Sunday, January 24, 2010

ෆොන්සේකා වීරියක් දරමින් බලය ඉල්ලන්නේ ඇයි?

පහත ලිපිය අප වෙත එවන ලද්දේ විජේසේකර මහතා ගාල්ලෙනි.

මම මෙම කෙටි සටහන මගින් ඔබ දැනුවත් කරන්නට යන්නේ ෆොන්සේකා මහතා මේ තරම්
වීරියක් දරමින් බලයට පත් වන්නට යන්නේ මන්දැයි කියන ජාත්‍යන්තර
කුමන්ත්‍රණය කුමක්දැයි පැහැදිලි කරදීමටයි.

මෙම කරුණු වල සත්‍ය අසත්‍ය බව පහත සබැඳිය බැලීමෙන් ඔබට වටහා ගත හැක.

http://foreign.senate.gov/imo/media/doc/SRI.pdf

මෙහි තිබෙන්නේ ඇමරිකානු සෙනේට් සභාවේ ජාත්‍යන්තර සම්බන්ධතා කමි‍ටුවට 2009
දෙසැම්බර් 07 දින ඉදිරිපත් කරන ලද වාර්තාවකි.

එයට අනුව ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා යම්
තරමකට දුරස් වී ඇත. මෙයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ඇමරිකාව ඇතුළු බටහිර
රටවල්, අප යුද්ධයට මුහුණ දී සිටින කාලයේ එයට අවශ්‍ය සහයෝගය දක්වනුවා
වෙනුවට, යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ ප්‍රශ්න, මාධ්‍ය නිදහස ආදී ප්‍රශ්න
ගැන උනන්දු වන අතරේදී ජනාධිපතිතුමා චීනය, ඉරානය, ලිබියාව ආදී රටවල් සමග
සම්බන්ධතා ගොඩ නගා ගෙන අවශ්‍ය උදවු ලබා ගැනීමයි.

මෙම නව සම්බන්ධතාවයේ ඇති ගැටළුව ලෙස ඔවුන් හඳුනා ගෙන ඇත්තේ දකුණු අර්ධ
ගෝලයේ මුහුදු මාර්ගයේ වැදගත්ම භූ ගෝලීය පිහිටීමක තිබෙන ශ්‍රී ලංකාවේ
හම්බන්තොට, චීන ආධාර මගින් ඉදිකරන වරාය හේතුවෙන් ඉන්දීය සාගරයේ නාවික බලය
ඇමරිකාවෙන් ගිලිහී යා හැකි වීමත්, එවිට ඉන්ධන, වෙළඳ භාණ්ඩ ආදිය
ප්‍රවාහනයට අමතරව (මෙම වාර්තාවේ කෙලින්ම ඉදිරිපත් නොකලත්) යුධමය බලය
අඩුවිය හැකි වීමත්ය.

මෙයට ගත යුතු උපක්‍රමශීලී ක්‍රියාමාර්ගය ලෙස ඔවුන් යෝජනා කරන්නේ ඉහත කී
යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ ප්‍රශ්න, මාධ්‍ය නිදහස ආදී ප්‍රශ්න ගැන
වැඩිපුර අවධානය යොමු කරනවා වෙනුවට, දැනට චීනය විසින් අනුගමනය කරන ආකාරයට
හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති වලට මැදිහත් වී තම අභිප්‍රායයන් මුදුන්
පත් කර ගැනීමටයි. එමගින් ඉන්දියන් සාගරයේ නාවික බලය ස්ථාවර කර ගැනීමටයි.

මෙම වාර්තාවේ, ඔවුන් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග කටයුතු කළයුතු බව
කියා ඇති නමුත්, ඊට වඩා තමන්ට වඩාත් අවනත පහසුවෙන් හැසිරවිය හැකි අයෙක්
පත් කර ගැනීමට අවශ්‍ය උත්සාහයක් නොදරනු ඇතැයි කෙසේ කිව හැකිද?

මෙම, වඩාත් අවනත, පහසුවෙන් හැසිරවිය හැකි පුද්ගලයා, සරත් ෆොන්සේකා මහතා
නොවන බව කෙසේ කිව හැකිද?


ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 3 කට ආසන්න කාලයකි
kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

11 comments:

  1. ඔබ සඳහන් කරන වාර්තාවේ වහෙන් ඔරෝ ඉදිරිපත් කරන කරුණු උපුටා පෙන්වන්න පුලුවන්ද?

    ReplyDelete
  2. @kaniya: i uba yanne moratu neda? kadda therenne nadda?

    ReplyDelete
  3. පොඩි අදහසක්.
    නුවර පාර වෙනස් කරහන් මැදමුලන පාර කියලා.

    ReplyDelete
  4. CDW,
    Normally .. "Nuwara" mean not Kandy.
    Shame about your knowledge man!

    ReplyDelete
  5. @Kanishka | කණියා
    මචෝ පොඩියක් pdf එක බලපන් ...

    ReplyDelete
  6. ඔයාගෙ මාතෘකාව දැකකම හිතුනෙ රූපවාහිනීය ඉඩී අමීන් ෆිල්ම් එක දාපුදා හිතුනු එකමයි.කවුද දෙයියනේ තියෙන අසික්කිතම විදිහට ජනාධිපති වෙන්න ට්‍රයි කරන්නෙ?
    මෙච්චරයි. එක්කො ඔයා රනිල් සහ එජාපෙත් එක්ක රාජකීය තරහක් තියෙන කෙනෙක්. එහෙම නැත්නම් මේ ආන්ඩුවෙන් රාජකීය විදිහට සැලකුම් ලබන කෙනෙක්.
    නියම දේශප්‍රේමය කියන්නෙ පොට්ට වෙන තරම් එක පක්ෂයකට කඩේ යන් එක නෙවේ. එහෙම දේශ්ප්‍රෙමියො තමයි ඉඩී අමීන්ල උනේ.

    ReplyDelete
  7. PDF එක බැලුවා. ඒත් එහෙම දෙයක් හොයාගන්න අමාරුයි. ඔබට වැටහෙන අයුරින් උපුටා දක්වන්න පුලුවන් නම් අපිට ඔබේ ලිපිය පිලිගන්න පුලුවන්. නැත්තම් හිතතෙන්නෙ ඔබටත් මේක කියවගන්න බෑ කියල.

    ReplyDelete
  8. ආරංචියෙ හැටියට අද මැතිවරන ප්‍රචරන ඉවර වෙලත්, රූපවාහිනියට මහින්ද ගානෙ ගණිකාවො ගෙන්නලා වැඩසටහනක් කරනවලු, 8.30, මහින්ද ඔච්චර හොඳනම් ගණිකා පිහිට මොකටද? ඔය කියන්නෙ මහින්දගෙ පාලනය යටතෙ ඉස්සරහට අපිට හැමදාම රූපවාහිනියෙ 8.30 ට ගණිකා පාඩමක්, මාර සදාචාරාත්මක නායකත්වය

    ReplyDelete
  9. @ඇට මැස්සා
    ඔව් මම රනිල් ට කැමති නැහැ. ඔහු රට පාවා දුන් අයෙක්. හැබැයි මම එජාපය සමග ගැටලුවක් නැහැ. කවදා හරි එජාපයට නායකත්යක් ලැබණු දාට එජාපයට පුලුවන් අාණ්ඩු බලය ගන්න.

    මට රජය සමග කිසිදු සම්බන්දයක් නැත......

    ReplyDelete
  10. mama SF ta vote karanawa

    ReplyDelete
  11. මේකත් බලන්න...
    http://www.lankaenews.com/Sinhala/news.php?id=12138

    ReplyDelete