Monday, January 18, 2010

සරමයි කලිසමයි

මතෘකාව පොඩියක් අමුතු වුනාට, කියන්න යන දේ බොහොම ගැබුරැ කාරනාවකි. දැන් දේශපාලනය රැදි පාවතිනුයේ, සරමේ බලයද කලිසමේ බලයද යන කාරනවා මතයි. එන්ම් මව් බමේ මතයද බටහරට ගැති මතයද යන්නයි. මෙිහදි කලිසම බටහිරට සමාන කලත්, ලියන මාත් බලන ඔබ්ත කලිසම අදින පුද්ගලයකු මෙයි. දැන් ඇත්තම ගැටලුව අපි අපේ දැනුම / විදියක් බාවිතයෙන් ගොඩයන්නේද නැතිනම් බටහිර රට්ටු කියන කාරනා මත පිහිටා උන්ගේ කොලණයක් බවට මගේ මව් බිම පත් කරනවාද යන්නයි.

මෙහිදි මහිනද් හා සරත් තරගයට අවාත් මෙහි යටිකුට්ටුකාරයා පිලිබද කතා නොකරමබැරිය. එම නිසා යටිකුට්ටු කෙලම් කරැ නියෝජනය කරන සමාජ පසුබිම හා ගැමියාගේ පවුල් පසුබිම් අතර ගැටුමක් බව මෙම ජනපතිවරණය අර්ත ගැන්විම වරදක් නැතැයි සිතමි. දැන් යන මඩ ගොඩ බැලුවත් මහිනදට එල්ලකරනුයේ දේශිය මඩය. උදාහරණයක් විදිහට මහින්ද සමාගම ගනුයේ මෙරට ඉඩකඩම් පමනි. එය හිතා මතාම මෙරට ඉඩම් බවට පත්කරනුයේ, ගහන මඩත් ගැමියට පහර විදින ආකරයටය. චන්දිකාට කිව්වේ ඇමරිකාවේ ගෙවල් ඔස්ටේලියාවේ ඇපල් වතු ගත් බවයි. බලන්න මෙ බටහිරට ගැති යටුකුට්ටුකරැවන් මෙවන් චෝදනාවක් මහින්දට එල්ල කරනුයේ අවු 4 කට පසුය. අඩුමගනේ පර්ලිමෙන්තුවට එකම දොශාබියෝගක්වත් මහිනදගේ දුෂනවලට නොගෙන අවේය. එහේත් දැන් එම අවලාද දුෂන ඔක්කොම එල්ලකරයි.


මෙහිදි එජාප පවුල් පසුබිමට කෙසේවත් ජවිපේ ගැලපෙන්නේ නැත,මන්ද ජවිපේ කරයුනුතු ගැමියෝය. නමුත් විස්කි බොන නහරං කොළඔ කාක්කෝ, ජවිපය තබගෙන ඇත්තේ උන්ගේ කක්කා,ගු අතගැමට පමණි. ජවිපේටත් අනුනගේ කැත කුණු අතගැමේ වදිය හොදින් පුරදුපහුණුව්ුවකි. මන්ද 94 සිට 2005 දක්වා නෝනාගේ රෙදිටික හොදපු එක ඇර වෙන කිසිදු වැඩක් නොකලනිසාය. ගැමි කම නොඉවසන රනිල් මුලික කරගත්, මෙරටට නොගැලපෙන් / බටහිරට ගැති කලුස්ද්දන්ට මෙරට බලය ගිලිහියාම කිසිසේත් ඉවසිය නොහැකි නිසා. කෙසේ හේ මහිනද් එලවා දැමිමට දතකයි. එත් මෙරට මිනිස්සු තුල පැලපැදියම් වි ඇති අපේකම නැවත්ත් ඉස්මතුවි මෙවරද, කොළඔ නහරං සමජයේ බටහිර රෑකඩයට එජාප නායකත්වයද නැතිවි යනු නියත කාරනවකි.

