Tuesday, February 16, 2010

කැට කෙරුවා මං

එකතු කරලා කව්වා උං
එකතු වෙලා හෙල්ලුව බං
එකතු කරලා බැලුව මං
එකතු වෙලා ගහලා උං

නැති එකාගේ සල්ලි අනේ
තියන එකා තු නොදොකින්
මං මොකටද උන්ට දෙන්නේ
දවල් කෑම කැටේ ගානේ

බිව්වෙ නැහැනේ අරක්කු
කැටේ ගානේ අරක්කු
උන් එක්කම අරක්කු
බව්වේ අපිනේ අරක්කු

සමහර උන් සීරවටම
තවත් එකෙක් ෆිට් එකටම
මැටි හරකෙක් ගොන් කමටම
කැට හෙල්ලුවේ ලොකු එවුන්ට

කැට නැහැනේ දැන්
රතු නැහැනේ දැන්
උන් නැහැනේ දැන්
ඩොලර් එන්නේ දැන්

සරසවියත් දැන් බේරි
සංගමයත් දැන් බේරී
තරුණ පෙළත් අද වෙන්වී
ලොක්කො හඩයි පීචං වී

No comments:

Post a Comment