Monday, January 25, 2010

සිංහල බ්ලොග්කරනය තුල දේශපාලනිකරණය වු අඩවි

හෙට චන්දය. අන්තර්ජාලය බවිතා කරන හා සිංහල බ්ලෝග් ලියන කියන කට්ටිය මෙ වන විට තිරණය කරල ඉවරයි චන්දය දෙන්නේ කාටද කියල. එම නිසා අද ලිපිය ලියවෙනුයේ සිංහල බ්ලෝග් මහින්දට හා සරත්ට වශයේන් කෙසේ බෙදි ගියේද යන්නයි. මුලින්ම කියන්නම්, නුවරපාර වෙන්වුනේ හුදේක්ම මහින්දගේ ජය සදහමයි. තව වැදගත්ම දෙයක් වු කලි අරම්බයේදි ඇලෙක්සා [ ලංකවේ පමණි ]රේටිං අනුව 2000 කට ආසන්ව ගනනකට වෙන්ව තිබු "නුවර පාර" මෙ වනවිට 464 වෙනි ස්තානය ලබාගෙන ඇත. එයින් අදහස් වනුයේ නුවර පාර බොහෝ පාඨකින් අතර වඩාත් කියවිමට ලක්වු බවයි.

මා විශ්වාස කරන අන්දමට, දේශපාලනීකරනය වු සිංහල බ්ලෝග් වල අන්තර්ගතය, සිංහල බ්ලෝග් අවකාශයේ සැරිසන පිරිසගේ චන්දයට බලපෑමක් නොකල බවයි. මන්ද යත්, ඔවුන් ජනපති වරණය කැදවු දාම හෝ ජන 26 අවම වශයෙන් දවස් දෙකකට පෙර ඔවුන් එය තිරණය කරන්නට ඇත. සිංහල බ්ලොග් වලින් සිදුවුයේ හුදෙක් මහින්දගේ හා සරත් ගේ තොරතුරැ ජනතාව අතර යෑම පමණක් යයි සිතමි. එම නිසා ලියු ලිපි වලින සිදුවුයේ තමා දරණ මතයට ඇති ලිපි බැලිමෙන් සතුටකට හා තමාට විරැද්ධ මතය මඩ ලෙස හැදින්විමත් පමනි.

පහත දැක්වෙනුයේ සිංහල බ්ලෝග් මහින්ද හා සරත් අතර බෙදි ගිය අයුරැයි.

මහින්ද
1.නුවර පාර
2.වයඔ විත්ති
3.ලාංකිය සිතිවිලි
4.කසාපබ්බත
5.සිතුවිලි ගංගා
6.මීදුම
7.වර්ෂා


සරත්
8.බියොන්ඩ් ෆේම්
9.අඩව්ව
10.සදාහරිත
11.ඩේයා ඩිෆරන්ට්

ඔය මට වැඩියක්ම මුණගැසුනු සිංහල බ්ලෝග් ටික තමයි. ඔය පැති දෙකෙන්ම තම අපේක්ෂකයා දිනවිමට විවධ වු ලිපි පලකරනලදි. ඔය අතර මඩ ගොඩවල්ද ඒ මේ අත හුවමාරැ වි ගියේ, ජනපතිවරණ සටනට ඉතාමත් උදයෝගයකින් මුල්ම වතාවට සිංහල බ්ලොග් යොදගැනිමේ නව මුහුණුවරද එක් කරමිනි. ජනතා නියෝඡිතයන් අතරින් මට හමු වුයේ ඩේයා ඩිෆරන්ට් ලියන අඩවිය පමණි. ඒ අතර ජනතා නයෝජිතයින් මෙය දන්නවාදැයි පවා මම නොදනිමි. කෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ රසිකත්වයක් මෙම දේශපාලන ලිපි සදාහා එක්ව තිබු බව, ඒ සෑම ලිපයකම තුබු කමෙන්ටු හෙවත් සටහන් වලින් මොනවට පැහැදිලි විය.

බොහේ දෙනකු පෙනි සිටියේ තම ඇත්ත නම සගවමිනි. තවදුරටත් කියන්නේ නම් නුවරපාර ලියන මා දන්නා අයකුද නොමැත. එලෙසම අනික් බොහෝ බ්ලොග්ද එසේමය. එලෙසම දැම් සටහන් හෙවත් කමෙන්ටු දාමා තබුනේත් ඇනිමෝනියස් ලෙසටය. එය වරදක් ලෙස මම නොදකිමි.

