Monday, February 8, 2010

සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට - යුධ හමුදා පොලීසිය

දැන් සුලු මොහොතකට පෙර ෆොන්සේකා මහතා යුධ හමුදා පොලිසිය විසින් අත්අඩංගුවට අරන් කියලා දැනගන්න ලැබුණා. 2010/02/08 ප.ව.10.30

දැන් මෙකට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන් ද?
විපක්ෂයේ අය කියයි. පජාතන්තුවාදය නැති කරනවා කියලා, අණ්ඩු පක්ෂයේ අය කියයි, වැරදි කලා නම් දඩුවම් දෙන්න ඔනා කියලා. ඔය අතරේ රනිල් කියයි හොද වැඩේ කියලා. මංගලත් ෆුල් සපෝර්ට් එක දෙයි මේකට.

තව දෙයක් යුධ්දය හා සම්බන්ද සංවේදි දේවල් මෙයා අනික් අයට සිල් කරලා දීලා තියනවා ....

ලක්ෂමන් හුලුගල්ල මහතාට අනුව හේතු
1.ජනපතිට විරැද්ධව කුමන්තුණය
2.රාජකාරි සමය තුල දේශපාලණය
3.යුධ හමුදාව තුල බෙදිම් ඇති කිරීම

ජවිපේ රට තුල ලේ වැගිරිමකට සැරසෙයි. මෙයට හසු නොවන්න

32 comments:

  1. පැහැදිලිවම මහරජ දන්නවා 2010-11 කියන්නේ නැවත 1988-89 පුනරාවර්තනයක් කියලා. එකට ලොක්කා දැන් ඉඳන්ම ලෑස්ති වෙනවා. හැබැයි කියන්න තියෙන්නේ එහෙම උනොත් මහ රජ දැනගන්න ඕනේ එක දෙයයි. මේ සටන මෙහෙයවන්නේ වෛද්‍ය විද්‍යාලයකට ගිය විජේවීර වගේ කෙනෙක් නොව අවුරුදු 40ක් යුද හමුදාවේ හිටපු තරු 4 ජෙනරාල් කෙනෙක් වග.

    ReplyDelete
  2. ජවිපෙට කරන්න පුළුවන් දෙයක් නෑ.

    ReplyDelete
  3. ඕකා මොනා හරි අලුගුත්තේරු වැඩක් කරන්න ඇති. නැත්තම් අපේ ජනාධිපති තුමා ඔයවගේ තීරණයකට එන්නේනෑනේ.

    උඹ කරපු දේනම් හොඳයි. මේ වෙලාවේ මිනිස්සු හිතන්න ඕනේ ජ.වි.පෙ උන් මොනාහරි කරන්න යන එක ගැන තමා.

    ReplyDelete
  4. ජවිපෙ රටතුළ ලේ වැගිරීම් ඇති කරයි කියා ඔබ කියන කතාවට මම එකඟ වෙන්නේ නෑ. ජෙනරාල් අත්අඩංගුවට ගැනීමත් සමග ඔබේ මේ කතාවේ ඇති සම්බන්ධය මට නොතේරේ. එ් මගේ මෝඩකමකටදැයි නොවැටහේ. හැකිනම් මට පහදා දෙන්න. ලක්ෂ්මන් හුළුගල්ල කියන විදිහට ජනාධිපතිවරණයකදී විපක්ෂයෙන් අපේක්ෂකයෙක්ට එන්න බැරිද? විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන එකත් කුමන්ත‍්‍රණයක්ද?

    ජෙනරාල් කවද්ද හමුදාව තුළ ඉද්දි දේශපාලනයක් කළේ. ඔහු දේශපාලන වේදිකාවක නැග්ගා තියා නිල ඇඳුම ගලවනකල් කිසිම දෙයක් මාධ්‍යයටවත් කිව්වේ නෑ. එ් ඔහුගේ රාජ්‍යය පක්ෂපාතීත්වයයි.

    අනික හමුදාව තුළ බෙදීම් ඇති කිරීම කියන කතාවේ තේරුම මොකක්ද? හමුදාවේ ඕනේම කෙනෙකුට දේශපාලනික මතයක් දරන්න නිදහස තියෙනවා. එ් වගේම හමුදාවෙන් විශ‍්‍රාම ගිය සෙබළු කියන්නේ ගෝඨාභයගේ බූදලයක් නෙමෙයි. එ් අයට සිවිල් ජනතාව වගේම ක‍්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙන්න පුළුවං.

