඩසටහ්නවටල නොහැක. මෙවැනි ක්‍රම ලාංකීකයන්ට හදුන්වා දීම සිරස හාරහා සිදුවවුත්, එය අපේ කමට පරිවර්තකය ඔවුන්ට නොහැකි විය. මෙම අවස්තාවෙන් ප්‍රයෝජන ගත් දෙරණ සෑහෙන ප්‍රතිචාර ලබමින් ඉදිරියට යයි.

ස්වර්ණවාහිණිය ගැන කතා කීරිමට නොහැකි තරම් වැඩසටහන් වල ගුණාත්මක භාවය අඩුව ගොස් ඇත. කලක් ඉමහත් ජනාදරයට පත් වු මෙම නාලිකාවට මෙම ඉරණම අත්වුයේ කෙසේදැයි සෙවිය යුතුම කාරණාවකි. රජ්‍ය මධ්‍ය මෙම වැඩ සටහන් කරනුයේ, අති වියත් මණ්ඩල සහභාගීකරගෙනය. එම නිසා හා එවාහි ඇති ප්‍රාසංගික හා තරුණ ගතිය අඩු නිසා ජනයා එවා බැලීමට ප්‍රියතාවයක් නොදක්වයි.

දෙරණ නාලිකාව තුල ප්‍රචාරය වන මෙම වැඩසටහන ඉදිරිපත්කිරිම අතින් මහත් සේ පැසසිය යුතුමය. විවධ මාතෘකා යටතේ විවධ වු ශෛලයන්ගේ ගී ඇසිමට මෙමගින් අවකාශය ලැබේ. දෙරණ සිදු කරනු ලබන මෙම කර්තවය සදහා ඔවුන්ටද ජනතා ප්‍රසාදය නොඅඩුව ලැබී ඇත.

No comments:

Post a Comment