Thursday, January 14, 2010

කටපරිස්සම් කරගත්තොත් සරත්ට දිනිමට හැකි වනු ඇත

ජනපති සටන පටන් ගත් දා සිට, දේශපාලන වෙදිකාව එන්න එන්ම තියුණු හා උණුසුම් වෙමින් පවති. රැලිවල කෑගහන කට්ටිය අතර ඉදිරිපෙල සිටිනුයේ, විමල් / දායසිරි /එස්බි / ජොනි / ලාල් යන අයයි. මෙකට්ටිය මොනවා කිවත් අපිට ඉතා උනන්දුවෙන් අසා සිටිනුයේ සරත් හෝ මහින්ද වෙදිකා වල කියන දේයි.

මතකනේ කාලයක් තිබුනා එජාපයේට චන්ද ටිකක් එකතුකරලා දුන්නහම, රනිල් වෙදිකාව කතා කරලා ජන්ද 1000 - 1500 විතර නැතිකරගත්තා, ඔය දේම තමයි සෝමවංශ කරන්නේත්. දැන් සරත්ට කට පරිස්සම් කර ගැනිම වැඩි වැඩියෙන් කලයුතු කාලයක් වි ඇත. මෙහිදි මම අවධානයට යොමු කරන්නේ සරත්ට වරද්දා ගත් තැන්මය.

1.අර්ථිකය ගැන එජාපයෙන් ඇසිම
2.මහින්ද හා ඔහුගේ පවුට හෙණ ඉල්ලිම
3.විමල්ට කටුගොඩ ගැසිම
4.හමුදා නිලදාරින් ගෙදර යැවිම
5.මිතුරාට පාහරයා යයි කිම
6.කලගුණ ගැන කතාකිරිමට යාම
7.දායසිරිට නියෝග හා නිතිපැමනවිම
8.විදායකට අහෝසිකරනවා යයි කිම
9.විලියම් ගොපල්ලව නොවන බව කිම
10. ඇමති වරැන් හරියට වැඩ නොකරනි විට ඇමතිකම් පවරා ගැනිම

ඔයකාරනා නායකයකු අතින් පිට වියනොහැක,මන්ද නායකයා යනු සැමට එකලෙස සලකන අයෙකි. අනික් කාරනාව කියන දෙය නිවැරදි හා තවත් කියන කාරනාවක් හා නොගැටිය යුතුය. හයිකොප් ගනුදේනුව පිලිබද එලිකල ඔහගේ මිතුරටම පාහරයා හා ගුනමකුවා කියමින් වෙදිකාවේ සිටම බැන වදි, තව වැදගත් කරැනක් මෙයින ගම්‍යය වෙයි, එනම් මොහුද තම හිතමිතුරන්ට සලකන බවයි.

සරත්ට තව ජන්ද අවශ්‍යය නම් වෙදිකාවෙදි කිවයුතු වැදගත් කරැනු ඇත එනම් මෙරට එකියබව එකවරක් කිවොත් අනිවර්යයේනම තව චන්ද වැඩි ගණක් ඔහුට වැඩිවිම නියත කරැනකි. එලෙසම පුද්ගලික වයිරය පදනම් කරගත් දේවල් වෙදිකා වල සිට නොකිය යුතුය. පුලුවන් තරම් රනිල්ට වෙදිකා වලට නැගිම තහනම් කල යුතුය. ඔහු විදේශ චන්ද ලබා ගැනිමට පමණක් බාවිත කල යුතුය.

ඔන් දැන් කියන්න එපා නුවර පාරත් සරත්ට කඩේ යනවා කියලා. මම කඩේ යන්නේ එකිය රටක් වෙනුවේනම පමණි.

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

19 comments:

  1. ඒකීය කියන වචන සරත්ට තහනම් වචනයක් මචන්.. ඒක කිව්ව්ව ගමන් TNA එක සරත්ට නැති වෙනව.. හික් හික්..

    ReplyDelete
  2. @Naveen Madhawa
    ඒක ඇත්ත. එක හින්දා තමයි කට වහගෙන ඉන්නේ සරත් ..