    නමුත් ඔබේ ලිපියේ ඔබ එක ඇත්තක් ලියනවා. එනම් ජෙනරාල්ව අත්අඩංගුවට ගැනීම නොකර ඉන්න තිබුණා යැයි කියන කතාව. මහමැතිවරණයට මෙය අවාසියක් වන බව ඔබ දක්වයි. ඇත්තටම ඔබට ඔය තියෙන ප‍්‍රායෝගික දේශපාලනයේ දැනුමවත් මේ ආණ්ඩුවේ හෙන්චයියන්ට නැත්දැයි මට මෙය දුටු සැනින් සිතුනි. නමුත් එ්දේ දැන් සිදුවී හමාරය. එ් හරහා පෙනෙන්නේ ඔබ සහය දක්වන වත්මන් ආණ්ඩු පාර්ශවය ඔබ නිර්දේශ කරන සීමාවලින් ඔබ්බටත් යමින් සිටින බවයි. ඉතිං කැන්ඩි මට ඔබට කීමට ඇත්තේ මේ ගමනේ ඉතිරිය ඉදිරියට තවත් දරුණු විදිහට බලාගත හැකි බවයි. සමහර විට ඔබ ඡන්දය දී පත්කළ ආණ්ඩුව ඔබ විසින්ම පිළිකුල් කරන දිනය වැඩි ඈතක නොවන්නට පුළුවනි. නමුත් ඔබගේ නිර්දේශයන් බිඳගෙන යන ආණ්ඩුවේ ගමන ඔබ දිගින් දිගටම සාධාරණීකරනය කරමින් එ් සමග ගියහොත් එය කිසිදා නොවන බවත් මම දනිමි. නමුත් ඔබ එදා සිටි තැනම සිට වියරුවෙන් දුවන ආණ්ඩුව දෙස බලා ඔබගේ වටිනා නුවර පාර පවත්වාගෙන යනු ඇතැයි මට බලාපොරොත්තුවකට එහා ගිය විශ්වාසයක් ඇත.

    ReplyDelete
  5. ඇයි අපේ රට බෙරාගත් විරයෙක්ට මෙහෙම සලකන්නේ? විරුද්ධ මතයක් තිබත් අපේ කාලයේ නියම විරයෙක්. එහෙනම් කරුණා එහෙමවත් හිරේ ට දාන්නකො.

    ReplyDelete
  6. ත්‍රස්තවාදය විරුද්දව රජය අභීතව සටන් කරද්දි සමහරු ඔය විදේශීය බලවේග වලට ඔත්තු දෙන්න යනවා.සාක්කි දෙන්න යන්වා. ලියුම් කියුම් හදාගෙන එක්සත් ජාතින්ගේ සම්මෙලනට යනවා මානව් හිමිකම් ගැන සාක්කි දෙන්න. මතකනෙ ගුවන් තොටු පොලේදී අල්ලා නවත්තලා, සාක්කි ලියමන් ටික රාජසන්තක කොරලා ගෙදරයැව්වෙ. අර ඇන්ජීඕ කුමර් රූපසිංහත් එක්ක එකතු වෙලා තංගල්ලේ බෙලිඅත්තෙ ජේගුවෙර කාරයන්ට සහය දෙනවා රට පෙරලන්න. සබ්ද ගොශා කරනවා පෙලපාලි යනවා. බටහිර මාධ්‍යවලට වාර්තා දෙන්වා. ඒ මද්දහනේ ජනදිපති තමන්ගෙ රූපෙ දාල සල්ලි ගහනවා. අනේ මන්දා, නැවත විකාශන බලලා එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
  7. සාක්ෂි නැත්තං රජය කීයටවත් මේ වෙලාවෙ සරත් ෆොන්සේකව අත්අඩංගුවට අරං නිකං ලෙඩ දාගන්නෙ නෑ. ඔහු වැරදිකාරයෙක් කියලා 100%ක් ඔප්පු කරන්න පුළුවන් තත්ත්වෙකට සාක්ෂි හොයාගෙන ඇති රහස් පොලිසියෙන්.
    පව් අපරාදෙ. ජාතික වීරයෙක් වගේ හැමොන්ගෙම ගෞරවය දිනාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තිබ්බ මනුස්සයෙක් මේ දිරච්ච ලන්නක් කාලා නිකං අමාරුවෙ වැටුනා.

