Thursday, February 4, 2010

මේ පාරත් අලියට මල්වට්ටියට අත ගහන්න බැරි උනා

අනේ මෙහමත් කාලකන්ණි රැලක්. ජවිපේ කියන ගොන් සේනාංකයේ පාර්ලිමේන්තු ආසන රැකලා දේන්න, එජාපයේ නායකයෝ 62 වෙනි නිදහස් දිනය වර්ජනය කරනවා. මතකද ගියපාර යුද්දේටවත් හරි හැටි උදව්වක් නොකරපු එජාපයට ඒ අගනා අවස්තාවත් මග හැරැනා. අද අපේ රටේ නිදහස සමරන දවස, [නුවර පාර නම් එච්චර සතුටු නැහැ මෙ නිදහස අපිට අරන් දුන්නු අය කියන කතා වලට] කරැමෙක මහත රනිල්ට එකටවත් එකතු වෙන්න බැහැ. බොරැවට හේතු දක්වනවා. එත් කමක් නැහැ බහුතරයක් ජනතාව ඉන්නවා.


වැදගත් දෙයක් තමයි ඔය ජවිපේ ලිංමැඩියො කරන දෙයින් වෙන, "මෙපාර වගේම ලබන මහ මැතිවරණයේත් බුල්ත කොලයට කතිරය ගහපු අය, අයිත් උනන්දුවනෙම් ගිහින් එකටම කතිරේ ගහනවා". මොකද මෙපාර ඔවුන් ගහපු කතිරය දුෂීතයි කියලා මෙ හරක් රැල කියන හින්ද.. ඔකේ පාඩුවත් අයිත් ඉතින් පොදු විපක්ෂයටම තමයි. එහින්ද කරැනා කරලා තියන චන්ද ටිකවත් රැක ගන්න බලන්න. නැත්නම් දෙවෙනි වරටත් මිනිස්සු ඔය හොර නඩේ ගියපාරටත් වැඩා වැඩියෙන් විසික්කරලා දායි.

වසර ගනනාවකට පස්සේ රටේම ජනතාව එක්ව සමරන අපේ 62 වෙනි නිදහස වර්ජනය කරන්න තරම් තියන කාරනවා මැතිවරණය දුෂිතයි කියන එක. ඔක හරියට පොඩි ළමයි කරන වැඩක් වගේ, එත් මොනවා කරන්නද? ජවිපේ හින්ද රනිල්ට බැහැ කියන්න බැරැව ඇති.

එජාපයේ පාක්ෂිකයිනි, මෙපාරත් උඔලාට අලිය නැතිවෙන්නයි යින්නේ, එහෙම උනොත් ජවිපේ මෝඩ රැල තමයි වැඩි පාර්ලිමෙන්තු ආසන ගනනකට වග කියන්නේ, මොකද දැන් එජාපයේ අය අහන්නේ අනුර/විජිත කියන දේ, මන්ද ඔවුන් ඉදිරි පත් කරනු තාර්කිකයි හා ආකර්ෂනියයි. නමුත් තිස්ස කියන කතා අහගෙන ඉන්නවත් පුලුවන්ද? අර හොදට කතා කරපු දායසිරියත් දැන් පැත්තකට දාලා... ඔන් අලියො තොපිට වෙලා තියන දේ... දැන් ඉතින් පොඩ්ඩක් හිතට තට්ටු කරාලා බලන්න පපුවෙන් සීනු හඩක් එනවා නේද? .... දන්නේම නැතුව උඔලා සීනුකාරයෝ වෙලා ...

බලමු මහ මැතිවරණයේදි ජෙප්පන්ට වෙන දේ?

12 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. දෙශපාලනයෙන් නුවර පාර එලියට ඇදල දැම්මත්, නුවර පාරෙන් දේශපාලනේ එලියට ඇදල දාන්න බෑ වගේ නේද ?

    ReplyDelete
  3. ෙම් පාර සමරන්න තරම් නිදහසක් තියනවද කියලා ෙපාඩ්ඩක් ඒළියට අැවිත් බැලුෙවාත් ෙප්නව. ජාතික ෙකාඩියක් දාපු ෙගදරක් තිෙයන්ෙන් කලාතුරකින් තැනක. මීට කලින් කවදාවත් ෙමෙහම උදාසීනත්වයක් තිබුෙණ නෑ. අපිට අවශ්‍ය ෙදයක් කියවන්න, බලන්න, අහන්න නැත්නම්, අාණ්ඩුවට ඔන ෙද් අපිට බ ෙලන්ම ෙපාවනවා නම් ෙම්ක නිදහසක් ෙවන්ෙන ෙකාෙහාමද? බ්ෙලාග් වල පච ෙකලියට වැඩක් නෑ නුවර පාර ෙපාඩ්ඩක් ඒලියට අැවිත් ෙමෙහම උෙන් අැයි කියල හිතල බලන්න.

    ReplyDelete
  4. නිදහස....

    http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5495:2010-02-03-15-09-08&catid=35:2008-10-13-08-30-14&Itemid=63

    ReplyDelete
  5. @තරිදු
    සමාවෙන්න... කරන්න දෙයක් නැහැ... අපිට හොද දෙවල් ලියන්න ඉඩ දෙන්නෙම නැහැ ... මොකක් හරි කෙනෙහිලිකමක් කරලා රටට හතුරැකම් කරන්නමයි බලන්නේ, අර ජවිපේ ලිං මැඩියො ටික ... ආයිත් සමාව ඉල්ලනවා ....

    ReplyDelete
  6. දේශපාලනය ගැන ලියන්නෙ නැහැයි කියලා තමං ම තාප්පයක් බැඳ ගන්න එපා. රටට වැදගත් නං, විෂය මොක වුනත් ලියන්න. අනිත් එක හැම දේකම කොහෙ හරි දේශපාලනෙත් තියනවා.

    ReplyDelete
  7. @නලින් ඩි
    ස්තුතියි. අනිවර්යයෙන්ම රටට වැදගත් හින්ද මෙවා ලියනවා ...

    ReplyDelete
  8. නුවර පාර දැක්කද කොහොහරි ගෙදරක ජාතික කොඩියක්...?

    ReplyDelete
  9. @ඇනි
    ජාතකි කොඩිය දැක්කෙ නැහැ. හැම තැනම දක්කේ ජෙප්පන්ගේ ගොන් පෝස්ටරය ....

    අනික ජාතික කොඩිය අමුතුවෙන් දැන් නිදහස් දාට ඔසවන්න ඔනා නැහැ. මිනිස්සුන්ගේ හදවත් තුල ජාතිය ගැන ගැගිම දැන් තියනවා ...

    ReplyDelete
  10. මම අද කොහුවල ඉඳන් තුම්මුල්ලට කැම්පස් එකට ගිහින් ආව නිදහස් උත්සවේ බලන්න(බෝඩිමේ මොන TV ද?) ගොඩක් තැන් වල ජාතික කොඩි ඔසවල තිබුනා. අපිත් බෝඩිමේ කොඩියක් දාන්නයි හිටියේ කොහෙද එකක් ගන්න බැරි උනානෙ.

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. ජවිපෙ කරනවා කියල ඔයා දිගටම කියන ගොං වැඩ මොනවද කියල විස්තර කරනවද?

    ReplyDelete