    ReplyDelete
  3. ඔබගේ ඔය කතා වලට එහා ගිය දේශපාලනික කරුණු කාරණා අනුව ජෙනරාල්ව විවේචනය කරනවා නම් මා කැමතියි. මන්ද එවිට අපට කතා කිරීමට දෙයක් තිබෙන බැවිනි. නැතිනම් අපටත් සිදුවන්නේ ඔබ කියනා පරිද්දෙන්ම වල් පල් ටිකක් කියා හෝ මර්වින් වැනි ජෝකර්ලා ගැන කියා ඔබගේ මතය සමග ගැටීමටයි. එනිසා ඔය ප‍්‍රාථමික තර්ක වලින් එහාට පිවිස කරුණු ඉදිරිපත් කරන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා යාලූවා

    ReplyDelete
  4. @හෂාන්
    ඔබගේ යෝජනාවට මම ගරැ කරමි. මට සරත් එක්ක ඇති එකම විවේචනය වනුයේ මෙරට එකියද නැතිද එකම පමණි. එය සරත්ගේ කටින් චන්දයට පෙර පිටවුවහොත් මමත් මාගේ කැමැත්ත ඔහුටම දෙමි.

    ReplyDelete
  5. @හාෂාන්

    ඔබට තර්ක කිරිමට ඇවැසිනම්
    http://kandyroad.blogspot.com/2010/01/blog-post_13.html මෙමබදිය හා ගොස් බලන්න ...

    ReplyDelete
  6. එම ලිපියද මම කියවුවෙමි. එහි හොඳ සමාලෝචනයක් කර ඇත.

    නමුත් කැන්ඩි මා දකිනා ආකාරයට යුද්ධයට පෙර තිබූ එ්කීයභායට වඩා දැන් එ්කීයභාවය යන වචනය වටිනාකම අඩුවෙලා නේද? මොකද දැන් කොටියෙක් නැති නිසා බලය බෙදා දෙනවා නම් (ඔබ රට කඩා දෙනවා කියන වචනය වෙනුවට දේශපාලන විද්‍යාව තුළ නිවැරදිම පදය) දෙන්නට තිබෙන්නේ ත‍්‍රස්තවාදීන්ගෙන් නිදහස් වූ සැබෑ දෙමළ ජනතාවට නේද? එ්කෙ තියෙන වැරැද්ද මොකක්ද?