මට විශේෂ වු කරැනක් වුයේ මා සමග අඩව්ව, සරත්ට වාසිවන ලෙස ලියු ලියුම් කරැ බොහෝ දිනවල චැට් කිරිමයි. ඔහු මට විරැධද මතයත් දැරැවත්, කිසිම ගැටලුවක් නැතිව, ඉතා සුහද ලෙස අදහස් හුවමාරැ කරගත්තෙමු. එම නිසා සිංහල බ්ලොග් කරනය මා හට විරැද්ධ මත දැරැවන් තරහකරැවන් ලෙස නොපෙනිනි.

වැදගත්
ඔබ සිංහල බ්ලෝග් බැලිම නිසාම තම චන්දය මහිනදට හෝ සරත්ට පිරිනැමුවේනම් එපිලිබද සටහනක් ඇනිමෝනියස් කෙනෙකු ලෙස හෝ දමන මෙන් ඉතා කාරැණකව ඉල්ලා සිටිමි.

ඉතා වැදගත්
මහින්ද 54% ආසන්න චන්ද ගනණකින් දිනන බව නුවර පාරේ ස්තිර සරාවු අධිෂ්ඨානයයි.

ඔබ සැමට සුබ අනාගතයක් !!!!!!!!!!!

මීට අමතරව තවත් දේශපාලනිකරණය වු සිංහල බ්ලෝග් තිබුනේනම් සටහන්ක් දමන්න...


ඔබගේ වඩාත්ම සිත් ගත් අඩවියේ අංකය පහතින් දමන ලෙසද ඉතා කාරැනිකව ඉල්ලා සිටිමි

ඔබගේ සිහිනය ඉවරවිමට ඇත්තේ තව දින 1 කට ආසන්න කාලයකි

kandyrd@gmail.com - එවන්න ඔබේ අදහස් [ගල් / මල් /දොස් / වස්] සියල්ල සාදරයේන පිලිගනිමි

22 comments:

  1. කවුරු දිනුවත් හැමෝම අන්තිමට සතුටෙන් හා විශේෂයෙන්ම "සාමයෙන්" ඉන්නවා නම් එච්චරයි.

    ReplyDelete
  2. "සිංහල බ්ලොග්කරනය දේශපාලනිකරණය වු වගයි"
    කියන පාඨයට නම් මම එකඟ නැහැ.

    ReplyDelete
  3. @ඇනි
    ඔබගේ අදහසට අනුව එය නිවැරදි කලේමි

    ReplyDelete
  4. mama dekapu thawath eka site ekak thamai කැටපත්පවුර .. haebayi eka mahindata da sarath ta kiyala hoyanan baha. namuth post tika nam maru.

    ReplyDelete
  5. ethakota sathdina blog eka ..

    ReplyDelete
  6. @සියල්ලට
    ඔව් මමත් එක දැක්කා එත් පක්ෂයක් හොයා ගන්න බැරි හින්දා එක දැම්මෙ නැහැ

    @ඉෂාන්
    ඔව් ඔබ කිව්වා වගේ සාමකාමි බව තමයි වැදගත්

    ReplyDelete
  7. @ඇනි
    sathdina blog එකේ ලින්ක් එක දානවද?

    ReplyDelete
  8. Mama dakapu vidiyata http://www.lankarising.com saha http://llibertarian.blogspot.com yana web adawi deka thamai engrisi madyayen Mahindata dadiva sahaya dunne.

    ReplyDelete
  9. http://landlikenoother.blogspot.com also supported Mahinda and criticized Fonseka badly.

    ReplyDelete
  10. කැන්ඩි,
    ඔබ සමග මේ දින කීපය තුළ ඇති කරගත් සමීප සම්බන්ධය මාගේ දැනුමට සහ ලිවීමේ හැකියාවටත් ගොඩක් ඉවහල් වුණා. ඔබයි මමයි දරණ අදහස් සමපාත නූනත් අපි අතර කිසිම ගැටීමකින් තොරව ගොඩනැගුණු සංවාදය ඉතාමත් ආකාර්ශණීය එකක්. මම කැමතිම අඩෙවිය ඔබේ අඩවිය. එ් වගේමයි මම හැමදාම කියනවා වගේ මම මේ හැම අදහසකටම කැමතියි. මොකද මගේ විශ්වාසය නම් විවිධත්වය සශ‍්‍රීකත්වය ඇති කරනවා කියන එකයි. ඉතිං ලංකාව වැනි මතවාදීමය ඉඩෝරයට ලක්වූ රටක ජනතාව වන මේ හැම දෙනා අතරින් දිග හැරෙන මේ අදහස් ගොන්න අනාගත ශ‍්‍රී ලංකාවේ මතවාදීමය සශ‍්‍රීකත්වයට මග පාදනු ඇති. ඉතිං මම එකඟ හා නොඑකඟ හැම දෙනා සමගම හොඳින් කතා කරන්නේ එ්කයි. මගේ බලාපොරොත්තුව ගොඩක් බ්ලොග් ලියන අයගේ මෙන් කෙටි කාලීන දෙයක් නෙමෙයි.

