Thursday, February 4, 2010

මහා පරාක්‍රමබාහු රජ සමය 1153-1186 පාණ්ඩ්‍ය රට ආක්‍රමණය

පරාන්තක රජු 907-955 යටතේ අධිරාජ්‍ය තත්වයකට ගමන ඇරඹු චෝළ රාජ්‍යය, පරකුම් රජු මෙරට රජ්‍ය විචාලන අවදියතෙක්ම ප්‍රබලව පැවතුනද, එහි බලය ක්‍රමයෙන් බිද වැටෙමින් තිබුණි. වර්ෂ 1150-1176 යන කාලවකවානු හෙවත් මහා පැරකුම[1153-1186] රජ්‍යය විචාලන අතර කාලය තුල චෝළ රට රජු වුයේ දෙවන රාජරාජ රජුය. කේරලය හා ලංකාව එක්ව තම පොදු සතුරා වු චෝළයන්ට එරෙහිව දියත් වුයේ පැරකුම් රජු මෙරට පාලනයට වසර 80 කට පමණ පෙර සිටමය. එහෙයින් ලංකා රජ්‍යයට දැඩි බලපෑමක් චොලයන්ගෙන් පැරකුම් රජ සමයේ ඇති නොවිනි. මෙඅතර කාලයේදි පාණ්ඩ්‍ය රටතුල රජ උරැමය පිළිබද ගැටලු පැන නගිනුයේ වසර 1166 දී පමණය.

සිංහල රාජ්‍යය විදේස්[ පාණ්ඩ්‍ය රට ] රටක රජ්‍ය ගැටලුවක් හා සම්බන්ද විම
පාණ්ඩ්‍ය රටේ සිහසුනට උරැම කම් කියු, කුලශේඛර නමැති කුමරෙක්, එකල පාණ්ඩ්‍ය රට රජ කල පරාක්‍රම රජුට මධුරා රාජධාණියේදි පහර දුන්නේය. මෙවිට පාණ්ඩ්‍ය රට රජු හෙවත් පරාක්‍රම රජු, සිංහල රජ්‍යයයෙන් උදව් ඉල්ලා සිටියේය. නමුත් කුලශේඛර කුමරැ චෝළ රටේන උදව් ඉල්ලා සිටියේය. පැරණි අරගල නැවුම් කරමින් පාණ්ඩ්‍ය රට රජ්‍ය ගැටලුව, අවසානයේ චෝළ හා සිංහල රට ගැටුමක් බවට පත් විය. මෙම ගැටුම් අතරින් නැවත පාණ්ඩ්‍ය බලය ඉස්මතු විණි.

සිංහල රජ්‍යය, ලංකාපුරයෙන් සේනාංක යෑවිමට පෙර, පාණ්ඩයයේ තත්වය වෙනස් විය. එනම් කුලශේකර කුමරැ, පරාක්‍රම රජු හා අඹුදරැවන් මැරෑ බව ආරංචි විමයි. මහා පැරකුම් රජුගේ තීරණය වුයේ කුලශේඛර රජු සිහසුනෙන් නෙරපා, නැවත වරක් පරාක්‍රම පරපුරට අයත් කුමරකු සිහසුනට පත්කිරිමයි. එම නිසා යෑවිමට සිටි සේනාංකයේ අරමුණ ලෙස පැරකුම් රජුගේ තිරණය බලගැන්වින.

පාණ්ඩ්‍යය රට ආක්‍රමණය
පැරකුම් රජුගේ නියෝගය පරදි, සිංහල සේනවා, නැව් නැගී විසිහතර පැයක් තුල මුහුදෙන් එගොඩ වී, පාණ්ඩ්‍ය හමුදා වල ප්‍රබල විරෝධතා මධ්‍යයයේ තලඩිල්ලයට ගොඩ බටහ. මෙ අයුරින් පාණ්ඩ්‍ය රට ආක්‍රමණය කල සිංහල සේනාංක, පරාක්‍රම රජුගේ කනිටු පුත් වීරපණ්ඩු නැමැති කුමරැ රජ්‍යයත්වයට පත් කරනු ලැබුයේ, සිංහල රට රජුගේ අශිර්වාදය මතිනි.

උපුටා ගැනීම් "ලංකා ඉතිහාසය" 1971
ලංකා විශ්ව විද්‍යාලය

යද්ධයේ තොරතුරැ හා සිංහල සේනාංකයේ සෙන්පතිට වු ඉරණම ඉදිරි ලිපියකින්

No comments:

Post a Comment