    ReplyDelete
  7. ගැහැනියෙකුයි මිනිහෙකුයි කාමරෙකට ගිහිල්ල දොර වහගෙන විනාඩියකින් එලියට එනවා.. විනාඩි පහකින් එලියට එනවා. පැය දෙකකින් එලියට එනවා දකිනවා. අපි එ අවස්තා තුනෙ දි එයාලගෙ මුනු , ඇවිදින විලාශය, ඇදුම් මෙ ඔක්කොම දිහැබලලා තමයි අපි තිරනයකට එන්නෙ. යම් දෙයක් මාරු කරගන්නද ගියෙ, යම් දෙයක් කතා කරගන්නද ගියෙ, නැත්නම් ලිංගිකව එකතුවෙන්නද කියලා. අන්න එවගෙ දෙශපාලනෙ ගැනත් මිනිස්සුන්ගෙ හැගිම් ක්‍රියාත්මක වෙනහැටි ගැනත් කල්පනා කරන්න...
    හශාන් . සරත් ෆොන්සෙකා ගෙ ඉතිහාසය ගැන මුලින්ම දැනගන්න. ඇයි එතුමා හොද යුදනායකයෙක් උනෙ කල්පනා කරන්න. එතුමා කරපු කියපු දෙවල් ගැන දැන ගන්න. මහින්ද රාජපක්ෂ ගැනත් හොයන්න අවුරුදු 40 කරපු කියපු දෙවල් ගැන දැනගන්න.එතුමා ජනාධිපති පදවියට ආවෙ කොහොමද කියලා දැනගන්න. අපි ඔබ මෙ සමාජයෙ ඉන්න පුද්ගලයින්. බස්වල යන්නෙ එන්නෙ. බත් කන්නෙ. සරත් ෆොන්සෙකා කියන්නෙ එක එකාට ඔන විදියට නටන රුකඩයක් නම් රටට ආදරය නොකරන දේශ ද්‍රොහියෙක් නම් එතුමාට එවැනි තැනකට කවදාවත් ලගා විය නොහැකි බව වටහා ගන්න.යුද්දය යන අතරතුරෙ දි මහින්ද හා ගොටාබය ගැන සහ දෙශපාලනය ගැන එතුමා කරපු කියපු දෙවල් මතක් කරගන්න. බල ලොභි මනුස්සයෙක් ක්‍රියා කරන හැටි ඉගෙන ගන්න. සුරන්ගනා ලොකවල තියන කරුනු හා සසදන්න. බලන්න හොදට මහින්ද ගෙ වචන වල හා සරත්ගෙ වචන වල තියන වෙනස. ගහෙ අත්තට ගහපු ගලක් ගෙඩියට වැදි වැටුනු පසු එ ගෙඩිය මගෙ කියා අයිතිවාසිකම් කියන යහලුව කපටියෙකු බව වටහා ගන්න. ඇත්ත තෙරුම් ගන්න. ගිවිසුම් තියනවානම්, හොරෙන් කාපුවා තියනව නම්, සරත් මහතාට ඇයි එතුමා යු.න්.පි සහා ජෙ.ව්.පි සල්ලිවලින් දේශපාලනය කරන්නෙ. ටිකක් වටහාගන්න එක එකාට ඔන විදියට නටන, දැඩිමතවල ඉන්න, මුදලට ධනයට ලොභ මිනිසෙකුනම් එතුමා දේශපාලනයට කිසිදා නොඑන බව ඇයි නොවැටෙහෙන්නෙ.ධනයට බලයට ලොබ නම් මහින්ද ට තිබුනනෙ තියාගන්න එස්.බිට දුන්නු මුදලින් භාගයක් දිලා. අනික ඔයා නිකමට කල්පනා කරන්න ඔයා සරත් ෆොන්සෙකා කියලා ඔයා රැ දවල් නිදිමරාගෙන, බොම්බා කැලි කාගෙන අරුට අතනින් යමන් උබ මෙතනින් යමන්, ඔක අල්ලගෙන මිසක් අපහු එන්න එපා බල්ලො කියලා බැනලා මහන්සියෙන් ඇතිකරගත්තු දෙයක් යුන්පි කාරයින්ගෙ කතා අහලා අත්සන් කරයිද...? හෂාන් අපිට බුද්ධියක් තියනවා. සරත් ෆොන්සෙකා අයි.ටි.න් සාකච්චාවලදි කිවුව කරපු කොටස් පමණයි එකෙ දාන්නෙ.. මා ගාව තියනවා සම්පුර්න කතාව. එතුමා එතනදි මහින්ද රාජපක්ෂ හා ගොටාබය මහත්වරුන් කරන මෙහෙය අගය කරමින් යුදහමුදා යාන්ත්‍රනය හා මෙහෙයුම් උපක්‍රම නිසයි මෙ ජය ලැබුනෙ කියා කියනවා. ඉස්සර යුද්ද කරපු විදියයි දැන් යුද්ද කරපු විදියයි අතර තියන වෙනස ගැන කියවෙනවා එ වා අයි.ටි.එන් එකෙ දාන්නෙ නැහැ. ඔලුවක් තියනවා නම්, කල්පනා කරන්න පුලුවන් නම් තෙරුම්ගන්න. මම ත් මහින්දට 2005 කතිරෙ ගහපු කෙනෙක්. රටට ආදරෙ කරන කෙනෙකුගෙයි, තමුන්ට ආදරය කරන කෙනෙකුගෙයි අතර තියන වෙනස වටහා ගන්න.
    නමුත් එ සියල්ල කරන ගමන් 26 වැනිදා ගිහින් බුලත් කොලයට කතිරෙ ගහන්න. මොකද මම දන්නවා කවදාවත් කවුරු ආවත් මෙක හදන්න පුලුවන් දෙයක් නෙමෙයි. මිනිස්සු කල්පනා නොකර අපි මැතිනියගෙ, අපි කැපුවත් කොල, අපි කැපු වත් නිල්. කියලා කතිරෙ ගහලා කන්තොරුවට ගිහින් කොහොමද කකුල් උඩ තියගෙන හම්බ කරන්නෙ කියලා රට හුරන් කන එක ගොඩක් දෙනා කරන්නෙ. මහන්සිවෙලා අවංකව වැඩ කරන එකාට හැමදාම 0, උ ඉස්සරහට එන්නෙ නැහැ. බලයට ලොබ එකා පන්දම් අල්ලලා ඉස්සරහට ඇවිත් ආයතනය විනාශකරනවා. බලයට ලොබ එකා අහින්සක එකාට ගැහැවුවොත් ඔන්න වු ඉස්සරහට එන්න දත කනවා.

