Monday, January 25, 2010

ආඬි හත්දෙනාගෙ කැඳ හැලියේ අළුත් කතාව

පහත ලිපිය අප වෙත එවන ලද්දේ විජේසේකර මහතා ගාල්ලෙනි.

ඔන්න එකමත් එක රටක, එකමත් එක ගමක ආඬි කණ්ඩායමක් හිටියලු. මේ ගමේ අනික්
හැමෝම වන්දනාවෙ යනව දැකලා මේ ආඬි ටිකටත් හිතුනලු වන්දනාවෙ යන්න.

හැබැයි ඉතින් කවුරුවත් හරියට පාර දන්නෙත් නැතිලු. යන්නෙ කොහොමද කියලා
දන්නෙත් නැතිලු. වෙනදා එක්කගෙන ගියපු නඩේ ගුරත් එක්ක යන්න කැමතිත් නැතිලු

මෙහෙම විස්සෝප වෙවී ඉන්නකොට කොහෙද ඉඳලා එන තව ආඬියෙක් මේ ගොල්ලන්ට හම්බ
වෙලා කිව්වලු "උඹලා බයවෙන්න එපා. මං උඹලව වන්දනාවෙ එක්ක යන්නං. මං හොඳට
පාර තොට එහෙමත් දන්නවා. හැබැයි මට නඩේ ගුරා වෙන්න ඕන" කියලා.

ඉතිං අර ආඬි ටිකටත් මේක අහලා පුදුමාකාර සං‍තෝසයක් දැනිලා ආගන්තුක ආඬියා
නඩේ ගුරා කරගෙන වන්දනාවෙ යන්න පිටත් වුණාලු.

ඔහොම ඉතින් කට්ටියත් එක්ක යන කොට මගදි මහ ආඬියා කට කැඩිච්ච කතා කියනවලු.
මගදි හම්බ වෙන පළතුරු ජාති, අනික් වටින ජාති ඔක්කොම තමන්ගෙ ඔලොගුවට
දාගන්නවලු. නඩේ අනික් ආඬි හිතුවලු මේ මිනිහා එක්ක මෙහෙම ගියොත් අපේ ඇට
කට්ටක්වත් ඉතුරු වෙන එකක් නැහැ කියලා.

මේකට ඉතින් නඩේ අනික් අයට හරිම කේන්තිලු. ඒ වුණාට මොකුත් කරන්න කියන්නත්
බැරිලු. ඇයි ඉතින් වන්දනාවෙ එක්කං යනවා කියලනෙ කිව්වෙ.

ඔහොම යනකොට දවසක් රෑ මහ ආඬියා කිව්වලු අපි අද රෑට හොඳ කැඳ එකක් හදමු කියලා.

ලොකු වතුර එකකුත් ලිපේ තියලා, මහ ආඬියා අනික් අයට පේන්නත් එක්ක ඔලොගුවෙන්
හාල් මිටක් අරගෙන ඒකට දාලා අනික් අයටත් කිව්වලු දැන් ඉතින් උඹලත් හාල්
මිට මිට දාපල්ලා කියලා.

නඩේ අනික් ආඬියො ටික කල්පනා කරාලු මේ මිනිහා පහුගිය දවස් වල කරපු කියපු
දේවල් වල හැටියට මේ හදන කැඳ එක වුණත් තනියම බොන්න බැරි නෑ කියලා.

එහෙම හිතලා අන්තිම වෙලාවෙවත් මේ මිනිහට පාඩමක් උගන්නන්න ඕන කියලා හිතලා,
හැමෝම අනික් අයට නොදැනෙන්න (අර පරණ කතාවෙ වගේ) හාල් මිටක් දානවා වගේ
බොරුවට පෙන්නුවලු.

හිතුව විදියටම ගුරාට තනියම කැඳ ටික බොන්න හිතිලා, නඩේ අනික් අයට කිව්වලු,
උඹල එහෙනං ගිහිල්ලා නාගෙන කඩෙන් මොනව හරිත් අරගෙන වරෙල්ලා. මම මේ කැඳ එක
බලාගෙන ඉන්නං කියලා.

අනේ ඉතින් නඩේ අනික් ආඬි ටිකත් මේක අහලා, හොඳයි අපි එහෙනං ගිහිල්ලා නාගෙන
එන්නං කියලා, තමන්ගෙ ඔලොගු ටිකත් අරගෙන, මේ මිනිහත් එක්ක වන්දනාවෙ යනවට
වැඩිය හොඳයි ගඟේ මූදෙ පනින එක කියලා හිතලා ආපහු එන්න හැරුණලු.

මහ ආඬියා මේ මොකක්වත් දන්නෙ නැතුව, අනික් ආඬියො ටික තමන්ගෙ කතාවට
‍රැවටිලා හාල් දාන්න ඇති කියලා හිතාගෙන තනියම කැඳ එක බොන්න බැලුවම උන්දැ
දාපු හාල් මිට විතරලු තිබුණෙ.

මොනව කරන්නද ඉතිං නඩේ ගුරා උණු වතුර බීලා නිදා ගත්තලු. අනික් ආඬින්ට ඇල්
වතුරවත් නැතිලු.


ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 2 කට ආසන්න කාලයකි

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

2 comments:

  1. එකල නඩේ ගුරා නම් ෆොන්සේකාද අනෙක් ආඩීන් රනිල්, මංගල, සම්පන්දන්, හකීම්, සෝමවංස, ගනේෂන් .... ආදී වශයෙන් වූයේලු.

    ReplyDelete
  2. මංගල නම් ආඬියා සම්පන්දන් නැමති අඩියාට අයුතු යෝජනාවක් කල හෙයින් පක්ශයෙන් අයින් උනාලු. සම්පන්දන් යන ගමන් " චී මල්ලි අපි කෙල්ලො තම ගහනවා" යනුවෙන්ද පවසා ඇත.

    ReplyDelete