විස්කි ගහන / රැ එලිවනතුරැ නටන කිසිම ආගමක් දරමයක් නැති,මෙ පුහු බටහිර රැකඩ වලට නැවත්ත මෙරටට පාලන ලබා දිමට මෙරට ජනතාව තුල කිසිදු උවමනාවක් නැති බව, කඩවත / පිලියන්දල / කලුතර හා කඩුවෙලා යන නගරවලින් පිටතට ගොස් බැලුවොත් හොදාකරවම දැකගත හැක.

බටහිර රැකඩ ටික කාතකාරනුයේ. කොළඔ සමාජයට පමණි. උන් හිතාගේන ඉන්නේද මෙරට යනු කොළබ පමණක් බවයි. එත් රැනිල් මුලික දෝන් ජුවන්ලා නොදන්නා කාරනයනම්. මෙරට තුල මෙ මහපොළවට අදාරය කරන මිනිසුන් සිටින බවයි. එමින්ස්දු කවාදාවත් මුසිලලාට රජවිමට ඉඩ නොදේනනේය. ගැමි මිනිහගේ සුවද නොහදුනන මෙ කලු සුද්දෝ මෙවර හොද පාඩම්ක ඉගන ගන්නා නොවනු මානය.

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

මහින්ද තුලින් මතු වු නායකත්වයේ ගුණාංග

මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ හුදේක් මහිනද හා නායකත්වයේ ඇති සබැදියාව ඉදිරිපත් කිරිම පමණක් බව කරැනාවෙන් සලකන්න.

1.පෙනුම
උත්තුංග පිරිපුන් දේහය
පියමනාප සිනහව
උඩු රැවුල

2.ඉවසිම
වසර 40 ක් පුරා දේශපාලනය කිරිම
ඇමකිම් හෙවත් තනතුරැ පසු පස හබා නොයැම
මන්ති / ඇමති / විපක්ෂ නායක / අගමැති / ජනපති යන තනතුරැවල ඉවසිමෙන් කටයුතු කිරිම
කොපමණ කොටි බොම්බ ගැසුවවත් මාවිල් අරැසොරොව්ව වැහන තෙක් යුද්ධය පටන් නොගැනීම
නියම කාලය පැමනෙන තුරැ බලා සිටිම

3.ජනතාවට නිවැරදි දිශානතිය පෙන්විම
එක්සත් සංකල්පය වැරදි බවත් එකිය සංකල්පය නැවැරදි බවත් ජනතාවට එතුතු ගැන්විම
ජනතාව එක අරමුණක පිහිටුවිම
පටු අරමුණු වල හිරව තිබු සංවර්ධනයට අලුත් ඇබුමක් දිම

4.ජනමතයට කන්දිම
පුජ්‍යය හා පුජක යන දෙපක්ෂයේම අදහස් වලට ගරැකිරිම
සැම ජන කොටසකටම සාමනව සැලකිම
ජන මනස තේරැම ගැනිම හා ඊට සරිලන ලෙස හැසිරිම
පවතින තත්වයන් එකවට වෙනස් නොකිරිම

5.නිවැරදි තින්දු තිරණ ගැනිම
කැරැල්ල මැඩපැවැත්විම
විදේශ් බලපැම් වලට යට නොවිම
රජුන් තනන්නා කවුරැ වුවත් නිවැරිද තිරණයම යතාර්තයක් කිරිම
සුදුස්සා සුදුසු තැනට පත් කිරි
නිවැරදි තිරනය සැම විටම ගැනිම
අතිතය වර්තමානය හා අනාගතය දෙස බලා තිරණ ගැනිම
අනුගාමිකයින් වැඩට අවැසි විදිහට සකසා ගැනිම


6.ආදර්ශමත් විම


මහිනදගේ නායකත්වයේ දුර්වල කම් සියල්ල ඔබගේ කමෙන්ටුවේන් බලාපොරොත්තු වෙමි. මන්ද යත් ඔහුගේ දුරවලකම් කා වැරදි ඇති බව මම පිලගනිමි.



kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

Sunday, January 17, 2010

රනිල්ගේ රාජතාන්ත්‍රික බාවය

රනිල් දේශපාලනය අපුහැටි අමුතුවෙන් කියදිම ඔනා නැතිබවසිතමි. එම නිසා ඔහු ආණ්ඩු කල 2001 - 2004 කාලයත් ඉන්පසුව අද දක්වා තමුන්ගේ අදහස් ඉදිරපත් කිරිමත් මෙම ලිපියෙන් ලියදක්වන්නෙමි.

බොහෝ එජාප පාක්ෂිකයන්ට අනුව රනිල් යනු.
1.රටවල් සමග මනා සම්බන්දකම් පවත්වා ගත හැකි
2.මනා වු රාජතාන්ත්‍රික බාවය ඇති
3.අනික් රටවල නායකයන් පිලිගත්
4.අර්ථිකය ගොඩනැවිය හැකි
5.තරැණ අසහනය හොදින් තේරැම ගත්
6.රජ්‍යය විචාලිමේ මාන පන්නරයක් ඇති
7.මහත් වු දැනුම් සම්බාරයක් ඇති ..... තවත් කරැණු ඇත...

දැන් බලමු මෙය කොහොමද 2001 - 2004 රාජ්‍ය විචාලපු ආකාරය, බලයට පැමිණිමටත් පෙර, නොනා කැන්දගෙන අපු නොරවේ හරහා සාම ගිවිසුමක් සකසා, බලයට පැමිනි විගස එය අත්සන් කලේය. මෙයන් රටට වුනු හානිය කියා නිම කරන්ට බැරිය. 1815 දි අපි කලේ රට පවරලා දිපු එක. මෙ යොදයා 2001 දි, නාමිකව හෝ තබුනු එකිය රට, මායිම සහිතව කොටියට පාවාදුනේය. තවමත් එය වැරැද්දක් විදිහට පිලිගැනිමට මොහු ඉදිරපත්වන්නේ නැත. ඔය කාරනව නිසාම මොහුට 2004 දි රජය නැතිවියයි. හැබැයි ඊට පෙර රටට කරන්න ඔනා සියලුම හතුරැකම් ටික කලේය. රජ්‍යය අයතන විකිනිම/ සංවරදනයට සල්ලි නොදිම / රවිට දුෂනය අත දිම / රැකිය නොදිම /


කොහොමින් හොහොමින් හරි මෙයා දැන් විපක්ෂ නායක පුටුවේ වඩිවි, පිට රටවල් වලට කේලම් කිමිට පටන් ගත්තේය. ඔවා ඉතන් මතක් කරලා දිම පමණක් ඇති මොකද ලියන්න ගියොත් මෙ බ්ලොග් කෙරැවාවත් එපා වෙලායයි.


රනිල් ගැන ඔහුගේම තක්සේරැව
පසුගියද ස්වර්ණවාහිනය සමග ඇති වු සංවාදයෙන් උපුටා ගන්නා ලද්දකි
"මහිනද හිතුව මම ජනාධිපතිවරණයට එයි කියලා, එහින්ද එයා චන්දයක් කැදෙව්වා, මම අවේ නැහැ මොකද මට දින්න බැහැ" රනිල් දන්නවා එයට ජනතාවගේ ඇති කැමැත්ත. මොකද එයගේ හිත අනිව්රයයයෙන්ම කියනාව ඇති, රටට දෝහියෙකු වු බව.