    ReplyDelete
  8. අපි අතීතයේ එල්බගෙන සිටින තාක් රටට සෞභාග්‍යක් උදාකරලීමට නොහැකිය. අතීතයේ වැරදිකල වුන් හැම විටම වැරදි කරන්නේ නැතය. හොඳම උදාහරණය ජ.වි.පෙ ය. ජවිපෙට ඔච්චර අකමැතිනම් 2005දී මහින්ද ජවිපෙ සමඟ එකතු වුනේ ඇයි? ඇත්තම කියනවානම් 2005දී ඔහුගේ පක්ෂයේ අය පවාකර අරිද්දී තමුන්ගේ කර මතින් අරගෙන ගොස් මහින්දව අභිශේක කළේ ජ.වි.පෙ ය. අනෙක් අතට කාලයක් තිස්සේ ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කර අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මාළිගාව, මහ බැංකු බෝම්බය වැනි එකී මෙකී නොකී සියළුම ත්‍රස්තවාදී ක්‍රියා වළට සහභාගී වු කරුණා, පිල්ලෙයාන් වැනි අයව ආණ්ඩුවට එක් කර ගැනීමේ පදනම කුමක්ද? කරුණා කරපහදා දෙන්න.

    රට අයිති රටේ ඉන්න මිනිස්සුන්ටය. රටට අයිති පාලකයා තෝරා ගැනීමේ අයිතිය ඇත්තේ මහජනතාවටය. කාලයෙන් කාලයට මිනිස්සුන්ගේ වගේම රටේද අවශ්‍යතාවය වෙනස් වෙයි. 2005දී රටේ දශක ගණනක් තිස්සේ පැවතුන යුද්ධයක් විය. රටේ ජනතාවට අවශ්‍ය වුයේ යුද්ධ කල හැකි නායකයෙකි. ඒ නිසා මහින්දව තෝරා ගැණිනි. ඔහු අනෙක් සියළුම අංශ "නා ගත්තත්" යුද්ධය හරියට කළේය. ජනතාවට සතුටු විය හැකිය. ඒ ඔහුව තෝරා ගත් අරමුණ ඉටුවු නිසාවෙනි. යුද්ධය අවසන් කිරීමේ ගෞරවය මහින්දට හිමිවිය යුතුය. නමුත් දැන් රටේ යුද්ධයක් නැත. දැන් රට්ට අවශ්‍යවී ඇත්තේ රට දියුණු කළ හැකි නායකයෙකි. රටේ ඉහ වහා ගිය දූෂණය නැති කළ හැකි නායකයෙකි. නමුත් මහින්ද? ඔහු දුෂණයෙන් "කප් ගැසූ" අයෙකි. යුද්ධයේදි හොඳ නායකයෙක් සැමවිටම සාමයේදී හොඳ නායකයෙක් වෙන්නේ නැත. හොඳම උදාහරණය දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මෙහෙයවූ ඒවකට අගමැති වින්ස්ටන් චර්චිල්ය. මහින්ද ජයග්‍රහණය කළේ ලංකාවේ තිබූ සිවිල් යුද්ධයකි. නමුත් චර්චිල් ජයග්‍රහණය කළේ ලෝක යුද්ධයකි. (මෙයින් ලංකාවේ යුධ ජයග්‍රහණය අවතක්සේරු නොකෙරේ) 1945දී ලෝක යුධ ජයග්‍රහණයෙන් පසු බ්‍රිතාන්‍යයේ පැවති මැතිවරණයෙන් චර්චිල් පරාදවිය. ඇයි? ඒ ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති හොඳ නැති නිසාය. නමුත් මුළු ලෝකයාම තවමත් ඔහුට හොඳ යුද කාලීන නායකයෙක් යන ගෞරවය ලබාදේ. අපේ රටේ මිනිසුන්ද අවබෝධ කර ගත යුත්තේ මෙයයි.

