Saturday, February 13, 2010

දේශියත්වට එම සිදු වුණු හැටි ......

අඩි හතරක් පහක් උඩින් ගිය එජාප හා අඩි විස්සක් තිහක් යටින් ගිය ජවිපේ අතිනත ගෙන සරත් ෆොන්සේක හෙවත් හිටපු යදහමුදා පති මෙන්ම මාණ්ඩලික නිලදාරී පෙරටු කොට ගිය ගමන ලංකාවට මහත් සේ වාසි ගෙන දුනි. ඔවුන් ලැබු චන්ද ලක්ෂ 40 අපට නිකන්ම ඉවත දැමිය නොහැක. මේ සියල්ල අපේ රටේ එකීයත්වය ට හා ඉදිරි ගමනට ලැබුණු දිරිගැන්වීමයි.


1.උතු-නැගෙ ජනයා කොටියට සම්පුර්ණයෙන්ම විරුද්ධයි
ත්‍රස්තවාදය තුරන් කිරිමට එලව එලවා පහර දුන් යුධ සෙන්පතිට උතු-නැගෙ ජනතාව චන්දය දුන්නේ එම කල ක්‍රයාව අනුමත කරමිනි. එම නිසා ඉතිහාසය තුල ලියවෙනුයේ දෙමළ ජනතාවගේ ආශිර්වාදය කොටිය පැරදවීමට ඉහළින්ම ලැබුණු බවයි. සිංහල දෙමළ ජාතිවාදි ගැටලුක් නොව හුදේක්ම ත්‍රස්තවාදී තත්වයක් එකල තිබුණුබව මුලු ලොවටම දෙමළ ජනයා හඩගා කියා අවසන්ය. එම නිසා කවදාවත් සිංහල ජනාය දෙමළ ජනයට විරුද්ධව, කොට් පැරද්දවු බව කිව නොහැක.

2.එකීය භාවය පිළිගැනීම
එකීය බව යටකරමින් එක්සත් බව එලියට ඇදගෙන ආ රනිල්ද, අනික් කොට් හිතවාදිනුත්, රට එකීය විය යුතුයයි කියු සරත්ට එකගතාවය පල කරමින්, එකීය රටක් වෙනුවෙන් චන්දය ඉල්ලුවේය. එම නිස දැන් රනිල්ට නැවත එක්සත් රටක් ගැන කතා කරනවා වීනා කටව්ත සෙල්ලවිය නොහැක. මහින්දට චන්දය දුන් ලක්ෂ 60 ත්, සරත්ට ලැබුණු ලක්ෂ 40 ත් එක්ව ගත් කල මුලු රටම එකීය රටකට කැමැත්ත පල කර ඇත.

3.හාමුදුරුවන්ගේ ඓතිහාසික කර්යය භාරයය පිළිගැනීම
මෙතුවක් කල් මහා සංඝයාට අපහාස කරමින් තම මතය ඉදිරියට දැමු බටහිර ගැත්තෝ දැන් මහා සඟ රුවන ඉදිරයේ තබා සිල්වත් ගමනක් යයි. මෙරට මහා සංඝයට කිසිවක් කල නොහැක. නිකන් පන්සල් වලට වෙලා ඉන්නවා යයි කියු කටවල්ම දැන් හාමුදුරුන්ට දොහොත් මුදුන් දී එහෙයි කියයි. එවන් තත්වයට මෙරට බටහිර ගැත්තන් නොදැනුවත්වම එක්ව ඇත. එය මෙරටට ලැදි ජනය ලැබු මහා ජයග්‍රහණයකි. අපේ සංඝයට ඇති බලය පිළිගැනිමට විම කලු සුද්දනට දෛවයේ සරදකි

4දේශියත්ව හුරැවට වැඩ කීරිම
සරමට බැන්න, පන්සල් යනවාට බැන්න බටහිර ගැත්තන්ට ගමට ගොස් පන්සල් යන්නට සිදුවිණි. කවදාවත් ජය පිරිත කියා ආශිර්වාද නොගත් රනිල්ට, අභියෝග කරමින් කලණිය රජමාහා විහාරයට ගොස් එයටද එක්වීමට සිදුවිය. අපේ කමට ඇදගෙන ආ ඔවුන් දැන් නැවතත් පරණ තත්වයටක නොවැටෙනු ඇත.