ඔන් ඔකයි රනිල්ගේ කෙරැවාව. හිතන්න අපිට ඔනා මෙරට පාවලා දෙන හා එක්සත් රටක් හදන්න යන නායකයද? නැතිනම් එකිය රටක් ගොඩනගන්න උත්සාහ දරන මහින්දද?


kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

Saturday, January 16, 2010

විධායකය / දූෂනය / එකීය / පවුල් බලය / එක්සත්

පහතින් සද්හන් කරන අඩවිය ලියන හෂාන් සමග කල වාදයක් නිසා ඇතිවු අලුත් මතයක් මෙම ලිපිය සමග එක්කරමි.
http://adawwa.blogspot.com/2010/01/2.html

මම මෙහිදි කතා කරන්නේ මෑත දේශපානය මත පමණි. මන්ද යත් මට අත්දැකිම් ඇත්තේ එම කාලපාරසය තුල පමනක්ම නිසාය.

1994 දි වන්දිකා බලයට පැමිනේන්නේ, වසර 17 ක එජාප දුර්දාන්ත පාලනය නිම කිරිමටය. ඔය අතර ජවිපේ විධයක තුල වු අසීමිත බලය දැක්ක නිසා වීධයකය අහෝසිකරන බවට නෝනාගේන් ලිඛිත සටහන් ගේන තම අපේක්ෂකයා ඉවත් කරගත්තේය. එදා ජවිපේ එදාට ගැලපේන ආකාරයට තින්දුවක් ගතතේය. එක තමයි ජවිපේ තුන්වෙනි පරික්ෂාව [1. 71 කැරැල්ල 2. 88/ 89 කැරැල්ල]. එහෙම නැත්නම් ජවිපේ තුන්වෙනි ටෙස්ටි කිරිල්ල. ඔය විධායක කාරනාවට වඩා ජනතාවට එදා අවැසි වුයේ එජාපය පන්නා දැමිමටය. එදා බැරැවෙලවක්වත් ඔතන මර්වින් හිටයත් දිනනවා. එහින්දා එදා ජවිපේ එම උපකල්පනය වැරදි, විදායකය 1999 දක්වා නොනා ඇදගෙන අවාය. ඉන්පසු අයේත් 99 ජනපති සටනේදි ජවිපේ නොනාට සහාය දක්වයි. එවරද විදයකය කියන කාරනවා ජනතාව අතරට නොගොස්, බොම්බයට පින්සිද්ද වෙන්න යන්තම් අයිත් නොනම බලයට පැමිණියයා. 99 සිට 2005 දක්වා විදයක බලතල නොනා හොදට රහ බැලුවේ ජවිපෙයට දෙවන වතාවටත් කොකා පෙන්නමිනි. දැන් මෙවන විට ජවිපේ පස්වේනියට දියත් කල උපායත් අසාරත්ක විගියේය.

මට හිතෙන තවත් දෙය්ක නම්, 2010 වනතුරැම විධයකය අහොසි කිරිමට පර්ලිමනේතුවට යෝජනවක් ගෙන අයුතු බව මොවුන් නොදැන සිට ඇත. නැතිනම් චිධයකයට විරැද්ද මොවුන් පරිමෙන්තුව තුල අනිවර්යයේනම කතා කලයුතුමය


හරි දැන් 2005. අයිත් ජවිපේ මහින්ද එකක් ගිවිසුමක් ගහනවා, මුලික කරැන, කැරැල්ල ඉන්පසු තවත් ඉල්ලීම් කිහිපයකට පසු විධයකය අහෝසි කිරිම. දැන් මෙ හය වෙනි පාර තමයි. ජවිපේය රටට පාර කියලා දේනන හදන්නේ. පහුගිය පස් වතවෙම තමන්ගේ තිරනය වැරදිච්ච අය අයිත් තමුනගේ උපායශිලි බව පෙන්වන්න මහිනදව ඉන්දොනවා චිධායක පුටුවේ. මහිනදගේන් මිනිස්සු බලා පොරෙත්තු වුනේ, රට කොටියගේන මුදවා ගන්න එක, හා නොනගේ එක්සත් රට එකීය රටක් කරන එක. මට පුදගලිකව හිතේන කාරනාවක් නැම්, ගමේ මිනිස්සු හා නගරයේ ජිවත් වන සාමන්‍යය මිනසාට ඔය චිධයකය තබුනත් එකයි නැතත් එකයි.