    යමෙක් ඔබට කරන උපකාරයකින් ඔබට ආර්ථික, මානසික හෝ සාමාජයික ලාභයක්, වාසියක් ලැබේ. ඔබ ඔහුට පෙරළා කරන ප්‍රති උපකාරයෙන් ඔහුටද එවැනිම ලාභයක්, වාසියක් ලැබේ. දැන් මහින්ද රටේ මිනිස්සුන්ට කළගුණ සළකන්න කියන්නේ ඇයි? නැවත පත්වී තනතුරේ බලයෙන් තමන්ට, පවුලට, හතර වරිගේ නෑයන්ට ලාභ, වාසි ලබා ගැනීමට නොවේද? දේශපාලනයේදී කළගුණ සැළකීමක් නැත. දේශපාලනය යනු සමාජ සේවාවකි.

    හිතන්න. ඔබට බුද්ධිය පහළ වේවා. ඔබට පෙනෙන මාර්ගයේ ඇති "මීදුම" දුරුවී මාර්ගය පැහැදිලිව දැක ගැනීමට හැකි වේවා.

    රටට අනාගැනීමකින් තොර "සුභ අනාගතයක්!"

    ReplyDelete
  9. @හෂාන්
    මල්ලිෙය් ඒකිය රටක් කියන කාරනාවට කවදාවත් අඩු වටිනාකමක් දෙන්න ඒපා. බලය ඉල්ලන්ෙන් අැයි කියන කාරනව මත අධ්‍යයනය කර ඒවාට පිලයම් ලෙස බලය බෙදනවා මිස රට කැඩිමට බලය බෙදිම කිසදු පලක් නැති කාරනයකි.

    @Anonymous
    ඉතා නිවැරදිව පහදා දිම පිලිබද ස්තුතිවෙමි.


    @Anonymous
    ඔබ ඔබට කැමති තිරණයක් ගන්න

    ReplyDelete
  10. මචෝ, මේක ආදරණීය පැහැදිලි කිරීමක්. ස්ටෙපන් කිංග් ගේ චිත්තරපටියක් මේ ළගදි බැලුවා. ඒකේ නම ද මිස්ට් "මීදුම". මීදුම තියෙන වෙලාවට ඉදිරියෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා පැහැදිලිව පේන්නේ නැහැ. ඒ නිසා අපි මීදුමට එහායින් ඇති දේවල් එක එක විදියට දකින්න උත්සාහ කරනවා. නමුත් සත්‍ය එය නොවෙන්න පුළුන්. සත්‍යය මීදුමෙන් වැසී තියෙන්න පුළුවන්.