නොදැනුවත්වම අපේ කමට ආ මොවුන් නිසා බටහිරයන්ටද කර කියා ගත නොහැකි තත්වක් අත්වි තිබේ. අපේ රට ලැබු මෙම ජය ඉතිහසාය තුල අන්කවරදාකවත් නොවු තත්වයෙකි.

සංඝයාවහන්සේට රටේ ඇති තැන ....

ඇනියන්ට අවසර නැත

ලබන 18 වැනිදා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ප්‍රමුඛ කොටගත් සංඝ සම්මෙලනයක් කැදවා ඇත. මෙහිදි කතිකාවතක් ඇතිවනුයේ හිටපු හමුදා පති වු සරත් ෆොන්සේකා මහතා ගැනය. එතුමාද නිදහස් කරගැනීම සදහා පවත් වනු ලබන මෙම සම්මේලනය සදහා සිව් දිගින් මහා සංඝරත්නය වැඩම කිරිම අනිවර්යය දේයක් විය යුතුමය .... මන්ද යත් උන්වහන්සේ සතු බලය නිතීය ඉක්මවා ගිය බව ලොවට පෙන්විය යුතුමය. ෆොන්සේකා මහතා නිදහස් කරගන්නවා මෙන්ම රටට කරන හතුරැකම්ද ගැනද කතා කර බටහිර ගැත්තන්ටද පණිවුඩයක් දිය යුතුමය. තවද මේ සදහා අඩුම වශයෙන් මහා සංඝරත්නය දහදාහක්වත් වැඩම කල යුතුමය. නැතිනම් මෙය සර්ව සාදාරණ හා තප්පුලන්නාවු ප්‍රජාතන්ත්‍රවාදය නැතුව කරන කරැනක්ම වනු ඇත. තවද මෙය දේශපාලණ වැඩක් යයි කීමට ද පුලුවන. එම නිසා එම වගකීම සංවිදායක වරැන් දැරිය යුතුමය.

මෙහිදී අපට බලා ගත හැකි වනුයේ එතුමා ගැන මහා සංඝයා දරන ආකල්පය හා ජනපතිට යවන පණිවුඩයයි. මහින්දට මහා සංඝයාට විරුද්ධ විය නොහැක. මන්ද ඔහු හාමුදුරුවරුන්ට ඇහුම් කන්දෙන අපේම නායකයෙකි. ඔහු විරුද්ධවීම යනු ඔහුගේ ගමනටද යම් බලපෑමක් එල්ල වනු ඇත. එහෙත් උන්වහන්සේලා ඉදිරිපත් කරන ලියවිල්ල සාදාරණ විය යුතුය. මන්ද යත් දේශපාලණ අතුකොලු ලියවිල්ලක් නොවිය යුතුය.

මෙම සම්මේලනය නිසා අපගේ පැරණි සම්ප්‍රදායට ඇති තැන දැන ගැනීමට හා අපිට ඇති බලය නැවත ලොවට විදහා දැක්විය හැක. එම නිසා මෙයිනුත් වනුයේ රටට හතුරැ බටහිට ගැති අයට පහරක් වැදිමය. එම නිසා මෙ මහා සමුලුව ඉතා වැදගත් වනු මෙන්ම එය ඔනැයයි කියන අයට නැවත පාරා වලල්ලක් වනු නිසැකය. නිතීය ඉක්මවා ගිය සමාජ බලයක් භික්ෂුවට ඇතැයි පරගැතියන්ට පෙන්නුම් කිරීම සදහා මහගු අවස්තාවකි. අනිවර්යයයෙන්ම මේ මොහත මහින්දටද මග හැර යා නොහැක. මන්ද මේ එක්ව කතිකා කරනුයේ මව් රටේ මුර දේවතාවුන්ය.