    ReplyDelete
  8. සාක්ෂි නැත්තං රජය කීයටවත් මේ වෙලාවෙ සරත් ෆොන්සේකව අත්අඩංගුවට අරං නිකං ලෙඩ දාගන්නෙ නෑ. ඔහු වැරදිකාරයෙක් කියලා 100%ක් ඔප්පු කරන්න පුළුවන් තත්ත්වෙකට සාක්ෂි හොයාගෙන ඇති රහස් පොලිසියෙන්.
    පව් අපරාදෙ. ජාතික වීරයෙක් වගේ හැමොන්ගෙම ගෞරවය දිනාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තිබ්බ මනුස්සයෙක් මේ දිරච්ච ලන්නක් කාලා නිකං අමාරුවෙ වැටුනා.

    - So what you are saying is that even if he was a traitor, he should have kept his mouth shut and he would have got a hero's welcome right?

    ReplyDelete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. @ Gavels: ඒකතාවට මාත් එකගයි මොකද මේ වගේ හුගක් ගැටලු එන වෙලාවක මෙහෙම දෙයක් කලේ තියන සාක්ශිවල ප්‍රභලත්වය නිසා වෙන්න ඇති.....

    ReplyDelete
  11. what the f..ck MR is doing

    ReplyDelete
  12. He was going to testify against Sri Lanka at an international war crimes inquiry. The government has absolutely no option.

    ReplyDelete
  13. //He was going to testify against Sri Lanka at an international war crimes inquiry. The government has absolutely no option.//

    Government hasn’t done any war crimes? Are they?

    If the government did any war crimes should somebody get punished for it? Remember Mahinda tried to go to UN last time when government tries to stop terrorism by any means and stopped at the Airport.

    ReplyDelete
  14. @හෂාන්ට
    මචෝ උබ ජේප්පන්ව දන්නේ මේ අද ඊයේ.... ඔයා දැක්කද ඊයේ 2010/02/08 ජනහඩ විජිත හේරත් හමුදාවට කතා කරපු විදිහ. ඒක තමයි ආසන්නම කතාව ඔය සිද්දියෙන් පස්සේ. විහිලුවටත් ඔය යක්කු විශ්වාස කරන්න එපා .... ලේ පිපිසිතයෝ තමයි ඔය JVP කියන්නේ ... කවදාවත් බලයට එන්න බැහැ ... එහින්දා මිනිස්න්ගේ මල කදන් උඩ්න් බලයට එන්න හදානවා ... අනික් විශ්ව විද්‍යල වල කරන නොහොබිනා වැඩ අමුතුවෙන් කියන්න ඔනා නැහනේ ...

    ReplyDelete
  15. Ela ela.. Ohoma yan...

    General ta suba anagathayak!!

    ReplyDelete
  16. 1.ජනපතිට විරැද්ධව කුමන්තුණය
    Yes its true. He contested against President. So indeed it was a කුමන්තුණය

    2.රාජකාරි සමය තුල දේශපාලණය
    Did he? May be yes... He dealt with Opposition just before resignation.

    3.යුධ හමුදාව තුල බෙදිම් ඇති කිරීම
    What is this? One of Pancha-Aananthareeya-Paapa-Karma ?

    ReplyDelete
  17. අන්ඩුව කරන ඔන දෙයක් හිස් මුදිනින් පිලිගන්න, අන්ඩුවෙ ලෙ වැගිරීම් ගැන වචනයක් කතා නොකරන, ඔබෙ බ්ලොග් එකෙ නම අධො මාර්ගය කියල වෙනස් කරගත්තානම් මීට වටි

    ReplyDelete
  18. Anonymous වෙන්න දෙනවට ස්තූතියි. ‍නුවර පාර දැන්වත් මැදහත් පාරක යන්න අඩුම තරමෙන් විවේචනාත්මක පාරක වත් යන්න. අනික බබා වගෙ ආණ්ඩුවෙ වැරදි වලදි 'දැන් මෙකට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන් ද?' කියල කියනව අන්තිමට ආරක්ෂක ලේකම් වගෙ
    ජවිපේ රට තුල ලේ වැගිරිමකට සැරසෙයි. මෙයට හසු නොවන්න
    කියල උපදෙස් දෙනව. ඉතිහාසය පුනරාවර්ථනය වෙනව එය පලමු වර ශෝකාන්තයක් වන අතර දෙවන වර ප්‍රහසනයක් වෙනවා යයි කියමනක් තියෙනව. ඉදිරියේදී මේවායේ සත්‍ය තාවය පැහැදිලි වේවි.