    අද්භ+ත සත්වයාගේ ගොදුරක් බවට පත්වෙතැයි සැක කරන මෙහි කතා නායකයා අවසන් මොහොතේදී තමන්ගේ සියළු හිතවත=න්ට වෙඩි තබා මරනු ලබයි. ඔහු සිතන්නේ මීදුම අතරින් අද්භ+ත සත්වයා පැමිණෙනු ඇති බවයි. එහෙත් සත්‍ය වශයෙන්ම මීදුමෙන් පසුව පැමිණෙන්නේ ඔවුන් බේරා ගැනීම සදහා එන ගැලවීමේ කණ්ඩායමයි. එහෙත් මීදුමෙන් එහා ඇති දේ ගැන වැරදියට උපකල්පනය කිරීම නිසා සිදුවූ දේ වැරදි බව තේරැම් ගන්නා විට සියල්ල සිදුවී හමාරයි. එනිසා සරත් ට ඉදිරියෙන් මීදුමක් ඇත. සමහර විට මීදුමෙන් ඉදිරියට ඇති දේ ගැන ඔබගේ උපකල්පනය වැරදි වන්නට පුළුවන. නමුත් ඔබගේ උපකල්පනය වැරදි බව තේරැම් ගන්නකොට ඔබ මහින්දට ඡන්දය දී අවසාන වන්නට ද පුළුවන.

    මීදුවෙන් වැසී ඇති දේ ගැන තීරණය ගන්නා විට බුද්ධියට මුල්තැන දෙමින් සිතන්න. සමහර විට මීදුම මැකී ගිය විට සත්‍යය දැක ගැනීමට හැකිවෙයි.

    මෙය හොදින් තේරැම් ගන්න "මීදුම" බලන්න.

    (ඒකේ තීම් සෝන්ග් එකත් ලස්සනයි. Death Can Dance)

    ReplyDelete
  11. @තිසර
    ඔබ ගෙ පැහැදිලි කිරිම ෆිල්ම් ඒකට අනුව නිවැරදි වුවත්, අපි තිරණය කරනු ලබන්ෙන් මගෙ මව් බිමෙ අනාගතයයි. ඒයට සුදුස්සා මිදුමෙන් වැහුනු තැනැත්තා ෙනාව, ඉතිහසයක් අැති පුද්ගලෙයකි.

    අනික 2005 දි අපට වැරදුනා නම් අද ඔය සරත් කනෙක් නැත .

    ReplyDelete
  12. Anony & kandy

    ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට ස්තූතියි. මම අද දවස තුළ ඔබේ අදහස කෙරෙහි වන මගේ කරුණු ඉදිරිපත් කරමි. තරමක් පරක්කු වන්නේ මගේ රාජකාරි වැඩ නිසා බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
  13. ඊයේ රාති%යේ සිරස රෑපාවහිනියේ පැවති "සටන" වැඩසටහ‍ෙන්දී 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය"13+" පිළිගන්නා බව රාජිත සේනාරත්න විසින් පිළිගනු ලැබූවා. (ඔහු මීට පෙර නුවරදී දේශපෙ%්මීන්ගෙන් තක්කාලි ප%හාරයකට ලක්වූයේද එජාප යේ සි‍ටින කාලයේදී මේ අදහස දැරෑ නිසාය.) ඒ අනුව රාජිත ද වෙනස් වී නැත. හේත=ව "13+" කි%යාත්මක කිරීමේදී ඒකීයභාවය තර්ජනයට ලක්වීමයි. ඒ අනුව රාජිත ගේ අදහස රජයේ අදහසද? මහින්ද මහතාද "13+" ගැන අදහස් දක්වා තිබේ.

    ReplyDelete
  14. @තිසර
    ඔය කතාව මාත් ඊයෙ දැක්ක. ඒත් තිසර අපට විශ්වාස මහිනද හා සරත් කියන කාරනා පමණි. ඒම නිසා සරත් ඒකිය රටක් කිය කයන්ෙන් නම් ජනපති විය යුත්ෙත් ඔහුමය.

    ReplyDelete
  15. @ Anonymous
    (මා මේ පිළිතුරු දෙන්නේ 7වැනි කොමෙන්ටුවටය. එනම් පළමු Anonymous මා උදෙසා කළ ප‍්‍රකාශයටය.)

