Sunday, January 24, 2010

අප සොයන වෙනස

පහත ලිපිය අප වෙත එවන ලද්දේ ජයසිංහ මහතා පිලියන්දලිනි.


මේ දවස්වල අපේ මිනිස්සු නොපෙනෙන නොහදුනන වෙනසක් ගැන කතා කරන්න පටන් අරන් වෙනස් වීමක් තුල ජීවත් වෙන්න හැම මනුස්සයාම ආස තමයි ඒ මොකද මේ කතා කරන නිමේෂයෙත් ලෝකය සමග සියලුම දෙ වෙනස් වෙන නිසයි
දැන් අපි බලමු අපි බලාපොරොත්තු වෙන වෙනස මොකක්ද කියලා දැන් බලන්න අපි අපේ හදවතට අවංකව තට්ටු කරලා බැලුවොත් අපිට පේන්නේ නැද්ද අපේ වටපිටාව අපේ රට වෙනස් වෙලා කියලා ඔබ හිතලා බලන්න මීට මාස 8 විතර කලින් කොහොමද මේ රටේ තත්ත්වය එදා වාහනයක ටයර් එකක් පිපුරුවත් මිනිස්සු අහන්නේ කී දෙනෙක් මැරිලද කියලා ඒ තරමටම බෝම්බය සමාජය තුල රජකරගෙන හිටියේ හදිසියේ රූපවාහිනියේ ප‍්‍රවෘත්තියක් අවේලාවේ විකාශනය උනොත් මිනිස්සු සේරම වැඩ දාලා දුවන්නේ රූපවාහිනිය ලගට ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ආවනම් බලන්නේ කොහේද බෝම්බයක් ගියේ කියලා ගෙදරින් උදේට ගිය මනුස්සයාව හවසට දකිනකම් කිසිම විශ්වාසයක් තිබ්බේ නෑ අපි බස් එකකට නගින්නෙත් බස් එකේ ඉන්න උන්ගේ මූණු ටික බලලා ටිකක් නුහුරු මූණක් තිබ්බොත් ඒ බස් එකේ යන්නත් අපිට බය කාලයක් තිබුණා මොන තරම් බර පාර්සලයක් උනත් උස්සගෙන් හරි අමාරුවෙන් තමයි හිටගෙන බස් එකේ ගියේ බඩ දරු අම්මා කෙනෙක් දැක්කත් සැකයි මේක ඇත්තම බඩක්ද කියලා බස් එකේ ගමනක් ගියොත් දෙතුන් පාරක් චෙක් කරන්න කියලා බස්සලා ඇග ඹිරිකනවා පාරෙ යනකොට ඇම්බියුලන්ස් එකත් දැක්කත් හිතුවේ උඩහා කොටි ගහලා අපේ කොල්ලෝ ජයරත්න එකට අරන් යනවා කියලයි හමුදාවල ඉන්න උන්ගේ ගෙවල් මලගෙවල් වෙලයි තිබුනේ ඒ එදා තත්ත්වේ
දැන් ඔබම බලන්න අද මේ වගේ දේවල් කොතනක හරි වෙනවද කියලා කට පියාගෙන ඔබේ හිතෙන් අහන්න මොකක්ද අවංකව ඔබට ලැබෙන පිළිතුරු බොහෝ විට ලැබෙන්නේ දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා කියන එක නේද එහෙනම් එතනම ඔබ සොයන දේට පිළිතුරු තියෙනවා නේද ඔබ සොයන වෙනස තියෙනවා නේද ඒක නේද ඔබට මට අපට අවශ්‍ය වෙලා තිබුනේ


දැන් අපි අපිට ලැබුණු ඒ වෙනස ඇයි බුක්ති විදින්න කැමති නැත්තේ දැන් එක එක්කෙනා කියන කතා අහලා අප ි අපේ හිතින් ඒ නුහුරු නුපුරුදු වෙනස් වින්දනයකට යන්න උත්සාහ කරනවා කොහෙද ඔය කියන වෙනස තියෙන්නේ ඔබ දැකලා තියෙනවද අහල තියෙනවද ඒ වෙනස ගැන මේ ලැබිච්ච නිදහසේ වෙනස විදින්න අකමැති වෙලා උන්නු ඒ නරුම රැුළ නිදහසට දිනාදෙන්නට මහගු කාර්යයක් කල එක් පුද්ගලයෙක්ව අල්ලගෙන ඒ මනුස්සයාව වෙනස් කරලා දැන් ඒ මනුස්සයා එක එක සැරෙට එක එක වෙනස් දේවල් කියනවා කරනවා මේකද ඔබ කියන වෙනස මේ දවස්වල රූපවහිනිය බලන්න එයාට උදව්වට කතාකරන සමහර දේශපාලඥයෝ දන්නේ නෑ තමන් කතා කරන්නේ කාටද කියලවත් සමහර වෙලාවට කියනවා විරුද්ධ පැත්තේ කෙනාගේ ජයග‍්‍රහණය නතර කරන්න කාටවත් බෑලු අපේ අපේක්ෂකයාගේ පරාදය ඉරහද වගේලු කොයිකාලෙද මේවා උනේ ඒ කියන්නේ ඒකත් වෙනස් වෙලා කියන එක නේද එහෙනම් තව මොනවද වෙනස් වෙන්න තියෙන්නේ


දැන් සියල්ල වෙනස් වී හමාරයි ප‍්‍රශ්නය තියෙන්නේ අපි වෙනස තේරුම් නොගැනීමයි ඒ කියන්නේ අප ිහිතන අපි පතන වෙනස දැන් වෙලා තියෙන්නේ ඒක තේරුම් ගන්න පුලුවන් විදිහට ඔබ අප තවම වෙනස් වෙලා නෑ
එහෙම නේද

2 comments:

  1. තවත් රෙදි තියෙනවද?

    ReplyDelete
  2. ඇයි... උඹටත් හෝදගන්න රෙදි තියෙනවද?

    ජයසිංහ

    ReplyDelete