ජවිපේ හා එජාපය එක්ව තැනු හංසයාට උනු වැඩේම මෙවරත් වනු නොඅනුමානය.....

මෙම සමුලුවට පැමණෙන මහා සංඝයා කවුරුන්දැයි විමසීමනේ මෙම සමුලුව දේශපාලනද? නැතිනම් ඇත්තටම සරත් වෙනුවෙන්මදැයි අපට තිරණය කල හැක. මොකද මේ වන විටත් සමහර හාමුදුරැවරැන් දේශපාලන අතකොලුවි ඇත.

විශේෂයෙන්ම බෙල්ලන්විල හාමුදුරුවෝ/කුසලධම්ම හාමුදුරුවෝ දරණ මතය දැඩි බලපෑමක් එක් කරනු නොඅනුමානය. මන්දයතු උන්වහන්සේට අප සමාජයේ විශේෂවු පිළිගැනීමක් ඇත.

මෙහිදි සරත්ව රවටා, ඔහුගේ මුවින් පිටවු රට පාවා දිමේ වැඩ පිළිවෙල නතර කර ගැන්නේ කෙසේදැයි සාකච්චාවට බදුන් කල යුතුමය. මන්ද කල වරදට සමාව දී එලියට ආ පසු නැවත එයම කරන්නට බැරි කමක් නැත. මන්ද පහුගිය කල ජවිපේ උත්සාහ දැරුවේ පෙර වැරැද්දක් කීරිමටය...

ඇනියන්ට දෙන අවස්තාව

මෙම ලිපිය හුදෙක්ම අසැබි දේ ලියු ඇනියන්ට පමණි

ඇනියන් අතර සිටිනා අන්මත ඉවසිය නොහැකිව, එයට පිළිතුරැ දෙනවා වෙනුවට අසැබි දේ ලියමින් දැඩි විරෝධයක් පෑමට උත්සාහ දරයි. එනමුදු නුවර පාර තහනම් හෝ ලිපි ලිවීමට නතර කිරිම ඔබට කල නොහැක්කකි. මට විරැද්ධ වුවත් sam හා tharu සභ්‍ය ලෙස අදහස් ඉදිරිපත් කර තිබුණි.

මහා ලොකුවට පුජාතණ්තුවාදය හොයන ඔවුන් අතලොස්සක් පැමිනෙන නුවර පාරට දැඩි බලපෑමක් දක්වයි. බැරිවෙලාවත් මොවුන් බලයට පැමිණියා නම්. ...?

කෙසේ වෙතත් අද මෙම ලිපිය ඇනියන්ට ඇති ලිපියකි. ඉදිරියට පල වන ලිපි වලට ඇනියන්ට පිළිතුරැ දිය නොහැකිද යන්න මෙයට ලැබෙන සටහන් වලින් තීරණය කරමි. ... එම නිසා මට ඇති තරම් බැනපල්ල. ඔන දෙයක් ලියපල්ලා එකක් වත් මකන්නේ නැහැ..... හැබැයි මේ අවස්තාව තීරනාත්මක වෙයි .........එත් එක් අසැබි සටහන්ක දැමුවොත් එය එවේලේම මකා තිරණයක් ගනිමි.

වැදගත්
මා හිතනා අන්දමට අසැබි දේ ලිව්වේ එකම පුද්ගලයෙකි .... මන්ද යත් එකම IP ම විය

පසුව ලියම්
සමා වුව මැන එක් ඇනියෙක් කරනු ලැබු අසබි සටහනක් නිසා සියලු ඇනියන් නතර කරන ලදි

මහා නාහිමයන්ට අභිමනින් ලියමි

සිව් හිමිට බැණ වැදුණු
යුද විරුට ගොන් කිව්ව
ඒ උන්ම අද එක්ව
නාහිම ඔසවන්නේ
විරුට කල ඒ හදිය
ගෙන දෙන්නට මහ සඟට