    ඔබගේ නිමක් නැති ප‍්‍රතිචාරය කෙතරම් ගැටළු සහිතද කියනවා නම් පහත දැක්වෙන එහි සඳහන් අදහස් එකිනෙක ගැලපෙන්නේවත් නැත. එ් නිසා ඔබ නියෝජනය කරන්නේ හෝ විවේචනය කරන්නේ මහින්දගේ පිළද නැද්ද යන වගවත් හඳුනාගත නොහැකිය. තරහා නොවී එය පැහැදිලි කිරීමට හැකිනම් බොහොමත්ම ස්තූතියි.

    //සරත් ෆොන්සෙකා කියන්නෙ එක එකාට ඔන විදියට නටන රුකඩයක් නම් රටට ආදරය නොකරන දේශ ද්‍රොහියෙක් නම් එතුමාට එවැනි තැනකට කවදාවත් ලගා විය නොහැකි බව වටහා ගන්න//

    //ගහෙ අත්තට ගහපු ගලක් ගෙඩියට වැදි වැටුනු පසු එ ගෙඩිය මගෙ කියා අයිතිවාසිකම් කියන යහලුව කපටියෙකු බව වටහා ගන්න.//

    //ගිවිසුම් තියනවානම්, හොරෙන් කාපුවා තියනව නම්, සරත් මහතාට ඇයි එතුමා යු.න්.පි සහා ජෙ.ව්.පි සල්ලිවලින් දේශපාලනය කරන්නෙ. ටිකක් වටහාගන්න එක එකාට ඔන විදියට නටන, දැඩිමතවල ඉන්න, මුදලට ධනයට ලොභ මිනිසෙකුනම් එතුමා දේශපාලනයට කිසිදා නොඑන බව ඇයි නොවැටෙහෙන්නෙ.//

    මට පේන විදහටනම් ඔබ මාව වරදවා තේරුම් ගෙන වගෙයි. එය නිරාකරණය කරගැනිමට මාගේ adawwa.blogspot.com කියවන්න යැයි කාරුණිකව ඉල්ලා සිටිනවා. මා වැරදියි නම් නිවැරදි කරන්න.

    ReplyDelete
  16. 7වැනි කොමෙන්ටුව. එනම් පළමු Anonymous
    හශාන් කොලුවො මට සමාවෙයන් බන්.. මම හිතුවෙ උබයි නුවර පාර ලිව්වෙ කියලා... කො මෙ නුවර පාරෙ එකා.. මෙහාට වරෙන් කියවපන් එක...

    ReplyDelete
  17. @7වැනි කොමෙන්ටුව. එනම් පළමු Anonymous වෙත

    අනේ මචෝ අපි කාට කඩේ ගියත් මගේ වැඩ ටික කරන්න ඔය කවුරැත් එන්නේ නැහැ. පොඩියක් සමාවෙයන්. මම තවටිකකින් එකට පිලිතුරක් දන්නම්.

    කවුරැකව්වත් හෂාන් කියලා තියන කතාවට උබ උත්තර දිපන් මචෝ. මොකද නුවරපාර සමහරක් බ්ලොග් වගේ මගේ අදහසට විරද්ද කමෙන්ටු මකාලා දන්නේ නැහැ. ඔන දෙයක් ලියලා යන්න .. එත් ඉතින් කාට හරි දැනුමක් ලාබා දෙන් එකක්... විනාඩි 90 විතර ඇවිත් බලන්න ..........

    ReplyDelete
  18. @7වැනි කොමෙන්ටුව. එනම් පළමු Anonymous වෙත

    ඔනා නැහැ දන්මම මට උත්තර දෙන්න පුලුවන්, මොකද මම පාරම්පරික පාක්ෂකයෙක් නොවන නිසා. ඔබ ලිය ඇති බොහොමයක් දේ ගැන එකග වන ගමන් මා මෙම ලිපි වලින් උදක්ම බලාපොරෙත්තුවනුයේ ලංකවේ එකීය බාවය පිලිබදව පමණක් බව ඉතා ඔනැකමින කියමි

    ReplyDelete
  19. මටත් දැනගන්න ඕන, සරත් ලංකාවේ ඒකීය භවය ගැන මොනවද
    කියන්නේ කියලා, තවම මට හරියට පැහැදිලි නැහැ.

    ReplyDelete