දැන් කොහෙම හරි යුද්දේ ජය ගත්තා. ජවිපේ ඉල්ලිම් වු වීදායකය අහොසි වෙන්නේත් නැහැ. මෙවෙන කොට දැන් ජවිපේ 3 වතාවක් ජනපතිවරැන්ටම රැවටිලා. එකියන්නේ මොවුන්ගේ තිනදු හා තිරන කවුරැත් ගන්න ගන්නේ නැහැ. එම තිරන ඔවන්ට යතාර්තයක් කරන්නත් බැහැ.


දැන් 2010, නොනා දෙපාරක් ඉෂ්ට කලේ නැහැ / මහින්ද තව පාරක් රැවැට්ටුව. ඔන් දැන් ගෙනාව සරත්ව කලියට විධායකය අහෝසිකරනන. ඔකට ඉතින් රනිල් අය්යත් අවා. මොකද සල්ලි දිලා මන්තිරයෝ එහට මෙහාට කරලා අගමැති වුනත්, කවදාවත් විධයක ජනපති කම තමුන්ට රටවැසිය නොදෙන බව.

දැන් රනිල්ට ඔනා - චිධයකය අයින්කරන්න / රාජපක්ෂවරැ එලවන්න / එක්සත් රටක්
දැන් ජවිපේට ඔනා - විධයකය අයින්කරන්න/ දුෂනය අයින්කරන්න/ එකිය රටක්

දෙගොල්ලන්ටම එකතුනේන තියන කාරනවා තමයි - විධයකය අයින්කිරිම. ඔන් ඔකට කට්ටි දෙක එකතු උනා.

දැන් අපිට තියන ගැටලුව, 2005 මහින්දව ගෙනල්ලා කැරැල්ල මුලින් උපුටලා එකිය කරපු රට, චිධයකය අයින් කරන්න ඔනා කියන පොදු කරනාවට පමණක්ම සිමා වෙලා මහිනදව එලවලා රනිල් රජ කරන එකද? නැතිනම් එකිය රට තියාගේන මහිනදව නැවත්ත් පාලන බලයට ගෙන එමද? කියන කාරනා දෙකයි


එහිනදා මට අනුව, ඔය මොන දේ කරන්නත් රට එකිය වේනන ඔනා. අනික ජවිපේ මෙවර තෙරිමත් වැරිද වෙන්නම ඔනා. මොකද දැන් හය පාරක් වැරදිච්ච කට්ටයක් තමයි මෙඅය.

එකිය රටද? එක්සත් රටද? තිරණය ඔබ අතේ


kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

සුපිරිසිදු සරත් අපිරිසිදු වුන හැටි

මමත් මඩ ගහන්න කැමති නැහැ. එත් ඉතින් දැක් දේ නොලිය ඉන්නත් බැහැ. මෙපමණකරක් අපි අහලා තිබුණ සල්ලි වලට මන්තිරයෝ එහාට මෙහාට පනිනවා කියලා එත් කවුරැවත් ඔක හරියටම විශ්වාසයකට ගන්න බැරැව තමයි හිටියේ. එත් ඊයේ සිදුවුනු සිද්දයත් එකක්. ඇත්ටම සරත් පඔ ගාලක පැටලිලා කියලා අපිට කියන්න පුලුවන්. දැක්කේ නැති අය ඉන්නවනම් ඔන් බලාගන්න





දැන් ඉතින් අපිට කියන්න, ඔය සරත්ට කඩේ යන කට්ටිය මෙකට උතරයක්. ඔය ඉතින් දවස් 40 තුල කරන කියන කාරනා. මේ යොදය බැරිවෙලාවක්වත් අවු 40 හෝ රනිල් ගේ කාලයේ සිට ආවන්ම් , අපිට කතා කරන්න සරත් කෙනේක නැහැ... බලමු කට්ටයගේ අදහස් මොනවද කියලා