හසු නොවනු නාහිමිණි
බටහිරට ගැති කරන
ඔය පොට්ට ගොන් රැලට

රතු හඬට ඉඩක් නැත
අද සිටම ඔවුන් හට
හෙටක් නැත කපකටම

අන්දවන්න මහ අලියා
දෙන්නේ නැත පොඩි පැටව්
ඉන්න දැන් තැනක් නැත
යන්න දැන් තැන්ක් නැත
මහ මගම තමයි තැන
රතු සීනුවට එල්ලෙන්න

මහ විරුව බිම දමා
නාහිමි කර තියන්
දැන් ගියත් ඔය රැළ
හෙට දිනයේ බිම දාමා
පොරකන්නේ මනාපෙට

ඒ හින්ද හිමියනේ
රැක ගන්න ශාසනේ

හිත් දෙන්න මව් රටට
ගෙන දෙන්න අභිමනම
හිමියනේ...... මව් බිමට

Friday, February 12, 2010

සීනු අලියා වැදූ, පාත්ත පැටව් කල හදිය

මිණි ගෙඩිය හැලී ගිය
කෙසග වු හස්ති රජ
මහ විරැගේ ගේ අභිමනින්
වැදුමට ගිය හංස පෙළ
පෙරම වැදුමට
පෙරලුනි බවට පාත්ත රැළ

කරැමයක මහත
එක්වන්ට දිරි දුන්න
ඒ මහා සෙන්පති
වැදුම් ගෙයි තනි කරම
යමු ද අපි ගමනක් වෙන් වෙන්ව....

කල නොහැක දැන් කිසිත්
සෙන්පතිගේ කට ගත්ත
නරැම ඒ රතු හඩට
නැටු ඒ යුධ විරැම
හෙලා දැක මගේ මව් රට
ඇද දැම්මේ කුඩුවට

කල නොහැක පාගන්න
නැවත මගේ මව් බිමම
රතු හඩට බටහිරට ....
ගැති වෙලා නින්දිතව

දිය යුතුය දඩුවමම
නොකරන්ට ආයිමත්
මෙවන් වැඩ මගේ රටට .....


දැන ගනි මව් රටේ අභිමනම
බටහිරට ගැතිකරන
නරැම ඒ අමන රැළ ....

පසුව ලියමි
අසැබි දේ යම් ලෙසකට හෝ සබ්‍ය ලෙස ලියන්න එවිට සටහන් මකන්නේ නැත

කවුද මේ අය? අදුනනවද?

පහත රැපය නුවර පාරට හමු උන මග වැටිලා තබිලා පුලුවන්ද ඉන්න කස්ට්ටිය අදුනන්න?


පුලවන් නම් 1-5 නම් කරන්න
1. ?
2.?
3. ?
4.?
5.?




පසුව ලියම්
මාත් දන්නේ
1. රනිල්
3. තිස්ස කියලා විතරයි

දැන්න කෙනෙක් ඉන්නවනම් ඉතුරැ කට්ට්ය කිය්නන?

Thursday, February 11, 2010

රතන හාමුදුරැවන්ට ගෞරවයෙන් ලියමි ...

කට්ටියට මතකනේ නුවර පාර අනාවැකියක් කිව්වා රතන හාමුදුරැවෝ ගම්පහට ඉල්ලනවා කියලා මතක නැත්නම් ගිහින් බලන්න "දේශපාලනය හා මහා සංඝයා" කිව්ව විදිහට ඔන්න වැඩේ වෙලා. දැන් ඒ හින්දා ආයිත් ඒ ගැන ලියන්න උනා.

2004 දි රට මුහුණ දිපු තත්වය හා සෝමහිමිගේ අභාවය සමග ඉතා ශෝචනිය තත්වයට පත් වෙලා හිටපු අපේ බෞද්ධයෝ සංඝයා වහ්නසේ කිහිප නමක් පාර්ලිමේන්තුවට පත් කර යැව්වා. එයාලා පාර්ලිමෙන්තුවට වැඩම කලේ ධර්ම රජ්‍යයක් හදන්න , සෝම හිමි අපවත් විම පිළබද කොමිසමක් හා අන්‍යගමීකරණ පනතක් ගේනන. නමුත් ඉෂ්ට උනේ කොමිසම පමණයි. එවගේම උන්වහන්සේලා නිසා වෙනත් වටිනා දේවල් රැසක් රටට ලැබුණ එකත් අමතක කරන්න බැහැ. එම නිසා එම අවස්ථාවේදි අවස්තානු කුලව උනවහන්සේලා ඉදිරිපත් විම හරි.

නුමත් මෙවන විට ආයිත් සංඝයා වහන්සේ චන්දය ඉල්ලන්න ඔනා නැහැ. මොකද දැනටමත් හෙළ උරැමයට ගිහි නායකයෝ ඉන්නවා. එයාලට පුලවන් චන්දයට ඇවිත් අවැසි දේවල් කරගන්න. හෙළ උරැමයට සම්බන්ද පාක්ෂිකයෝ තාමත් ඉන්නවනම් කරැනාකරලා මේ පිළිබදව දැනුවත් කරන්න එම හිමි වරැන්ව. මොකද නාම යෝජනා දෙන්න තව දවස් තියනවා. එහින්ද අපි කියන එව්වාත් එයාලට පොඩියක් හිතන්න කියන්න. කොහොමත් ගියපාරත් හෙළඋරැමටය චන්දය දුන්නේ නාගරික ජනතාව එයිනුත් ගම්පහ හා කොළඹ කට්ටිය ගොඩක් ජන්දය දිලා ආසන 5 ක් අරන් දුන්නා. එයට හේතුව ගොඩක් නාගරික ජනතාවට තොරතුරැ එමයි. මන්ද සෝම හිමි ගේ හඩ වඩාත් කා වැදුනේ නාගරිකයන්ට හා අර්ධ නාගරික ජනතාවට හෙවත්, කඩුවෙලට /කඩවතට/ අවිස්සාවේල හා කලුතරට අතුලේ කටිටියට.

දැන් ගම්පහට රතන හාමුදුරවෝ ඉල්ලනවා. හාමුදුරැවනේ සිව්රට තියන ගෞරවයට මිනිස්සුන්ගේ චන්දය අරගෙන පර්ලිමේන්තුවට වඩින්න එපා. දැන් ඔබ වහන්සේට ඊට වඩා වැඩි කොටසක් ශාසනයට හා දේශයට කරන්න පුලුවන්. ඒක කරන්න දැන් රට තුල කිසිම ගැටලුවක් නැහැ. ඔබ වහන්සේට තියන කැමැත්ත හා බැදියාව එයටම යොදාගන්න. කෙසේවත් ආයිත් දේශපාලනයට එන්න එපා. මතක තියාගන්න ගම්පහ ජනතාව ඔබ වහන්සේට මේ පාර පාර්ලිමෙන්තුවට යන්න අවස්තාව නොදුන්නොත් එයින් අවමානයට ලක්වෙන්නේ අහිංසක මුලු රටේම ජනතාව. එම නිසා එම අවදානම ගන්න එපා. නුවරපාර ලියන ලියුම් කරැට ගම්පහ චන්දය ගැන බලපෑමක් කිරිමට හැකි හෝ නොහැකි වෙවා. දැනට තියන ජනතා ආකල්ප අනුව ඔබ වහන්සේට නැවත පත්විමට කිසිදු අවස්තාවක් නැහැ.

ගම්පහ ඉන්න හෙළඋරැමයට සම්බන්ද කට්ටිය ඔබ වහන්සේව දැනටමත් යම් කිසි විදිහට වැරදි දත්තයන් සපයලා තියෙන්නේ. නැත්නම් කලුතරට අයිතියක් ඇති ඔබ වහන්සේව ගම්පහට එන්නේ නැහැ. ආයිත් කියනවා හෙළ උරැමයට සම්බන්ද කවුරැ හරි ඉන්නවනම් මේ කරැන ඉක්මනට දන්වන්න. නැතිනම් ඔබට ඇති කැමැත්ත තව දුරටත් හීන වි යනු නොඅනු මානය.