    ReplyDelete
  19. රට වෙනුවෙන් වටිනා සෙවයක් කරපු මිනිහෙකුට මෙහෙමයි සලකන්නෙ, රටෙ කුඩු බෙදන පල් හොරුන්ට ඇමතිකම්,

    ඔය MR ට කඩෙයන එවුන්ටත් ඔයටිකම තමයි දවසක වෙන්නෙ

    ReplyDelete
  20. සැලියුට නොගැහුවා කියා මාස ගණන් හිරේ දාල හිටපු සොල්දාදුවන් ගේ සාපය තමයි ඔය වැදිලා තියෙන්නේ. අනිවා, හිරේ ඉන්න කොට දැනෙන රඟ මෙයාට දැනෙන්නම ඕනේ. මම කල්පනා කරන්නේ මුගේ වෛරයට මොනවා වෙයිද කියලා.

    ReplyDelete
  21. UN watchdog to quiz Sri Lanka over Fonseka's LTTE remarks

    The chief of the UN human rights watchdog will quiz a Sri Lankan delegation over the controversial allegation by the former army chief that instructions were given by a senior government official to kill the top Liberation Tigers of Tamil Eelam (LTTE) leaders and not allow them to surrender during the final stages of the ethnic conflict.

    "we expect the issues raised by former Army Chief Sarath Fonseka to come up for discussions," a top human rights ministry official told PTI.

    http://www.dnaindia.com/world/report_un-watchdog-to-quiz-lankan-team-over-fonseka-s-ltte-remarks_1345072

    ReplyDelete
  22. සැලියුට් නොගැහුවා කියල එහෙනම් තව කීයකට සාප වදින්න ඕනිද අනික හමුදාවෙදි විනය නැති උනහම ඔලුව අතගාල කුක්කු පැටියා ආයි ඔහොම කරන්න එපා වස්තු කැටේ කියනව ඇති.

    ReplyDelete
  23. I am definitely going to reveal what I know, what I was told and what I heard. Anyone who has committed war crimes should definitely be brought into courts,” Gen. Fonseka said.

    http://www.adaderana.lk/news.php?nid=7131

    ෆොන්සේකා යුධ අපරාධ කරපු කට්ටිය දන්නව නං, මෙච්චර කල් බලං හිටියෙ මොකද? ගෝඨාගෙයි මහින්දගෙයි ගුණ වර්ණනාව කරල, දැන් පැත්ත මාරු වුනාම තමයි යුධ අපරාධ කතා මතක් වෙලා තියෙන්නෙ.

    ෆොන්සේකත් හදන්න බොරු යුධ අපරාධ කතාවක් කියලා තරහ කාරයින්ගෙන් පළි ගන්න. මිනිහ මොනව හරි කිව්වම ඉතින් ඊට පස්සෙ කොමිසන් දාන්නයි, උසාවි යන්නයි, පරීක්ෂණ කරන්නයි වෙනවනෙ. බොරු චෝදනා කරලා මිනිස්සු නඩු වල පටලවන්න තමයි මිනිහ හදන්නෙ. ඒකෙන් රටට වෙන හානිය මිනිහ හිතන්නෙ නැහැ.

    ෆොන්සේකා මෙච්චර පහත් තත්ත්වෙකට වැටෙයි කියල කවුද හිතුවෙ.

    ReplyDelete
  24. "2.රාජකාරි සමය තුල දේශපාලණය"

    යෝෂිත රාජපක්ෂ කියන නම තියෙන නාවික හමුදා නිලධාරියෙකුත් ඔය වැඩේ කලා. අන්න ඌවත් අත්අඩංගුවට අරගෙන කිරිජ්ජපල්ලෙන් එල්ලන්න තියෙන්නෙ.

    ReplyDelete
  25. මේව කියවද්දි හිතෙන්නෙ මිනිස්සු දේශපාලනික වශයෙන් කොච්චර මෝඩද කියල.

    ලංකාවේ සැබෑ දේශපාලන ගැටලු තියෙන්නෙ පුද්ගයන් එක්ක.ඒ කියන්නෙ පුද්ගලික ප්‍රශ්න

    උදා-හොරකම් අහුවෙන හින්ද ඒකට විරුද්ධව කියන්න තියන හැම බොරුවක් හැම ජරා වැඩක්ම කියනව කරනව.(කුමන්ත්‍රණ,පවාදීම්,ලේ වැගිරවීම්,මඩ)

    දැන් ඊට පස්සෙ එන ප්‍රශ්නය එයාලව බේර ගන්න පැත්තක ඉන්න අය දේශපානය කියල අර වැරදි කරපු අයගෙ කුණු රෙදි ඇපිල්ලුව කියල ඒ අපුල්ලන අයට වාසියක් තියනවද කියන එක ?

    ReplyDelete
  26. Kawndy Road
    Just wait and see.When your time comes it will be too late to say that so far I was doing wrong thing.If SF wanted to take power he would have done long time ago.Say in one word Is this right or wrong. According to you all Srilankans must be a MR follower.

    ReplyDelete
  27. "ජවිපේ රට තුල ලේ වැගිරිමකට සැරසෙයි. මෙයට හසු නොවන්න"
    ජවිපෙටත් කලින් ‍තෝ කොහොමද දන්නේ. තෝවත් අල්ලං යන්න‍ඕන බොරු ආරංචි පතුරවනවට

    ReplyDelete
  28. Earlier in the day, Gen Fonseka had said he was prepared to give evidence in international courts on any war crimes charges brought in relation to the civil war.

    http://news.bbc.co.uk/2/hi/south_asia/8504882.stm

    තමං එක්ක එකට සටන් බිමේ හිටපු අය ගැන මෙහෙම පිට රටවල් වලට කේලම් කියන එක නං පහත් වැඩක්.

    ReplyDelete
  29. මමත් පොදුවේ මෙම ක්‍රියාව නරකක් ලෙස දැක්කද?
    හමුදාවේ සිටින /සිටපු ඕනෑම අයෙකුට ඇති
    වගකීම් හරි හැටි තේරැම් ගැනීම මත රටක
    ආරක්ෂාව පවතී. මේක ගැඹුරු අර්ථවත් පැත්තක්

    හමුදාමය වටපිටාව මෙතනින් ඉවරකරන්න බැහැ
    රටක හමුදාවක් සිටිය යුතුමය. හමුදාවක්තුල
    ඉතා ඉහලින්ම ඇති මුදුන්මල්කඩ ව්නයයි.
    විනය රැකීම හමුදාව හා බැදුනු සියල්ලන්ම කල යුතුය.
    It Must. විවිධ ගම්වල පලාත්වල විවිධ තරාතිරම්වල
    පුද්ගලයින් දහස් ගණනක් ගෙනත් මෙහෙම පුහුණුවක් ලබාදී
    එක් පරමාර්ථයකට යොමුකර පාලනය කිරීම විනය මක සිදු වන්නක්
    නැත්නම් එහෙම රට තියෙයි........

    ReplyDelete
  30. //සැලියුට නොගැහුවා කියා මාස ගණන් හිරේ දාල හිටපු සොල්දාදුවන් ගේ සාපය තමයි ඔය වැදිලා තියෙන්නේ. //

    සාපයක් නම් වැදිලා තියෙන්නේ අනිවාරයෙන්ම යුද්ද කිරීමේ සාපයයි, මිනිසුන් මැරීමේ සාපයයී. එක පැත්තක කට්ටිය මඩ ගොඩවල් වල මැරිලා ගියා, අනිත් පැත්තේ කටිටියත් දැන් පිස්සු හැදිලා එක එකා මරා ගන්නවා. අර ඌරෝ මරන මිනිහා ඌරෙක් වගේ කෑගහල මැරෙනවා කියනවානේ.

    ReplyDelete
  31. තව දේවල් අහලා තියෙනවා නමුත් ස්තිරව දන්න දේවල් තියෙනවා සමහර තනි තීරණ නිසා වෙච්ච විනාශ මෙතුමගේ

    ReplyDelete
  32. බුද්ධික සෙහෝ එතකොට තනි තීරණ අරන් විනාශ සිදු කලේ මෙතුමා විතරයි ද?.
    ".රාජකාරි සමය තුල දේශපාලණය"

    යෝෂිත රාජපක්ෂ කියන නම තියෙන නාවික හමුදා නිලධාරියෙකුත් ඔය වැඩේ කලා,
    කවුද මේවට වග කියන්නෙ ? ජයග්‍රහනයට පියවරු බොහෝය එහෙත් පරාජය අවජාතකයි කියන එකත් මෙතනදි මතක් වෙනවා. විනිවිද රජයක් විනිවිද පරීක්ෂණයක් පැවැත්විය යුතුයි නේද?
    එතකොට දැන් පවතින්නේ හමුදා රජයක්ද ? ඒකාධිපති පාලනයක්ද යන ගැටළුව මතු වෙනවා නේද ?

    ReplyDelete