Friday, January 15, 2010

එකීය එක්සත් එක්සේසත්

මෙක හින්ද තමයි ඉතින් නුවරපාරටත් දේශපාලන ලිපි ලියන්න උනේ. මොකද නුවරපාර ලියන එකාට ඔය මොන පක්ෂය ආවත් උගේ වියදම් හොයගන්න ඔනා උම තමයි. අනික නුවරපාර ලියන මම ඉගෙන ගත්තේ මෙරටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්. එහින්දා උට මර ඇම්මක් තමයි තියෙන්නේ ලංකාව ගැන. අනික් අයට එවගේ කැක්කුමක් නැහැ කියලා කියන්න තරම් මම දුෂ්ට වෙන්නේ නැහැ. මට සරත් මහින්ද ඔය කවුරැ ඇවිත් මොන මොන දේ කලත් කමක් නැහැ ඔය හැම දෙයක්ම කරන්න මවි බ්මක් තියනවනම්. එ කියන්නේ මගේ මව් බිම අනිවර්යයයෙන්ම එකීයම විය යුතු යන මතයේම මම එලබගෙන සිටිමයි.

තවදේයක්, අනික් දේශපාලන ලිපි ලියන බ්ලොග් වලින් නුවර පාර ගොඩක් වෙනස්, මොකද පාරම්පරවෙන් උරැම කරගත් පක්ෂයක් නැති නිසා ඔන වෙලාවක ඔන අයෙකුට විරද්ධ චෝදනාවක් ඉවසන්න පුලුවන්, මොකද ලොක්කන්ව සුද්දකරනන් තරම් අවශ්‍යයය තාවයක් නැති හින්දා. එහින්දා
මගේ මතයට විරැද්ද කමනේට් මකාලා දාන්න.
කෙනේක පැහැදිලිව මොකක් හරි කව්වහම එක නොසාකා හරින,
නොදන්න දෙවල් කතා කරන්න යන කිසිම දෙයකට නුවරපාර අන්තගාමි නොවන්නේය.

මුලින්ම කියන්නම්, එකිය කිය්නනේ මොකක්ද කියලා, එක් රජයක් / එක කොඩියක් / එකම පාලන තන්තයක් කියලා අපිට කෙටියෙන්ම කියන්න පුලුවන්. ඊට විරැද්ද සැම අයෙකුම කැරැලිකාරයන්මවෙයි. එකිය හා එක් සේසත් යනු එකම තෙරැම ඇති වචන දෙකකි. නමුත් එක්සත් යනු හාත් පසින්ම වෙනස් පාලන විදියකි. එකසත් කරනනේ රටවල් කිහිපයක් හෝ වෙන වෙනම පාලනය කිහිපයක එකතුවකි. දැන් අපේ කටිටිය මෙදෙක පටලවා ගෙන හො පටලාවා ඇත.

ලංකාම ඈත අතිතයේ පටන්ම එකිය රටකි. දැන් කට්ටිය ඇගට ගොඩවෙන්න එපා එතකොට යාපනය පාලනය කලේ වෙන රජෙක් කියලා. එක්කම කියනන එපා රහුණු පිහිටි මායා කියලා කොටස් තුනක් තිබුනා කියලා. ඉතිහාසය මට වඩා හොදට දන්න කෙනෙක් ඉන්නවනම් ඇනිමොනියස් කෙනේක් විදිහට හරි කමෙන්ටුවක් දාලා යන්න.


කොහොමින කොහොම හරි දැන් විවස්තාව අනුව අපේ රට එකිය රටක්, එහිනදා එක වෙනුවෙන් තමයි මට මහින්දව තොරගන්න වෙලා තියෙන්නේ. හැබැයි සරත් ඔක අද කව්වොත් මමත් සරත්ට තමයි. එත් මෙ කාරනාව පිලිබදව සරත් මුකුත් කියන්නේ නැහැ.