    ReplyDelete
  11. http://sathdina.blogspot.com
    oka thamai link eka.

    ReplyDelete
  12. තදබල ලිපි නොලිවුවට මා මෙන්ම දසුන් මධුශංඛ වගේම නුවන්( Nuwans lane..) යන අයත් මහින්දට තමා ඔන්...

    සුභ අනාගතයක්!

    ReplyDelete
  13. අනිද්දා උදේ වන විට ඇතැම් බ්ලොග් වලින් ඇතැම් ලිපි අතුරුදන් වන්නට ද ඉඩ ඇත :D

    ReplyDelete
  14. අනේ කොල්ලො ඡන්දෙන් පස්සෙ මේ බ්ලොගේ රෑන්ක් එක ලොවෙත් නැතිවෙනවා. එතකන් ඉතින් සුබ පැතුම්.

    ReplyDelete
  15. ද‍රැව,
    රාගයෙන්, වෙරයෙන් හා තරහවෙන් පිරිණු ඔබගේ චිත්තය කොතරම් අධිෂ්ථාන කලද, ප්‍රාර්ථනය කලද, මෙම මැතිවරණය ඒකාන්තයෙන්ම දිනන්නේ සරත් පෝන්සේකා මහතාය.
    මන්ද යත් විශ්වීය රටාව හා ධර්මයේ බලපෑම යොමු වී ඇත්තේ ඒ සදහාම බැවිනි. එය ඔබටවත්, මටවත්, අන්කිසිවෙකුටවත්, මෙවන් බොලද බ්ලොග් සටහන්වලින් වත් වෙනස් කල නොහැකි බව කා‍රැණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි.
    සියල්ල උපේක්ෂාවෙන් විදදරා ගත හැකි නම් එයමයි උතුම් කාරණය...
    තෙරුවණ් සරණයි...

    ReplyDelete
  16. @හෂාන්
    ඔව් ඔබ කියු දෙය ඉතා නැවැරදිය

    @මාරයා ගේ හෝරවා
    ඇත්ත මම මෙහිදි සලකා බැලුවේ පුර්ණ වශයේන් වැඩේට බැස්ස කට්ට්ය පමණි

    @හුජ්ජාන්
    හම් හම් සරත් මෙරටින් නැතිවන්නා සේම එයද සත්‍යයයකි.


    @ධම්ම
    ඔබ ධම්ම වුවත්, ඔබට දුර දිග දැකිය හැකි නුවණක් නැත

    ReplyDelete
  17. what about taboo??

    ReplyDelete
  18. ටැබු ලියන එවා මට තෙෙරන්නෙ නැහැ .... කාටවත් වැඩක් නැහැ ... මනක්කල්පිත ...

    ReplyDelete
  19. "ටැබු ලියන එවා මට තෙෙරන්නෙ නැහැ .... කාටවත් වැඩක් නැහැ ... මනක්කල්පිත ..."

    ඔබට නොතේරෙන දේ "කාටවත් වැඩක් නෑ" කියා ඔබ සිතන බව ඉතා පැහැදිලි

    ඔබට නොතෙරෙන දේ "ඔබට වැඩක් නෑ" කිව්වනම් තමයි හොඳ

    ReplyDelete
  20. ඔබගෙ පැහැදිලි කිරිමට ස්තුතියි..... එයම තමා මට කියන්න ඔනා උනෙ .... මං කියන දෙ අනික් අයට නියමට වැටහෙනවා .....

    ReplyDelete
  21. ඔබ ඔබේ මතය වෙනුවෙන් පෙනී සිටිම මම අගයමි. එසේම, BF ලා ද, අජිත් ලා ද, ටැබූ ලා ද තම මත වෙනුවෙන් පෙනී සිටීමෙන් සිංහල බ්ලොග් වල යම් සමතුලිතතාවයක් ඇතිවුනි.

    මෙය ජාතික රූපවාහිනිය හා දිනමිණ සමග සසඳන්න....!!!

    අපේ වාසනාවට, දුකා, කතන්දරකාරයා, ඇබ්නෝමල් මයින්ඩ්ස්, ම, ලන්කන් ග්රල් සහ අරුණී ශැපිරෝ වැනි බ්ලොග් ලියන්නෝ සිටියහ. උන් ට ජයවේවා!

    හෙට සිට වත් සිංහල බ්ලොග් අවකාශයේ මේ political වැහි වලා මැකී සුපුරුදු පරිසරය උදාවේවායි නොරට සිට පතමි.

    මේ,

    අනේවාසික
    http://anewasika.blogspot.com/

    ReplyDelete