අපේ මව් බිම එකිය රටක් ලෙසටම ඉදිරයටත් පවත්වා ගනිමු.

Thursday, January 14, 2010

කටපරිස්සම් කරගත්තොත් සරත්ට දිනිමට හැකි වනු ඇත

ජනපති සටන පටන් ගත් දා සිට, දේශපාලන වෙදිකාව එන්න එන්ම තියුණු හා උණුසුම් වෙමින් පවති. රැලිවල කෑගහන කට්ටිය අතර ඉදිරිපෙල සිටිනුයේ, විමල් / දායසිරි /එස්බි / ජොනි / ලාල් යන අයයි. මෙකට්ටිය මොනවා කිවත් අපිට ඉතා උනන්දුවෙන් අසා සිටිනුයේ සරත් හෝ මහින්ද වෙදිකා වල කියන දේයි.

මතකනේ කාලයක් තිබුනා එජාපයේට චන්ද ටිකක් එකතුකරලා දුන්නහම, රනිල් වෙදිකාව කතා කරලා ජන්ද 1000 - 1500 විතර නැතිකරගත්තා, ඔය දේම තමයි සෝමවංශ කරන්නේත්. දැන් සරත්ට කට පරිස්සම් කර ගැනිම වැඩි වැඩියෙන් කලයුතු කාලයක් වි ඇත. මෙහිදි මම අවධානයට යොමු කරන්නේ සරත්ට වරද්දා ගත් තැන්මය.

1.අර්ථිකය ගැන එජාපයෙන් ඇසිම
2.මහින්ද හා ඔහුගේ පවුට හෙණ ඉල්ලිම
3.විමල්ට කටුගොඩ ගැසිම
4.හමුදා නිලදාරින් ගෙදර යැවිම
5.මිතුරාට පාහරයා යයි කිම
6.කලගුණ ගැන කතාකිරිමට යාම
7.දායසිරිට නියෝග හා නිතිපැමනවිම
8.විදායකට අහෝසිකරනවා යයි කිම
9.විලියම් ගොපල්ලව නොවන බව කිම
10. ඇමති වරැන් හරියට වැඩ නොකරනි විට ඇමතිකම් පවරා ගැනිම

ඔයකාරනා නායකයකු අතින් පිට වියනොහැක,මන්ද නායකයා යනු සැමට එකලෙස සලකන අයෙකි. අනික් කාරනාව කියන දෙය නිවැරදි හා තවත් කියන කාරනාවක් හා නොගැටිය යුතුය. හයිකොප් ගනුදේනුව පිලිබද එලිකල ඔහගේ මිතුරටම පාහරයා හා ගුනමකුවා කියමින් වෙදිකාවේ සිටම බැන වදි, තව වැදගත් කරැනක් මෙයින ගම්‍යය වෙයි, එනම් මොහුද තම හිතමිතුරන්ට සලකන බවයි.

සරත්ට තව ජන්ද අවශ්‍යය නම් වෙදිකාවෙදි කිවයුතු වැදගත් කරැනු ඇත එනම් මෙරට එකියබව එකවරක් කිවොත් අනිවර්යයේනම තව චන්ද වැඩි ගණක් ඔහුට වැඩිවිම නියත කරැනකි. එලෙසම පුද්ගලික වයිරය පදනම් කරගත් දේවල් වෙදිකා වල සිට නොකිය යුතුය. පුලුවන් තරම් රනිල්ට වෙදිකා වලට නැගිම තහනම් කල යුතුය. ඔහු විදේශ චන්ද ලබා ගැනිමට පමණක් බාවිත කල යුතුය.

ඔන් දැන් කියන්න එපා නුවර පාරත් සරත්ට කඩේ යනවා කියලා. මම කඩේ යන්නේ එකිය රටක් වෙනුවේනම පමණි.

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි